මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,
උදා - chicken breast, tuna (කෙලවල්ලා), මාලු (විශේෂයෙන්ම සුදු මස් තියෙන මාලු වල protein ප්‍රතිශතය වැඩියි), බිත්තර, කඩල වගේ
අනික උබ කියල තියෙනව progress එකක් නෑ කියල, gym ගිහින් නිකන් යකඩ ගොඩවල් උස්සල වැඩක් නෑ, muscle grow වෙන්නනම්
1. Exercise
2. Nutrition
3. Sleep
ඔය තුන මූලිකව ඕන වෙනව, ඊට අමතරව තව දේවල් තියෙනව ඕනෙනම් කියන්න
මේ මගේ අත්දැකීම දැම්මෙ, මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්