සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බොදව යන සිහිනයේ අවසන් බලාපොරොත්තුව......
    මම ආසම ගීතයක් මචං.ලස්සනට ලියල තියෙනවා..:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!

    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මත්ද්‍රව්‍ය තවත් වටිනා ජිවිතයක් බිලිගත්ත කියල තමයි.:(:(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!

    තමන්ටම අවේනික ලයාන්විත කට හඩක් තිබුණු තවක් වටිනා කලාකරුවෙක් අපිට අහිමි උනා. :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!
    ෙ‍මෙහම එක එකා මැරෙනකොට කලා කෙත පාළු වී යාම අරුමයක්ද?
    සතිශ්, ඔබට නිවන් සුව!!!!!!!!!!

    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මත්ද්‍රව්‍ය තවත් වටිනා ජිවිතයක් බිලිගත්ත කියල තමයි.:(:(
    එකෙන්ම....අඩු ගනනේ තාත්තා ට වෙච්ච දේ ගැන වත් හිතල අසීමාන්තිකව ඔය ගොසරැව ගහන එක නතර කරන්න තිබුනා.....!!!!!!!!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!
    :(:(:(:(:(:(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!
    :(:(:(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පෑන තවත් දේ ... ලියන්න කීවත්...
    මොනව ලියන්නද මීට වඩා......
    මේ ගැන වෙන කිසිවෙකු නෑ දන්නේ.....
    නිහඩව සැතපෙන ඔබට වඩා....

    sunil2.jpg


    ආදරණීය කලාකරුවාණනි... ඔබට නිවන් සුව...!!!

    මට තියන දුක ඈයි මේ මිනිස්සු තමන්ගෙ වටිනාකම අදුර ගන්නෙ නෑත්තෙ කියල..

    කොහොම උනත් ඔබට නිවන්සුව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි....



    මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි...



    රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ... ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........................ඇය නිතරම මට ගයන්නීය.................



    නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ.....



    එනමුදු මා හැගීම් සහ බුද්ධියේදී... බුද්ධියට ඉඩදුනෙමි... එය මෝඩකමක්ද නැද්ද මම නොදනිමි... ඒත් හැමෝම ගැන සිතා කලයුතු හොදම දේ මම කලෙමි... අද ඇය විවාහවී යහපත් ජීවිතයක් ගත කරන්නීය... මා තවමත් ඇයට දුන් ආලය අමතක කරනු නොහී තැවෙන්නේය... එය මා හට වේදනාවක් නොවේ... ඇය සතුටින්නම් මා හට කිසිදු දුකක් නොදැනේ... ඇය නොලැබීම ගැන ඇතිවන වේදනාවනම් වචනවලට ඇමිණීමට මා අපොහොසත් වෙමි. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය ලංවිය... ඇයට සුභනොපතා ඉන්නේ කෙසේද...? ඇය මාගේ පුන්චි කුමරියයි.. මගේ සිතේ කිසිදු කුහක හෝ ජරා අදහසක් නැත. වැරදි උවත් අවැසි වූයේ ඇයට සුභ පැතීමයි.... ඇයගේ දුරකථන අංකයට ඇමතීමි... පිළිතුරක් නැත... දෙනුන් වතාවක් ඇමතිමි... නිහඩය...



    අවසානයේදී ඇය මා හට ඇමතීය.... ඇය පෙර සුරතල් හඩින්ම ඔය අයියනේද..? ඇසීය ... මට ඔව් කියන්නටත් කලින් ඇයගේ සැමියා එය උදුරාගෙන මට මෙලෙස පැවසීය... පොන්නයා, ගෑනියෙක් හොයාගනින්.......!

    සමහර විට ඇත්ත වෙන්න ඇති... අතේ සිටි පුන්චි කිරිල්ලිට ඉගිලෙන්න දී.... ඒ පස්සේ දිව දිව ඒ මතකයේ ඇවිදිමින් අඩා වැටෙන මා ඔවුන්ට අනුව පොන්නයෙක්ම වෙන්න ඇති..... නමුත් මහත්තයෝ මට ඔබ හිතනා විදියේ ජරා හැගීමක් නැත... එසේ ඇත්නම් ඔය කිරිල්ලි ඔය කූඩුවෙන් යළි මා ළගට ගැනීමට මට බැරි කමකුදු නැත... එය ඔබද දන්නා සෙයක් ඔබගේ මුවින් පිටවූ ඔය වදන්ම මට පසක් කරයි... ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්...



    එහෙනම් යහළුවනේ... සස්ලිට් ටික දිනකට නිහඩවෙනවා... මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...
    ඔබ නිහඩ බව අතහෑර ඉක්මනින්ම අප හා එක්වෙතෑයි බලා සිටිමි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Eda_meda_thura.jpg




    :love::love::love::love:................ කාත් කවුරුවත් වෙතත් හිතයි මට පත්වෙන්න ඔය මුවට උඩින්................:love::love::love::love:


    මේලෝකෙ මම වෑඩියෙන්ම ආසාකරන ගීතය සහ අහන්න අකමෑතිම ගීතය....
    අහන අහන පාරක් ගානෙ.... අමතක කරන්න උත්සහ දරන ඒ අතීතය චිත්‍රපටයක් වගේ ඈස් දෙක ඉස්සරහ මෑවෙන්ව..
    මගේ පෑතුමනම්,


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීතය නැවත රසවිදින්න

    AhasapoSE.gif


    මේ ගීතයෙ තේරුම කවුරු හරි කියල දෙන්න...

    සහෝ ඔබ මේ නූල ආරම්බයේ සටම සිටියා .. ඔබ දෙවැනි වන්නෙ මම, ධනුෂ්ක සහ දත් කිඹුලාට පමණයි... ඒ නිසා ඔබ වෙනුවෙන් නොවේ ඔබේ පියා වෙනුවෙන් මම ගීතයක් දමනවා... එතෙක් පිටු දෙකක් විතර පස්සට ගිහින් මම පියවරු වෙනුවෙන් දැමූ ගීතය නැවත කියවා රස විදින්න.... එදාට වඩා රසයක් ඔබට යළි දැනේවි... ඔබට නොවේ අනේ ඔබේ පියාණන්ට බුදු සරණ පතමි..... මන්ද යත් ඔබගේ පණ නල ඔහුමත්තේ බව මා දන්නා බැවිනි...
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලවාන්දා යනු රුසියානු කඳුකරයේ පිපෙන සුන්දර වනමලකි. ඒ වන මලෙහි සුවඳත් සමඟ තනුජා ධර්මපාල කිවිඳීය අප සැම සොඳුරු රුසියානු බිමට කැඳවාගෙන යයි. මෙතෙක් කාලයක් රුසියානු සාහිත්‍යය ඔස්සේ අප දැන හැඳින සිටි රුසියානු ජන ජීවිතය හා සෞන්දර්යයත් මෙවර හෘදයාංග ම ගී සරණියක් මගින් අප වෙත ප්‍රදානය කිරීමට තනුජා සමත් ව සිටී.

    ලවාන්දා ගීතාවලියට සවන් දී සිටින කල අපට හැඟී යනුයේ ටොල්ස්ටෝයි, චෙකෝෆ්, අයිත්මාතව් ආදී මහා ලේඛකයන්ගේ ගද්‍ය කාව්‍යයන් වෙතින් ප්‍රකාශ වූ තරමට ම පොහොසත් ගීත සාහිත්‍යයක් ද රුසියානුන්ට හිමි බව ය.

    රුසියානු ගීත කලාවේ රසාස්වාදය අපට මෙසේ විඳගන්නට ලැබෙනුයේ වසර පහකටත් වැඩි කාලයක් රුසියානු රාජ්‍ය සරසවියක අධ්‍යයන කටයුතුවල නිරතව සිටියදි තනුජා එක් රැස් කරගත් රුසියානු ජනශ්‍රැති, ජනගායනා, ඔපෙරා, බැලේ වැනි ක්ෂේත්‍රවල තොරතුරු ඇසුරින් ඇය මෑතකදී නිර්මාණය කළ ලවාන්දා ගී තැටියෙනි.

    සුවිසල් භූමියක් පුරා විසිරී ගිය ජනසංස්කෘතීන් රැසකට උරුමකම් කියන රුසියානු ගීත කලාවේ පැතිකඩක් ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවට හඳුන්වාදීමට දැරුණු ප්‍රථම ප්‍රයත්නය ලෙස ද ලවාන්දා හඳුන්වා දිය හැකි ය. සම්ප්‍රදායික ජන ගීයේ සිට නූතන පොප් ගීත දක්වා දීර්ඝ කාල පරාසයකට අයත් ගීත මෙහි ඇතුළත් ව තිබේ.

    එසේ ම ඉතා දියුණු සංගීතයකට හිමිකම් කියන රුසියානු සංගීතඥයන් විසින් මේ ගී සඳහා නිර්මාණය කර තිබෙන රුසියානු සම්ප්‍රදායට අයත් නාදරටා හා තනුවල ආභාෂය ද මැනවින් ලබාගෙන ඇති සෙයක් පෙනෙයි.

    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් තම මධුර හඬින් ගයන “මොස්කව් ගී සැඳෑවෝ” ගීතය ලවාන්දා ගී සමුච්චයේ අපූර්වත්වය කැටිකරගත් එකකි. රුසියානු රසික පර්ෂදය අතර ඉතා ජනපි‍්‍රය ගීතයක් ලෙස සැලැකෙන මෙහි මුල් පද රචනය එම්. මාතුයොව්ස්කි නම් රුසියන් කවියාගේ ය. තනුජා ගීපද මාලාව රුසියන් බසින් සිංහලට නඟා ඇති ආකාරය මනරම් ය.

    අවට කිසි හඬක් - නොනැඟෙන පැයේ

    ජීවිතය උදෑසන තෙක් – නිහඬ වූ මේ රැයේ

    ඔබ නිකමට හෝ දැන සිටියා නම්

    මට කෙතරම් අගනේදැයි - මොස්කව් ගී සැඳෑවෝ

    ගංදිය නොසෙල්වී ගලා යයි

    රිදී සඳරැස් ඒ දිය බලයි

    ගීත ඇසි ඇසී නෑසෙන්නේ

    මේ නිහඬ සැන්දෑ වෙලාවේ

    හිස පහතට ම හෙළාගෙන මේ

    සොඳුරි ඇයි අමනාපෙන් වගේ

    කියන්නේ - නොකියන්නේ කෙසේ

    මගේ හදවත දෙන මේ හැඟුම්

    අරුණලු දැන් දැන් ම හිස සලයි

    දයාවෙන් මම් අයැදිමි ඉතිං

    අමතක නොකළ මැන යළි නුඹත්

    මොස්කව් හී ගිම්හාන සැඳෑවෝ

    1917 රුසියන් විප්ලවයෙන් ඉක්බිති සෝවියට් පාලනය විසින් ඉතා සැලසුම් සහගතව ඉදිකළ පරිසර කේÁද්‍රීය නගරයක් ලෙස සැලකෙන මොස්කව් නගරය පසුබිම් කරගෙන ගැයෙන මේ ගීය එදා මෙදා තුර එක විලස රසික ප්‍රසාදයට පාත්‍ර වූ නිර්මාණයකි. වික්ටර් රත්නායකයන් එය අපේ බසින් සුමධුර ව ගයද්දී සුන්දර මොස්කව් නගරයේ ගිම්හාන සැඳෑවක චිත්තරූපයක් නිරායාසයෙන් මැවී පෙනෙයි. එහි වීදියක් දිගේ එකිනෙකා හා වෙලී පියනඟන පෙම් යුවලකි.

    ඇතැම්විට මේ පෙම්වතුන් රුසියානුවන් ම නොවන්නට ද පුළුවන. මන්දයත් සංචාරය සඳහා හෝ උසස් අධ්‍යාපනය සඳහා හෝ පැමිණි විදේශිකයෝ රැසක් නිරන්තයෙන් මොස්කව් හී සැරසරති. මොස්කව් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදෙස් සිසු සිසුවියෝ සමුගැනීමේ අවසාන ප්‍රසංගවලදී මේ ගීතය සාමූහික ව ගායනය කරති.

    එය යළිත් සිය රටවලට ගොස් ගයන්නට හෝ අසන්නට බැරි තරමේ සංවේදී එකකැයි ඔවුහු පවසති.

    මොස්කව් ගී සැඳෑවෝ ගීතය කෙතරම් සංවේදී හා හෘදයාංග ම නිර්මාණයක් ද පවසතොත් 1970 අගභාගයේ රුසියන් ඇමරිකානු මහ බලවතුන්ගේ හමුවක් සඳහා නායක ගොර්බොචොව් ධවල මන්දිරයට ගිය අවස්ථාවේ ඔහු වෙනුවෙන් පැවැත්වුණු පිළිගැනීමේ උත්සවයේදී ඇමරිකානු ගායකයකු විසින් මේ ගීය ඉංගි‍්‍රසි බසින් ගායනා කරනු ලැබී ය. සංස්කෘතික දූතයකුගේ කාර්යභාරය හොඳ කලා නිර්මාණයක ගැබ් වී තිබෙන බවට මෙය කදිම නිදසුනක් නොවන්නේ ද?

    ගීත දොළසකින් සංගෘහිත ‘ලවාන්දා ගී සරණියෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්‍ෂණයක් වනුයේ, දේශීය සංගීත කලාව හා සම්බන්ධ පරම්පරා දෙකක සම්මිශ්‍රණයකින් ද යුක්ත වීමය.

    ගායනයෙන් හා සංගීත සම්පාදනයෙන් මීට දායකත්වය සපයා ඇති ප්‍රවීණයන් අතර වික්ටර් රත්නායකයෝ සහ මොරිස් විජේසිංහයෝ ද වෙති.

    ජයන්ත රත්නායක, නෙලූ අධිකාරි, කසුන් කල්හාර, වසන්තා තිලකාංගනී, කපිල පූගලආරච්චි, හේමන්ති රණසිංහ, අමිලා නිලාංගනී, තිස්සසිරි පෙරේරා, ජගත් වික්‍රමසිංහ, හර්ෂමාලි එගොඩගේ, පි‍්‍රයන්ත ඩිරෙක්ස්, තනුජා කුමාරි ආදී නූතන පරම්පරවේ ශිල්පීහු ද පැරැන්නන් හා අත්වැල්බැඳගෙන ලවාන්දා රුසියානු ගීතාවලිය දේශීය රසික සමූහයාගේ හදවත්වලට සමීප කරවීමට නොමඳ දායකත්වයක් ලබා දෙයි.

    චින්ගීස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතය’ අමතක නොකිරීමට වග බලාගැනීම පිළිබඳ ව තනුජා ධර්මපාල කිවිඳියට තුති පිදිය යුතු ය. රුසියානු සාහිත්‍යයට ඇලුම් කරන දේශීය පාඨක සහෘදයන් අතර ඉතා ම ජනපි‍්‍රය කෙටිනවකතාවක් වන ගුරුගීතයේ හමුවන අල්තිනායි හා දුයිෂේන් යුවල ප්‍රේමය, මානව දයාව, අධිෂ්ඨානය හා කැපකිරීම ආදී සියලු මිනිස් ගුණදහම් කැටිකරගත් චරිතද්වයකි. තනූජා ඒ මානව ගුණය ගීතමය සිතුවමකට නඟන්නේ මේ අයුරෙනි.

    පිපෙන්නට හදයි –

    නුඹ යළි පිපෙන්නට හදයි

    අල්තිනායි අතින් මිදී -

    සීතල හිම පොළව යටදී

    වැළැලී මියැදුණු මල නුඹ –

    පිපෙන්නට හදයි

    නුඹ හිමයට මියැදුණු බව -

    මේ ලොව නොදන්නේ

    එක ම එක් අයෙක් පමණයි –

    ඒ නුඹ විතරමයි

    දිය පිරි කළය මගෙ අතින් –

    ඉහිරෙයිද හරි බයයි

    ඉහිරෙන්න නොදී රැක ගන්නත් –

    මගෙ හිතට බයයි

    ඒ පොප්ලර් ගස් යුගලය –

    තාමත් එතනමයි


    පොප්ලර් ගස්, සිරුරු ගල් ගැසෙන සීතල හිම, සෙයිලමෙන් පැමිණෙන කම්කරුවා හෙවත් දුයිෂෙන් ගුරුතුමා, අනාගතයේ මහැ’දුරුවරියක් වීමට පෙරුම් පුරන අල්තිනායි නම් අහිංසක ගැමි කෙල්ල මේ ගීතය යට සැඟ ව සිටිනු රසිකයාට හැඟෙයි.

