මහජන ආරක්ෂණ පනත - හදිසි නීති රෙගුලාසි - වැදගත් කොටස්
දෙවනි පරිච්ඡේදයේ පස්වැනි වගන්තිය ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ පසුව -
- පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලතල පැවරීම ( මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවට අමතරව, රාජ්‍ය ආරක්ෂණ යාන්ත්‍රණයේ අනෙක් කොටස් වන ශ්‍රී ලංකා, යුද, ගුවන් සහ නාවුක හමුදාවන්ටද එම බලතල පැවරීම ජනාධිපතිවරයාට සිදු කළ හැක )
- රාජ්‍ය තුළ පවතින ඕනෑම නිශ්චල හෝ චංචල දේපළක් රජයේ පාලනයට ගැනීම, ඉඩකඩම් හැර අනෙක් සියලු දේපළ රජයේ භාරයට ගැනීම / රාජ සන්තක කර ගැනීම ( මේ දෙකෙහි වෙනසක් ඇත....රජයේ පාලනයට ගැනීම යනු භාවිතා කර යළි ලබා දීම සඳහා විය හැක... උදා: යාන වාහන ආදිය..... රජයේ භාරයට ගැනීම යනු, එම දේපළෙහි අයිතිය රජයට පවරා ගැනීමයි...)
- සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම
සිදු කළ හැක....
7 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීති රෙගුලාසි, පවතින සාමාන්‍ය පොදු නීතියට අබිබවා බල පැවැත්වේ..... ( ඒ කියන්නේ පවතින නීති වල හදිසි නීතියේ රෙගුලාසි වලට පරස්පර විරෝධී, පටහැණි දෙයක් තිබුනොත්, ඒක අබිබවා ක්‍රියාත්මක වෙන්නෙ හදිසි නීතිය )
8 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීතියේ රෙගුලාසි හෝ, එම රෙගුලාසි මත පනවන කිසිදු ආඥාවක්, දෙන නියෝගයක්, හෝ මඟ පෙන්වීමක්, කිසිදු අධිකරණය ප්‍රශ්ණ කිරීමට භාජනය කළ නොහැක.... විභාග කළ නොහැක....
9 වැනි වගන්තිය ප්‍රකාරව - හදිසි නීතිය යටතේ, එම රෙගුලාසි වලට අනුකූලව කරනු ලබන කිසිදු ක්‍රියාවකට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩු පැවරීමක්, නඩු විභාගයක්, හෝ අපරාධ විධිවිධාන ක්රියාවේ යෙදවීමක් කළ නොහැක.... ( මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ මතය සළකා බැලේ )
තුන් වෙනි පරිච්ඡේදය - 12 වැනි වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයක පවතින නොසන්සුන් වාතාවරණය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයාට වැටහේ නම්, එම ප්‍රදේශය යාමනයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ( යුද, ගුවන්, නාවික ) කැඳවීමට බලතල තිබේ
එසේ කැඳවනු ලබන ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට සෝදිසි කිරීමට සහ අත් අඩංගුවට ගැනීමට, මෙකී හදිසි නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට පවරනු ලබන බලතලම පවරනු ලබයි.
16 වැනි වගන්තිය - සාමය දිගින් දිගටම කඩ වන ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැණවීමේ බලතල ජනාධිපතිවරයාට ඇත්තේය
17 වැනි වගන්තිය - ජාතික ආරක්ෂාව, සාමය, සහ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ඕනෑම රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවාවක් "අත්‍යාවශ්‍ය" සේවාවක් බවට ප්‍රකාශ කිරීමේ අයිතිය ජනාධිපතිවරයාට පැවරේ......ඒ අනුව එම සේවාවන් පැහැර හරින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති අතර, ඒ සඳහා සිර දඬුවම්ද ඇත.....
18 වැනි වගන්තිය - 16 සහ 17 වැනි වගන්ති වල සඳහන් රෙගුලාසි කඩ කරන, හෙවත් ඇඳිරි නීතිය කඩ කරන හෝ අත්‍යාවශ්‍ය සේවා පැහැර හරින අයවලුන් වරෙන්තු රහිතව අත් අඩංගුවට ගැනීමේ බලය පොලීසියට පැවරේ....
Damith kethaka FB