සෝම් සටනේ කාලතුවක්කු ප්‍රහාරය
පළමු ලෝක යුද්ධයේ දරුණුම සටන වූ සෝම් සටන ගැන මීට පෙර සංක්ෂිප්ත විස්තරයක් ගෙන එන ලදි.මෙම සටන ඇරඹෙන්නේ බ්‍රිතාන්‍යය හමුදා විසින් ජර්මන් පෙරමුණ වෙත දියත් කල මහා පරිමාණ කාලතුවක්කු ප්‍රහාරයක් සමගයි.මෙම දැවැන්ත ප්‍රහාරය ඇරඹෙන්නේ 1916 ජූනි මස 24 දාය.ප්‍රහාරය දින හතරක් තිස්සේ සිදුකල අතර එය අවසානයේදී බ්‍රිතාන්‍යයන් ජර්මන් ඉදිරි පෙරමුණ දෙසට පාබල සේනාංක පිටත් කර හරින ලදි.
ජර්මානුවන්ගේ යාර 25,000ක පමණ ඉදිරි පෙළක් විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ කාලතුවක්කු අවි 1000ක පමණ සංඛ්‍යාවක ඉලක්කය බවට පත්විය.අගල් මෝටාර් අවිවල සිට අඟල් 15 කාලතුවක්කු දක්වා මෙම දැවැන්ත ප්‍රහාරය සඳහා භාවිතා කරන ලදි.බ්‍රිතාන්‍යය 4වන හමුදාවේ ජෙනරල් හෙන් රි රොලින්සන් මෙසේ කියා තිබිණි"මෙම කාලතුවක්කු ප්‍රහාරය හමුවේ එම භූමියේ කිසිදු දෙයක් ඉතිරි නොවේවි".
මීට පෙර බ්‍රිතාන්‍ය හමුදාව දියත් කල විශාලතම කාලතුවක්කු ප්‍රහාරය වාර්තා වූයේ පළමු ලෝක යුද්ධයේ ලූස් සටනේදීය(1915 සැප්.25 - 1915 ඔක්.8).එහිදී ඔවුන් කාලතුවක්කු 484ක් යොදාගෙන ජර්මන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් සෝම් සටනේදී දියත් කල කාලතුවක්කු ප්‍රහාරය දැවැන්ත මෙන්ම සාපේක්ෂව වැඩි කාලයක් පැවති එකකි.එසේම එම ප්‍රහාරය දියත් කලේ විශාල සතුරු පෙරමුණකට එරෙහිවයි.මෙම දැවැන්ත ප්‍රහාරයේදී දිනකට උණ්ඩ 3000ක් පමණ පරිදි උණ්ඩ මිලියන 1.5ක් පමණ යොදාගෙන තිබේ.
ප්‍රහාරය සඳහා භාවිතා කල උණ්ඩවලින් බහුතරයක් shrapnel shell වර්ගයේ ඒවා වූවා මිස අධි බලැති පුපුරණද්‍රව්‍ය අඩංගු උණ්ඩ නොවීය.shrapnel shell උණ්ඩ යොදාගෙන්නේ සටන් භූමියේ සිටින සෙබලුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට මිස දැවැන්ත විනාශ ඇති කිරීමට නොවේ.shrapnel shell උණ්ඩයක් නිර්මාණය කර තිබෙන අයුරු අධ්‍යයනය කල හොත් ඔබට ඒ බව හොඳින් පෙනී යාවි.නමුත් shrapnel shell උණ්ඩ යොදාගෙන ජර්මන් අගල් ඔවුන්ගේ අනෙකුත් දෑ විනාශ කිරීම කල නොහැක්කක් විය.බ්‍රිතාන්‍යයන්ගේ මහා පරිමාණ කාලතුවක්කු ප්‍රහාරය අසාර්ථක වීමට තවත් හේතුවක් වූයේ සමහර උණ්ඩ පිපිරී නොයෑමයි.ලූස් සටනේ මෙන් නොව ඊට පෙර වසරේ ලැබුණු අත්දැකීම් නිසා ජර්මානුවන් කාලතුවක්කු ප්රහාරවලදී සිය හමුදාවලට වන හානිය අවම වන සේ අගල් ඉතා ගැඹුරට තනා තිබිණි.
දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍යයේ Royal Flying Corps (RFC) නම් ඒකකය යොදාගෙන කාලතුවක්කු ප්‍රහාරයට ලක්වූ සතුරු භූමියට සිදුව තිබෙන විනාශය,ඔවුන්ගේ අගල් ආදියේ ඡායාරූප ගුවනින් ලබාගැනීමට සැලසුම් කර තිබුණ ඇදහැලුනු දැඩි වර්ෂාව නිසා එම කාර්යය සිදුනොවීය.ඉන්පසු මිත්‍ර හමුදා ගොඩබිම් ප්‍රහාරය ජූලි 1දා තෙක් කල්දමා තවත් දින දෙකක් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.මෙම ප්‍රහාරවලින් සතුරු භූමියේ යම් ප්‍රදේශවලට දැඩි හානි සිදුවුවද ,අනෙක් ස්ථානවලට සැලකිය යුතු විනාශයක් අත්වී නොතිබිණි.
ප්‍රහාරය සඳහා යොදාගත් අඟල් 6 කාලතුවක්කු අවියක් මඩ සහිත භූමියක් හරහා අසීරුවෙන් ගෙන යන අයුරු
බ්‍රිතාන්‍ය හමුදා සතුවූ අඟල් 4.5 කාලතුවක්කු අවියක්
Source:historicalfirearms.info
-HarshaLulzSec-

පුපුරා නොගිය උණ්ඩ තවමත් සෝම් සටන පැවති භූමියේ තවමත් තිබේ
ජර්මානුවන්ගේ යාර 25,000ක පමණ ඉදිරි පෙළක් විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ කාලතුවක්කු අවි 1000ක පමණ සංඛ්‍යාවක ඉලක්කය බවට පත්විය.අගල් මෝටාර් අවිවල සිට අඟල් 15 කාලතුවක්කු දක්වා මෙම දැවැන්ත ප්‍රහාරය සඳහා භාවිතා කරන ලදි.බ්‍රිතාන්‍යය 4වන හමුදාවේ ජෙනරල් හෙන් රි රොලින්සන් මෙසේ කියා තිබිණි"මෙම කාලතුවක්කු ප්‍රහාරය හමුවේ එම භූමියේ කිසිදු දෙයක් ඉතිරි නොවේවි".
සටනේදී භාවිතා කල බ්‍රිතාන්‍යයේ 60 pounder Mk I අවි
මීට පෙර බ්‍රිතාන්‍ය හමුදාව දියත් කල විශාලතම කාලතුවක්කු ප්‍රහාරය වාර්තා වූයේ පළමු ලෝක යුද්ධයේ ලූස් සටනේදීය(1915 සැප්.25 - 1915 ඔක්.8).එහිදී ඔවුන් කාලතුවක්කු 484ක් යොදාගෙන ජර්මන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් සෝම් සටනේදී දියත් කල කාලතුවක්කු ප්‍රහාරය දැවැන්ත මෙන්ම සාපේක්ෂව වැඩි කාලයක් පැවති එකකි.එසේම එම ප්‍රහාරය දියත් කලේ විශාල සතුරු පෙරමුණකට එරෙහිවයි.මෙම දැවැන්ත ප්‍රහාරයේදී දිනකට උණ්ඩ 3000ක් පමණ පරිදි උණ්ඩ මිලියන 1.5ක් පමණ යොදාගෙන තිබේ.