    මෙහිදී තනුජා රුසියානු ජනප්‍රවාදයේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සංකේතයක්ලෙස සැලකෙන කළගෙඩියකින් වතුර දෝතක් දීම බඳු යෙදුම් ද මැනවින් භාවිතා කරයි. එහෙත් ඒ වතුර දෝත දීමෙන් ඇති කරගන්නා බැඳීම කෙරෙහි අනියත බියකින් ද අල්තිනායිගේ හිත පසුතැවෙයි. මන්ද දුයිෂේන් ඇගේ ගුරුතුමා බැවිනි.

    මේ ගී සමුච්චයට ජයන්ත රත්නායකයන්ගේ් හඬ හා සංගීත සංයෝජනයේ දායකත්වයෙන් යුතු ව එක් ව තිබෙන ‘ලවාන්දා’ නම් ගීතය ද රුසියානු සමාජයට හුරුපුරුදු රොමැන්ටික් ප්‍රේම හැඟීම් හුවා දක්වන නිර්මාණයකි.

    ලවාන්දා කඳුකරේ මලේ -

    නිල්වන් මලේ

    අප හමුවීම නුඹ හා -

    ලවාන්දා කඳුකරේ මලේ

    කෙතරම් කල් ගෙවුණත් –

    මතකයි නුඹ හා මා

    අපට ම පමණක් ගී‍්‍රස්මය උණුසුම දුන්නා

    මුහුදු ළිහිණි රළ මත සැරුවා

    සඳ පායා තිබුණා

    මේ මහා පොළවේ අපට ම පමණක්

    කෝ කොහේද දැන් ඒවා -

    පිළිතුරු තිබුණේ නෑ

    දැනුත් නෑ නොවේදෝ

    ග්‍රහලෝක දෙකක් සේ -

    දෙදෙනා ඈත් වී ගොසින්


    රුසියානු සමාජය විශේෂයෙන් ම කඳුකර වැසියා ලවාන්දා මල ප්‍රේමයේ සංකේතයක් සේ සලකයි. අපේ ගීත සාහිත්‍යයේ එතරම් භාවිතා නොකෙරෙන ග්‍රහලෝක දෙකක් බඳු උපමා ද මෙහි දක්නට ලැබීම විශේෂයකි. ආදරය සොබාදහම සමඟ මුසු කිරීමේදී මෙහි පද රචකයා දක්වන සංවේදී බව ගීතයේ අරුත කුළුගන්වයි.

    ලවාන්දා රුසියානු ගී සරණිය රසික සහෘදයන්ට කලාතුරකින් ආස්වාදනය කිරීමට ලැබෙන අර්ථසම්පන්න නිර්මාණ සංග්‍රහයකි. රුසියන් ගීත කලාවේ පවතින හෘදයාංගම බව මතු නොව මානවීය ගුණයත්, සංගීත සුසන්යෝජනයේදී රුසියානු සංගීතඥයා දක්වන සියුම් සංවේදීත්වයත් හේතුකොටගෙන දේශීය ගීත කලාවට මෙමඟින් අත්පත්කරගත හැකි ප්‍රතිලාභ රැසකි. තනූජා ධර්මපාල ලවාන්දා මගින් රුසියානු කලාවේ මෙතෙක් අප නොදුටු පැතිකඩක් අනාවරණය කරදීමට සමත් ව ඇති බව පැහැදිලි ය.

    කමල් පෙරේරා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ


    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.


    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​

    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​
    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..
    අකුරු වැරදුනාට වුලක් නැ උඹේ දැනුම බෙදාගැනිම වටිනවා