මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.
මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.
මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.
සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
අපිට අමුතු ධර්මතාවයක් නැහැ.
අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.
වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.
හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.
පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.
හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.
එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
උපුටා ගැනීමකි;
බර්ටෝල් බ්‍රෙශ්ට් - "The Budhdha's Parable of the Burning house."
(සිංහල පරිවර්තනය- මහචාර්‍ය කාලෝ ෆොන්සේකා, 1970 පමණ)
තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ,
තණ්හාව නසා- විමුක්තිය පතා,
නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්,
ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්.......
තණ්හාව හල විගස, සැණයකින් අප ලබන,
ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන,
එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව,
ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා,
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද,
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද,
නොඑසේ නම් එය- සිත නැති කය නැති,
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව,
කීවේ මෙලෙස ය:
ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට,
එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ,
බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා,
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු,
එහි සිටි සෙසු දන සැම අමතාලා,
දෙසූහ මේ සුළු කතාව උපමා.....
දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි,
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි,
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා,
පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත,
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ,
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද,
දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ,
මට සිතුණා මේ දරුවන්,
නගන ප‍්‍රශ්න නවත්තන්නේ,
ගින්නෙන් නැසුනාම කියා.
සත්තකින්ම ප‍්‍රිය දරුවනි,
යම් මිනිසෙකු පොලෝ තලේ,
තැබූ දෙපා දැවෙන තුරා,
වෙන තැනකට නොයාවි නම්,
ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න,