හිතාදර_රනිල්_මාමේ,
©Chameera Dedduwage
හිතාදර රනිල් මාමේ,
උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..
දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..
නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..
මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..