අන්තිම රිසාල්ට් 3-0ක්.. ඒත් අන්තිම මැච් 2ම දිනන්න තිබ්බ මැච්..
ටර්නින් පොයින්ට් තමයි පල්ලෙකැලේ ඉනිම් දෙකේම එංගලන්තෙ ලාස්ට් විකට් පාට්නශිප් එක ලකුණු 100යි..
දිමුත්-ධනා හොද පාට්නශිප් එකක් යද්දි දිමුත් රනවුට් උනා.. 3වෙනි මැච් එකේ 173ට විකට් 1ක් තිබිලා
240ට කැඩුනා.. රිවීව්ස් වැරදි විදියට යූස් කරා, නෝබෝල් වලට විකට් ගියා, හොද පාට්නශිප් එකක් යද්දි
කුසල් රනවුට් උනා.. ඊයෙ පොඩි වෙලාවකදි විකට් 4ක් ගියා..
මේ දේවල් කොහොම උනත් එංගලන්තය එක්ක ලංකාවෙදි 3-0 පරදින එක කොහොමත් අනුමත කරන්න බැහැ..
ජැක් ලීච් එක ටෙස්ට් එකයි කලින් ගහලා තියෙන්නේ.. මම හිතන්නේ ජඩේජටත් වැඩිය හොදට බෝල් කරා..
විශේෂත්වය තමයි ඇකියුරසි එක, ලූස් බෝල් ඇත්තෙම නැහැ, අනික බෙන් ෆෝක්ස්, පලවෙනි ටෙස්ට් තරගාවලිය
වැඩිම ලකුනුලාභියා විදියට ඉවර කරා, කීටන් ජෙනින්ස්ගේ ශෝට් ලෙග් ෆීල්ඩිං සුපර්බ්.. බට්ලර්ගේ ඇටෑකින් බැටින්
ලොකු වෙනසක් කරා, ස්වීප් එක හොදටම යූස් කරා හැමෝම.. මොයින් අලීට තරම් ක්ලීන් ඇක්ශන් එකක් තියෙන
ඕෆි කෙනෙක් මම දැකලම නැහැ, පට්ට සපෝට් එකක් දෙන්නේ ටීම් එකට.. ඒ වගේමයි ස්ටෝක්ස් ටීම් එකේ ඉන්න වටිනම ක්‍රීඩකයා..
දැන් පැරදුනා, ඉස්සරහට නවසීලන්තෙදි වෙන්නේ මොකද කියලා බලමු.. දික්වැල්ල බැටින් පැත්තෙන් දුර්වල උනා.. ඒත් කීපින් වල ලොකු වරදක් නැහැ.. මම හිතන්නේ ඒ නිසා ටෙස්ට් වලට චාන්ස් දෙන්න ඕන, මට හිතෙන විදියට අපිට දැනට ඉන්න හොදම කීපර් දික්වැල්ල.. චන්දි ආවම කවුද එලියට යන්නේ.. එක්කො ධනුශ්ක, නැත්නම් චන්දි
කීප් කරොත් දික්කා එලියෙ,කොහොම උනත් 7-4 සංයුතිය තමයි ගහන්න වෙන්නේ, අකිල ක්ලියර් උනොත් එයා
තමයි ෆස්ට් චොයිස් එක අනිත් 3ම ෆාස්ට් බෝලර්ස්ලා,සුරංග,ලහිරු,රාජිත,චමීර,නුවන්ප්‍රදීප්, මෙයාලගෙන් 3ක් ගහයි,අපි කොහොමත් බවුන්සර් එකට වීක් නිසා උන් ඇටෑක් කරන්නේ අපිට ශෝට් බෝල්.. ඒකට ලෑස්ති වෙන්න
ඕන.. නිව්සීලන්ඩ් විකට් බැට් කරන්න පුලුව්න අමාරු විකට් නෙමෙයි, ඒත් පේස් ඇන්ඩ් බවුස් තියෙනවා,
ස්පින් එකට නම් නෝ චාන්ස්, බලමු මොකද වෙන්නේ කියලා