මෙය ජීවිත පරිත්‍යාගයක් මිස සිය දිවි හානිකරගැනීමක් නොවේ.
ඔය මොන කතන්දර දැං කිවුවත් වැඩක් නෑ.
හාමුදුරුනමක් (හෝ ඕනෑම ආගමික නායකයෙක් හෝ ආගම පතුරවන්නෙක්) කියන්නෙ සමාජයට ආදර්ෂමත් පුද්ගලයෙක්. ඒ අය අනුකරණය කරන අනුගමනය කරන පිරිසක් සමාජයේ ජීවත් වෙනවා.
ඒ අනුගාමිකයින්ට මේ දුන්නෙ හොඳ ආදර්ශයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන්ද ඔයාට.
වැරැද්ද වැරැද්ද විදියට දකින්න උත්සාහ කරන්න.
ඒ අය ඒ එ දහමට අනුව යහ මග යැවීම තමා ඔය නායකයන්ගෙ වගකීම.
හැම ආගමක්ම හැදිලා තියෙන්නෙ මානව ශීෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරන්නෙ.
ඒ අතර අපි ශිෂ්ඨ වෙන්න ඕනෙ අපේ ආගම අදහන ගමන් අනික් ආගමික ඇදහිලි වලටත් ගරු කරන්න. එතනයි ඔය ශිෂ්ඨත්වය ඇති වෙන්නෙ. දැං මොකක්ද වෙන්නෙ. මරාගෙන මැරිලා හරි ඒ ඒ අයගෙ මත සමාජ ගත කරන්න නේද මේ සුලු චීවරධාරීන් පිරිසක් උත්සාහ කරන්නෙ.
මේ මතුවේගෙන එන රුල්ලට දේශපාලන පදනමක් නෑ කියන්න ඔයාට පුලුවන්ද? ඔය හාමුදුරුවො හෙල උරුමයෙන් චන්දෙ ඉල්ලපු කෙනෙක්. එහෙවු කෙනෙක්ට හාමුදුරුවො කියන්න මට හැකියාවක් නෑ. ඒ නිසා මම ඒ පුද්ගලයට චීවරධාරියා කියන වචනෙ පාවිච්චි කරන්නෙ.
දැං යන රැල්ල මරාපිය කොටාපිය කියන එකනෙ. එතන ඔය ශිෂ්ඨත්වය වත් කිසි දෙයක් නෑ. අපි මේ යන්නෙ ආයෙත් ගල් යුගයට. බුදු දහමෙ නාමෙන් මේ චීවරධාරීන් බුදුදහම කෙලසන එක අනුමත කරන්න එපා යාලුවා. මේ සමාජවිරෝධී වැඩවලට උඩගෙඩි දෙනන්න එපා මොකද ඕවා තමා අපේ ඉතිහාසය, සංස්කෘතිය විදියට අනාගතේ සිංහල මිනිස්සුන්ට කතාකරන්න ඉතුරු වෙන්නෙ
