ජොනී බට්ට;16849304 said:
ජොනි අංකල් මෙන්න උයාට ඉන්විටේශං එකක්


"
ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මුස්ලිම්වරුන්ට ඇරයුම්
July 3, 2014 at 9:17 am | lanka C news
සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.
එහි ප්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.
සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.
විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛiවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත."