හිල් තියන ඩස්ට්බින් එකක් ගනින්. ලීකුඩු , පිදුරු වගේ දෙයක් ගෙනත් හොදට තම් බලා නිමුනටපස්සේ කුණුකූඩේට පිලිවෙලකට පුරවපන්. ඒ පුරවන අතර හිල් ආසන්න තැන්වල බිම්මල් බීජ දාපන්. බිම්මල් බීජ කියලා ඇට ජාතියක් නෑ. දහයියා වගේ දෙයක් අරන් ඒවගෙන් හදපු දිලීර ජාතියක් තමයි උබලට කඩේ ගන්න තියෙන්නේ. ඒක ලස්සනට හිල් ළග තියලා වහපන්. ඊට පස්සේ කලු උරේකින් වහලා දවස් 2-3ක් තියද්දි දිලීරේ හැමතැනම පැතිරිලා යනවා. කලුවර තැනක තියෙද්දි වැඩේ ඉක්මන්. ඊට පස්සේ ඩස්බින් එකෙන් එලියට හතු ලස්සනට හැදෙනවා. තොපිට අවශ්‍ය ප්‍රමාණයට හතු ටික කඩාගෙන කන්න පුලුවන්. මේකට වතුර ස්ප්‍රේ කරන්නත් ඕනි. යූටියුබ් එකෙත් මේවා කරන හැට් තියනවා. අපි නම් මේවා ඉගෙන ගත්තේ ඉස්කෝලේ කෘෂිකර්ම පීරියඩ් එකේදී. දැන් ඉස්කෝලවල සිලබස්වලවත් මේවා නැතුව ඇති නේද බන්. ගොඩක් උන් මේවා දන්නෙවත් නෑ. අපි ඒ කාලේ ඉස්කෝලෙදි ජෑම්, සෝස් වගේ ඒවත් හ්දන්න ඉගැන්නුවා. සබන් වගේ දේවලුත් හදන්න ඉගැන්නුවා.උබට ග්‍රෑම් 500ක් නෙමෙයි. ඊටත් වඩා මේකෙන් හ්දාගන්න පුලුවන්. ජීවානුහරණය කරන්න බැරි නම් බිම්මල් පොට් විකුනන්න තියනව. ඒවා ඕඩරයක් දාලා දෙක තුනක් ගෙන්න ගනින්. හැබැයි කුණුකූඩෙන් කරන වැඩේ සාර්ථකයි. මාසයක් දෙකක් ඵලදාව ගන්න පුලුවන්.