සුන්දර ගීයක ඇරබුම,..

nikshala

Member
Jan 24, 2010
9
0
0
සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ... සහෝ අපි හැමෝම අපේ ණැන පමණින් දැනෙන පමණින්නේ මේ ගීත කලාව ගැන කතා කරන්නෙ...
මෙහෙමයි... ගීතයක් ගත්කල සැබවින්ම මුලින්ම විය යුත්තේ රසිකයාට දැනෙන්නට හදවතට, සිතට ලංවෙන්නට ඉඩ හසර ලබා දීමයි... මෙම කාරණය පද, අර්ථය සංගීතය විසින් ඉටු කරනු ලබනවා...
ඇත්තටම අපි හිතල බැලුවොතින් පැරණි ගීතයක් අපි රසවිදීමට උත්සාහ කලොත් ගීතය එක කතාවක්, තාලය සංගීතය තවත් කතාවක්, සමස්ථ යටි පෙල තවත් කතාවක් අපිට කියනවා.. මෙන්න මේ දේ රසවිදීමට හුරු කිරීම තමා මේ නූලේ පළමු අරමුණ බවට පත් උනේ..
අනිත් කාරණය තමා බලන්න ඔය ගීතය හොද වචන ටිකක්, සංස්කෘතයෙන් සහා බුද්ධ ධර්ශණයෙන් සොයාගත් කරුණු ටිකක් දාලා විතරයි... එකින් එක ගත්විට ගීතය මරණවා.... බුද්ධිමතෙක් වෙන්න පුළුවන් ඒත් පද රචකයෙක් වෙන්න බෑනොවැ..

ඔබ විසින් සදහන් කල ගීතය ගැන මම රසවිදීමෙන් අනතුරුවයි කියන්නෙ.. බලන්න ඔය වීඩියෝව නැතිනම් ඔය ගීතය රස විදින්න තියා මෙලෝ හසරක් ගලපගන්න බෑ නේද..? කියන්න තිබෙන දේ අමු අමුවේම කියලා දැම්මහම රසිකයාට හිතන්න දෙයක් නෑ... කල යුත්තේ රසිකයාට සිය ජීවිතයට හෝ අත්දැකීම් වලට ආරෝපණය කරගෙන සිතිය හැකි ගීත බිහිවීමයි....

සමාවෙන්න ඔබ දෙදෙනාගේ සාකච්ඡාවට මැදින් පැනීම ගැන... පොඩි අදහසක් දාන්න හිතුන නිසා ඇවිත් දාල යන්නෙ.. ජයවේවා..!!!

ඔව් මං පිළිගන්නවා. තැන් කීපයක හරි තෙරුමක් නැහැ වගේ දැනුන නිසයි ඇත්තම කිව්වොත් විචාරයක් ඉල්ලුවේ. ඒවගේම මට කලින් හිතුන දේත් හරි. sasliittath dathkibulatath thanks
 

nikshala

Member
Jan 24, 2010
9
0
0
සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ... සහෝ අපි හැමෝම අපේ ණැන පමණින් දැනෙන පමණින්නේ මේ ගීත කලාව ගැන කතා කරන්නෙ...
මෙහෙමයි... ගීතයක් ගත්කල සැබවින්ම මුලින්ම විය යුත්තේ රසිකයාට දැනෙන්නට හදවතට, සිතට ලංවෙන්නට ඉඩ හසර ලබා දීමයි... මෙම කාරණය පද, අර්ථය සංගීතය විසින් ඉටු කරනු ලබනවා...
ඇත්තටම අපි හිතල බැලුවොතින් පැරණි ගීතයක් අපි රසවිදීමට උත්සාහ කලොත් ගීතය එක කතාවක්, තාලය සංගීතය තවත් කතාවක්, සමස්ථ යටි පෙල තවත් කතාවක් අපිට කියනවා.. මෙන්න මේ දේ රසවිදීමට හුරු කිරීම තමා මේ නූලේ පළමු අරමුණ බවට පත් උනේ..
අනිත් කාරණය තමා බලන්න ඔය ගීතය හොද වචන ටිකක්, සංස්කෘතයෙන් සහා බුද්ධ ධර්ශණයෙන් සොයාගත් කරුණු ටිකක් දාලා විතරයි... එකින් එක ගත්විට ගීතය මරණවා.... බුද්ධිමතෙක් වෙන්න පුළුවන් ඒත් පද රචකයෙක් වෙන්න බෑනොවැ..

