හිතත් මරු තමයි.

hpalpola

Well-known member
  • රූපවාහිනියක දුරස්ථ පාලකය ඔබට ලැබුන විට ඔබ කරන්නේ කුමක් ද? සමහරු නම් තමුන් කැමැති චැනලය ලැබෙන තුරු එය ඔබයි. අකමැති චැනල් ලැබුන විට මාරු කරයි. සමහරක් චැනල්වල පෙන්වන්නේ කුමක්ද කියා විමසිලිමත්වී එය අප්‍රිය නම් වෙනත් චැනලයකට ගමන් කරයි. බහුතරයකගේ සාමාන්‍ය ස්වභාවය එයයි. ඔබත් එසේ විය හැක. මෙසේ හැසිරීමේ කිසිදු දෝෂයක් මා නොකියමි. සාමාන්‍ය පෘථග්ජන හැසිරීම එයයි. කුඩා කාලයේදී මා සිතුවේ ඇස් හෝ කන් නිසා එසේ කරනවා කියා ය. නමුත් පසුව එය එසේ නොවන බව අවබෝධ විනි. කැමැත්ත හෝ අකමැත්ත ඇස් කන් දන්නේ නැත. ඇස් හෝ කන් ඒවාට ලැබෙන අරමුණු හඳුනාගන්නේවත් නැත. ඒවා හඳුනාගන්නේ හිත මුල් වීමෙනි. ඇහැට රූපයක් හෝ කනට ශබ්දයක් ප්‍රිය වන්නේ හිත නිසා ය. ප්‍රිය හෝ අප්‍රිය යන්න විෂය වන්නේ හිතට මිස පංචේන්ද්‍රියට නොවේ. මෙනිසා හිතට ප්‍රිය රූප හොයා එහි ඇලීමටත් අප්‍රිය රූප ලැබෙනා විට ඉන් ඉවත්වීමටත් මාධ්‍යය බවට හිත විසින් ඇහැ පත් කර ගනී. හිතට වෙනත් අරමුණක් ඇති විට මොන රූපය ඇස් ඉදිරිපිට තිබුනත් ඵලක් නැත. මෙය විනෝදජනක අවබෝධයකි. හිතේ ස්වභාවය නම් පුදුමයක් ම ය.
     
    • Love
    Reactions: NRTG