සුසීමා ටෙලි නාට්‍යය...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න තවත් පරණ සුපිරි ටෙලි නාට්‍යයක් "සුසීමා". ලංකාවේ පළමුවෙනි ටෙලිනට්‍ය නිර්මාණවල ස්වර්ණමය යුගයේ නිර්මාණය උණු ලස්සන නිර්මාණයක්. ඒ කාලේ මිනිස්සුන්ගේ හිත් දිනාගත් ඉතාමත්ම ප්‍රසිද්ද නාට්‍යයක් මේ.. මේ ටෙලියේ අති ජන්ප්‍රිය උ සංගීතය නිර්මාණය කරේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින්.
    අනිවාර්යෙන් බලන්න ලස්සනම ලස්සන කතාවක්..

    පහල උපුටගනිම www.throwbackceylon.com
    චිත්‍ර කතා පුවත්පත්, 90 දශකය මුල් භාගයේ මෙරට ඉතා ජනප්‍රියව පැවතුනේය.ඒ අතරන් ජනක රත්නායක විසින් නිර්මාණය කල සුසීමා, අදටත් ජනප්‍රිය, මතක සිටින ටෙලිනාට්‍යකට නැගුවේ රොහාන් වැලිවිට විසින්ය.
    ශ්‍රි ලාංකාවේ මුල්ම සංගීතමය ටෙලිනාට්‍ය වන්නේ 80 දශකය අග භාගයේ විකාශය කෙරුනු රේඛා ටෙලිනාට්‍යයයි.නමුත් සංගීතමය ටෙලිනාට්‍යක් පිළිබද මතකය ආවර්ජනය කිරිමේදි අපට නිතැතින්ම මතකයට නැගෙනුයේ සුසීමා ටෙලිනාට්‍යයයි.
    ආදරය, මත්ද්‍රව‍ය ජාවාරමක් හා සංගීතය බැදුනු කතාවක් මේ තුළින් දිවයයි.ප්‍රේක්ෂක ආදරයට නොමදව ලක්වූ මෙය පසුකාලීනව සිනමාවට නැගුනද එය එතරම් ජනප්‍රිය වූයේ නැත.
    ජැක්සන් ඇන්තනි, පාලිත පෙරේරා, ග්‍රැන්විල් රෝදරිගෝ, මැණික් කුරුකුලසූරිය ආදී ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක විය.
    සුසීමා පිළිබද මතකය සදාකල් කරවන්නට සමත් වූ ක්ලැරැන්ස් විජේවර්ධන නම්වූ අසහාය සංගීතවේදියාගේ සංගීතයෙන් ඔපවත් වූ මිහිරි ගීත මෙහිදි මතක් කල යුතුවම ඇත.දෑස පියාගත් කල මට, සිතේ සුසුම් නිවනා ගායනා, රෑ තාරකාවෝ, තටු සලා යන්න නම් ආකාශයේ වැනි අදටද එකලෙස ජනප්‍රිය ගීත මෙහි ඇතුලත් විය.
























    සුසීමා නාට්‍යයේ අති ජනප්‍රිය සින්දු...


    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව..





    රෑ තාරකාවෝ,





    සිතේ සුසුම්...






    තටු සලා යන්න නම්.....
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දාපු හොදෙයි සුපිරි කියපු හැම නට්ටියක්ම බලපන් පුළුවන් හරිම ලස්සනයි ඒවා...
    බලන්න ඕනේ මචන් තෑන්ක්ස්

    බලන්න ඕනේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ක්ලැරන්ස් විජේවර්ධනගෙ මියුසික් නම් සුපිරි. තව පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් රගපාපු නිදිකුම්බා මල් කියලා ටෙලිනාට්‍යයක් ගියා ඒකත් සෑහෙන ප්‍රසිද්ධ වුණා ඒකාලේ. ඒ ටෙලිනාට්‍යයට ක්ලැරන්ස් විජේවර්ධන සින්දුවක් කලා ඈත එපිට හිම කන්දෙන් කියලා ඒ සින්දුවත් මාර ලස්සනයි.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ක්ලැරන්ස් විජේවර්ධනගෙ මියුසික් නම් සුපිරි. තව පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් රගපාපු නිදිකුම්බා මල් කියලා ටෙලිනාට්‍යයක් ගියා ඒකත් සෑහෙන ප්‍රසිද්ධ වුණා ඒකාලේ. ඒ ටෙලිනාට්‍යයට ක්ලැරන්ස් විජේවර්ධන සින්දුවක් කලා ඈත එපිට හිම කන්දෙන් කියලා ඒ සින්දුවත් මාර ලස්සනයි.
    dukayi ban end eka
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි ඉස්කෝලෙ යන කාලෙ බැලුවේ..
    ඊට පස්සෙ යූටියුබ් තිබිලා ඩවුන්ලෝඩ් කරලා දැනුත් ලැප් එකේ තියෙනවා..
    ඒවා නම් සුන්දර අතීත සහෝ..
    මලත් ආදරෙයි.. යන්න තියෙ නම් ඒ අතීතෙට..