ඔබ විසින් සදහන් කල ගීතය ගැන මම රසවිදීමෙන් අනතුරුවයි කියන්නෙ.. බලන්න ඔය වීඩියෝව නැතිනම් ඔය ගීතය රස විදින්න තියා මෙලෝ හසරක් ගලපගන්න බෑ නේද..? කියන්න තිබෙන දේ අමු අමුවේම කියලා දැම්මහම රසිකයාට හිතන්න දෙයක් නෑ... කල යුත්තේ රසිකයාට සිය ජීවිතයට හෝ අත්දැකීම් වලට ආරෝපණය කරගෙන සිතිය හැකි ගීත බිහිවීමයි....

මට හදිස්සියේ ගීත මතක් වෙන්නෙ නෑ... නමුත් පුංචි උදාහරණයක් අද ගීත කලාවෙන්ම දෙන්නම් ඔබට සරලව වටහා ගැනීම සදහා... මෙය 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන් හදිස්සියේ ලියන නිසා

තමාගෙ වේදනාව නිවාගන්න මධු විතට හුරුවන කෙනෙක් ගීතයක මෙහෙම කියනව...
"බෝතලේ මගෙ බෝතලේ.....
ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ කියලා.."


ඒ අතර තවත් ගීතයක
"අඩන සිත නිවන මල් පැණි
නැතිව බැරි හැඩයි"

ගීත දෙකෙහි එකම කාරණය අමුවෙන් දමා ගැසීම සහ කලාත්මක සුන්දර ලෙසින් ගෙන හැර දක්වන වෙනස පෙනෙනවාද...? ඉඩ ලැබුණු විගස හොද ගීත දෙකකින්ම පහදා දෙන්නම්...

සමාවෙන්න ඔබ දෙදෙනාගේ සාකච්ඡාවට මැදින් පැනීම ගැන... පොඩි අදහසක් දාන්න හිතුන නිසා ඇවිත් දාල යන්නෙ.. ජයවේවා..!!!
උදාහරණය ගොඩක් ලස්සනයි. මං තෙරුන්ගත්ත. ස්තූතියි.
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උපුටා ගැනීම... 2011-2012 එළකිරි සම්මාන උළෙල..

    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම ....සහෝදරයාටයි
    සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    නිර්මාණය කල ධනුෂ්ක සොයුරා ඇතුළු,
    පුරා සිව් මසක් තිස්සේ මේ ත්රෙඩය කියවූ, අදහස් පලකල, ගීතවිචාරය කල,
    යෝජනා, චෝදනා ඉදිරිපත්කල ඔබ සියළු දෙනාටම...
    මාගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිණමන වගයි...!!!


    Exquisite-Musical-Thread.gif


    8.gif


    සුදුසු ත්‍රෙඩ් එකට සුදුසු තැන ලැබුනා කිව්වොත් නිවැරදියි...සුබ පැතුම්!!!:)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සහෝ පොඩි නිවැරදි කිරීමක්...
    මෙහි මහගුරා අපේ *ධනුෂ්ක* සොයුරා.... ඉන්පසු ප්‍රධාන වන්නේ මෙය කියවන, මෙයට සහාය දක්වන කමෙන්ට් දාන ඔබ වැනි සුන්දර රසික පිරිස... මමත් දත්කිඹුලාත් යූසර්52 සොයුරාත් කරන්නේ ඒ සුන්දර මිනිසුන්ට සහාය දීමක්... ස්තූතියි අපිව අගය කිරීම ගැන...

