මේක වෙන එකෙක් එහෙම දැම්මනං යක්ඛ සිංහලයො ටික රෙදි උස්සන් බුද්ධාගම බේරගන්න හැටි බලන්න තිබ්බ
කර්මය කියනදේ sure නැ කියන්නේ, හොරකම් කරන අයට විපාක හම්බෙනවා පෙන්නේ නැති හන්දා. හොරකම අමතක කරලා සතුන් මැරීම, හිංසා කිරීම ගත්තම, ඕනි තරම් examples තියෙයි, කර්මය විශ්වාස කළහැකි.
හොරකම සම්බන්ධයෙන් ගත්තාම අපිට මතක් වෙන්නේ දේශපාලකයෝ නෙහ්. මුන්ට කර්මය පලදෙන්නේ නැද්ද කියන එක තමයි ඔළුවට එන ප්‍රශ්නේ. ලොකුවට හොරකම් කරනවායයි සිතිය හැකි මිනිස්සු කොයි වෙලේ බැලුවත් පන්සල් වල රිංගනවා. ලොකු පිංකම් කරනවා. ශෝව් එකට හරි ඒ මිනිස්සු කරන දෙයින් ලොකුවට පින් රැස් වෙනවා. මන් හිතන්නේ හොරකමේ කර්ම විපාක රැදෙන්නේ චේතනාව මතනේ. එතකොට පිටින් ලොකුවට පේන හොරකමක්, ඒ මනුස්සයාගේ චේතනාවට අනුව පොඩියට කර්ම විපාකදෙන දෙයක් වෙන්න පුලුවන්. ඒ හොරකම් කර ගත්තු දෙයින් ඒ මනුස්සය ගොඩක් ලොකු පින්කම් කරන්න පුලුවන්. එතකොට මේ ආත්මේ විපාක දුන්නත් ඒ මනුස්සයට වැඩියෙන් හම්බෙන්නේ සැප සම්පත් වෙන්න බැරිද ........?
මම කියන්නේ මොලයේ කියන්නෙ නිකං hard disk එකක් මනස සිත විඤ්ඤාණය කියන නිකන් cloud storage space එකක් වගේ.
එහෙම කියන්න බෑ මචං සමාජයක් උසස් වෙන්නේ උසස් මනසක් තියෙන මිනිසුන් පිරිසක් හිටියොත් නැත්නම් ලෝකෙ ඕන මිනිහෙක්ට මොලයක් තියෙනවා හොඳ සංස්කෘතියක් සමාජයක් ගොඩ නැගෙන්නේ උසස් මනසක් පිරිපුන් මිනිසුන් සිටින සමාජයක විතරයි.
එහෙම වෙන්න බෑනේ.උපයෝගි වෙනව කියන්නෙ මොලය නැතුවත් මනසට වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනනෙ.එහෙම නම් මොලය මැරුන වෙලාවක චුට්ටක් හරි විඤ්ඤාණය වැඩ කරන්න ඕන.ඒත් එහෙම වෙන්නෙ නෑනෙ
SathiraRegarding KARMA දේශපාලනේට ගෑවෙන පොඩි උදාහරණයක් ගන්නම් (සමාවෙන්නෝන ඒකට)
මචන් මතක තියාගන්න ප්‍රේමදාස උඩුගම්පල නැති වුනේ 84ක් ආයු වළදලා.ඔය අපි කියන කර්ම නෑ මචන් එයාලට බලපෑවේ. ඔයා අසූ ගණන්වල කෙනෙක් නම් දන්නවා ඇති කොහොමද කියලා කතාව.
Furthermore, එහෙනම් බුදුහාමුදුරුවෝ ඇයි බුදුදහමට හරය වුණු කර්මය ගැන කර්ම්විෂය කතාවට යන්නෙපා කිව්වෙ.
එහෙම හිතිවිල්ල නම් මචන්, (කර්මය = අනිත් ආගම්වල දේව කැමැත්ත) මෙන්න මේ තර්කය කඩන්න හේතු කියන්න බලන්න.අපි හැමෝම එකම ටයිම් ආගම් සෙට් එකක එකම ටයිප් කතා ටිකක් එක්ක ඉන්න ජීවිතේ හොදින් ඉන්න හදනවා.ඒ වෙනුවෙන් ඒ ආගමික නායකයන්ට වන්දනා කරනවා.නමුත් ඒ හැම ආගමක්ම කියන්නේ මරණින් මතු අපිට අපාගත් වෙන්න හේතුවෙයි පව්කලොත් කියලා.හොද කලොත් උඩ.මරණින් මතු නිසා Prove කරන්න විදිහකුත් නෑ.කර්මය/ දේව කැමැත්තත් ඒකමයි මචන් කතාව
Cloud නෙමේ බන්.ඒක ශක්තියක් කියලා හිතන්න වෙන්නේ මොලේ ඇසුරු කරන් තියෙන.මොළේ මැරුණු ගමන් ඒකත් ඉවරයි ඒත් එක්කම.
ගුඩ් පෝස්ට්....
