෴නීච බංග රාජ යෝගය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴නීච බංග රාජ යෝගය෴

    ෴නීච බංග රාජ යෝගය෴
    ග්‍රහ සංයෝග වලින් ඇති වෙන යෝග සම්බන්දව ලියන ලිපි වලට සාපේක්ෂව වැඩි ප්‍රතිචාර ලැබෙන බව පෙනෙන්නට තියනවා.. ඒක නිසා අදත් යෝගයක් ගැනම ලියන්න හිතුවා... ජ්‍යෝතිෂයේ ඉතා විශාල රාජ යෝග සංක්‍යාවක් සඳහන් වෙනවා මේවායින් එකක් තිබූ පමනින් රටක පාලකයා වෙන්න බැහැ... පුරාන ඉන්දියාවෙ ගමේ ප්‍රධානියාට ගමේ පොහොසතාට පවා කථා කරලා තියන්නේ රාජා කියලා... ඒක නිසයි ගොඩක් යෝග රාජ යෝග වශයෙන් දැක්වෙන්නේ... කොහොම වෙතත් මේ යෝග වල විශාල බලයක් තිබෙන බව නම් පෙනෙන්නට තියනවා.
    දැන් හැරෙමු මාතෘකාවට.
    සාමන්‍යයෙන් නීච බංග රාජයොගය කිව්වම ගොඩක් දෙනා දන්නෙ මේක යෙදෙන එක විදිහක් විතරයි..
    ඒ තමයි නීච ග්‍රහයෙක් හා උච්ච ග්‍රහයෙක් එක රාශියක සිටීම... නමුත් මේක යෙදෙන තවත් විදි තියනවා
    ඒ තමයි
    01. නීච ග්‍රහයා තැන්පත්ව ඉන්න රාශියට අධිපති ග්‍රහයාට කේන්ද්‍ර ගතව (එමග්‍රහයා සිටින තැන 1 ලෙස ගෙන ගනන් කල විට 4 7,10 ස්ථානයක ) පෙර කී නීච ග්‍රහයා උච්ච වෙන රාශියට අධිපති ග්‍රහයා සිටීම

    02. හඳහනේ නීච ග්‍රහයෙකු හා ස්වක්ශේත්‍ර ග්‍රහයෙකු එකට සිටීනම් හා ඔවුන් සිටින්නෙ හඳහනෙ 1,4,5,7,9,10 යන තැනක නම්ද නීච බංග වේ...

    නීච බන්ග වන තවහ් ක්‍රම ඇතත් එවා ඉතා සංකීර්න බැවින් මෙහි නොදමමි..

    ග්‍රහයන්ගේ උච්ච නීච ස්වාභාව පෙර ලිපියකින් විස්තර කර ඇත

    උපුටා ගැනීම මගෙම බ්ලොග් එකෙන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මගුලෙ යොග.තරහනම් වෙන්ඩ එපා,මම නම් තබ සතේකට ඔව මායිම් කරන්නෙ නැ,ග්‍රහයන්ට මොනවද බන් කොරන්ඩ පුලුවන්.
     
    Last edited:

    Zipozite

    Well-known member
  • Aug 27, 2007
    1,320
    48
    48
    Under the Sun
    මිතුන ලග්න කෙනෙක්ගෙ 10 වැන්නෙ බුද නීච වෙලා 2 වැන්නෙ ගුරු උච්ච උනාම නීච භoග වෙනවද මචන් ?

    +7 rep.....
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මගුලෙ යොග.තරහනම් වෙන්ඩ එපා,මම නම් තබ සතේකට ඔව මායිම් කරන්නෙ නැ,ග්‍රහයන්ට මොනවද බන් කොරන්ඩ පුලුවන්.

    උඹ විස්වාස නොකරට ජනධිපති තුමා විස්වාස කරනවනෙ :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිතුන ලග්න කෙනෙක්ගෙ 10 වැන්නෙ බුද නීච වෙලා 2 වැන්නෙ ගුරු උච්ච උනාම නීච භoග වෙනවද මචන් ?

    +7 rep.....

    නෑ සහොදරයා.. මොකද බුධ උච්ච වෙන්නේ කන්‍යාවෙදි.. කන්‍යාව අයිතිත් බුධට.. එතකොට ගුරුගෙ ඉඳලා බුධ 4 7 10 තැනකින් ඉන්න ඔනේ.. නමුත් ඔකේ ඉන්නේ 9 වැනි රාශියේ...
    ඔය හඳහන අනුව ලග්නාධි පතියට උච්ච ගුරුගෙන් දෘෂ්ටියක් වැටෙනවා ඒක නීච භංගයකට සමානයි..
    කවදා නමුත් රැකියාව කරන අංශයේ ඉහලම තැනකට යන පිහිටීමක්. අසුභ ග්‍රහයන්ගෙන් දෘශ්ඨි හා සංයොග ලැබුනොත් විතරයි වෙනස් වෙන්නේ.:yes::yes:
     
    Zipozite

    Well-known member
  • Aug 27, 2007
    1,320
    48
    48
    Under the Sun
    නැකැත් රාල;15978220 said:
    නෑ සහොදරයා.. මොකද බුධ උච්ච වෙන්නේ කන්‍යාවෙදි.. කන්‍යාව අයිතිත් බුධට.. එතකොට ගුරුගෙ ඉඳලා බුධ 4 7 10 තැනකින් ඉන්න ඔනේ.. නමුත් ඔකේ ඉන්නේ 9 වැනි රාශියේ...
    ඔය හඳහන අනුව ලග්නාධි පතියට උච්ච ගුරුගෙන් දෘෂ්ටියක් වැටෙනවා ඒක නීච භංගයකට සමානයි..
    කවදා නමුත් රැකියාව කරන අංශයේ ඉහලම තැනකට යන පිහිටීමක්. අසුභ ග්‍රහයන්ගෙන් දෘශ්ඨි හා සංයොග ලැබුනොත් විතරයි වෙනස් වෙන්නේ.:yes::yes:

    බොහොම ස්තුතියි...

    :yes::yes::yes: