හොරුන්ට පලදීම

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ජීටී ලොක්ක බට කැලේට ගිණිතියල ගියා... දැන් ඉතින් ඇවිලෙනව හිටු කියල ...
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වැරදි දේ කලොත් තමන්ගේ හෘද ශාක්ෂිය විදවනවා කොච්චර නැහැ කිවත් කවදාහරි , එදාට ඒ දේ නොකරහිටියා නම් හොදයිකියලා හිතෙයි :)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    දානය, කරුණාව වගේ දේවල් හැම ආගමකටම පොදුයිනේ. ඒවා අවරුදු කෙල කෝටි ගානක ඉදන් අපේ ප්‍රෝටීන් වල තියෙන දේවල්. ( Atheist කියන අයගේ පවා) හැබැයි 100% rational උනොත් ඕව ඔක්කොම බොරු වැඩ විතරයි. . හිගන්නාගේ ඉදන් ලෝක ප්‍රසිද්ද දානපතියෝ වෙනකන් අනුන් වෙනුවෙන් දෙයක් කරන්නේ එක්කෝ ප්‍රසිද්දිය හරි වෙන ලාබයක් හරි බලන්. නැත්තන් උගේ මුතුන්මිත්තෝ ආගම් වලින් මේක කරපන් කරපන් කියල අහපු නිසා එහෙම දුන්නම එක ලෝකෙට හොදයි . හිතටත් සතුටුයි කියල හිතෙන නිසා.

    මටනම් ඇත්තද බොරුද කියන එකට වඩා ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු 100% rational උනොත් ලෝකේ මීට වඩා හොද වෙයිද කියන එකයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    The idea of no karma suddenly driven by solely on economic needs.This itself is the distruction
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලංකාවේ, ඉන්දියාව වගේ රටවල් වල හොරකම් කරොත් සැපේ ඉන්න පුළුවන් (හොරකම අහුවෙලා හිරේ ගියත් contact මාර්ගයෙන් නිදහස් වෙන්න පුළුවන්. උදා: ETI, රෝහිත අබේගුණවර්ධන, රවී කරුණානායක. etc..). ඇමෙරිකා වගේ රටවල් වල හොරකම් කරොත් හිරේ ඉන්න පුළුවන්.
    Lankawe witharak nemei mulu loke hama ratakama horakam wenawa. Americaweth wenne legal horakan. Law kiyanne minissu hada gaththa deyak. Ekata hama hoarakamama asadaranema walakwanna baha. Neethiyen ringanna lesi krama ona tharam thiyenawa.
    Lankawe boho denek horakam karala ahu welath berenne oya law kiyana minissu hada gaththa de nisa. Habai horakama horakama mai.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වැරදි දේ කලොත් තමන්ගේ හෘද ශාක්ෂිය විදවනවා කොච්චර නැහැ කිවත් කවදාහරි , එදාට ඒ දේ නොකරහිටියා නම් හොදයිකියලා හිතෙයි :)
    නෑ බන්. අපි කරපු වැරදි ගැන හිතද්දී අපිම ඒවා සාධාරණීකරණය කරනවා. මොකක් ම හරි හේතුවක් හිතාගන්නවා. හෘද ශාක්ෂිය මන් වරදිකාරයෙක් කියලා පිළිගන්න කැමති නෑ. ඩිප්රේෂන් නැත්තන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එළටම තේරුම් අරන් තියෙනවා, මිනිස්සුන්ගෙ ආයු කාලය ගොඩාක් දික් වෙලා තමා කල්පයක් ඉවර වෙන්නෙ. මම මේ ගැන තියෙන විස්තරේ හම්බුනොත් දාන්නම්.
    දියුණුවත් එක්ක මිනිස්සුන්ට පිං පව් කියන එක ගැන ගානක් නැති වෙනවා, මොනව උනත් වංගුවක් දාල සැපේ ඉන්න පුලුව්න් කියල හිතනවා. නොදැනම ගොඩාක් පව් වැඩ කරනවා, එතකොට තමා අපිට එක එකා ගැන කිසිම ගානක්, කෙයාර් එකක් නැති වෙලා ගෝත්‍රක මානසිකත්වයට එන්නෙ ( නමුත් දියුණුව සැප ඔක්කොම තියෙයි ) ඔහොම වෙල කා කොටාගෙන තමා කල්පයක් ඉවර වෙන්නෙ. ආයෙ පටන් ගන්නවා. එච්චර හිතන්න දෙයක් නෑ ඔය ගැන.

    සල්ලි හොයන එකා කැන්සර් දීල හරි සල්ලි හොයනවා, ඕකෙත් අවසානයක් එනවා, එහෙම බැරි එකා මිනී මරල, හොරකන් කරල සල්ලි හොයයි. තාමත් මීනිස්සු බලු වැඩ නොකරන්නෙ බැරි කමටවත් බයකටත් නෙවී, පවු එහෙම කරනෙ එක හරි නෑනෙ කියන එකෙන්. ඕක නැති උන දවසක හිතපන් කොහොමද ඉන්න වෙන්නෙ ක්යල.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඔබගේ බොහොමත්ම කරුණු සමග මමත් එකගයි. නමුත් එකඟ නොවන කරුණුවලට ඉදිරිපත් කරන්න ප්‍රබල ශාක්ෂි මම ගාව නෑ [මනුෂ්‍යය ජනගහන අනිත් ජීවීන්ට ශාපෙක්ෂාව වැඩිවෙනවා කියනවා වගේ]. ඒක නිසා මම ඒකෙන් වැළකිලා ඉන්නවා. නමුත් මම හිතන්නේ ගොඩක්ම පින් පව් වගේ දේවල් කාවද්දීමෙන් මිනිස්සු යම් තාක් දුරට හසුරවා ගන්න පුළුවන් සමාජයේ අනිත් මිනිස්සුන්ට තර්ජනයක් නොවී තියෙන්න.

