සුනාමි බස් ගැන නොදන්නා ඔබට

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    සුනාමි බස් ගැන නොදන්නා ඔබට


    Mitsubishi Aero Star City Bus


    ISUZU U-LV324K City Bus


    Hino HT City Bus


    ISUZU Cubic City Bus


    2004 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු සුනාමි බස් රථ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විවිධාකාරයෙන් ශ්‍රී ලංගම ට චෝදනා එල්ල කරමින් සිටී. එම අනවබෝධය නැති කිරීම පිණිස මෙම පසු සටහන තැබීමට තීරණය කළෙමු. සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. Hino, ISUZU, MITSUBISHI, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක.

    2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු විනි. එය සැලකිල්ලට ගත් ජපන් රජය, ජපානයේ භාවිතා කර ඉවත් කිරීමට තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත.




    ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය (TOEI -Transportation Bureau of the Tokyo Metropolitan Government) යටතේ ධාවනය වූ මිට්සුබිෂි එයිරෝස්ටාර් (Mitsubishi Fuso Aero Star) වර්ගයේ බස් රථයක් 2001 වසරේ ආර්. ජේ. ෂින්ජුකු බස් නැවතුමේ දී.


    මෙම සුනාමි බස් රථ ලංගමට ලබා දෙන විට ඒවායේ වායු සමන පද්ධති බොහොමයක් අක්‍රීයය. වායු සමන අක්‍රිය වුවද මෙම රථයක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය ලීටරයට කි. මි. 1.5 ක තරම් අගයක් විය (සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක එය ලීටරයට කි. මි. 4.7 තරම් වේ). එහෙයින් මේවා සාමන්‍ය ගාස්තු යටතේ ධාවනය කරවීම අතිශය ගැටළුකාරී විය. අමතර කොටස් ද මිලෙන් ඉතා අධික වන අතර මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟය. මෙම ගැටළු නිසා මේවා ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් කිරීමට ලංගමට සිදුවිය.

    විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. වායු අවලම්බන පද්ධතියකින් (Air suspension), අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor bus) මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය. මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.



    හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ


    කටුනායක ඇවරිවත්ත බස් නැවතුමේ සිට ගුවන් තොටුපොළ පරිශ්‍රය දක්වා විශේෂ සේවාව සඳහා යොදාගත් Hino HT වර්ගයේ බස් රථ. මෙම සේවාව ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය (GRMU) මගින් පාළනය සිදු කෙරිණි



    A Hino HT City bus with Airport & Aviation Services


    A Hino HT City bus with Airport & Aviation Services


    සුනාමි බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමේදී කුරුණෑගල දකුණ ඩිපෝව විශේෂයෙන් කැපී පෙනේ. වෙනත් ඩිපෝ මහින් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථ රැසකට කුරුණෑගල දකුණ ඉංජිනේරු අංශය විසින් යලි පණ ලබා දී තිබේ. වායුසමනය කල සුඛෝපබෝගී බස් රථ මෙන්ම වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට යලි ජවය ලබා දුන් බස් රථ ද ඒ අතර වේ.

    කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන අලුත්වැඩියා කල Hino HT බස් රථයක්. මෙම රථය වර්තමානයේ අධිවේගී මාර්ගයන් හි සුඛෝපබෝගී සේවා සඳහා යොදා ගැනේ.





    කුරුණෑගල දකුණ ඩිපෝව යටත් ධාවනය වන Hino HT බස් රථ 2ක්.



    කුරුණෑගල දකුණ ඩිපෝව මගින්, අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ Hino HT වරගයේ බස් රථයක්.


    කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ISUZU MT111 එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ ISUZU U-LV324K වර්ගයේ බස් රථයක්.

    ඉස්සුවේ මෙතනින්
    sltbbus.blogspot.com
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය බස් නම් හිටගෙන යන්න තමයි බන් හොඳ.....!!!:yes: සීට්ස් අඩුයි!!! ඒත් අහුවෙන අහුවෙන තැන බෙල් නම් හයි කරලා තියෙනවා!!!!!!!!:rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය බස් නම් හිටගෙන යන්න තමයි බන් හොඳ.....!!!:yes: සීට්ස් අඩුයි!!! ඒත් අහුවෙන අහුවෙන තැන බෙල් නම් හයි කරලා තියෙනවා!!!!!!!!:rofl::rofl:


    එඋනට ගොඩක් සැප පහසුයි බන්. ලේලන්ඩ් කටු වගේ නොවෙයි.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    එඋනට ගොඩක් සැප පහසුයි බන්. ලේලන්ඩ් කටු වගේ නොවෙයි.
    ඒක නම් ඇත්ත තමයි!!:yes: සැප කාර් එකක යනවා වගේ සනීපෙට යන්න පුලුවන්!!!!!:cool:
    (ඕවල ටිකට් මැෂින් තිබුණද දන්නෑ):confused:

     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මචං ..උබේ පොස්ට් එක හොදයි ..
    නමුත් මචං උබට පේනවා නේද එළකිරි එකේ අද තත්වේ... මේ වගේ පොස්ට් එකක් දැක්කහම බම්ප් එකක්වත් දාන්න එකෙක් නෑ ..නිකන්ම බලල විතරයි
    ...අසහන පොස්ට් එකක් දාපන්..වැල නොකැඩි ඒවි
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    සැප පහසුවට යන්න පුළුවන් බස්.තෙල් අඩුවෙන් වැඩ කරන නිසාත් නඩත්තු වියදම් අධික නිසාත් තමයි දැන් මේ බස් පේන්න නැත්තේ.
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මචං ..උබේ පොස්ට් එක හොදයි ..
    නමුත් මචං උබට පේනවා නේද එළකිරි එකේ අද තත්වේ... මේ වගේ පොස්ට් එකක් දැක්කහම බම්ප් එකක්වත් දාන්න එකෙක් නෑ ..නිකන්ම බලල විතරයි
    ...අසහන පොස්ට් එකක් දාපන්..වැල නොකැඩි ඒවි

    ඇත්ත කතාව මචන්. අසහන පොස්ට් එකකට නං වැල නොකැඩි ඒවි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොනවා උනත් පට්ට සැප බස් ඕවා..ඉන්දන වැඩිපුර දහනය,අමතරකොටස් වල ප්‍රශ්නය නිසා තමයි ඕවා කෙලවිලා තියෙන්නේ....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    ඕවාගේ ඉස්සර නම් ගිහින් තියෙනවා දැන් නම් පාරක්වත් යනවා පෙන්නේ නැහැ ඕවා