එස් එල් සහෝදරයා කිවු ඒ විලසින්
මුල් කවියයි මා පබදින්නේ මෙලෙසින්
කවි මඩුව නම් වූ මේ දැනුමේ පලසින්
වෑහෙනවා අමරස කාගෙත් මනසින්
පිය උරුමයයි ඔබ ඔය ගෙනවිත් ඇත්තේ
එය රැකගැනීමයි ඔබ සිදු කල යුත්තේ
කවි මඩුවත් පිටුවහලක් වෙනු ඇත්තේ
නිරන්තරෙන් ඔබ රැදෙන්න මේ පැත්තේ
අප්පච්චීගෙනුයි හරියට මේය අහ.. ගත්තේ
විදුහල්පති කෙනෙකි ඔහු කදුරට ..පැත්තේ
හෙලදිව පත්තරේටත් කවි ලියලා .ඇත්තේ
දැන්නම් ඔහුට ලියනට කාලය ...නැත්තේ
පිය උරුමයෙන් කවිකම ඔබ ඇත......ලබලා
රැගෙන යනව එය පිය ගෞරවෙ.......රැකලා
මෙවැනි පුතෙකු දුන්නට රටටම........හදලා
නමදිමි ඔබෙ පියා මම දන බිම........තියලා
මෙවැනි වදන් කවියෙන් ඔබ..... කීවාට
දෝතින් වදිමි ඔබෙ ගුණවත් ......කමට
නිහතමානි කම ඉතිරී යයි .........පිටට
මෙවැනි පුතෙකු ලදෙ ඔබෙ මව්පිය පිනට
රීතිය දැන ගත් පසු මම හරි ලෙසට
ඇය හට කවි නොලියන්නේ කොයි ලෙසට
මැනික තිබුනෙ සැගවීලයි යට පසට
මතු කොට තැබුවයි කවි මඩුවේ හිසට
අයියා පෙර ලියූ කවියක්..................හමුවූවා
කොහොමද වැඩ මගේ එය මම.........ගැලවූවා
කවිමඩුවේ කවියන් මට...................සිහිවූවා
එනිසා ඒ කවිය මෙහි මම................එල්වූවා
Elakiri Kavi Maduwa - 01-28-2009, 10:59 AM--- පිස්සුකොරබන් ශ්රී බෝයි අයිය තනියම එලකිරියේ කවි ගේම් ඇදල තියෙනවා.. 2009 ඉදලා...
![]()
නිසි තැන දෙන්න යයි බොරුවට කෑ............ගහන
කියපන් මලේ කොහෙදෝ ඔය කියන...........තැන
කෙල්ලන් හට මෙහෙත් තියෙනව උඩම.........තැන
උඹ කට වහගනින් කෙල්ලන් හට.............කහින
කොල්ලො මේව ජෝක් ඈ.....

ආලය විරහවත් ගැබ්වුණු කවි පමණක්..........
මා ළය පිරී ඇත සොයනෙමි නිති නිවනක්.....
ජාලය පිරෙන්නට එළකිරි සති ගණනක්........
කාලය එළඹ ඇත අරඹමු කවි සටනක්...........
සීනි කැටේ වෙත ඇඹලයෝ ඇදෙන ලෙස
ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
කිමද කියා පවසන්නට මම දන්නේ
සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ
(අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )
ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ
කිමද කියා පවසන්නට මම දන්නේ
සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ
ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ
(අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )
