ඕක තමයි බං ඇත්තම කතාව,
මහේලලා හදපු ක්‍රිකට් ප්ලෑන් එක විසික් කරලා දැම්මා,
අපිට ක්‍රිකට් ඇකඩමි එකක් නැහැ, ඒකෙන් හදන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි,
විනය, මාධ්‍ය සාකච්ඡා වල කතා කරන විදිය,තමන් හම්බ කරන සල්ලි හරියට ආයෝජනය කරන විදිය, සල්ලි පුන්‍ය කටයුතු, අසරණ මිනිස්සු වෙනුවෙන් වියදම් කරන හැටි මේ හැමදේම කියලා දෙනවා,
අවාසනාවකට අපේ ඒ වගේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන්න සුමතිපාල ඉඩ දුන්නේ නැහැ,
ඒකට අපිට තව අවුරුදු ගානකට වන්දි ගෙවන්න වෙයි,
පේනවනේ අපේ ස්කූල් ක්‍රිකට් තත්වෙ, වෙනදා ඉස්කෝලෙන් කෙලින්ම ටීම් එකට කීදෙනෙක් ආවද,
දැන් එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
අපි ඉස්කෝලෙ ගහපු කාලෙ අපි 15න් පහල ගහද්දි අපි දන්නවා අපේ අනිත් ටීම් වල කවුද උඩට එන්නේ කියලා, අපිත් එක්ක ගහපු මහේල, අවිශ්ක, තිලාන්, සොයිසා, දිල්හාර, ප්‍රසන්න ජයවර්ධන, වගේ අය ඒ කාලෙ මේ ඉන්ටනෙට් ෆේස්බුක් නැතුවත් ප්‍රසිද්දයි,
මහේලගේ ප්‍රපෝසල් එකට අනුව අපි හදන්න ඕන ඉස්කෝල වල ක්‍රිකට් වල ඉදලා,
එහෙම නැතුව උඩට විතරක් බේත් කරලා බැහැ,
හතුරු උඩ ටික හදන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා, ඌට වැඩ කරන්න වෙන්නෙත් මේ සීමිත සම්පත් ටිකෙන්,