සුනාමි දවසේ අත්දැකීම්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එදා අප්පච්චියි අයියයි මැච් එකක් බල බල ගෙදර හිටියා මතකයි. මුහුද ගොඩගලනවා කියල එයාලා කෑගැහුවා. මට යන්තම් මතකයි. එතකොට මම 2වසරේ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    එදා ඔඩෙල් එකේ වැඩ එකෙක් කිව්වා මචං මුහුද ගොඩ ගලලා කියලා මම උටබැන්නා පල හු#& යන්න කියලා. පස්සෙ හවස බලද්දී ටීවී එකෙ යනකොට තමයි එදා සිද්දිය දැක්කෙ. පට්ටම අවුල්. සුනාමියෙන් සති දෙකකට පස්සෙ ගියා මාතර ඔක්කොම නිකන් අබලි දුබලි කුඩු පට්ටම් වෙලා බෝට්ටු ගාලු පාරෙ ඇඬෙනවා
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අනේ නිකන් පලෑන් බන් යන්න. day after tomorrow ඇවිල්ලා තියෙන්නෙත් 2004 මැයි මාසේ. ති ඒ මාස 6 ඇතුලත ෆිල්ම් එකේ බ්ලුරේ කොපිය yts එකෙන් ඩව්න්ලෝඩ් කරලද බැලුවේ?
    Vcd math beluwa. Torrent kiyala ekak danneth ne.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ඔය කෝච්චිය එහෙම පෙරලුන සුනාමි රැල්ල හරි වීඩියෝ එකක් නෑනේ කා ලගවත්..ඔය රැල්ල මොන වගේද එන්නේ..සමහරු කියනවා පොල් ගහක් විතර උසින් ආවා කියලා..නමුත් සුනාමි ගැන වීඩියෝ බැලුවම පේනවා ඒකෙදි වෙන්නේ මුහුද ඉස්සිලා ගොඩබිම පැත්තට තල්ලු වෙලා ගොඩබිමට වතුර පිරෙනවා..එහෙම නැතුව බිත්තියක් වගේ රැල්ලක් එන්නේ නෑ නේද පොල්ගහක් විතර උසට..දැක්ක අය කියන්නකෝ හරියටම කෝච්චියක් පෙරලෙන්න තරම් රැල්ලක් එන්නේ කොහොමද ..නිකම් අර ෆිල්ම් වල වගේ එනවද..
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම 9 වසරේ වගේ itn එකේ බන කියන ගමන්න්ම ලයිව් මිනිස්සු කලබල වේලා පෙන්නුවා වගේ මතකයි මුහුද ගොඩ ගලන කතාවක් මිනිස්සු අරහේ මෙහේ දුවනව පෙන්නුවා අපිත් බයේ හිටියේ අපේ ගෙදර පිටිපස්සේ බෙරේ වැව තියෙනව gallface එකත් අපිට ලගයි එහෙම එකක් අවොත් ගෙවල්.පැත්තේ ඔක්කොමලා ලග තියන බිලිඩින් එකට යන්න කතාකර ගෙන හිටියේ
    මේහෙ මුස්ලිම් සිංහල දෙමල් කිරිස්තියානි අය ඉන්නවා එ එ අය ගෙවල් වල.pray කර කර හිටියා මතකයි එ දවසේ දවල් 12-2 අතර මම මේ කියන්නෙ උදෙ මම බෙරේ වැව බලන්න ගිය වෙනදා නැති වෙනසක් එකේ දැක්ක වතුර හයියෙන් ගලනවා වගේ දෙයක් පස්සේ දවස් දෙක තුනකට tv වලින් දැක්ක උන විනාසය.
     
    • Like
    Reactions: shenat and NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔය සුනාමියට අහුවුණු කෝච්චියේ driver අපේ තාත්තාගේ යාලුවෙක්ගේ අයියලු...අපේ තාත්තා ඕකේ ඇවිත් පානදුරේ බැහැලා🥸මං නිකමට විස්තර අහද්දී දැනගත්තේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිහිනීම සම්බන්ධව වැඩ්ඩෙක් නමෙයි හැබැයි තරමක් හොදට පීනන්න පුළුවන් මුහුද ලගම ජීවත් වෙලා ඕක බැරිනම් වැඩකුත් නෑ

    සුනාමි දවසට කලින් දවසේ අපේ නෑදෑයෝ කට්ටියක් කතරගම ගිහින් එන ගමන් අපේ ගෙවල් වල ඇවිත් හිටියා

    කොහොම හරි සුනාමි දවසේ උදේ පාන්දර නැගිටලා නිව්සීලන්ඩ් අපේ මැච් එක බැලුවා ඒකත් පරදින පාටක් තිබුන නිසා කට්ටියම මැච් එකක් ගහමු කියලා අපේ ගෙදර ඉස්සරහා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ගියා

    අපේ ගෙදර පිහිටීම කිව්වොත් ගෙදර පිටිපස්සෙන් පොඩි හිස් ඉඩමක් එක්ක මුහුද, ගෙදර ඉස්සරහා කොළඹ-මාතර ප්‍රධාන පාර, පාරෙන් අනිත් පැත්තේ ග්‍රවුන්ඩ් එකයි ඉස්කෝලෙයි

    කොහොම හරි 9ට විතර ගෙවල් වල අය එලියට බැහැලා අපිට උදේට කන්න කතා කලා, අපිත් උදේට කාලා මුහුදේ නාමු කියලා මැච් එකත් නවත්තලා ගෙදර පැත්තට ගියා. මමත් විකට් එකට ගත්ත පුටුව ඉස්කෝලේ පන්තියෙන් තියලා එන්න හදනකොට මං දැක්කා සෙල්ලමි කරපු අපේ කට්ටිය ඉස්කෝලේ තාප්පේ ලගට දුවනවා, මමත් ඉතින් එතනට දුවලා බලනකොට දැක්කා පොඩි මුහුදු වතුර පාරක් ප්‍රධාන පාරට ඇවිත් තිබ්බා ඒත් එක්ක ලොකු රැල්ලක් (අඩි 10 විතර එක්ක මට මතක විදියට) මුහුද පැත්තෙන් ඉස්සෙනවා දැක්කා. ඒ වෙනකොට අපිට කන්න කතා කරන්න ගෙවල් වල වැඩිහිටි කට්ටිය එලියට බැහැලා හිටිය නිසා කවුරුවත් ගෙවල් ඇතුලේ හිටියේ නෑ ඒකෙන් එලියේ හිටිය කට්ටිය ඉස්කොලේ ග්‍රවුන්ඩ් එකට දුවගෙන ඇවිත් ඉස්කොලේ බුදු මැදුර තිබුන පොඩ්ඩක් උස කණ්ඩියක් ඒකට නැග්ගා ඒතන වටේම පේනවා.

    කොහොම හරි එතනදී දැක්කා අර රැල්ලට උඩින් තව රැල්ලක් එනවා එකට අපේ මාමලගේ ගෙදර, අපේ ගෙදර සම්පූර්ණයෙන්ම කැඩුනා ඒ එක්ක එහා පැත්තේ ගරාජ් එකක නතර කරල තිබුන ලොරි දෙකක් රැල්ලත් එක්ක ඇවිත් ඉස්කෝලේ තාප්පේ වැදුනා පාර ඒ තාප්පේ සම්පූර්ණයෙන් කැඩුනා ඒත් එක්කම අපි සේරම ඉස්කෝලේ පිටිපස්සට පැන්නා, ඉස්කෝලේ පිටිපස්සේ තිබුනේ රේල්පාර ඒ වෙනකොට රේල් පාරටත් වතුර දානව,

    ඒ පැනපු පාර එහෙම්ම කට්ටිය දිව්වා, කොහෝම හරි බාගයක් දුර යද්දි මට අපේ පවුලේ අයව මග ඇරුණා ඒ නිසා මං අයේ ගෙවල් පැත්තට එනකොට පාරේ හිටිය අය මට යන්න දුන්නේ නෑ (එදා අපේ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගිහින් හිටියේ අම්මා හොස්පිටල් වැඩ අම්මා හිතලා තිබ්බේ අපි ඉවරයි කියලා) කොහොම හරි මං අයේ අපහු යද්දී තාත්ත මාව හොයාගෙන ඇවිත් මාව හම්බවුනා ඒ හම්බවෙලා තාත්තාත් එක්ක යද්දි අම්මත් හම්බවුනා, අම්මා හොස්පිටල් එකේ ඉදින් යුනිෆෝම් පිටින් ඇතුල් පාරවල් වලින් අඩාගෙන ඇවිත් තිබුනේ, කොහොම හරි මං දවස් දෙකක් විතර එදා සෙල්ලම් කරපු ඇදුම පිටින් හිටියේ. නැදෑයොත් එක්ක අපේ ගෙවල් තුනේ 20දෙනෙක් හිටියා ඒ කාටවත් කරදරයක් උනේ නෑ

    සුනාමියෙන් පස්සේ රට ඇතුලෙන් ගෙවල් දුන්නට අපි ගත්තේ නෑ, මුලින් අපිට එතනගේ අයේ හදන්න දුන්නෙත් නෑ මීටර් 100 නීතිය නිසා පස්සේ ඒක මීටර් 50ට අඩු උන නිසා වෙරළ සංරක්ෂණයෙන් අවසර අරගෙන ආයේ එතනම ගේ හැදුවා, කලින් තිබුනගේ හදලා පදිංච් වෙලා මාස 5ක් වෙන කොට තමයි සුනාමි ඇවිත් ගලවගෙන ගියේ

