ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්
ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි
1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ
2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති
3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය
4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය
5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය
6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති
7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති
8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති
9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති
10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය
11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය
12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති
13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති
14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.
15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති
16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.
17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති
18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති
19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති
20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය
21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.
http://transyl2014.blogspot.com/2018/09/blog-post_28.html