ෆෙඩරල් පාලනයක් කියන්නෙ මොකද්ද​....?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ෆෙඩරල් පාලනයක් කියන්නෙ මොකද්ද​....?

    22549725_10156208216954714_2266778766870588981_n.jpg


    --------------------------------------------------------------------
    සරළවම කිව්වොත් ෆෙඩරල් පාලනයක් කියන්නෙ ......

    මධ්‍යගත රජයක් සහ ප්‍රාන්ත රජයන් කීපයකින් හැදුන පාලනයක්.
    ප්‍රාන්ත රාජ්‍යයන්ට තමාගේ ප්‍රාන්තය තුල විවිධ මට්ටමෙන් වැදගත් තීරන ගන්න හැකියාව තියෙනවා.
    ෆෙඩරල් රටක් බිහිවෙන්නෙ....
    "ඒකක කීපයක් එකතු වෙලා තනි රටක් බිහි කර ගැනීමෙන්...."
    ලෝකයේ තියෙන ෆෙඩරල් රාජ්‍යය වලට උදාහරණ බැලුවම මේක අපිට වඩා පැහැදිලි වෙනවා....
    --------------------------------------------------------------------------
    ❎ ඇමරිකාව -
    ස්වාධීන ජනපද දහ තුනක් එකතු වෙලා "ඇමරිකා එක්සත් ජනපද" (ජනපදය - 'State' නෙවෙයි United "States" of America ) කියන තනි රට පිහිටුවා ගන්නෙ....
    ඊට කලින් මේ ජනපද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය යටතේ වෙන වෙනම ඒකක ලෙස පාලනය වුන ඒවා.
    --------------------------------------------------------------------------
    ❎ සෝවියට් සංගමය -
    කලින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල පසුව ස්වාධීන වුන සමාජවාදී රටවල් ගණනාවක් එකතු වෙලා තමයි සෝවියට් සංගමය පිහිටුවන්නෙ.
    --------------------------------------------------------------------------
    ❎ දකුණු අප්‍රිකාව -
    බ්‍රිතාන්‍යයට අයත් යටත් විජිත වුන "කේප් කොලනිය" සහ නතාල් බෝයර් වරු පිහිටුවා ගත්ත "ඔරේන්ජ් ෆ්‍රී ට්‍රාන්ස්වාල්" කියන ස්වාධීන රටවල් දෙක එක්ක එකතු වෙලා තමයි..."දකුණු අප්‍රිකාව" කියන රට පිහිටුවන්නෙ....
    --------------------------------------------------------------------------
    ❎ ඕස්ට්‍රේලියාව -
    බ්‍රිතාන්‍යයන්ට අයත් වුන ස්වාධීනව පාලනය වුන ජනපද හයක් 1901 දී එකතු වෙලා ජනමත විචාරනයකින් තමයි ඕස්ට්‍රේලියාව කියන තනි රට බිහි කරන්නෙ.
    --------------------------------------------------------------------------
    ❎ ඉන්දියාව -
    බ්‍රිතාන්‍යය පාලනයට පෙර ඉන්දියාව කියල තනි රටක් තිබිල නෑ....
    සමහර කාලවලදී ප්‍රබල අධිරාජ්‍යයන්ගේ පාලනයට නතු වුනත්....
    බ්‍රිතාන්‍යය පාලනයට පෙර වර්තමාන ඉන්දියාවට අයත් වෙන භූමි ප්‍රදේශය
    "තනි-පාලන ඒකකයක්" වෙලා නෑ.
    ඔවුන්ගේ පොදු බව තිබ්බෙ සංස්කෘතියේ පමණයි.
    1947 නිදහස ලැබනකොට
    කෙලින්ම බ්‍රිතාන්‍යය යටතේ පාලනය වුන ප්‍රදේශ...
    සහ බ්‍රිතාන්‍යයන් ගෙ "රැකවරනය​" යටතේ තිබ්බ මහරාජාවරුන්ගේ පාලන ප්‍රදේශ ගණනාවක්.....
    එකතු වෙලා තමයි "ඉන්දියාව" හැදෙන්නෙ.
