හදිසි නීතිය කියන්නෙ මොකක්ද?

හදිසි නීතිය කියන්නෙ මොකක්ද?

හදිසි නීතිය කියන්නෙ මොකක්ද? :oo:

හෙට ඉන්දන් දවස් 10කට හදිසි නීතිය දානවලුනෙ.

කරුණාකර දන්න කෙනෙක් පහැදිළි කරදෙන්න.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හඩිස්සියෙ දාන නිතිය.. එ කිව්වෙ.. ඔන්න රජා යනවා අලියා පිටෙ.. දකිනවා තිසර තනක් වන වන යනවා පාරෙ.. රජා කෙලින්ම අලියා පිටින් බැහලා හදිසි නිතියක් දානවා, අර තිසර තන උගෙ ප්‍රොපටියක් කියලා.
 
neethiya ha samaya surakeema pinisa Saka pita onama kenek warenthu rahithawa aththadanguwata ganeemata bhawitha karana neethiya. Yudde kale daala thibuna mam hithanne

ස්තූතියි!

මොකක්ද මේ හදිසි නීතියකියන්නෙ?


http://www.samabima.com/?p=4020

ස්තූතියි!

හඩිස්සියෙ දාන නිතිය.. එ කිව්වෙ.. ඔන්න රජා යනවා අලියා පිටෙ.. දකිනවා තිසර තනක් වන වන යනවා පාරෙ.. රජා කෙලින්ම අලියා පිටින් බැහලා හදිසි නිතියක් දානවා, අර තිසර තන උගෙ ප්‍රොපටියක් කියලා.

:dull::baffled:
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගොඩේකොල්ලා;22938239 said:
ස්තූතියි!



ස්තූතියි!



:dull::baffled:
ජොක් බන්. මම හිතන්නෙ ඔය උඩ දෙන්නා කියපු එක හරි.
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    dfU17la.png
     

    duleesha

    Junior member
  • Jul 6, 2006
    35
    5
    8
    "A state of emergency is a situation in which a government is empowered to perform actions that it would normally not be permitted. A government can declare such state during a disaster, civil unrest, or armed conflict. Such declaration alerts citizens to change their normal behavior and orders government agencies to implement emergency plans. Justitium is its equivalent in Roman law—a concept in which the senate could put forward a final decree (senatus consultum ultimum) that was not subject to dispute.

    States of emergency can also be used as a rationale or pretext for suspending rights and freedoms guaranteed under a country's constitution or basic law"

    - Wikipedia -
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඕනේ වෙලාවක ප්‍රශ්න කරන්න පුළුවන්, අල්ලන් යන්න පුළුවන්, ඇතුලට දාන්න පුළුවන්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහජන ආරක්ෂණ පනත - හදිසි නීති රෙගුලාසි - වැදගත් කොටස්

    දෙවනි පරිච්ඡේදයේ පස්වැනි වගන්තිය ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ පසුව -

    - පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලතල පැවරීම ( මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවට අමතරව, රාජ්‍ය ආරක්ෂණ යාන්ත්‍රණයේ අනෙක් කොටස් වන ශ්‍රී ලංකා, යුද, ගුවන් සහ නාවුක හමුදාවන්ටද එම බලතල පැවරීම ජනාධිපතිවරයාට සිදු කළ හැක )
    - රාජ්‍ය තුළ පවතින ඕනෑම නිශ්චල හෝ චංචල දේපළක් රජයේ පාලනයට ගැනීම, ඉඩකඩම් හැර අනෙක් සියලු දේපළ රජයේ භාරයට ගැනීම / රාජ සන්තක කර ගැනීම ( මේ දෙකෙහි වෙනසක් ඇත....රජයේ පාලනයට ගැනීම යනු භාවිතා කර යළි ලබා දීම සඳහා විය හැක... උදා: යාන වාහන ආදිය..... රජයේ භාරයට ගැනීම යනු, එම දේපළෙහි අයිතිය රජයට පවරා ගැනීමයි...)

    - සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම

    සිදු කළ හැක....

    7 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීති රෙගුලාසි, පවතින සාමාන්‍ය පොදු නීතියට අබිබවා බල පැවැත්වේ..... ( ඒ කියන්නේ පවතින නීති වල හදිසි නීතියේ රෙගුලාසි වලට පරස්පර විරෝධී, පටහැණි දෙයක් තිබුනොත්, ඒක අබිබවා ක්‍රියාත්මක වෙන්නෙ හදිසි නීතිය )

    8 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීතියේ රෙගුලාසි හෝ, එම රෙගුලාසි මත පනවන කිසිදු ආඥාවක්, දෙන නියෝගයක්, හෝ මඟ පෙන්වීමක්, කිසිදු අධිකරණය ප්‍රශ්ණ කිරීමට භාජනය කළ නොහැක.... විභාග කළ නොහැක....

    9 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීතිය යටතේ, එම රෙගුලාසි වලට අනුකූලව කරනු ලබන කිසිදු ක්‍රියාවකට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩු පැවරීමක්, නඩු විභාගයක්, හෝ අපරාධ විධිවිධාන ක්‍රියාවේ යෙදවීමක් කළ නොහැක.... ( මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ මතය සළකා බැලේ )

    තුන් වෙනි පරිච්ඡේදය - 12 වැනි වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයක පවතින නොසන්සුන් වාතාවරණය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයාට වැටහේ නම්, එම ප්‍රදේශය යාමනයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ( යුද, ගුවන්, නාවික ) කැඳවීමට බලතල තිබේ

    එසේ කැඳවනු ලබන ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට සෝදිසි කිරීමට සහ අත් අඩංගුවට ගැනීමට, මෙකී හදිසි නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට පවරනු ලබන බලතලම පවරනු ලබයි.

    16 වැනි වගන්තිය - සාමය දිගින් දිගටම කඩ වන ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැණවීමේ බලතල ජනාධිපතිවරයාට ඇත්තේය

    17 වැනි වගන්තිය - ජාතික ආරක්ෂාව, සාමය, සහ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ඕනෑම රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවාවක් "අත්‍යාවශ්‍ය" සේවාවක් බවට ප්‍රකාශ කිරීමේ අයිතිය ජනාධිපතිවරයාට පැවරේ......ඒ අනුව එම සේවාවන් පැහැර හරින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති අතර, ඒ සඳහා සිර දඬුවම්ද ඇත.....

    18 වැනි වගන්තිය - 16 සහ 17 වැනි වගන්ති වල සඳහන් රෙගුලාසි කඩ කරන, හෙවත් ඇඳිරි නීතිය කඩ කරන හෝ අත්‍යාවශ්‍ය සේවා පැහැර හරින අයවලුන් වරෙන්තු රහිතව අත් අඩංගුවට ගැනීමේ බලය පොලීසියට පැවරේ....

    Damith kethaka FB
     
    • Like
    Reactions: sika2

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හඩිස්සියෙ දාන නිතිය.. එ කිව්වෙ.. ඔන්න රජා යනවා අලියා පිටෙ.. දකිනවා තිසර තනක් වන වන යනවා පාරෙ.. රජා කෙලින්ම අලියා පිටින් බැහලා හදිසි නිතියක් දානවා, අර තිසර තන උගෙ ප්‍රොපටියක් කියලා.

    38.gif


    අපේ රජානම් ඔය ඉඳල හිටල බ්‍රෙසියර් ටෝකක් වැදෑරුවට තිසරතණ දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැති සරල උත්තමයෙක්,
    පස්වාන් දහසකට බුදු වෙන්න ඕන..