<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සස්ලිට් .......මල්ලියේ
    ඔබේ හැම ......කවියේ
    සිටිනා ......යව්වනයේ
    කවියෙක් සැගව සිටියේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එස් එල් සහෝදරයා කිවු ඒ විලසින්
    මුල් කවියයි මා පබදින්නේ මෙලෙසින්
    කවි මඩුව නම් වූ මේ දැනුමේ පලසින්
    වෑහෙනවා අමරස කාගෙත් මනසින්

    අම්මපා ....මරූ
    හරිම ...විසිතුරූ
    රීතිය කර ..ගරූ
    ලිව් කව හරි සරූ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිය උරුමයයි ඔබ ඔය ගෙනවිත් ඇත්තේ
    එය රැකගැනීමයි ඔබ සිදු කල යුත්තේ
    කවි මඩුවත් පිටුවහලක් වෙනු ඇත්තේ
    නිරන්තරෙන් ඔබ රැදෙන්න මේ පැත්තේ

    එනවා! එනවා!! ලද හැම විට කදී .....මෙහේ
    මේ ත්‍රෙඩ දමා මට යන්නට හැකිද.... කොහේ
    කවි රස විදිනවා එක්වී කොල්ලන්ගෙ... රැහේ
    එනමුත් අකලටද මගෙ කෙස් ගස් ටිකද .පැහේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අප්පච්චීගෙනුයි හරියට මේය අහ.. ගත්තේ
    විදුහල්පති කෙනෙකි ඔහු කදුරට ..පැත්තේ
    හෙලදිව පත්තරේටත් කවි ලියලා .ඇත්තේ
    දැන්නම් ඔහුට ලියනට කාලය ...නැත්තේ

    පිය උරුමයෙන් කවිකම ඔබ ඇත......ලබලා
    රැගෙන යනව එය පිය ගෞරවෙ.......රැකලා
    මෙවැනි පුතෙකු දුන්නට රටටම........හදලා
    නමදිමි ඔබෙ පියා මම දන බිම........තියලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රීතිය දැන ගත් පසු මම හරි ලෙසට
    ඇය හට කවි නොලියන්නේ කොයි ලෙසට
    මැනික තිබුනෙ සැගවීලයි යට පසට
    මතු කොට තැබුවයි කවි මඩුවේ හිසට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිය උරුමයෙන් කවිකම ඔබ ඇත......ලබලා
    රැගෙන යනව එය පිය ගෞරවෙ.......රැකලා
    මෙවැනි පුතෙකු දුන්නට රටටම........හදලා
    නමදිමි ඔබෙ පියා මම දන බිම........තියලා

    මෙවැනි වදන් කවියෙන් ඔබ..... කීවාට
    දෝතින් වදිමි ඔබෙ ගුණවත් ......කමට
    නිහතමානි කම ඉතිරී යයි .........පිටට
    මෙවැනි පුතෙකු ලදෙ ඔබෙ මව්පිය පිනට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සවසට පායන සද කුමරී නොවෙදෝ
    අලුයම තණ අග රැදි පිනි බිදුවක් නොවෙදෝ
    ඇගෙ කවි වැල් රන් මල් මාලා නො
    වෙදෝ
    සියල් සපිරි ඈ මාහට හිමිවේදෝ
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ආලය විරහවත් ගැබ්වුණු කවි පමණක්..........
    මා ළය පිරී ඇත සොයනෙමි නිති නිවනක්.....
    ජාලය පිරෙන්නට එළකිරි සති ගණනක්........
    කාලය එළඹ ඇත අරඹමු කවි සටනක්...........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙවැනි වදන් කවියෙන් ඔබ..... කීවාට
    දෝතින් වදිමි ඔබෙ ගුණවත් ......කමට
    නිහතමානි කම ඉතිරී යයි .........පිටට
    මෙවැනි පුතෙකු ලදෙ ඔබෙ මව්පිය පිනට

    අයියා පෙර ලියූ කවියක්..................හමුවූවා
    කොහොමද වැඩ මගේ එය මම.........ගැලවූවා
    කවිමඩුවේ කවියන් මට...................සිහිවූවා
    එනිසා ඒ කවිය මෙහි මම................එල්වූවා


    Elakiri Kavi Maduwa - 01-28-2009, 10:59 AM--- පිස්සුකොරබන් ශ්‍රී බෝයි අයිය තනියම එලකිරියේ කවි ගේම් ඇදල තියෙනවා.. 2009 ඉදලා...
    14553054lb7.png
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රීතිය දැන ගත් පසු මම හරි ලෙසට
    ඇය හට කවි නොලියන්නේ කොයි ලෙසට
    මැනික තිබුනෙ සැගවීලයි යට පසට
    මතු කොට තැබුවයි කවි මඩුවේ හිසට

    හැම මැණිකක්ම ඇත්තේ පස් යට .....හැගවී
    ගොඩ ගත යුතුය මේ ලෙස අප හැම ...එක්වී
    බැරි -හැකි සැවොම මේ කවි මඩුවට රොක්වී
    කවි කිවිදියන් තනනෙමු! එන ලෙස ...ඔපවී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියා පෙර ලියූ කවියක්..................හමුවූවා
    කොහොමද වැඩ මගේ එය මම.........ගැලවූවා
    කවිමඩුවේ කවියන් මට...................සිහිවූවා
    එනිසා ඒ කවිය මෙහි මම................එල්වූවා