    අනික තමයි ඔබත් එක්ක මම එකගයි වංචාවෙන් ජීවත් වෙන කෙනා අනික් එක්කෙනාට වඩා හොදින් ඉන්න වගේ අපිට පේන්න හරි ඉන්න එක. අපේ සමාජයේ සමහර දේශපාලකයෝ වියපරිකයෝ දිහා බැලුවොත් ඕන තරන් උදාහරණ ගන්න පුළුවන්. පිටින් බැලුවම අපිට ඒ වගේ කියල පේනවා.

    නමුත් අපිට නොපෙනෙන් වෙනත් පව් පින් පලදෙන බලවේගයක් නැහැ කියලා මම පවුද්ගලිකව තරයේ විශ්වාශයක් නෑ. මම හිතනවා මම හොදට අවංකව හිටියොත් ඒක මගේ ආත්ම තෘප්තියට හොදයි කියලා. මම එහෙම වෙන්න උත්සහ ගන්නවා.

    හැබැයි මෙව්වා වෙන්නේ නෑ කියන්නත් වෙනවා කියන්නත් ප්‍රභල සාක්ෂි මම ගාව නෑ
    mama nam kiyanne waradi deyak nokara inna ona kiyala minissu hithanna ona e de waradi hinda kiyala e minihata therenawa nam. nathuwa religion eke widiyata paw pin labenawa kiyala hithala nemei. Uba kiyana widiyata eeken e manussaya waradi deyak nokara inna puluwan eth eka nokara inne boru hethuwakata. nathuwa aththa therum aran nemei
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    නෑ බන්. අපි කරපු වැරදි ගැන හිතද්දී අපිම ඒවා සාධාරණීකරණය කරනවා. මොකක් ම හරි හේතුවක් හිතාගන්නවා. හෘද ශාක්ෂිය මන් වරදිකාරයෙක් කියලා පිළිගන්න කැමති නෑ. ඩිප්රේෂන් නැත්තන්
    අපි වැරදි දේවල් නොකර හිටිය නම් ඔච්චාර අමරුවෙන් බොරු හේතු හදාගෙන අපි කරන වැරදි සාධාරණිකරණය කරන්න ඕනි නැහැ ,හිතට වද දෙන්නත් ඕනි නැහැ
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
    උපුටා ගැනීමකි;
    බර්ටෝල් බ්‍රෙශ්ට් - "The Budhdha's Parable of the Burning house."
    (සිංහල පරිවර්තනය- මහචාර්‍ය කාලෝ ෆොන්සේකා, 1970 පමණ)

    තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ,
    තණ්හාව නසා- විමුක්තිය පතා,
    නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.
    ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්,
    ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්.......

    තණ්හාව හල විගස, සැණයකින් අප ලබන,
    ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන,
    එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
    බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව,

    ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා,
    කුසීතව පාවෙමින් සිටින්නා වාගේද,
    ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද,
    නොඑසේ නම් එය- සිත නැති කය නැති,
    කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?

    මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව,
    කීවේ මෙලෙස ය:

    ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට,
    එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ,
    බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා,
    පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු,
    එහි සිටි සෙසු දන සැම අමතාලා,
    දෙසූහ මේ සුළු කතාව උපමා.....

    දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි,
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි,
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා,
    පිටවන්නැ යි මම කීවෙමි.

    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත,
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ,
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද,
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.

    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ,
    මට සිතුණා මේ දරුවන්,
    නගන ප‍්‍රශ්න නවත්තන්නේ,
    ගින්නෙන් නැසුනාම කියා.

    සත්තකින්ම ප‍්‍රිය දරුවනි,
    යම් මිනිසෙකු පොලෝ තලේ,
    තැබූ දෙපා දැවෙන තුරා,
    වෙන තැනකට නොයාවි නම්,
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න,
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දන් දුන්නම අනික් කෙනා එක විඳිනවා දැකල අපිට සතුටක් ලැබෙනවා, අනික් කෙනාගේ ආදරය ලැබෙනවා, අපි කල උදව්ව නිසා අපිට කරදරයක් උනාම පිහිටක් දෙන්න ඒ දුප්පත් මිනිහ හරි එනවා. අපිට සමාජයේ ප්‍රසංශා, සැලකිලි ලැබෙනවා. අපි එකිනෙකට උදව් කර ගන්නවා. එක තම මට පෙන කර්මය පල දීම.

    නැතුව අද බත් packet එකක් දුන්නම එන ආත්මේ රජෙක් වෙලා ඉපදිලා කෑමෙන් බීමෙන් අඩුවක් නැති වෙන එක නම් මට sure නැහැ.