ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකාව අතර පැවැති දෙවැනි තරගය පරාජයට පත්වුවද රිදී රේඛාවක් දුටු බව ශ්රී ලංකා පුහුණුකරු ග්රැහැම් ෆෝර්ඩ් පවසයි
පසුගිය තරඟයේදී පිතිකරුවන් දැක්වූ දස්කම් පිළිබඳ තමා සතුටුවන බවත්, සෑම පිතිකරුවෙකුම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් එය පවත්වාගෙන යාමට අපොහොසත් වූ බව හෙතම වැඩිදුරටත් පවසයි.
මෙම තරුණ ක්රීඩකයන්ට හොඳ සහයෝගයක් ලැබුනහොත් අනාගතයේ හොඳ ශ්රීලංකා කණ්ඩායමක් දැකගත හැකිවනු ඇති බවද ඔහු පැවසීය.
ශ්රී ලංකා කණ්ඩායම ඉතා හොඳ දක්ෂතා ඇති කණ්ඩායමක් බවද හෙතෙමෙ පවසා සිටියේය.
කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ ෆෝර්ඩ් ප්රකාශ කරනුයේ, ඔහු විශ්මයජනක සුලු, සෑම අතින්ම දක්ෂතා ඇති ක්රිකට් ක්රීඩකයෙකු ලෙසයි.
දකුණු අප්රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය ජයගැනීම සිය අපේක්ෂාව බවද පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.
Read more: http://nethgossip.lk/articles/21438#ixzz4Xb3VsRAm
positive cricket.





96 World Cup

ඔක්කොම අලුත් උන්නෙ ඉන්නෙ 