මගේ අදහස නම් මේ කාරනාවෙදි ආන්ඩුවත් කපටියි, ප්‍රයිවට් බස්කාරයොත් කපටියි. ආන්ඩුව හදන්නේ ප්‍රයිවට් උන් කරන සුලබම වැරැද්දට උපරිම දඩයක් ගහලා හම්බ කරන්න. ප්‍රයිවට් බස්කාරයො බලන්නේ, උන්ට නිතරම කරන්න වෙන තරගකරි වැරැද්දට අඩු දඩයක් ගහලා දිගටම වැරැද්ද කරන්න. 1970-80 ගනන්වල උනා වගේ මගී ජනයා එක්කහුවෙලා බස් වර්ජනයක් කරපුදාට තමා මුන් දෙගොල්ලොම හැදෙන්නේ.agreed.
ඒ ක්‍රමේ හරිම වැරදියි. දඩය වෙනුවට පගාව දෙන්නෙත් ඔක නිසා. ගාල්ලේ ඉන්න එකෙක් හවස 6ට යාපනේදි දඩයකට මාට්ටු උනොත් අනාතයිනේ. ඉතින් ඌ බලන්නෙත් පගාවක් ගහලා මාරු වෙන්න. රාලහාමිත් යාපනේදි NP නැති වාහන 6ට විතර අල්ලනෙම දන්නවා පගාව ශුවර් කියලා. ක්‍රමයක් ගේන්න ඔනා. රතවාහනයක් නවත්තලා දඩයක් ලියපු ගමන් වාහනේ අන්කය, රියදුරාගේ අන්කය ඔක්කොම පොලිසියේ සෙන්ට්‍රල් සර්වර් එකකට රියල් ටයිම් රිපොට් වෙන. එහෙම උනාම ආයේ ලයිසන් එක ගන්න ඔනා නැ රියදුරාට ලන්කාවේ ඔනා තැනකින් පස්සේ දඩේ ගෙව්වැකි. ග්‍රෙස් පිරියඩ් එකක් දුන්නම හරි දඩේ නොගෙව්වොත් සිතාසි එවන විදියට. මේ ක්‍රමේදි පගාවත් ගහන්න බැරියදුරු තැපැල් කන්තෝරුවට ගිහින් ගෙවල පොලිසියට දෙන්න ඕනේ..
දඩේ ගහන්නේ රියදුරාට නේ
CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං

එහෙම එකක් නැහැ.එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්‍රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ සී.ටී.බී උන්ගේ ඩ්‍රයිවර්ලා ගන්නේ රජයෙන් නිසා ඔක්කොටම ලයිශන් තියෙන නිසා..ඒත් ප්‍රයිවට් නතර කරන්නේ ලයිශන් නැති උනුත් ඉන්න පුලුවන් නිසා..ඒත් ඒක අසාදාරනයි..වරදක් කරොත් රජයේ..පෞත්ගලික කියලා නෑ හැමෝටම නීතිය එකක් වෙන්න ඕනේ
මම කීපවතාවක් CTB වලට ලියනව දැකල තියෙනව. එක පාරක් මිනිස්සු දොරේ යන එකටත් ලිව්ව.
kamak ne ban..... sim wala gana wedi kala nisa pathale negitinneth ne ayemaඒක වෙන්න ඇති, එහෙනම් උනුත් වෙන දවසක ස්ට්‍රයික් කරයි. මට තෙරෙන්නේ නැති සීන් එක තමා දඩ මුදල වැඩියි අඩු කරන්න කියන එක. පාන් පරිප්පු එලොලු අඩු කරන්න කිව්වනම් සාදාරනයි. ඒත් වැරැද්දකට දඩුවම අඩුකරන්න කියලා කියනවා ඇහුවමයි. පතාලකාරයො කියයිද දන්නේ නැ මිනිමැරුවම ජිවිතාන්තේ දක්වා දෙන්න එපා අසාදාරනයි සහනයක් දෙන්න කියලා.