හොන්ඩා මෝටර් රථ ඉතිහාසය
හොන්ඩා මෝටර් රථ ඉතිහාසය
හොන්ඩා මෝටර් රථ ඉතිහාස කථාව 1940 මුල්භාගය දක්වා දිවයනවා.1906 දී උපත ලැබූ Soichiro Honda සෑම විටම මෝටර් රථ හා නව සොයා ගැනීම් සහ තාක්ෂණයන් ගැන උනන්දුවක් දැක්වූ ඔහුගේ පළමු රැකියාව ගරාජයක රේස් කාර් සඳහා එන්ජින් සුසර කිරීම වූ අතර පසුකලෙක එයින් ඉවත් වන Soichiro Honda 1937 දී Tokai Seiki ගේ (Eastern Sea Precision Machine Company)සමාගම සමග සම්බන්ධ වී ටොයෝටා මෝටර් රථ සමාගම සඳහා පිස්ටන් රිංනග්ස් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද අතර ඒවායෙහි අඩු නිෂ්පාදනන ගුණාත්මකභාවය හේතුවෙන් Tokai Seiki ගේ සමාගමට එම කොන්ත්‍රාත්තුව අහිමි විය.
1941 දී ඉංජිනේරු පාසලකට ඇතුලත් වන Soichiro Honda එහි අධ්‍යන කටයුතු අවසන් නොකරම ටොයෝටා සමාගමේ තත්වපාලන ක්‍රියාවලිය අවබෝධ කරගැනීම සඳහා ජපානයේ කර්මාන්තශාලා වෙත යන අතර ඉන් වසරකට පසු ටොයෝටා මෝටර් රථ වල තිබෙන ප්රමිතියටම තත්වයටම සමානවම මහා පරිමාණයෙන් පිස්ටන් රිංග්ස් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීමට Sochiro Honda හට හැකි විය.ඒ හේතුව නිසා එම වසරේදීම ටොයෝටා සමාගම විසින් Tokai Seiki සමාගමේ 40% ක කොටස් මිලදී ගන්නා ලදී.වර්ෂ 1942 දී දෙවන ලෝක යුද්ධය සිදු වූ අතර වැඩි කල් යන්න කලින් 1944 දී B-29(එක්සත් ජනපද විසින් අත් කරනු ලැබූ බෝම්බ පිපිරවීමේ)සිද්ධිය හේතුවෙන් Tokai Seiki ගේ නිෂ්පාදන බලාගාරය විනාශ වූ අතර Tokai Seiki සමාගමෙන් තමන් හට ඉතිරි වූ දේ ටොයෝටා සමාගමට යෙන් 450,000 කට අලෙවි කිරීමට තීරණය කළේය.ඒ තමයි Sochiro Honda ටොයෝටා මෝටර් රථ සඳහා අමතර කොටස් සැපයීම ආරම්භ වූ ආකාරය සහ ඉන් ඉවත් වූ ආකාරය.
Tokai Seiki සමාගම අලෙවියෙන් ලැබුණු මුදල් පසුව Sochiro Hobda විසින් 1946 දී හොන්ඩා තාක්ෂණික සහ පර්යේෂණ ආයතනය ස්ථාපනය කිරීම සඳහාආයෝජනය කළේය.මෙම ආයතනයේ ඉලක්කය කුඩා Two-Cycle වර්ගයේ යතුරු පැදියක එන්ජින් සංවර්ධනය සහ ඉදිකිරීම වූ අතර වර්ෂ 1947 දී එම සමාගම සිය පළමු නිෂ්පාදන ලෙස Honda A-Type යතුරැපැදි එන්ජිම හඳුන්වා දෙන ලදී.ඉන් වසර දෙකකට පසු එනම් 1949 දී D-Type වර්ගයේ සම්පූර්ණ යතුරැපැදිය නිපද වූ අතර සමාගම බෙහෙවින් සාර්ථක විය.හොන්ඩා සමාගමේ පළමු විදෙස් අලෙවි ශාඛාව එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී 1959 දී විවෘත කරන ලද අතර 1960 තුළදී සමාගම ලොව පුරා යතුරු පැදි වෙළෙඳපොළ සසල කරමින් 1964 දී ලොව විශාලතම යතුරැපැදි නිෂ්පාදකයා බවට පත්විය.ඉන් වසර තුනකට පසුව එනම් 1963 දී හොන්ඩා සමාගම එහි මෝටර් රථ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග සමාගම ඊටත් වඩා ප්‍රසිද්ධියට පත්වූ අතර එහි පළමු මෝටර් රථය ලෙස T360 ට්‍රක් රථයත් එම වසරේම අගභාගයේ දී පළමු හොන්ඩා ස්පොර්ට් මෝටර් රථය ලෙස S500 මෝටර් රථයත් නිදහස් කළේය.
1967 දී සමාගම ජපන් වෙළෙඳපොළ තුළ ඉමහත් ප්රචලිතයක් ලැබූ සිය පළමු ෆ්රන්ට් වීල්ඩ්රයිව් වර්ගයේ කුඩා මෝටර් රථය වන N360 මෝටර් රථය නිවේදනය කළේය.1968 දී සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කුඩා මෝටර් රථ මාලාව නිසා හොන්ඩා මෝටර් රථ නාමය ජපන් මෝටර් රථ විකුණුම් අතර නැගී ඉහළින්ම සිටියේය.ඉන් වසරකට පසුව එම සමාගම තායිවානයේ තම මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළ අතර එය හොන්ඩා මෝටර් රථ සමාගමේ ප්‍රථම විදේශ නිෂ්පාදන පහසුකම් සහිත බලාගාරය විය.ඒ අනුව හොන්ඩා සමාගම ඉතා හොඳින් කළමනාකරණය වූ අතර වසර තුනක් සඳහා ඉහලම මෝටර් රථ විකුණුම් කරන සමාගම බවට පත්විය.
1972 දී ඔවුන්ගේ සියලුම කාලයන් සඳහා වඩාත් ජනප්‍රිය මෝටර් රථය වූ Honda CIVIC මෝටර් රථය නිදහස් කළේය.CIVC යන්නෙහි තේරුම නගරය/නාගරික යන්න වන අතර එය 1970 දී එක්සත් ජනපදයේ පිරිසිදු වායු පනත(US Clean Air Act) සඳහා අනුකූල පළමු මෝටර් රථය වූ අතර එනිසා ලොව පුරා විශාල පිළිගැනීමක් ලැබුණි.සැබවින්ම Honda CIVIC මෝටර් රථය තවමත් අතිශයින් ජනප්‍රිය හා තවමත් නිෂ්පාදනය වන අතර Honda CIVIC මෝටර් රථ පරම්පරා දහයකට වඩා වැඩි ඒකක සංඛ්‍යාවක් ආරම්භයේ සිටම ඉදිරිපත් කර ඇත.ඒ අනුව 1975 වසරේදී හොන්ඩා සමාගම විසින් ඉන්දුනීසියාවේ සිය නිෂ්පාදන ආරම්භකළේය.
වර්ෂ 1976 දී හොන්ඩා තවත් සාර්ථක මෝටර් රථයක් වූ Honda Accord රථය ඉදිරිපත් කරන ලද අතර CIVIC මෝටර් රථය ජපන් මෝටර් රථ කර්මාන්තය තුළ විශාල පිළිගැනීමක් ගොඩනගා තිබුලෙසම මෙම Accord රථය ද ඇදහිය නොහැකි තරම් කාර්‍ය්‍යයක්ෂම හා විශ්වාසනීය බවක් ඔප්පු කළේය.මීට අමතරව හොන්ඩා සංයුක්ත මෝටර් රථ, පිකප් හා බෙදාහැරීමේ වෑන් කාණ්ඩය නියෝජනය කළ Honda Life මෝටර් රථය ද හඳුන්වා දෙන ලදී.
1982 වන විට හොන්ඩා සමාගම එක්සත් ජනපදයේ ජපන් මෝටර් රථ නිෂ්පානයේ ප්රථමයාවෙමින් මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළේය.ඉන් වසර කිහිපයකට පසු හොන්ඩා ප්‍රථම ජපන් සුඛෝපභෝගී වාහන නිෂ්පාදකයා වෙමින් Honda Acura කාර් වෙළඳ නාමය හඳුන්වා දෙන ලදී.ඒ නිසා1980 දශකය හොන්ඩා මෝටර් රථ සඳහා ඇදහිය නොහැකි තරම් සාර්ථක කාලයක් බව බවට තිබේ.
