සිරිපාල!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Interviewer: මොකක්ද ඔයාගේ උපන් දිනය?
    සිරිපාල : ඔක්තෝම්බර් 13.....
    Interviewer
    : මොන අවුරුද්දෙද?
    සිරිපාල : හැම අවුරුද්දෙම.......
    Interviewer: ඔයාට කියන්න පුලුවන්ද වචන 100 ක් අඩන්ගු වෙන වචනයක්?
    සිරිපාල : මොකද බැරි සර් තැපැල් පෙට්ටිය.....



    සිරිපාල පිට රට ට්‍රිප් එකක් ගිහින් ඇවිත් වයිෆ් ගෙන් අහනවා......
    සිරිපාල : මම ෆොරිනර් කෙනෙක් වගෙද පේන්නේ?
    වයිෆ් : නැහැ ඇයි....
    සිරිපාල : නැහැ මම ලන්ඩන් ඉන්න කොට ඒහේ ගැනියෙක් මගෙන් ඇහුවා මම ෆොරිනර් කෙනෙක්ද
    කියලා.......



    ඇමෙරිකාවේ ඉදන් මෙහෙ සිරිපාල ලාගේ ගමට ආපු සුද්දෙක් සිරිපාලට හම්බ වුනාලු
    tourist : මේ ගමේ "වැදගත්" අය ඉපදිලා තියෙනවද?
    සිරිපාල : අනේ නැහැ මේහෙ ඉප දෙන්නේ ඔක්කොම පොඩි බබාලානේ සෑර්....



    Lecturer: සිරිපාල ලියනවා බලන්න ගාන්ධි ජයන්තිය ගැන.....
    සිරිපාල : මම දන්න විදිහට ගාන්ධි හොද කෙනෙක් ඒත් මේ ජයන්ති ගැන නම් කියන්න දන්නේ
    නැහැ...




    දවසක් සිරිපාල වයිෆ් එක්ක ත්‍රිවිල් එකකින් යනකොට ත්‍රිවිල් මල්ලි කණ්නාඩිය හැදුවලු,,
    තමුසේ හදන්නේ කණ්නාඩියෙන් මගේ වයිෆ්ව බලන්න නේද?මෙන්න මේහෙ පිටිපස්සට එනවා මම එලවන්නම්,නැත්තම් තමුසෙ අයෙත් මගෙ වයිෆ් දිහා හොරෙන් බලයි




    Interviewer: දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ 3 වෙනි තට්‍ටුවේ කියලා...ඔයා ඉන්න තට්‍ටුව දැන්
    ගිනිගන්නවා ඔයා කොහොමද බේරෙන්නේ...
    සිරිපාල : හරි ලේසීනේ මම හිතන එක නතර කරනවා....



    සිරිපාල : මගේ මෝබයිල් බිල කීයද නෝනේ?
    Call centre girl: sir, just dial 123 to know current bill status
    සිරිපාල : යකෝ මම ඇහුවේ මෝබයිල් බිල කරන්ට් බිල නෙවෙයි....




    Teacher: මේ ලෝකේ පැරණිම සත්වයා මොකාද?
    සිරිපාල : ZEBRA
    Teacher: ඇයි ඒ?
    සිරිපාල : ඇයි මිසි ඌ "කළු සුදු" නේ....



    සිරිපාල සොෆ්ට්වෙයාර් කම්පැනි එකක සම්මුඛපරික්ෂණයකට ගියා.....
    Manager: සිරිපාල ඔයා දන්න වද MS Office?
    සිරිපාල : සෑර් මට ලිපිනය දුන්නොත් මට යන්න නම් පුලුවන් සර්..මෝකක්ද කියන්න තියෙන
    පණිවිඩේ සෑර්....



    Teacher: මොකක්ද කියනවා බලන්න..බුදුහාමුදුරුවන්ගේ,ජේසු තුමාගේ,ගාන්ධි තුමාගේ,අල්ලා
    දෙවියන්ගේ,ක්‍රිෂ්ණා දෙවියන්ගේ තියෙන සමාන කම්?
    සිරිපාල : හැමෝම උපන්නේ රජයේ නිවාඩු දින වල.....



    Teacher: හරි ඒහෙනම් කියනවා බලන්න..තැබිලි ගෙඩියෙයි ඇපල් ගෙඩියෙයි තියෙන වෙනස...
    සිරිපාල : මේකනේ සෑර් තැබිලි ගෙඩියෙ පාට "තැබිලි" නමුත් ඇපල් ගෙඩියෙ පාට "ඇපල්"
    නෙවෙයි...



    සැ.යු : මේය උස්සන ලද්දකි. ඉස්සුවේ දුම් කවුලුව කියන බ්ලොග් එකෙන්. විශේෂ ස්තුතිය එහි අයිති කරුට හිමිවේ. උස්සා දැම්මේ සිනහව දන්නා අයගේ හිතසුව පිණිසයි! රිපෝස්ට් යයි හැඟේ නම්. ගනන් නොගෙන සිටිම මැනවි.
     
    Last edited:

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    Teacher: මොකක්ද කියනවා බලන්න..බුදුහාමුදුරුවන්ගේ,ජේසු තුමාගේ,ගාන්ධි තුමාගේ,අල්ලා
    දෙවියන්ගේ,ක්‍රිෂ්ණා දෙවියන්ගේ තියෙන සමාන කම්?
    සිරිපාල : හැමෝම උපන්නේ රජයේ නිවාඩු දින වල.....

    lol
    සගතයි