හොන්ඩා CB4 පදින අය මේ පැත්තට ආවනම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    හොන්ඩා CB4 පදින අය මේ පැත්තට ආවනම්

    CB4 Revo EFI 8000 වගේ දුවල තියෙන්නේ රෙකමෙන්ඩ් කරන එන්ජින් ඔයිල් එක මොකද්ද . ෆුල් සින්තටික් දාන්නද ?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Motual 3000 eka dapan....nathang Mobile ekath awlak naa....

    ඔය එකේ ඒක ඒවා දන්නා එපා බන්, හොඳ තෙලක් බලල දාහන්,
    අනික මුට පිස්ස්ද ? පෝන් ඒක කොහොමද යකෝ ඔය ගුලෙන් ඔබන්නේ ?:rofl: :rofl: :rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Semi Synthetic, Full Synthetic දෙකම අවුලක් නැ..
    සාමාන්‍යයෙන් මගේ වාහන සේරටම මන් පාවිච්චි කරන්නේ Castrol Oil.. (ඔක්කොම හොන්ඩා... Civic EG8 VTEC, CB400SF NC31, VFR400 NC30)
    බයික් වලට පාවිච්චි කරන ඔයිල් ඒකටත් වැඩ වැදගත් හරි Service Intervals වලදී ඔයිල් මාරු කරන එක...
    90% Japanese High Performance බයික් වල එන්ජින් ලෙඩ දෙන්නේ හරියට වෙලාවට ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් මාරු කරන්නේ නැති හින්දා..

    with Semi Synthetic = 3000Kms
    With Full Synthetic = 5000Kms

    මන් හිතන විදියට Revo එකටත් 3.2L අල්ලනවා ෆිල්ටර් එකටත් එක්ක...

    ****** MOST IMPORTANT ******

    වාහන වලට පාවිච්චි කරන Synthetic ඔයිල් දාන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ඔයිල් එක ගැන හොයල බලල ඉන්න. කලින් ඔයිල් ගැන කතා කරපු වෙලාවක මම කිව්වා ඔයිල් වල ගතිගුණ වෙනස් කරන්න වෙනත් අමුද්‍රව්‍ය, නැත්තන් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා ඔයිල් වලට..

    එහෙම එකතු කරන ප්‍රධානම දෙයක් තමා Friction modifiers කියන්නේ... මේවගෙන් කරන්නේ එන්ජිමේ කොටස් අතර තියෙන ඝර්ෂණය ගොඩක් අඩු කරන එක.. ගොඩක් විට යකඩ කොටස් වලට ආකර්ෂණය වෙන දේවල් තම එකතුකරන්නේ Friction modifiers විදියට.. Friction modifiers භාවිතා කරාම සමහර වෙලාවට Friction modifiers නැති ඔයිල් එකකට වඩා හොඳ කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් එන්ජිමෙන්...

    බහුතරයක් වාහන වල පාවිච්චි වෙන්නේ Dry Clutch නිසා Friction modifiers එන්ජින් ඔයිල් වලට භාවිතා කරා කියල ගැටළුවක් නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට වෙළඳපොලේ තියෙන වාහන වලට පාවිච්චි කරන Full Synthetic Oil බහුතරයක Friction modifiers අඩංගු වෙනවා..

    ගැටලුව තියෙන්නේ ඔය ඔයිල් මෝටර් සයිකල් වලට පාවිච්චි කරන්න ගියාම... මොකද මෝටර් සයිකල් වලට ගොඩක් විට පාවිච්චි කරන්නේ ***Wet*** Multiplate Clutch එකක්.. ඒ කියන්නේ ක්ලච් එක ඇත්තටම තියෙන්නේ Oil Bath එකක.. Clutch එකේ භාවිතා කරන මුලිකම සිද්ධාන්තය ඝර්ෂණය... අන්න එතකොට ඔය Friction modifiers තියෙන ඔයිල් පාවිච්චි කරාම ඔය ක්ලච් එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා...

    ඒ නිසා බයික් එකකට ඔයිල් තෝරගන්නකොට බයික් වලටම නිෂ්පාදනය කරන ඔයිල් එකක් තෝරාගන්න එක වැදගත්...

    CASTROL POWER1
    Motul 300V
    Mobil 1 Racing 4T

    ඔය තුනම Full Synthetic බයික් වලටම හදන ඒවා...

    Castrol ACT-EVO 4T
    Mobil Extra 4T

    මේ දෙක Semi Synthetic Motor Cycle Oil....

    අනිත් බ්‍රෑන්ඩ් වලත් මේ විදියටම කැටගරි කරලා ඇති ඔයිල්.. Do your own research :rolleyes: :rolleyes:

    CB4 එක වැඩිය Rev කරගෙන පදින්න බයික් එකක් නෙමෙයි නිසා (Most of the time) Semi Synthetic දැම්මට අවුලක් නැහැ... 3000-3500Km Range එකේදී මාරු කරන්න ඕනි හැබැයි...

    Personally කලින් කිව්ව Full Synthetic Oil 3ම මම පාවිච්චි කරලා තියෙනවා.. ඔයිල් 3ම හොදයි..වෙනසක් නැහැ..හොයා ගන්න ලේසි එක පාවිච්චි කරපන්..

    engine oil ගැන කතා කරපු පරණ නූලට මෙතනින් යන්න පුළුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1537138

    උබේ බයික් එක Genuine 400cc Registered ද? :confused: :confused:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ado matath cb4 specI ekak thiyanawa. bt me wa gana melo deyak danne na ne. maara wade.. machan. original meter set eka ganna thanak kiyapanko. three meters (with fuel)
     
    තැන්ක්යු සහෝදරයා. මට ඩබල් කන්ෆර්ම් කරගන්න මන් පෝස්ට් එක දැම්මේ. ඔව් රෙජිස්ටර් කරා මාර කට්ටක් කාල කැබිනට් එකෙන් පොඩි කාලයක් දුන්නා ගිය අවුරුද්දේ දෙසැම්බර් වගේ ඉදලා අප්‍රේල් වෙනකම්. ඒත් පොත හම්බුනේ මේ ඊයේ පෙරේදා. මාස අටකට පස්සේ බයික් එක පාරට දාන්න යන්නේ