අපි අවිවාදයෙන්ම පිලිගන්න ඕන එංගලන්තය කියන්නේ වර්ථමානයේ ඉතාම හොදින් දස්කම් අතර සිටින ප්‍රභල කණ්ඩායමක්.. ඔවුන්ගේ බැටින් බෝලින් සහ ෆීල්ඩිං කියන අංශ තුනම ඉතාමත් උසස් විදියට නිරන්තරයෙන් ලකුණු, කඩුලු, උඩපන්දු, සහ දුවද්දී දවා ගැනීම් අතර ඉන්නවා.. ඔවුන්ගේ සාර්ථකත්වය උනේ ඒ නිරන්තර දක්ෂතා අතර සිටීමයි..
නමුත් අපි විමසා බැලිය යුතු දෙයක් තියෙනවා, ඔවුන් දක්ෂතා දක්වලා තියෙන්නේ බොහොමයක් ඔවුන්ගේ වටපිටාවෙ සහ පිතිකරු හිතවාදී තණතීරු වල.. ආසියාවෙදි හොද දගපන්දු බලඇනියකට දගපන්දු හිතකර තනතිල්ලක ඔවුන්ට ඒ මට්ටමේ දක්ෂතා දැක්වීම ඒ තරම්ම ලේසි නැහැ..
ඔවුන්ගේ සිටින්නේ ප්‍රවේගකාරී පිතිකරුවන් ජෝ රූට් හැරුනම, ඉතිං දගපන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වෙන්න අවස්ථාවක් නැහ්ටුවම නෙමෙයි..
ඒකට අපෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා, එක දගපන්දු යවන්නන්ට වාසිදායක තනතීරු හදන්නම ඕන..
අනික අකිලට සහයට තව දගපන්දු යවන්නෙක් එන්න ඕන, ස්කොඩ් එකේ ඉන්නේ නම් අපොන්සු, වැන්ඩසේ හිටියනම් හොදයි මොකද පාදගපන්දු වලට එංගලන්තය ගොඩක් හොදින් මුහුන දෙනවා අඩුයි,
ලක්ෂාන් සදකැන්ට ලොකු දෙයක් තියෙනවා කරන්න, ඒ කුල්දීප් ඉන්දියාවට කරන දේ..
ඬ්නංජයත් ඉන්නවා පාට්ටයිම් දාන්න..
මෙහෙම කලොත් විතරක් අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්,
එහෙම නැතුව බැටින් විකට් දුන්නොත් නම් ඉතිං අපි ලොකු අමාරුවක වැටෙනවා..
අසේල නැති එක ගැන මට හිතාගන්න බැහැ..