    Elakiri Kavi Maduwa - 01-28-2009, 10:59 AM--- පිස්සුකොරබන් ශ්‍රී බෝයි අයිය තනියම එලකිරියේ කවි ගේම් ඇදල තියෙනවා.. 2009 ඉදලා...
    14553054lb7.png

    අම්මපා මටත් මේ කවිය මතක .නැත
    කොහෙන් නමුත් සස්ලිට්ට හමු වී ඇත
    ඒදා සිටම තිබුණ මගෙ කවි ......සිත
    හිරි ඇරියෙ පැන්තර්ගෙ ත්‍රෙඩ් එක මත

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිසි තැන දෙන්න යයි බොරුවට කෑ............ගහන
    කියපන් මලේ කොහෙදෝ ඔය කියන...........තැන
    කෙල්ලන් හට මෙහෙත් තියෙනව උඩම.........තැන
    උඹ කට වහගනින් කෙල්ලන් හට.............කහින


    කොල්ලො මේව ජෝක් ඈ.....


    ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
    කිමද කියා පවසන්නට මම දන්නේ
    සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
    ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ :rofl:


    (අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආලය විරහවත් ගැබ්වුණු කවි පමණක්..........
    මා ළය පිරී ඇත සොයනෙමි නිති නිවනක්.....
    ජාලය පිරෙන්නට එළකිරි සති ගණනක්........
    කාලය එළඹ ඇත අරඹමු කවි සටනක්...........

    ආලය විරහවත් හැම හට .......හිමිය
    නිවනක් ලදොත් නම් කාටත් .සොමිය
    මේ ත්‍රෙඩ් එකත් පැන්නේ මාරම පිමිය
    අපි බිද හරින්නේ කවියන්ගේ ..බැමිය

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
    කිමද කියා පවසන්නට මම දන්නේ
    සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
    ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ :rofl:


    (අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )
    සීනි කැටේ වෙත ඇඹලයෝ ඇදෙන ලෙස
    කවියෝ ඇදෙයි අපෙ කවි මඩුවට මෙලෙස
    ලෝක ධර්මේ වෙනස්කරනුයේ කෙලෙස
    දැනගත යුතුය දේසෙට වාසේ කෙලෙස
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
    කිමද කියා පවසන්නට මම දන්නේ
    සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
    ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ :rofl:


    (අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )


    ඈඹලුන් වැටෙන්නේ පැණි හැළිය ඇති ..විට
    වව්ලන් වහන්නේ කවදත් පළ ඇති ...රුකට
    කොල්ලන් ඇදෙන්නේ කෙල්ලන්ගෙ පැත්තට
    උක් දඩු තියෙන්නේ හපනටද දත් නැති ...විට
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ග්‍රවුන්ඩ් එකෙන් අරගත්තොත් පනහෙ ටිකට්..........
    දැනෙන එකක් නෑ වැඩිපුර ඔබගෙ පොකට්..........
    සැවොම එකාමෙන් නැගිටල නොදා බකට්.........
    මොකද කතා කෙරුවෝතින් ටොපික් ක්‍රිකට්......
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මා හදවත ගැහෙනා රාවෙ දැඩ්වේ
    ආලය නම් යායම අනේ දැන් හැඩිවේ
    හැගුම් දැනුම් නම් පුෂ්පය දැන් පොඩිවේ
    සිතේ දුකේ ප්‍රවේගත් දැන් වැඩිවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    Originally Posted by Malinga

    ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
    කිමද කියා පවසන්නට මම දන්නේ
    සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
    ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ :rofl:


    sriboysl
    ඈඹලුන් වැටෙන්නේ පැණි හැළිය ඇති ..විට
    වව්ලන් වහන්නේ කවදත් පළ ඇති ...රුකට
    කොල්ලන් ඇදෙන්නේ කෙල්ලන්ගෙ පැත්තට
    උක් දඩු තියෙන්නේ හපනටද දත් නැති ...විට

    පැණි ඇති විටදි හැලිට ගොස් ......පැනපල්ලා
    පළ ඇති රුකේ ගෙඩි ඇති තෙක් ....කාපල්ලා
    කොල්ලනි කෙල්ලො හා පෙම්දම් ගොතපල්ලා
    දත් නැති එවුන් උක්දඩු ගිනි .......තැපපල්ලා
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    :no:


    පිස්සු හුටන් ඇඹලයා මේ දැන් ආවා
    කෝ සීනී කෝ සීනී ඌ හෙව්වා
    මාලු නැති වැවට දැල් නොදපන් හිතුවා
    කවියත් සාක්කුවෙ දාගෙන ඌ දිව්වා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සතුට නැමැති පුෂ්පය විකසිත වීලා
    දවසක් නොගියත් එය ඇත පර වීලා
    විරහවේ රසයන් මා වෙත ඈ දීලා
    මෙහි නාවට අන් මඩුවක කවි දාලා