තමුන්ගේ රටේ ඉන්න ගෑනු ඔච්චර පහතට දාන්න එපා මහත්තය.. ඔයාල සීතල කාමර ඇතුලට වෙලා දකින පරිසරයට වඩා තව දේවල් මේ රටේ ඕන තරම් තියනව. මේ රටේ ගෑනු එච්චර පසුගාමී නෑ. මගෙ ඇස් දෙකට ඕන තරම් උදාහරන දැකල තියනව. ඔයා අහල තියනවද මන්දා අපේ ගාල්ල හයිවේ එකේ බස් රියදුරු මහත්මියක් එහෙම ඉන්නව කියල.. fork lift නම් ඉතින් හැම තැනම නැහැනෙ. මේ රටේ රස්සාවක් නොකරන ගෑනු ඉන්නෙ කීයෙන් කී දෙනාද? කොලඹ පැත්තෙ ගොඩක් ගෑනු අය රකියාවක් කරනව. රස්සාවක් නොකරන බහුතරයක් ගෑනු අය එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට එයාලගෙ මහත්තුරුන්ගෙ ඕනකමට. ඔයා කියන බර වැඩ ගෑනු නොකරනව කියල ඔයා කියන්නෙ කොහොමද? මගෙ ගම පොලොන්නරුව පැත්තෙ.. එහෙට ඇවිල්ල බලන්න ගෑනු පිරිමි එක්ක හරි හරියට කුඹුරු වතුපිටි වල වැඩ කරනව. ඒවගෙ හැම දෙයක්ම සමබර කරගෙන ඉන්නෙ ගෑනු තමයි. කලාතුරකින් කෙනෙක් බර වැඩ නොකරත් ගෙදරට වෙලා මිනිහ කන්න ගේනකම් බලාගෙන ඉන්නෙ නෑ.. උදේ ඉදන් රෑ වෙනකම් වතු කොටනව, වවනව, රෙදි මහනව, කොසු ඉදල් හදනව වගේ ස්වයන් රැකියාවක් හරි කරනව. සමහර ගෑනු රට ගිහින් නැහිල සල්ලි එවනව , මෙහෙ ඉන්න බේබදු වාහෙල ඒවගෙන් කකා බිබී ජොලි කරනව.. කොතනත් කාගෙත් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඔයා කියන්නෙ පිට රට වල හැම ගෑනිම රස්සාවල් කරනව කියලද?? අනික මහ දවල්වත් ගෑනියෙක්ට තනියම යන්න ඉන්න බැරි මේ රටේ රෑ 8-9 වෙනකම් වැඩ කරල ගෑනියෙක් කොහොමද පාරට බහින්නෙ? දවල්ටත් එලියට බැස්සම එක එක වරත්තු බල්ලො ලගට ඇවිල්ල කුනුහරුප කියද්දි රෑ එලියට බැහැල තනියම යද්දි ඒ වගේ අසහන කාරයෙකුට අහු උනොත් ඒ ගෑනිව යහතින් යවයිද? ඔය බනින විදිහටම මතක තියාගන්න මහත්තයො ගෑනුන්ට උඹලටත් වඩා මහ ගොඩක් හිතේ හයිය තිබ්බට ගොඩක් ගෑනුන්ට ගතේ හයිය උඹලට තරම් නෑ කියල..