    ඒ විදිහට එකතු වෙන්න අකැමැති වුන ප්‍රදේශ කීපයක් තමයි පාකිස්ථානය විදිහට වෙන් වෙන්නෙ....
    මේ වගේ උදාහරණ ගණනාවක් බැලුවොත් අපිට පැහැදිලි වෙනවා.....
    "ෆෙඩරල් රටක් කියන්නෙ වෙන්ව තිබූ ප්‍රදේශ කීපයක් එකතු වෙලා රටක් බිහි කරගත්ත අවස්ථාවක්" කියල​....
    එතකොට ලංකාවෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන බෙදුම්වාදීන් මේක ඉල්ලන්නෙ උතුරු නැගෙනහිර දෙමළ නිජබිමක් කියන සංකල්පයේ ඉඳල​...
    ඔවුන් ගේ තර්කය වෙන්නෙ...
    උතුරු-නැගෙනහිර කියන "දෙමළ ප්‍රදේශය"
    සහ දකුණ කියන "සිංහල ප්‍රදේශය" එකතු වෙලා "ලංකාව" කියන ෆෙඩරල් රට බිහිවිය යුතු බව​...
    එතකොට අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිගත්ත කියන්නෙ.... කෙළින්ම "දෙමළ නිජබිම් සංකල්පය" පිළිගත්ත කියන එක​....
    දෙමළ නිජබිම් සංකල්පය කියන්නෙ කිසිම ඓතිහාසික පදනමක් නැති පට්ටපල් බොරුවක්.
    මෙතන බරපතලම දේ තමයි ෆෙඩරල් කියන සංකල්පයේම තියෙනවා....
    "සිය කැමැත්තෙන් එකතු වූ පාලන ඒකක වලට කැමැත්තෙන් වෙන් වී යාමේ අයිතිය තියෙනවා" කියන එක​....
    දැන් මම කියන්නෙ මේ යෝජිත ව්‍යවස්ථාවේ මේක තියෙනව කියල නෙවෙයි.
    නමුත් "ෆෙඩරල් සංකල්පයේ" මේක තියෙනවා.
    උදාහරණයකට සෝවියට් සංගමයේ සමාජවාදයේ බිඳවැටීමත් එක්ක මේ සමූහාණ්ඩු කිසිම අරගලයකින්..... ලේ හැලීමකින්...තොරව ස්වාධීන රටවල් බවට පත් වුනේ ඒ අනුව​.
    ඇමරිකාවේ ව්‍යවස්ථාව අනුව ජනපදයකට වෙන් වෙන්න බැරි වුනත්....
    අර "කැමැත්තෙන් එක වූ නිසා කැමැත්තෙන් වෙන්වීමේ අයිතිය ඇත​" කියන සංකල්පය මත බොහෝ විට "වෙන්වීමේ ව්‍යාපාර​" ඇමරිකානු ඉතිහාසයේ දකින්නට පුළුවන්.
    1860 දි ඒ වගේ වෙන්වීමේ තැතක් කෙලවර වුනේ මිලියනයක් දෙනා මියගිය සිවිල් යුද්ධයකින්.
    මහනායක හාමුදුරුවන් අපට වඩා....
    වත්මන් පාලකයින් ගැන දන්නවා....
    ඔවුන් ගෙනෙන අලුත් ව්‍යවස්ථා මර උගුල
    ගැන දන්නවා...
    එකයි එයට එරෙහි වෙන්නේ....!
    සටහන : ෴ #සාගර_දියගම ෴
    ●▬▬▬▬▬▬▬🌸۩۞۩🌸▬▬▬▬▬▬▬●
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ranil ta chande denneth na. Mahindata chande denneth na. JVP ekata chande denneth na. :lol::)

    (Den toiyo,baiyo,jeppo okkoma rep kapai)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    --------------------------------------------------------------------
    සරළවම කිව්වොත් ෆෙඩරල් පාලනයක් කියන්නෙ ......

    මධ්‍යගත රජයක් සහ ප්‍රාන්ත රජයන් කීපයකින් හැදුන පාලනයක්.
    ප්‍රාන්ත රාජ්‍යයන්ට තමාගේ ප්‍රාන්තය තුල විවිධ මට්ටමෙන් වැදගත් තීරන ගන්න හැකියාව තියෙනවා....."

    මේ අර්ථකථනය ගත්තොත් ලංකාවේත් ෆෙඩරල් පාලනයන් තිබිලා තියෙනවා නේද? :confused:
    මධ්‍යගත කෝට්ටේ රාජධානිය යටතේ සීතාවක, රයිගම, ඌව, යාපනය හා කන්ද උඩරට ප්‍රදේශ ප්‍රාන්ත රාජ්‍ය ලෙස පැවැතිලා තිබෙන්නේ