    හොඳයි සහෝදරයා,ධනුෂ්ක සහෝදරයා ඇතුලු මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටම මාගේ අවංක ස්තුතිය...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලස්සන ගීතයක්. මේ ගීතය ගැන වැරදි වැටහීමක් ඇතිකලේ ඒකේ වීඩියෝ එකේ රූපරාමු පෙලයි.

    සිංහල ගීතයෙ අරුත් පිරිහෙන්න පටන් ගත්තම ඒ අඩුව පුරවන්න සිංදු වීඩියෝ හදන්න ගත්තනෙ...


    පැනලා යනවා වාගේ හැඟිමක් ඇති කරන නිසාද එහෙම කියන්නෙ??? මා ලඟ විඩියෝ එක තියනවා යුටියුබ් එකට දාන්නම්...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හිතවත් සහෝදරයා/සහෝදරිය,
    විචාරයක් කරන්න පුළුවන් වෙන්නේ යම් කලාත්මක ගති ලක්ෂන සහිත නිර්මාණයකට. නිර්මාණාත්මක පසුබිමක් සහිත, ව්‍යංගයෙන් යටිපෙළ අරුතක් ගෙන එන නිර්මාන වලට. බුදුන් වදාල මුල මැද අග කළණ වන දහම සේ මැ, "තම තම නැන පමණින්" විද ගත යුතු නිර්මාණ වලට. ආනන්දයෙන් ඇරඹී, ප්‍රඥාව කරා රසිකයන් එළවන නිර්මාන වලට.ඔබ කියන මේ ගීතයේ එවැනි සාධනීය ලක්ෂන නැත. එය වාර්තාවක් බදුය. කියන දේ හොම්බට දමා ඇන්නා සේ කියා ඇත. ඉතිං කුමන විචාරද මෙවන් ඊනියා නිර්මාන වලට...........!!!!!!

    obata godak sthutie me wicharayata :)

    td ekath honda wage balanna oni..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, බොහොම හොඳ වැඩක්. නියමම නියමයි.






    ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

    දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...

    ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

    ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

    ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

    අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....


    වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

    සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

    බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

    ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

    බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

    බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

    තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

    සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල නිසාම මේවා දැන ගත්ත මිසක්, නැත්නම් ජීවිතේට මේවයේ තේරුම් දැන ගන්න වෙන එකක් නැහැ.

    අපේ යාළුවො ඉන්නවනම් .... තව දෙන්න පුළුවන්... අමතක උනා තව දෙයක් කියන්න.. අපි හොද දෙයක් කරනවනම් කොච්චර සප් එකක් දෙන්න කොල්ලො ඉන්නවද කියන එක ඇත්තටම තේරෙනව... මේව දාන්න පටන්ගත්තෙ ඊයෙ අද වෙකොට කී දෙනෙක් බලලද? කීදෙනෙක් උදව් කරනවද? කවුද කියන්නෙ අපේ සමාජ පිරිහිලා.. අද කාලෙ කොල්ලන්ට රසඥතාවක් නෑ කියල... මම හිතන්නෙ මේ ත්රෙඩ්එක ඒ චෝදනා බොරු බව ඔප්පුකලා... ආදරණීය සොයුරනේ මගේ ප්‍රණාමය ඔබ සියළුම දෙනාට.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, නිකන් කරකෝල අත ඇරලා අයෙත් උඩ දැම්ම වගේ. :baffled:







    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............


    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!:(:(
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා, මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා, අපි සෙට් වෙච්ච වෙලාවට මේ සින්දු වල තේරුම කියනවා හරියට නිකන් ලොකු බහුශ්‍රුත විචාරකයෝ වගේ. උන් එලකිරිය වන පොත් කර කර තමයි හැම වෙලේම ඉන්නේ කියලත් මම දන්නවා. හැබැයි නිකමට වත් කිව්වේ නැහැ උන් මේවයේ තේරුම් ගත්තේ මේ නූලෙන් කියල. බුදු වෙන්න කතා කලාට තාම උන් අතරමන් වෙච්ච ප්රුතක්ජනයෝ. :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, උඹ ගැට කිඹුලෙක් ද හැල කිඹුලෙක්ද, මොකෙක් උනත් ගීත විචාරය නම්
    අති විශිෂ්ටයි. :)





    බිද වැටෙන පවුල් සංස්ථාවක ශෝකාන්තය.........
    රුවල් ඉරී ගිය නෞකාවේ...........



    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ

    දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

    සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
    අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........

    වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

    ඇය තම සැමියා පිළිබදව කරන ගුණ වැනීමට සවන් දෙන්න. මේ ආර්ථික ආගාධයේ ගිලෙමිනුත් ඔහු ඇයට ඉරුණු රුවල් රෙදි දවටා උණුසුම දෙයි. දෝතට එක්කල වැසි දිය පොවා පවස නිවයි. ආර්ථික අහේණියාවෙන් බැට කමින් ම ඔහු සිය බිරිද වෙනුවෙන් සිය යුතුකම හැකි පමණ ඉටු කරයි. ඇය, ඔහු ගේ ඒ වෙර පිළිබද සංවේගයෙන් පසුවේ.

    දැන් ගිලෙන නැව බේරාගත නොහැක.කල හැක්කේ විවාහයේ මේ බැදීම් බිද දැමීම පමණකි. ඇය ගැන සෙනෙහස අත්හරින ලෙසට ඇය ආයාචනා කරන්නී එබැවිනි. ඔවු. ඔහු සිත දැඩි කොට මේ තීරණයට එළබිය යුතු වේ. ඇය ගේ ආයාචනය වන්නේ ඇය මේ දිය ගැඹරට බිළි දී තමාට මෙතරම් යුතුකම් ඉටුකරන ස්වාමියාට ගැළවී යන ලෙසටය.

    වර්තමාන පවුල් සංස්ථාව මුහුණ දෙන ආර්ථික දරිද්‍රතාවය මෙතරම් සංවේදී නිර්මාණයකට ගොනු කල දුර්ලභ අවස්ථාවකි මෙය. මහැදුරු සුනිල් ආරියරත්නයන් නැවත නැවත ද ප්‍රකට කරන්නේ සිය නිසග හැකියාව පිළිබද ව රමණිය වූ අත්දැකීමයි. නන්දා මාලනිය ගේ වැලපෙන ස්වරයකට ආසාන්න කටහඩ, රෝහණයන් අතින නිමැවුණු අධ්‍යාත්මය වෙත කාවදින විලම්භ ලයකින් යුතු තානයකින යුතු වූ සංගීතය සහ ඒ.එම.රොක්සාම් මහතානන් විසින් මවන සිත කීරි ගස්වන වයලීන වාදනය මේ ගීතය හෙල සුභාවිත ගීත අස්වැන්නේ මහගු අස්වැන්නක් බවට පත් කරයි.
     
    • Like
    Reactions: sasliit

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා."

    කියන්න වචන නැහැ සහෝදරයා. ලෝකෙට මුලින්ම බිහි වෙච්ච බසට ලඟම නෑ කමක් තියෙන අපේ බසට අද වෙලා තියෙන වින්නැහිය දැක්කම දැනෙන දුක නම්.....!

    අන් සියල්ලන් සේම භාශාවද පරිනාමය වෙන බව සතයක් වුවත් අතීතය අමතක කිරීම කොයි තරම් වරදක්ද.... අභාග්‍යක්ද ....!




    මේ හුය ඇරඹු *dhanushka* සොයුරාටත්, මෙයට විචාර, ප්‍රවාද සහ මතවාද එක් කරමින් එය පොහොණි කළ සකල එළකිරියන්ටත් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බොහෝ මැ වේවා!!!!!
    වැඩකට නැති අමුම අමු කුණු හබ්බ කියැවෙන, බුද්ධියට නිගා දෙන, රසිකත්වයට නිගාදෙන, කියවන්නන් ගේ මනස් කාළකන්නි කරවන ත්‍රෙඩ් වැටෙන මේ කාලේ මේ ත්‍රෙඩ් එකේ වටිනකමට උපමා දෙන්න බෑ........

    අපේ මේ හෙළ බස කොතරම් රමණිය, අර්ථ පූර්ණ, භාව පූර්ණ එකක් දැයි මේ පෝස්ට් කියවද්දී තේරෙනවා. අධ්‍යාත්මය දැඩිව ග්‍රහණය කර ගන්නට සමත් මෙවන් බසක්, මව් බස වීම පිළිබද ව සකියනි, මට නම් ඇත්තේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන විදියේ ආඩම්බරයක්.........
    නුඹලාටත් එවන් හැගීමක් දැනෙනවා ඇති මෙය කියවද්දී...........
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පුංචි බලු රා................................ළේ
    මං ගෙදර නැති වේ.......................ලේ
    කවුද මගෙ බෝ............................ලේ
    පෙරල පෙරලා හිටියෙ මිදු.................ලේ

    :lol::lol::P:P:P:rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අදමයි මේ සින්දුව ඇහුවේ. මාරයි තේරුම. උඹ නං කිඹුලෝ බැරි වෙලාවත් නිල්වල ගඟ පැත්තේ යන්න එපා. දැන් එකේ කිඹුල්ලුන්ට වහ දෙනවලු. උඹ මළොත් අපිට මයි පාඩු.



    සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...????

    එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!!


    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නො‍කැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.
    සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය.

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරිම පුදුමයි. නොදන්නා දේ කියා දීම ආනිසංසයෙන් උඹේ බුද්ධිය තව තව වැඩි වේවා.



    ඔන්න ආයෙත් මම ගීතයක් අරගෙන ආව..... දැන් ටිකකට කලින් යාළුවෙක්ගෙ ඉල්ලීමක් තමයි මම මේ දැන් දෙන්නෙ. අනේ යාළුවනේ කිහිපදෙනයි කමෙන්ට් දෙන්නෙ.... ඔයාලම හිතන්න මෙච්චර අමාරුවෙන් ටයිප් කරල අපි ආසාවෙන් බලාගෙන ඉන්නව ඔයාල අපේ විචාරය ගැන කියන අදහස් මොනවද කියලා... නමුත් විචාර දෙකක් අතර කමෙනට්ස් 5,6 කට වඩා නෑ. ඒකත් නිතරම එන අයගෙන්... 9000ට ආසන්න පිරිසක් මේ වනවිටත් බලල තියෙනවනම්........................ අනේ මන්ද................. හරි කමක් නෑ , අපි යමු ගීතයට.......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    උපුටා ගැනීම... 2011-2012 එළකිරි සම්මාන උළෙල..

    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම ....සහෝදරයාටයි
    සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    නිර්මාණය කල ධනුෂ්ක සොයුරා ඇතුළු,
    පුරා සිව් මසක් තිස්සේ මේ ත්රෙඩය කියවූ, අදහස් පලකල, ගීතවිචාරය කල,
    යෝජනා, චෝදනා ඉදිරිපත්කල ඔබ සියළු දෙනාටම...
    මාගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිණමන වගයි...!!!


