මම RANE කියන ශාක සාර වේදනා නාශකය සොයාගෙන අවුරුදු 8 ක් විතර වෙනවා. මෙහි වෛද්‍ය තොරතුරු (විදේශීය විද්‍යාඥයන්ගේ) පැහැදිලි කරගත්තේ ලංකාවේ දැනට ඉන්න නොම්මර 1 ස්නායු ශල්‍ය විසේෂඥ වරයෙකුගෙන්.(ලංකාවේ ශාක සාර වුනත් ඇතැම් ඒවා විදේශීය විද්‍යඥයෝ පර්යේෂණයට ලක් කරලා තියනවා-කොහොඹ ,කෝමාරිකා වගේ ඒවා)
පස්සේ නියැදි ගෙන පර්යේෂණ කලා.ආසාවට කලාට ලොකුවට සල්ලි හොයන්න උවමනාවක් තිබුනේ නෑ.නමුත් ඒ ශල්‍ය විසේසඥවරයා ඒ තොරතුරු දැකල මට කිව්වා උඹ සොයගත්තු මේ විශිෂ්ට නිෂ්පාදන ලංකාවට කරන සේවයක් ලෙස සලකලවත් මිනිස්සු අතරට යවන්න කියල.
ඔහු කිව්වා මෙච්චර හොඳ නිෂ්පාදන ලංකාවේ තියෙද්දී මට Voltaren,Diclofenac වගේ බාල දේවල් ලියන්න බෑ මට ක්‍රීම් හදල දීපන් කියල.ඔහු දැනටත් ලියන්නේ මගේ නිෂ්පාදන.