    මාමලා දෙන්නත් රට ඇතුලට වෙන්න ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන පදිංචියට ගියා, අපි තවම එතන ඉන්නවා ඇත්තටම දැන අපි විතරයි ඒ හරියේ ගෙයකට තියෙන්නේ අනිත් සේරම කඩවල් සහ හොටෙල්

    දැන්නම් ගෙදර ඉස්සරහා ඉස්කෝලේ සුනාමි අනතුරු ඇගවීම කරන කණුවකුත් තියෙනවා හැබැයි වැඩ කරනවද දන්නේ නෑ දැන්

    තව දෙයක් ගෙදර හදාගන්න රජයෙන් කියලා අපිට ලැබුනේ රුපියල් ලක්ෂ 2.5ක් විතරයි අනිත් සේරම අපෙන්

    මේ ලොකු කතාවක් ගොඩක් කෙටි කරලා කිව්වේ ඇත්තටම කිව්වොත් අපි සුනාමි එනකොට තරමක් යමක්කමක් ඇතුව හොදට හිටිය අය ඒත් සුනාමියෙන් අපි නැති වෙලාම ගියා පස්සේ ඔළුව උස්ස ගත්තේ හරි අමාරුවෙන්, අම්මත් ටිකක් අසනීප උනා හිතේ අමාරුවට

    කතාවක් තියෙනවා සුනාමියෙන් ඇති මිනිස්සු නැති උනා නැති මිනිස්සු ඇති වුනා කියලා (ඒ කිව්වේ තරමක් හොදට යමක් කමක් ඇතුව හිටිය අය අන්තෙටම වැටුනා නැතුව හිටිය අය ගොඩ ගියා කියන එක) ඒ කතාවේ ඇත්තක් තියෙනවා මගේ අත්දැකීම් එක්ක

    එල හොදම විස්තරයක් දාලා තියෙනවා... තවඅහන්න දෙයක් තියෙනවා.. දැන් ඉන්නෙත් මුහුද අයිනේම කිව්වා නේ... දැනුත් අවුරුදු පතා වතුර දානවා නේ ගොඩට.... මේ ලගදිත් උනා නේ..වාරකන් කලෙට ද එක වෙන්නේ (මම දන්නේ නෑ) ? ගාලු පාරට වැලි එහෙම ගොඩ දාන්නේ... රෑට ඒ දවස් වලට ලොකු සද්දක් ඇහෙනවා ඇති නේ මුහුදෙන්.. සුනාමි රැල්ල දැක දැක දුවපු එකෙක් විදියට උබට හිතේ නිදහසෙන් නින්ද යනවද බන් ඒ දවස් වලට? මොකද මම දැකලා තියෙනවා සමහර තැන්වල එක ගෙයක් තමයි තියෙන්නේ මීටර් ගානක් යනකන්... මොකෙක් වත් නෑ.... එක පේලියට ගෙවල් තියෙන තැනක් නම් මොකෙක් හරි ඉන්නවා නේ මොකක් හරි උනොත්...
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ගාලු පාරට වැලි එහෙම ගොඩ දාන්නේ... රෑට ඒ දවස් වලට ලොකු සද්දක් ඇහෙනවා ඇති නේ මුහුදෙන්.. සුනාමි රැල්ල දැක දැක දුවපු එකෙක් විදියට උබට හිතේ නිදහසෙන් නින්ද යනවද බන් ඒ දවස් වලට?
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්.. වැල්ලේ කොල්ලෝන්ට උත්තරයක් දෙන්ට ඇහැකි නම් වටිනවා :unsure:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    මම නං සුනාමි එන පැත්තකවත් නෙමෙයි දෙනියායෙ හිටියෙ ඒ කාලෙ
    මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ (මට මතක විදියට රිසල්ට් එන්න කලින්)

    පෝය දවසෙ අපේ ගෙදර කවුරු හරි ඇවිත් අපිත් ටීවි එකවත් දැම්මෙ නැතුව හිටියෙ කාට හරි කෝල් එකක් ඇවිත් මුහුද ගොඩ ගලනවා කියලා නිකමට ටීවි එක දැම්මෙ
    මුලින් නිකන් පොඩි පොඩි වතුර පාරවල් පෙන්නුවෙ
    පස්සෙ ටික ටික මිනිස්සු බයවෙලා දුවන ඒව පෙන්නුවා
    පස්සෙ එහෙ මෙහෙ එක්කෙනා දෙන්නා මැරිලා කියලා පෙන්නුවා
    අපිට ෆුල් ස්කේල් එක ගැන සම්පූර්න අයිඩියා එක එනකොට දවස් එක හමාරක් දෙකක් ගිහින්