    Exquisite-Musical-Thread.gif


    8.gif


    බොහොම සන්තෝසයි. දිගු කල් වැජබේවා ,,
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මම ගීත විචාරය කරන්න දන්නා කෙනක් නොවෙන වග, දත යුත්තන් දනී..
    එබැවින් මගේ මේ උත්සාහයේ වැරදි තිබෙන්නට පුළුවන් බව හා එය ලෝක විනාසය නොවෙන වග ද ඔවුන් දනී...
    නමුත් එසේ තිබියදීත් මෙසේ මට හිතෙන දේ ලියන්නට හිතුවේ මේ ත්‍රෙඩ් එකට තිබෙන ආදරේ නිසාවෙන් සහ මගේ උත්සාහයේ වැරදි හෝ අඩුපාඩු දකින ප්‍රවීනයන් මෙය නිවැරදි කරවියය් යන අදහසිනි...
    o / L වලට සිංහල සාහිත්‍ය කලාට පසු සිංහල ඉගැනීමක් නොතිබුණද... දන්නා හැටියට ලියමි..

    "සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට...
    රිදවුණු සිත ගෙනයය් කඳුලැලි ගංඉවුරට..
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක...
    ඒ ගං ඉවුරට..."


    ## පරිසර වර්ණනා තුලින් හැන්ගීම් වල ප්‍රබලත්වය වැඩි කිරීම පිලිබඳ අප දැනගන්නේ බය්සිකලය නවකතාවේ සියෝදොරිස් ඇසුරෙනි...ඔහුට බය්සිකලය හමෙවෙන කාලයේ හා නැති වෙන කාලයේ ර්තු වෙනුස් වීම මගින් එය පැහැදිලි වේ... එලෙසම මට හන්ගේනලෙස මෙහෙදීද ගීත රචකයා මේ පෙම්වතුන් දෙන්නගේ වෙන්වීම තුල ඇති දුක උලුප්පවන්නට මෙන් සුදු සඳ සහ කඳුලැලි ගං ඉවුර ගෙන ඇත...

    "බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට...
    ඇයි දැයි දොස් පවරන සඳ සිත...
    නුඹේ වරදද මගේ වරදද එය මා දන්නේ නැත..."


    ## අහිංසක පෙම්වතෙක් දුප්පත් පෙම්වතෙක් මෙලෙස සිත කණගාටු වීමට පුළුවන... ඔහු ප්‍රේමයේ නාමයෙන් ඇය ලබාගැනීමට කල කී දේවල් මදි යැයි ඔහුට හැඟෙන්නට පුළුවන.... නමුත් එවිටම ඔහුට හැඟෙන්නේ ඇයද ඒ සඳහා කිසිත් නොකළ බවක් විය හැක... එලෙසම දුප්පත් වී ඉපදීමද ඔහුගේ වරදක් නොවීමට පුළුවන...

    "නුඹ මා ලොව කළුවර කර පැනගිය පලියට...
    කෙලෙසක දොස් පවරමි නුඹ හට...
    කිසි කෙනෙක් නොදුන් ආදරයක් ඔබමට දුන් කොට..."


    ## මෙය මා දකින ලෙස ගෑනු ගතියකි... ලඟින් ඉන්නා විට බොහෝ ආදරයක් පෑමත් නමුත් එකවරම වෙනතක යමාත් ඔවුනට කල හැකි දේවල් වේ... එලෙසම මේ පෙම්වතා අතීත අවර්ජනයක් කරන ගමන්ම ද්වේශයෙන් තොරව එම පෙම්වතිය දෙස බැලීමත් යට දොස් නොපවරීමත් තුල වටිනා පණිවිඩයක්ද ඇති යැයි මට හැඟෙ.....

    ප.ලි. මම මෙය එලකිරිය තුල මෙන්ම ගූගල් තුලින්ද සෙවීමට උත්සහ කල නමුත් මට හමු නොවිය.... ඒ නිසා මෙය පෙර නොදම ඇති කියා සිතා දැමීමි....
    කලින් දම ඇත්නම් සමාව...
     
    • Like
    Reactions: dath kimbula

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මම ගීත විචාරය කරන්න දන්නා කෙනක් නොවෙන වග, දත යුත්තන් දනී..
    එබැවින් මගේ මේ උත්සාහයේ වැරදි තිබෙන්නට පුළුවන් බව හා එය ලෝක විනාසය නොවෙන වග ද ඔවුන් දනී...
    නමුත් එසේ තිබියදීත් මෙසේ මට හිතෙන දේ ලියන්නට හිතුවේ මේ ත්‍රෙඩ් එකට තිබෙන ආදරේ නිසාවෙන් සහ මගේ උත්සාහයේ වැරදි හෝ අඩුපාඩු දකින ප්‍රවීනයන් මෙය නිවැරදි කරවියය් යන අදහසිනි...
    o / L වලට සිංහල සාහිත්‍ය කලාට පසු සිංහල ඉගැනීමක් නොතිබුණද... දන්නා හැටියට ලියමි..

    "සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට...
    රිදවුණු සිත ගෙනයය් කඳුලැලි ගංඉවුරට..
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක...
    ඒ ගං ඉවුරට..."


    ## පරිසර වර්ණනා තුලින් හැන්ගීම් වල ප්‍රබලත්වය වැඩි කිරීම පිලිබඳ අප දැනගන්නේ බය්සිකලය නවකතාවේ සියෝදොරිස් ඇසුරෙනි...ඔහුට බය්සිකලය හමෙවෙන කාලයේ හා නැති වෙන කාලයේ ර්තු වෙනුස් වීම මගින් එය පැහැදිලි වේ... එලෙසම මට හන්ගේනලෙස මෙහෙදීද ගීත රචකයා මේ පෙම්වතුන් දෙන්නගේ වෙන්වීම තුල ඇති දුක උලුප්පවන්නට මෙන් සුදු සඳ සහ කඳුලැලි ගං ඉවුර ගෙන ඇත...

    "බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට...
    ඇයි දැයි දොස් පවරන සඳ සිත...
    නුඹේ වරදද මගේ වරදද එය මා දන්නේ නැත..."


    ## අහිංසක පෙම්වතෙක් දුප්පත් පෙම්වතෙක් මෙලෙස සිත කණගාටු වීමට පුළුවන... ඔහු ප්‍රේමයේ නාමයෙන් ඇය ලබාගැනීමට කල කී දේවල් මදි යැයි ඔහුට හැඟෙන්නට පුළුවන.... නමුත් එවිටම ඔහුට හැඟෙන්නේ ඇයද ඒ සඳහා කිසිත් නොකළ බවක් විය හැක... එලෙසම දුප්පත් වී ඉපදීමද ඔහුගේ වරදක් නොවීමට පුළුවන...

    "නුඹ මා ලොව කළුවර කර පැනගිය පලියට...
    කෙලෙසක දොස් පවරමි නුඹ හට...
    කිසි කෙනෙක් නොදුන් ආදරයක් ඔබමට දුන් කොට..."


    ## මෙය මා දකින ලෙස ගෑනු ගතියකි... ලඟින් ඉන්නා විට බොහෝ ආදරයක් පෑමත් නමුත් එකවරම වෙනතක යමාත් ඔවුනට කල හැකි දේවල් වේ... එලෙසම මේ පෙම්වතා අතීත අවර්ජනයක් කරන ගමන්ම ද්වේශයෙන් තොරව එම පෙම්වතිය දෙස බැලීමත් යට දොස් නොපවරීමත් තුල වටිනා පණිවිඩයක්ද ඇති යැයි මට හැඟෙ.....

    ප.ලි. මම මෙය එලකිරිය තුල මෙන්ම ගූගල් තුලින්ද සෙවීමට උත්සහ කල නමුත් මට හමු නොවිය.... ඒ නිසා මෙය පෙර නොදම ඇති කියා සිතා දැමීමි....
    කලින් දම ඇත්නම් සමාව...

    nice one machan ! :D