මචන්, canon & nikon තමයි ගොඩක් professionalsල use කරන්නෙ, photography පුරුදු වෙන්න DSLR ගන්නව නම් වැඩිය ලොකු කැමරා එකකට යන්න එපා. මොකද සාමාන්‍යයෙන් කැමරා එකක shutter count එක 100,000 වුනාම කැමරා එකේ කාලෙ ඉවරයි කියල තමයි කියන්නෙ. පොඩි DSLR එකකුයි හොඳ ලෙන්ස් එකකුයි ගන්න. ලෙන්ස් එකේ quality එක වැඩි වෙන්න වෙන්න කැමර එක පොඩි වුනත් ලොකු වැඩක් කරන්න පුලුවන්. මම use කරන්නෙ canon 60D එකක්. සාමාන්‍යයෙන් wedding එකක් වගේ cover කරන්න පුලුවන් ඒකෙන්. canon වල නම් beginners ලට හොඳ 600D, 550D or 1100D. හැබැයි සල්ලි තියනව නම් එක පාර ලොකු එකක් ගත්තට අවුලක් නෑ. හැබැයි ලෙන්ස් ගන්නකොට Canon EF-S 18-200mm f/3.5-5.6 IS වගේ ටිකක් quality ලෙන්ස් ගන්න. nikon ගැන නම් දන්නෙ නෑ. කැමරා එක ගන්නකොට dry box එකකුත් ගන්න. silica gel දාලා ලෙන්ස් එකයි කැමරා එකයි dry box එකේ තියන්න. නැත්තම් ලෙන්ස් එකට fungus එන්න පුලුවන්.