ඉන්දියන්, පක්කො, බංගලි ෆේස්බුක්, ඔන්ලයින් ෆෝරම් වල මරාගන්න මරාගැනිල්ල නම් අප්පිරියයි, මමත් ඒ දේවල් වලට විරුද්දයි, අපි ඒ මට්ටමට වැටෙන්න ඕන නැහැ,
හැබැයි ඉන්දියාව වෙනුවෙන් හරි ඩිවිලියර්ස්ට එහෙම කතාවක් කියන්න වටින්නේ නැහැ,
ලංකාව කියන්නේ මේ වෙද්දි ටිකක් පහල හිටියට 94-95 ඉදලා 2014-15 වගේ වෙනකම් ලෝක ක්‍රිකට් වල හොදම ටීම් එකක්, හොදම ප්ලේයර්ස්ලා බිහිකරපු විශිෂ්ට කන්ඩායමක්..
අනික අපි වර්ල්ඩ් කප් 2ක් දිනලා, වර්ල්ඩ්කප් 4ක් රනර්ස් අප් වෙලා වැඩිම ටෙස්ට් වන්ඩේ විකට් තියෙන බෝලර් බිහිකරපු රටක්... ඩිවිලියර්ස් විතරක් නෙමෙයි ඉන්දියන් සල්ලි වලට කට අරින ගොඩක් උන් ඉන්නවා..
අපි උන්ගෙ මට්ටමට නොවැටි කරන්න ඕන විවේචනය ඔලුව අතගාලා ටොක්ක දෙන්න ඕන..
එහෙම කරන්න ක්‍රම ඕනතරම් තියෙනවා.. ඊයෙ උනෙත් ඒවගේ එක දෙයක් විතරයි..
මට දැනගන්න ලැබුන විදියට එල් පී එල් තිබ්බා නම් එන්න කැමති වෙලා හිටපු අයගෙන් කෙනෙක් ඩිවිලියස්, ෆ්රැන්චයිස් ලීග් ගහන්නමයි රිටයර් උනෙත්..
එහෙම අය කියන කතා වැඩක් නැහැ, උගේ ටැලන්ට් විතරක් ඇති.. කට වැඩක් නැහැ..
අපේ ක්‍රිකට් අපි ගහමු, එච්චරයි