හිතාදර_රනිල්_මාමේ,

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හිතාදර_රනිල්_මාමේ,

    හිතාදර රනිල් මාමේ,

    201403050234.jpg

    උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..
    දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
    එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..
    නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..
    මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..


    ©Chameera Dedduwage
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් තේරෙන විදිහට ප්‍රර්සි සල්ලි දෙන්නෙ රට පාලනය කරන්ඩ නෙමි හැමදම වීපක්ශෙට වෙලා පරදින්ඩ.:P:P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිත සනසව ගනිල්ලා පොනිලා ගැන ඔහොමවත් හිතලා
    පොන්න වෙසිගෙ පුතා පොනිලා:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    'එල්ටීටීඊ ගිණුම්වල කෝටි ගණනක යුරෝ රාජපක්ෂලාට' - මංගල සමරවීර

    එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම, වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා, එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

    යුරෝපා සංගමයේ අධිකරණය විසින් ඊයේ සවස දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ සඳහන් කර ඇත.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා මෙසේ ද පවසා ඇත.

    ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා.

    එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ.

    යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා.

    ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා.

    එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.

    දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා.

    ඒකට ප්‍රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති කම.

    මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා.

    මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද?

    මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්‍යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා.

    එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා.

    ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ.

    මොකද දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ.

    මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රනිල් කියන නම ඇහෙනකොට කුක්කෝ බුරාගෙන එන්නේ...
    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අඩේ රනිල මාරම පොරක්නේ
    කැමරන්, ඇන්ජෙලා, හොලන්දේ මොක්කුද
    රනිලට කියල අපිට ශේන්ගන් විසා එකක් ගන්න බැරිද බං
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,178
    12,171
    113
    Ohio, USA
    උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය..
    රනිල් යුරෝපෙට ගිය එකයි යුරෝපේ කොටි තහනම් කරපු එකටයි ඇති සම්භන්දේ තහනම ඉවත් කරන්න සතියකට කලින් රනිල් යුරෝපේ ගියා කියන එකද?

    පුලුවන්නම් රනිල් නිසා තමයි කොටි තහනම ඉවත් කලේ කියන එක ඔප්පු කරපන්... නිකන් මඩ ගහන්නේ නැතිව...


     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි රනිල්ව යුරෝපා සංගමේ සභාපති හැටියට පත් කරමු. හොඳයි නේද? අනේ මේ සන්ධානේ ගොබිලෝ. කවදා මුන් තණකොළ කන එක නවත්තයිද මන්දා? :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    රනිල් යුරෝපෙට ගිය එකයි යුරෝපේ කොටි තහනම් කරපු එකටයි ඇති සම්භන්දේ තහනම ඉවත් කරන්න සතියකට කලින් රනිල් යුරෝපේ ගියා කියන එකද?

    පුලුවන්නම් රනිල් නිසා තමයි කොටි තහනම ඉවත් කලේ කියන එක ඔප්පු කරපන්... නිකන් මඩ ගහන්නේ නැතිව...



    ඔප්පු කරන්න ඕනා නෑ. ඕක නයිටිඑන් එකේ කියද්දී බත් කන හරක් රනිල කොටියා ද්‍රෝහියා කියා චන්ද පොලට දුවගෙන ගොස් පර්සිට චන්දෙ දමා ගමෙහ් කඩෙන් පුන්නක්කු කිලෝ එකක් අරං එති.

    ඔන්ලයින් ඉන්න උන් දැනුවත් බං. ගමෙහ් අනාතයෝන්ට රනිල් ප්‍රබකරන්ගේ අයියා කිව්වත් පිළිගනී
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිත සනසව ගනිල්ලා පොනිලා ගැන ඔහොමවත් හිතලා
    පොන්න වෙසිගෙ පුතා පොනිලා:rofl:

    Mama kawadawath UNP supporter kenek newe, mage ballawath UNP supporter kenek newe, hebey ekak kiyanna oni, umbata wada nam Ranil ugathek, adu gaane hediyawath thiyanawa, kawru monawa kiwwath, Karuna LTTE eken kedenna Ranil loku game ekak dunna, eeka MR ta yudde ikmanata dinanna hethuwak una. Uge political policies mata wedak ne, hebey politics waladi uu gentleman kenek.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි මතක තියා ගනිල්ලා, රනිල් එහේ දී කොටි ඩයස්පෝරාව එක්ක කරපු නිල නොවන මට්ටමේ සාකච්ඡාවත්, මේ සිද්ධියත් මාකට් කරනව සන්ධානේ මේ පාර රෙවෙන්න ම......
    රනිල් පඩි ගන්නේ මරා ගෙන් ද කියල හිතෙනව වෙලාවකට...මෙහෙම වැඩ කරද්දී...........
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,178
    12,171
    113
    Ohio, USA
    ඔප්පු කරන්න ඕනා නෑ. ඕක නයිටිඑන් එකේ කියද්දී බත් කන හරක් රනිල කොටියා ද්‍රෝහියා කියා චන්ද පොලට දුවගෙන ගොස් පර්සිට චන්දෙ දමා ගමෙහ් කඩෙන් පුන්නක්කු කිලෝ එකක් අරං එති.

    ඔන්ලයින් ඉන්න උන් දැනුවත් බං. ගමෙහ් අනාතයෝන්ට රනිල් ප්‍රබකරන්ගේ අයියා කිව්වත් පිළිගනී


    ඇත්ත කතාව රනිල් යුරෝපා සංගමෙන් ඉල්ලලා කොටි තහනම ඉවත් කරන්න එපා කියලා නමුත් මහින්ද ලන්කාවේ කරපු කුප්ප වැඩ නිසයි අර සජින්වාස් එංගලන්ත පුර වැසියෙකුවන හා දැඩි කිතුනු භක්තිකයෙකුවන තානාපති ක්‍රිස්නෝනිස්ට ගහපු එක වගේ කුනු වැඩ නිසා තමයි රනිල්ටත් යුරෝපේ ගිහිල්ල කොටි තහනම නැතිකරන එක නවත්ත ගන්න බැරි උනේ.

    ආරන්චියක් තියෙනවා මහිදට තරහක් තියෙනවා කියලා රනිල් කොටි තහනම එවත් කරන්න එපා කියලා යුරෝපේ ගිය එකට මොකද එතකොට කේපීගේ කොටි ඩයස්පෝරා සල්ලි රාජපක්ශ උන්ට ගන්න බැරිවෙන නිසා...

    මහින්දය ඒකයි කතාව දැන් කනපිට පෙරලලා රනිල් පිට දාන්න පෝස්ටර් පවා අලවන්නේ...

    මේක තමයි අපි මිනිස්සු අතරට යවන්න ඕන කතාව.