@Elakiri Appachchisurprisingly none of the members trying to promote a modern twist to the Damma is here in this thread
Sathira
මොළයේ නහරයක ලේ කැට ලේ කැටිත්තක් හිරවෙනවා කියමු දැන් ඔයාගේ දකුණු අත පණ නැති වෙනව දැන් ඔයාට දකුණු අත උස්සන්න ඕන ඔයාගේ මනසින් කියනවා මට දැන් දකුණු අත උස්සන්න කියලා ඒ උනාට අත වැඩ කරන්නේ නැහැ මොලේ ඒ ප්‍රදේශය අංශභාගයට ලක් වෙලා. ඒ උනාට ඔයාගේ මනස වැඩ කරන වා .
Priyanka මොලේ මැරුනහම ඉතින් මිනිහා කොහොමත් මළා නේ ඊට පස්සේ විඥානය තමයි ශරීරයෙන් ගැලවිලා යන්නෙ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඒවා යින් එකතු කොරපු විඤ්ඤාණයන් ඊළඟ ආත්ම භාවයට ගෙනියනවා.
ස්නායු පද්ධතියේ වම් මොලේ හරි දකුණු මොලේ හරි සම්බන්ධ ඉස්නායු හිර වුනොත් මොලේ ඒ පැත්ත අංශ භාගයකට ලක්වෙනවා.#බ්‍රෝ අංශභාගේ නමුත් මොළයට හානියක් නෑනේ මචන්.ඒක හිතෙන හිතිවිල්ලක් විතරයි.හිතන්න අපිට නිකන් පාලමකින් ඇවිදන් යනකොට පහල දැක්කම පනින්න හිතෙනවා.නමුත් පනින්නේ නෑ.ඒ අපි අපේ මොළේත් එක්ක පොඩි ත්‍රිල් එකක් ගන්න ටයිම් එකක්.තනියම වොෂ් රූම් එකේ බාත් එකක් දානකොට කණ්නාඩිය ඉස්සරහ කොච්චර පිස්සු කෙලිනවද.
නමුත් එලියේ ඒවා කරන්නේ නෑනේ.ඒ ප්‍රීතිය ඇතිකරන්න මොළේ අපි එක්ක ගන්න පොඩි පොඩි ආතල්.නිදාගත්තමත් අවයව නිදි මොලේ පට්ටෙට වැඩ.දාගෙන දවසෙ වැඩ ඩීෆ්‍රැග් කරනවා.
අපි බණක් අහනවෙලාවට පාඩමක් අහන වෙලාවට හිත වෙන වෙන පැති වලට යනවනේ අම්බානක.ඒ මචන් හිත යනවා නෙමේ.මොළේ පරණ මතකයන් අපි මතක් කරනවා මේ දැන් බණ අහන පාඩම් කර කර ඉන්න ටිකක් කම්මැලි වගේ නිසා.
(මම සරලව කිව්වෙ මචන්)
#විඥානය තමයි කොහොමද බන් ඉතින් ගැලවිල යන්නේ.අනික විඥානය මව්කුසකට ඇතුල් වෙන එකත් ප්‍රශ්නයක්.ඒක දැනට අතාරිමු.
මදුරු රැකට් එක අරන් පට පට ගාලා කෙලින වෙලාවක් මතක් කරන්න.අපේ ආගමේ හැටියට පූර්ව සිද්ධි කීපයක් වෙන්න ඕනෙ අපිට සත්ව ඝාතන පාපය වෙන්න නම්.ඔන්න අපිට පට පට ගාලා ඇහෙනවා කලුවරේම සද්ද දහයක් විතර.චට චට ගානව කියන්නේ මලාය කියලා අපි හිතුවොත් ඇත්තටම මැරුනේ මදුරුවො දෙන්නෙක් නම් (ඌ යකඩ නෙට් එකෙ හිරවෙලා නිසා අට පාරක් නිකන් චට චට ගෑවා ඒ කියන්නේ හොදේ )
එතකොට සත්‍ය පාපය අපිට එන්නේ 10ටද 2ටද.? හැබැයි බුදුදහමේ කියනවා චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා.හිතිවිල්ලමයි කර්මය කියලා ඒ කියන්නේ.
ස්නායු පද්ධතියේ වම් මොලේ හරි දකුණු මොලේ හරි සම්බන්ධ ඉස්නායු හිර වුනොත් මොලේ ඒ පැත්ත අංශ භාගයකට ලක්වෙනවා.
නිදා ගත්තම හැමදේම වැඩ කරන්නෑ බං මොලේ ඇල්ෆා බීටා ගැමා කියන frequency තියෙනවා ඔලුවේ ඒවා වැඩ කරන විදිය වෙනස් වෙනවා EEG test ටිකකින් තමයි ඒව බලන්නෙ.
පුනරුප්පත්ති
ගන්ධබ්බ අවස්ථා
විඤ්ඤාණ
සිත
කර්ම
ඕවා එකිනෙකට සම්බන්ධයි. ඒව ගැන ටිකක් හොයලා බලන්න.
මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.
මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච
පැහැදිලිව කියන්න ඔයා කර්මය පිළිගන්නවද?මචන් ත්‍රිපිටකේ ප්‍රේතවත්ථු විමානවත්ථූ කියවලා තියේද.?
ප්‍රේතයාට කයක් නැහැ. ඒ නිසා ඒ අයට තවත් කෙනෙකු කථා කරන්නේ කොහොම ද? ප්‍රේතයාට කයක් නැති නිසා ප්‍රේතයා දිවැසින් දකින්නේ කොහොම ද.? ? ?
සංයුක්ත නිකාය - සලායතන වග්ගය - අබ්‍යාකත සංයුක්තය - කුකූහලශාලා සූත්‍රය
“යස්මිං ඛො වචිඡ සමයේ ඉමංච කායං නික්ඛිපති සත්තෝච අඤ්ඤතරං කායං අනුපචපන්නෝ හෝති තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා සමංගිස්ස වච්ඡ, තස්මිං සමයේ උපාදානං හෝති”
‘වච්ඡය, සත්වයා මේ කයත් අත් හරී. වෙන කයකට නොගියේද වෙයි. මම ඔහු තණ්හා උපාදානය ඇත්තෙක් කොට කියමි. ? ? ?
වච්ඡය, තණ්හාවෙන් යුක්ත වූවහුට ඒ අවස්ථාවෙහි උපාදානය වෙයි.
ගන්ධබ්බ වචනාර්ථය = ගන්තබ්බෝති ගන්ධබ්බෝ ඒ කියන්නේ මචන් චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකු. ඒ කියන්නේ අපි හැමෝම (exempt රහතන් වහන්සේ)
නැතුව අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.
පැහැදිලිව කියන්න ඔයා කර්මය පිළිගන්නවද?
මොළයට අමතරව මනස කියලා දෙයක් තියෙනවා කියලා පිළිගන්නවා ද?
පුනුරුප්පත්තිය පිළිගන්නවද?
මේ සයිට් එක වෙන එකෙක්ගෙන් හොරකම් කරපු එකක්.ඒ ඇඩ්මින් දැන් නෑ. Lich කියල කෙනෙක්..එයා ඒක ගැන අඬලා වෙන සයිට් එකක ඔක්කොම විස්තර දැම්මා.පව් මිනිහා.
උඹ amasin එකෙන් ලෝකේ වටේම බඩු ගැහුවා කියල කිව්ව බොරු ගොඩට කර්මය පල දුන්න නම් දැන් උඹේ අරක කුණු වෙලා.මේ සයිට් එක වෙන එකෙක්ගෙන් හොරකම් කරපු එකක්.ඒ ඇඩ්මින් දැන් නෑ. Lich කියල කෙනෙක්..එයා ඒක ගැන අඬලා වෙන සයිට් එකක ඔක්කොම විස්තර දැම්මා.පව් මිනිහා.
එතකොට ටීෂර්ට්ස් වාගයක් දෙනවා කියලා සල්ලි අරගෙන ටී ෂර්ට්ස් දීලාත් නෑ.සල්ලිත් නෑ උන්ට.
GTRZ කුකුල් හොරකම් හරක් හොරකම් වලට ගමේ ප්‍රසිද්දයි.
මම හිතන්නේ හොරකම් කරලා ගැස්සුනොත් හිරේ යන්න වෙනවා.කරුමය නම් පේන්න පල දෙනවනම් මේ ලොකයේ ඉන්න හොරු මිනීමරුවො බොහොම විනීත විදිහට ඉඳී. එහෙම කරුම පල දෙන්නේ නැ. මම හිතන්නේ මෙතන ජීටී කියන්නේ දේශපාලුවො ගැන.උන් හොරකම් කරලා ආතල් එකේ ඉන්න එක.

Okමම මචන් බෞද්ධ.ලංකාවෙ සම්පූර්ණ වශයෙන් නිම කල සිංහල ධම්මපදය පලමු බ්ලොග් වෙබ් අඩවිය මගේ මචන්.
dammapadhaya.blogspot.com
[දහම් පාසල් අවසානේ හොදම ලකුණුත් ගත්තා.පිටක තුන දෙයියනේ කියලා කියවලත් ඉවරයි]
conflict සමහර තැන්වලදි හිතන්න පුළුවනි 2500 years කාලයක් එනකොට අතරමඟ වෙනස් උනා කියලත්.
නමුත් මචන් ප්‍රධානම සමහර පොයින්ට්ස් පොඩ්ඩක් අපැහැදිලි.ගොඩක් අය එක්ක මේ ගැන කතා කරලා තියෙනවා.උත්තරයක් ලැබිල නෑ හරියට.
කාලාම සූත්‍රය වගේ සෙට් නොවෙන ඒවා හොදට පැහැදිලි වෙනතාක් පිළිගන්න අමාරුයි.හැබැයි පව් නොකර ලස්සනට ජීවත් වෙනවා ඒ කෙසේ වෙතත්.හැබැයි ගිහි දිවියේ ලොකූ කැප කිරීමක් කරන්න තරම් කරුණු කාරණා නෑ කියලා තමයි කිව්වේ මචන්.