ෆන් එකක් ගන්න ගමන් පොඩි සමාජ සත්කාරයක් කර&#351

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ෆන් එකක් ගන්න ගමන් පොඩි සමාජ සත්කාරයක් කර&#351

    මචන්ල මේක ඉවර වෙනකන්ම කියවපල්ල... :cool:

    මේක ගොඩක් දවස් ඉදල මගේ හිතේ තිබුන දෙයක්.හැබැයි කාටවත් මේ වෙනකන් කියල නෑ..මොකද මේක කරන්නෙ කොහොමද කියල හරි ප්ලෑන් එකක් තිබුනේ නෑ..

    ඒත් අද උදේ තමයි මේ අදහස ඔලුවට ආවෙ...

    Volunteering_in_Sri_Lanka_582_388.jpg
    solar.jpg
    poverty-sri-lanka.jpg


    මචන්ල ලංකාවෙ ඕනම ගමක ඉන්නව අන්ත අසරන දුප්පත් පවුල්..අපේ ගමේත් ඉන්නව..ඒත් ගොඩක් වෙලාවට තමන්ගෙ ගමේ ඉන්න මිනිස්සුන්ට අපි උදව්කරන්න ඉදිරිපත්වෙන්නෙ නැ

    මේකට හේතු ගොඩක් තියෙනවා..

    මම මගේ පැත්තෙන් දකින හේතු..

    1.දන්න දවසේ ඉදන් ඔවුන් දුප්පත් සහ ගොඩ ඒමට ඔවුන්ට කිසිම උවමනාවක් නැත යන හැගීම.

    2.සමහරුන් දුප්පත් උවත් අදික මාන්නයෙන් යුක්ත වීම

    3.එක වරක් උදව්කර විට නිතරම මුදල් ඉල්ලීමට පැමිනීම.

    4.දෙමවුපියන් ගේ පවුද්ගලිකව ඔවුන් සමග ඇති අමනාපකම්...

    5.ගමේදී කෙනෙක්ට උදවුවක් කිරීමේදී එය ගම පුරා හැමෝම දැන ගැනීම...


    මේව මම පවුද්ගලිකව ගමේ දුප්පත් මිනිස්සුන්ට උදවු නොකරන හේතු...


    නමුත් මට ලොකු උවමනාවක් තියෙනව හැම මාසෙම මට පුලුවන් විදියට දුප්පත් පවුල් වලට උදවු කරන්න...

    ලොකූවට නැතත්,අපි කරන පුංචි උපකාරයත් සමහර අයෙක්ට ලොකු දෙයක් වෙන්න පුලුවන්....

    ඉතින් මම වගේම තවත් අය ඇති මේ වැඩේට කැමති අය...

    ඉතින් මම යෝජනා කරනව මෙහෙම කරමු කියල...

    මම මගේ ගමේ දුප්පත් පවුලකට උදව් කරන්න ඉදිරිපත් උනේ නැති උනාට,මම ගොඩක් කැමතියි කවුරුහරි එහෙම දෙයක් කරනවට....මම හිතනවා කවුරුත් මේ වගේ දෙයකට කැමතියි කියල...

    ඒක නිසා මම ඉල්ලනව හැමෝගෙන්ම තමන්ගෙ පැත්තේ ඉන්න මේ වගේ දුප්පත් පවුල්(කවුරුහරි උදවු කරනව නම් හොදයි කියල හිතෙන අය) ගැන විස්තර දාන්න ...


    එතකොට ඇයි මම මේකෙ "ෆන් එකක් ගන්න ගමන් පොඩි සමාජ සත්කාරයක් කරමුද?" කියල දැම්මේ...

    ඒක වෙන්නෙ මෙහෙම ..උබල විස්තර දාන කොට අපිට ඒ පැත්තට ගිහින් බලන්න පුලුවන් දේවල්...විනෝද වෙන්න පුලුවන් තැන් ගැනත් අනිවාර්යෙන් දාන්න...

    Jungle-Temple--2.jpg
    Sri-Lanka-adventure-holidays-travel-tours-vacation-packages-cheapvacations-4.jpg
    02.jpg


    මොකද අපි කැමතියි මේ ඒකාකාරී රටාවෙන් මිදිල වෙනස්ම පැත්තකට ගිහින් පොඩි විනෝදයක් ගන්න ගමන් ,තවත් කෙනෙක්ට උදව්වකුත් කරල එන්න...
    අඩුම තරමේ මාසෙකට සැරයක් වත්...


    මේ ගමනේදී මම ගොඩක්ම දෙන්න අදහස් කරන්නේ,,,

    ඉගන ගන්න ලමයි ඉන්නවනම් පාසැල් උපකරන...සහ වියලි ආහාර...

    අදහස් සහ තමන්ගෙ පැත්තේ ඉන්න අසරන අය ගැන විස්තරදාන්න ..

    ඒවගේම පුලුවන් හැමෝම තමන්ට පුලුවන් පැතිවලට ගිහින් පුලුවන් විදියට උදවු කරමු..



    ඒ වගේම ගමන ගැන සහ තමන් උදවු කරපුවිදිය ගැන විස්තර පොටෝ දාමු..ඒක තවත් අයව මේ වැඩේට උනන්දු කරවාවි....

    *** කවුරු ගියත් නැතත් මම යනවා..ඒක නිසා උබලගෙ පැතිවල ඉන්න අය ගැන විස්තර දාන්න.....:yes::yes:



     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    බම්ප් කරනවාට සහ උනන්දු කරවනවාට ස්තූතියි....පුලුවන්නම් විස්තරයක් දාපල්ල මෙහම පවුලක් ගැන..ඉස්සල්ලම අම්මයි ලමයෙකුයි විතරක් ඉන්න ,ඉගනීමට දක්ශ ඒත් දුප්පත් කෙනෙක්ට උදවුකරන්න තියෙනවන්ම් හොදයි...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ අන්න පට්ට වැඩක් සුභ පතනවා මචන් සාර්ථක සතුටු දායකව කරගන්න ලැබෙන්නයි කියලා :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදව් කරන්න ආසයි බන්.. ඒත් කළගුන පස්සෙන් එන්නත් පුලුවන්.. පරිස්සමින් කරන්න වෙනවා.. ගම් වල ඉන්න අයියලගේ හැටි දන්නවනෙ...