Shrapnel shell වර්ගයේ උණ්ඩයක් පිපිරීමේදී සිදුවන දේ සජීවීකරණයක් ලෙස
ප්‍රහාරය සඳහා භාවිතා කල උණ්ඩවලින් බහුතරයක් shrapnel shell වර්ගයේ ඒවා වූවා මිස අධි බලැති පුපුරණද්‍රව්‍ය අඩංගු උණ්ඩ නොවීය.shrapnel shell උණ්ඩ යොදාගෙන්නේ සටන් භූමියේ සිටින සෙබලුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට මිස දැවැන්ත විනාශ ඇති කිරීමට නොවේ.shrapnel shell උණ්ඩයක් නිර්මාණය කර තිබෙන අයුරු අධ්‍යයනය කල හොත් ඔබට ඒ බව හොඳින් පෙනී යාවි.නමුත් shrapnel shell උණ්ඩ යොදාගෙන ජර්මන් අගල් ඔවුන්ගේ අනෙකුත් දෑ විනාශ කිරීම කල නොහැක්කක් විය.බ්‍රිතාන්‍යයන්ගේ මහා පරිමාණ කාලතුවක්කු ප්‍රහාරය අසාර්ථක වීමට තවත් හේතුවක් වූයේ සමහර උණ්ඩ පිපිරී නොයෑමයි.ලූස් සටනේ මෙන් නොව ඊට පෙර වසරේ ලැබුණු අත්දැකීම් නිසා ජර්මානුවන් කාලතුවක්කු ප්රහාරවලදී සිය හමුදාවලට වන හානිය අවම වන සේ අගල් ඉතා ගැඹුරට තනා තිබිණි.
පළමු ලෝක යුද සමයේ භාවිතා කල බ්‍රිතාන්‍ය 18-pounder කාලතුවක්කුවකට යොදන Shrapnel shell වර්ගයේ උණ්ඩයක දික් කඩක්
දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍යයේ Royal Flying Corps (RFC) නම් ඒකකය යොදාගෙන කාලතුවක්කු ප්‍රහාරයට ලක්වූ සතුරු භූමියට සිදුව තිබෙන විනාශය,ඔවුන්ගේ අගල් ආදියේ ඡායාරූප ගුවනින් ලබාගැනීමට සැලසුම් කර තිබුණ ඇදහැලුනු දැඩි වර්ෂාව නිසා එම කාර්යය සිදුනොවීය.ඉන්පසු මිත්‍ර හමුදා ගොඩබිම් ප්‍රහාරය ජූලි 1දා තෙක් කල්දමා තවත් දින දෙකක් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.මෙම ප්‍රහාරවලින් සතුරු භූමියේ යම් ප්‍රදේශවලට දැඩි හානි සිදුවුවද ,අනෙක් ස්ථානවලට සැලකිය යුතු විනාශයක් අත්වී නොතිබිණි.
පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ Royal Flying Corps ඒකකයේ විමර්ශන යානයක්
කාලතුවක්කු ප්‍රහාරයට අදාල ඡායාරූප කිහිපයක්
ප්‍රහාරය සඳහා යොදාගත් අඟල් 6 කාලතුවක්කු අවියක් මඩ සහිත භූමියක් හරහා අසීරුවෙන් ගෙන යන අයුරු
බ්‍රිතාන්‍ය හමුදා සතුවූ අඟල් 4.5 කාලතුවක්කු අවියක්
බ්‍රිතාන්‍ය සෙබලුන් අඟල් 2 අගල් මෝටාර් ගොඩක් මැද
ප්‍රහාරය සඳහා යොදාගත් අඟල් 8 Mk V කාලතුවක්කුවක්
බ්‍රිතාන්‍යයේ 18 pounder අවියක්
අඟල් 9.2 කාලතුවක්කු අවි සඳහා යොදාගන්නා උණ්ඩ
ප්‍රහාරය සඳහා යොදාගත් උණ්ඩවල කොපු
ප්‍රහාරය සඳහා යොදාගත් උණ්ඩවල කොපු
Source:historicalfirearms.info
-HarshaLulzSec-
Last edited: