80%ක් විතර එකගයි. ගැටලු තියෙනවා. ඒ ගැටලු තියෙන්නේ හරියටම මේ කාරණා නිසා කියලා කියන්න තරම් සාක්කි මට නැහැ. මගේ දැනුමේ, අත්දැකීම් සහ අවබෝධයේ හැටියටයි ඒ ගැටලු තියෙන්නේ. ඒ දේවල් සාපේක්ෂ නිසාම, තව කෙනෙක්ට මගේ දැනුම, අවබෝධය සහ අත්දැකීම් අදාළ නැති වෙන්න පුලුවන්.
මතු කරලා තියෙන ප‍්‍රධාන තර්කය, කෙනෙක් නරකක් කරනවා නම් ඒක කර්මයෙන් බලාගනිවීය කියලා පැත්තකට වෙලා ඉන්නවාට වඩා, ඒ කරන දෙය නවත්වන්න යම් මැදිහත්වීමක් කරන තැනට අපි යොමු වෙන්න ඔ්නය කියන එක සම්පූර්ණයෙන් ඇත්ත. මොකද දැන් වෙමින් තිබෙන්නේ, නරක කරන අය හොදට සල්ලිත් හොයාගෙන, සැපට ජීවත් වෙන ගමන්ම, අනෙක් අතින් එයාලාගේ අධ්‍යාත්මික ජීවිතයත් (ගිල්ට් එක නැති කරගන්න) සැපවත් කරගන්න පුලුවන් තරම් වැඩ කරන අතරේ, ඒ අයට ඊරිසියා කරන බහුතරයක් අපි, කොයි වෙලාවේ හරි ඔය යකාට සාපය වදීවි, ඔය සල්ලි යාදෙන්නේ නැහැ කිය කිය හිතින් සාප කර කර ඉන්න එක විතරයි. මම විශ්වාස කරන හැටියට ඔහොම හිත හිත ඉන්න යන එකේ අවාසිය කැරකිලා එන්නේ අපිටමයි.
හොද නරක තීරණය කරන්න මම හිතන්නේ ආගම් ඔක්කොගෙන්ම වගේ දීලා තියෙන නිර්නායක ප‍්‍රමාණවත්. මම ඉන්නේ ආගම් පැවතිය යුතුය කියන මතයේ. ඒවා නැතිව මිනිස්සුන්ගේ හික්මීමක් ඇති කරවන්න බැහැ. ඔය කියන හොරකම් කරන කට්ටිය නොහික්මුණු ගොඩට දැම්මොත්, අපි බහුතරය වැටෙන්නේ හික්මුණු ගොඩකට. ඇයි අපි එහෙම ඉන්නේ? සමහරවිට පවුලෙන්, යහලුවන්ගෙන්, අත්දැකීම්වලින් ලැබුණු පන්නරය නිසා. අපිත් ඔය හික්මීම පැත්තකට දාලා හොරකම් කරන්න ගියොත්? හොරුන්ටයි, අපිටයි කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැතිව මේ ඔක්කොම විනාස වේවි.
අධ්‍යාත්මය පැත්තට ආයෙත් හැරුනොත්, මම පෞද්ගලිකව ගත්තොත් මට ගොඩක් වටින්නේ හිතේ සතුට සහ සැනසීම. ඉතින් හොර වැඩක් කරන්න මට තියෙන පෙළඹීම බොහොම අඩුයි. ඒත් වෙන කෙනෙක්ට ඒක එහෙම නොවෙන්න පුලුවන්. ඉතින් මේක සාපේක්ෂයි.
සිස්ටම් වෙනසක් අවශ්‍යයි. නමුත් ඒක, මේ වගේ බහු ආගමික, විශේෂයෙන්ම ඒ ආගම් ඉතාම තරයේම අදහන බහුතරයක් ඉන්න රටක, කොහොම කරගන්න පුලුවන් වෙයිද, කියන එක ගැටලුවක්. හොද, බය නැති නායකත්වයක් අපිට වුවමනායි. ඒ වගේම, වෙනසක් කරන්න කැමැත්තක් තියෙන ජනතාවකුත් අපිට වුවමනායි. ඒත් අවාසනාවකට, ඔය දෙකම අපිට දැනට නැහැ. සියයට සියයක්ම ඔය කියන වෙනස කරගන්න අපිට පුලුවන් වෙන එකකුත් නැහැ. මොකද අන්තිමට අපි ඔක්කොම මිනිස්සු නිසා.