එක්සත් ජනපදය තුල Acura වෙළඳ නාමය දියත් කිරීමෙන් පසු 1988 දී හොන්ඩා මෝටර් රථ සමස්ත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මිලියන 15 ක් ඉක්මවා ඇත.ඉන් වසරකට පසුව හොන්ඩා මෝටර් රථ එක්සත් ජනපදයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය බවට පත්වූ අතර නව පරම්පරාවේ මෝස්තර,සුවිශේෂී හැඩගැන්වීම්,ප්‍රබල එන්ජින් සහ නව විශේෂාංග රාශියක් සහිතව නිර්මාණය කරන ලදී.1992 වන විට හොන්ඩා ලෝක ව්‍යාප්ත නිෂ්පාදන ඒකක මිලියන 20 ඉක්මවමින් ව්‍යාපාරය සශ්‍රීක විය.
1995 දී හොන්ඩා සිවික් ලොව පුරා නිෂ්පාදන ඒකක මිලියන 10 ක් පමණක් ඉක්මවා සහ අනෙකුත් වාහන නිෂ්පාදන ඒකක මිලියන 30 ඉක්මවා ඇත.ඉන් වසර කිහිපයකට පසු Honda LEV අඩු වායු විමෝචන මෝටර් රථ සහ CIVIC Ferio මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර එම වසරේ දීම හොන්ඩා EV plus මෝටර් රථ නිෂ්පාදනය එක්සත් ජනපදයේ ආරම්භ කරන ලදී.1999 දී හොන්ඩා සමාගම එක්සත් ජනපදය තුල ප්‍රථම සහ නිසියාකාරව ක්‍රියාත්මක ජනප්‍රිය වූ Honda Insight Hybrid මෝටර් රථය හඳුන්වා දෙන ලදී.
2000 වර්ෂය වන විට හොන්ඩා මෝටර් රථ නිෂ්පාදන අනුපාත එක්සත් ජනපදයේ මිලියන දහය ඉක්මවූ අතර Honda Fit මෝටර් රථ වාර්ෂික විකුණුම්වලින් අංක 1 බවට පත්විය.2003 දී හොන්ඩා ඇදහිය නොහැකි තරම් සාර්ථක වූ අතර සමාගම ඒකක මිලියන 50 නිෂ්පාදනය ඉක්මවා ගැනීමට ඉඩ සලසමින් CIVIC සහ Accord රථ වල නව ආකෘති නිකුත් කරන ලදී.
අද හොන්ඩා අභ්‍යන්තර දහන එන්ජින් පිළිබඳව ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ ලොව විශාලතම යතුරැපැදි නිෂ්පාදකයෙකු ද වේ.මෝටර් රථ,යතුරැ පැදි,අමතර කොටස් සහ එන්ජින් අලෙවි කිරීමට අමතරව සමාගම විදුලි ජනක,වතුර පොම්ප,ගෙවතු සහ උද්‍යාන උපකරණ,ටයිලර්ස්,ජෙට් යානා,ජෙට් එන්ජින්,සූර්ය්ය කෝෂ,ටෙලිමැටික්,වෝටර්ක්‍රාෆ්ට් සහ සාගර යාත්‍රා ආදිය ද නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන අතර හොන්ඩා සමාගම 2000 වර්ෂයේ දී Honda ASIMO රොබෝ යන්ත්‍රය හඳුන්වා දීම,කෘතිම බුද්ධි තාක්ෂණය දියුණු කිරීම ආදී නවීන තාක්ෂණය සමග ද සම්බන්ධ වේ.
අද වන විට(2016 දත්තයන්ට අනුව)හොන්ඩා සමාගම යෙන් ට්‍රිලියන 18.22 වත්කම් සහිත ලොව පුරා සේවකයන් 208,399 කට වඩා සේවය කරන අතර වසර 67 ක කාලයක් පුරාවටම පුද්ගලයන් හත දෙනෙකුගේ නායකත්වය යටතේ පමණක් සමාගම ගොඩ නැගී ඇති අතර අනෙක් ජනප්‍රිය ජපන් මෝටර් රථ නිෂ්පාදනයන්ට වසර ගණනාවකට පසු හොන්ඩා සමාගම මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළත් එම සාමාගම මෝර් රථ කරමාන්තය තුල තවමත් හොඳ තරඟයක් දීමට සමත් දැනට ලෝකයේ හොඳම මෝටර් රථ නිෂ්පාදකයන් ගෙන් එකක් ලෙස තවමත් ඉදිරියෙන්ම පවතී.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
28/09/2017

Last edited: