සම්ප්රදායෙන් පැවතීගෙන ඇවිල්ලා උඹටත් ඒ දේ කිව්වම උඹත් ඒ දේම හරියි කියල උඹෙන් පස්සෙ අයටත් ලබා දෙනවා. උඹේ විදියට උඹ හරියටම හරි මචන්. ප්රශ්න කරන්න, විමසන්න එපා. සාධු සාධු
උඹ බෞද්ධ කියල උඹේ ශරීරයෙ හරි, බ්ලඩ්ලයින් එකේ හරි කොහෙද කෝඩ් කරල තියෙන්නෙ මචන්?
භවය - උද්ධ කරගන්න කියල බුදුන් වහන්සේට පසුව පැමිණිය පිරිසක් බෞද්ධ ආගම කියල එකක් හැදුවා. ප්රශ්න නොකරන එවුන් වැඳගෙන ඒ දේම අල්ලගෙන නිවන අහලකටවත් නෑවිත් කැරකි කැරකි ඉන්නවා නේද?
බුද්ධ කියන්නෙ බුද්ධිය, නිපුණත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි බන්. බුද්ධියේ අවබෝදයේ සරණ යාමකින් තොරව ඇත්ත දකින්න බැහැ. එක එකා කියන දේවල් වලින් ගැලවිලා කාලාමයන්ට කිව්ව විදියට අපි අපිම හෙව්වොත් හම්බෙයි නිවන. නැත්තන් ඉතින් උඹල වගේ අපි බෞද්ධද අපි අරකද මේකද කිය කිය මේකෙම කැරකි කැරකි ඉන්නවා.
තෙරුවන් සරණයි මචන්! 2026 අවුරුද්දෙදිවත් ඇත්ත ගවේෂනය කරන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා.
------ Post added on Dec 31, 2025 at 12:13 PM
යුද්ධය, භූ ලෝක දේශපාලනය, වෙළඳාම කියන කාරණා ගැන උඹත් දන්නවා මමත් ඉගෙන ගන්නවා මචන්. බලය, මුදල තියෙන තැනින් පටන් ගන්න සමාජ හැසිරවීම ගැන අවබෝදයෙන් අපි කතා කරමුද? අන්න එතනදි උඹ කිව්ව ඔය පරම්පරා, කොහොමහද මෙහ එක අරහෙ තියෙන්නෙ කියන කතා වලට හේතු වුණු කාරණා එකෙන් එක පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවට බුදු දහම ගැන විස්තර ආවෙ කොහොමද? ලංකාවට ක්රිස්තියානිය ආවෙ කොහොමද? ලංකාවට ඉස්ලාමය ආවෙ කොහොමද? ඒ ආගම් පටන් ගත්ත රටවල තියෙන කතා ටිකම මෙහෙත් තියෙනවා භාෂා වලින් වෙච්ච වෙනස්කම් එක්ක.
හරිම සරලව කියනව නම්, උඹල හරියටම ළ්ළ්ළ්ම් එකකට ෆීඩ් කරපු ඩේට ටික ආයෙම අවුට් කරනව වගේ, උඹලට කියල දුන්න දේවල් ටික එහෙමමයි කියල දකින්න උත්සාහ ගන්නවා.
බුදු හාමුදුරුවො එක හෙලාම එපා කිව්වෙම ඒ දේට. තනියම ගවේශනය කරන්න කිව්වෙ ඒකනෙ. හිතන්න වුවමනයි කරුණු අරගෙන. හරියටම හෝල්ම්ස් චරිතය කරනව වගේ. හුලං පාරක් ආව, බල්ලෙක් පහුරු ගාල තියෙනවා, මේ ගෙදර හිටපු මිනිහ අන්ධ භූත වැඩ කළා කිව්වම ඕන කෙනෙක් බය වෙනවා අම්මටසිරි යකා කියල. හැබැයි වෙන විදියට දේවල් බලන්න පුරුදු කාපු එකා බලන්නෙම ඒක එහෙම නෙමෙයි කියල. අන්න පේන්න ගන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස් ටික.
මම මේ උඹලගෙ විශ්වාසයට අගරු කරනවා නෙමෙයි මචන්. නැත්තන් උඹලට මල පනී. මං ප්රශ්න කරන්නෙ බුදුන් වහන්සේ කිව්ව ප්රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම වැරදිද? මොකද බලය වැඩි තැනින් වෙන්න පුළුවන් විකෘති කිරීම හින්ද.
දැන් අද බලපන්කො. ලංකාවෙ උඹ ඔය කිව්ව වගේ ඉහලින්ම ඉන්න වෙහෙර විහාරස්ථාන ලැයිස්තුව හා ඒවගෙ ඉන්න පිරිස. ඔෆිස් එකේ හාමුදුරුවො කියයි ආමි එකේ හාමුදුරුවො කියයි. ඉතින් තව අවුරුදු ගානකින් මිනිස්සු උඹල ඔය කියන විදියටම ඒ අයටත් වඳී. ඒ අය කිව්ව දේ හරී කියයි. පේනවද එතකොට ඇත්තම ධර්මයට වෙන්න පුළුවන් විනාශය?
අනික අද රුවන්වැලි සෑයට යන්නෙ අති බහුතරය - එතන තියෙන ඇත්ත දැනගෙනද? නැත්තන් දෙයියො බලන්නද? මනස හැම දේටම මූලික වෙනව කිව්ව බුදුන් වහන්සේ ඒ මනස එක තැනකට ගේන්න පුළුවන් ස්ථාන ක්රම භාවිතා කළා. අනිත් අයට භාවිතා කරන්න කිව්වා. මොකටද?
------ Post added on Dec 31, 2025 at 12:27 PM