රංගේ.. එන්නැද්ද ඔයා
ශ්‍රී ලංකා වංශකතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ, මහා පරාජයන් රැසක් ජයග්‍රහණ බවට හැරවූ ඓතිහාසික සිදුවීමක් දුරකථන ඇමතුමකින් ඇරඹුනේ එලෙසය.
ඒ 2009 වසරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගාවලිය පාකිස්තානය සමග යෙදී තිබුනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුරුම්පුව මෙන්ම ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිටියේ උරහිසේ ආබාධයකිනි.
මුරලිගේ ආදේශකය ලෙස සිය දඟ පන්දු යැවීමේ බල ඇණියට කැඳවීමට විවිධ යෝජනා පැමිණෙද්දී කුමාර් සංගක්කාරට වෙනත් අදහසක් තිබුනේය. ඔහු සිය යෝජනාව තේරීම් සභාපති අසන්ත ද මෙල්ට කීවේය. අවසානයේ අසන්ත එම යෝජනාවට එකඟ විය.
ඒ රංගන හේරත් ය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමක්ද නොමැතිව, එංගලන්තයේ ප්‍රාන්ත තරග ක්‍රීඩා කරමින් සිටි රංගන හේරත් ය.
සංගා, රංගන හේරත් ට සිය යෝජනාව ඉදිරිපත් කළේ දුරකථන ඇමතුමකිනි. රංගන නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ විය. එංගලන්තයේ සිට රංගන ශ්‍රී ලංකාවට පැමිණෙන විට තරගයට තිබුනේ පැය දහ අටක කාලයකි. නමුත් කණ්ඩායමට රංගනගේ නම ඇතුලත් කිරීමට තරම් කළමණාකාරීත්වය නිර්භීත විය. ඉන්පසුව සිදුවූ දේ ඔවුන් කියනා ලෙසම ජීවමාන ඉතිහාසයයි.
ගාල්ලේ පැවැති එම තරගයේ පාකිස්තාන අවසන් ඉනිමේ මහා ප්‍රාථිහාර්යක් සිදු කරමින් ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය ප්‍රබල පාකිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු අට ලකුණු 46කට සීමා කිරිමට රංගන හේරත් සමත් විය. ඔහු තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.
"රංගේ.. දැන්ම ආවොත් ඔයා අපිට ඔයාට ඇතුලේ ප්ලේස් එකක් දෙන්න පුලුවන්"
සංගාගේ එම දුරකථන ඇමතුම ටෙස්ට් කඩුලු 396ක්, ජයග්‍රහණ මාලාවක් මෙන්ම ලොව එදා මෙදා තුර බිහිවූ හොදම වමත් දග පන්දු යවන්නා බිහි වීම දක්වා දුර ගියේය.
සංගා එදා එම දුරකථන ඇමතුම ලබා නොගත්තා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවට විස්සයි විස්ස ලෝක කුසලානයක් සහ ටෙස්ට් ජයග්‍රහණ මාලාවක් අහිමි වීමට තිබුනි.
ඉතින් රංගේ...
එදා පැමිණි ඔබ අද නැවතත් යෑමට සුදානම් ය.
ඒ සොදුරු මතකයන් බොහෝ ඉතිරි කරමිනි..
රංගේ .. ඔබට සුභ ගමන්!
View attachment 74145
Sri Lankan Meme