සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.
අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.
මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.
මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.
සමාජ ගත නොවීමමය් වැරැද්ද. මොකද හැමෝම තමන්ට වෙන හොරකමට, අසාදරනෙට action එකක් ගන්නේ නැහැ පව් පල දෙය්, එන ආත්මේ පල දෙය් කියල හිත සනසා ගන්නවා.
එහෙම මිනිස්සු පවට බය කාලෙකුත් තිබ්බ. දැන් මිනිස්සු පව හරි ලේසියෙන් සාදාරනීකරණය කර ගන්නවා.
එනිසා දැන් පවට බය කරලා වැරදි හදන්න බැහැ. මිනිස්සුන්ගෙන්ම අසාදාරනෙට විරුද්ද බලයක් එන්න ඕන.
ලෝකේ පටන් ගත්තේ කොහොමද කියන දේට හරි උත්තරයක් තාර්කිකව නැහැ වගේම, පව් පල දෙනවා කියන එක ඔප්පු කරන්නත් තාර්කික උත්ත්ර නැහැ.
එනිසා අපි නොදන්නා දේවල් පැත්තක තියල දන්නා දේවල් වලින් ප්‍රශ්න වලට පිළිතරු හොයන එකය් කරන්නේ.