☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
37320136308549727272100.jpg

Kohomada ban api Wimalwa wishwasa karanne
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
kiyapanko balanna ehenam yuda aparada kiyanne mokadda kiyala ??

oya danna nisa ehuwe... wimal wagemane oyageth rila kata.... :rofl::rofl:

hari ewa wedak ne.... " yuda aparada kiyanne mokadda" ?

මම තේරෙන සින්හලෙන්ම උඹට කියන්නම්කො.උඹ වගෙ නිවටයන්ට බය නෑ

යුධ අධිකරණය කියන්නේ, හමුදා පුද්ගලයන්ගේ විනය විරෝධි කටයුතු පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමටත්, ඒ පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමටත් ඇති නීතිමය මණ්ඩලය
(court martial)

යුධ අධිකරණය හෝ එහි තීරණය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේනම් ඕනෑම අයෙකුට අධිකරණයට යා හැකි බවත් යුධ අධිකරණයේ තීරණය‍ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පාලනයට යටත් බවද පැහැදිලි කර ඇත

හැදින්වීම

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු ජාත්‍යන්තර ප්‍රජාව විසින් බිහිකරගන්නා ලද ස්වාධීන වූත් ස්ථිර වූත් අධිකරණ ක්‍රමයකි.මෙය ක්‍රියාත්මක වන්නේ 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව (Rome Statute) තුළිනි.වර්ග ඝාතනය,මනුෂ්‍යත්වයට එරෙහි වූ වෙනත් අපරාධ, යුධ අපරාධ,සහ ආක්‍රමණික අපරාධ යන බරපතල අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් දීම පිණිස විශ්ව රාමුවක් මෙයින් ස්ථාපිත කර ඇත.රෝම නගරයේදී අනුමත කර ගන්නා ලද මෙම ව්‍යවස්ථාව බලාත්මක වීමට ලෝකයේ රටවල් 60 ක අපරානුමත කිරීම් අවශ්‍ය වනු ඇත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙදර්ලන්තයේ හේග් නගරය මූලස්ථානය කරගෙන පිහිටුවා ඇත.මෙය ජාත්‍යන්තර සම්මුතියක් මඟින් පිහිටුවන ලද්දක් නිසා එක්සත් ජාතීන්ගේ ආයතනයක් නොවූවද විවිධ ගිවිසුම් මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වයි.
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
අධිකරණ බලය

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල සීමාවට ඇතුළත් වන අපරාධයන් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී ,රෝම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව ප්‍රකාශ කරනුයේ " ජාත්‍යන්තර සැලකිල්ලට ලක්වන වඩාත්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය හිමිවන බවයි".එනම් ජන ඝාතන ,යුධ අපරාධ,මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ සහ ආක්‍රමණ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම අධිකරණයට හැකියාව පවතී. රෝම ව්‍යවස්ථාව මඟින් මෙම අපරාධයන් පිළිබඳ තවදුරටත් විග්‍රහ කරන අතර එහි 6 වන ව්‍යවස්ථාව මඟින් වර්ග ඝාතනය (Genocide) යන්න නිර්වචනය කරයි.ඒ අනුව පහත දැක්වෙන තහනම් ක්‍රියාවන්,ජාතික හෝ වාර්ගික හෝ ආගමික හෝ ජන සමූහයක් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ චේතනාව ඇතිව ,සිදු කර තිබේ නම් එවැනි ක්‍රියාවක් ජන ඝාතන යන්නට ඇතුළත් වේ.
කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම
කණ්ඩායමක සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම.
කණ්ඩායමක භෞතික විනාශය මුළුමනින්ම හෝ කොටසක් ලෙස සිදුවීමට ඉඩ සලසන පරිදි හිතාමතාම තත්ත්වයන්/කොන්දේසි ඇති කිරීම.
කණ්ඩායමක උපත් සිදුවීම වැළැක්වීම අරමුණු කොටගෙන යම් යම් ක්‍රියාමාර්ග දියත් කිරීම.
එක් කණ්ඩායමක සිටින දරුවන් බලහත්කාරී ලෙස වෙනත් කණ්ඩායමකට මාරු කිරීම.
ව්‍යවස්ථාවලියේ 25(3)(ආ) ව්‍යවස්ථාව යටතේ ජන ඝාතන සඳහා වූ වැරදි සිදු කරනු ලැබූ පුද්ගලයකුට අනුබල දුන් හෝ සහාය දුන් හෝ නියෝග කළ හෝ ඕනෑම පුද්ගලයකු ජන ඝාතන වරද සම්බන්ධයෙන් වරදකරු කර ඇත.මේ අනුව පුද්ගලයාගේ තරාතිරම නොසලකා ඕනෑම තැනැත්තෙකුට එරෙහිව ජන ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.
මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ(Crimes against humanity) යන්න රෝම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාව මඟින් විග්‍රහ කරන අතර ඒවා ආකාර තුනක් මඟින් සාමාන්‍ය අපරාධයන්ගෙන් වෙනස් කර දක්වයි.ප්‍රථමයෙන් එවැනි වරදක් සිදුකර තිබිය යුත්තේ පුළුල් ලෙස පැතිරුනු හෝ සැලසුම්ගත වූ ප්‍රහාරයක කොටසක් වශයෙනි.දෙවනුව,එවැනි වරද සිවිල් ජනතාවකට එරෙහිව දැන දැනම එල්ල කරන ලද්දක් විය යුතුය.තෙවනුව,එවැනි වරදක් සිදුකරන ලද්දේ රාජ්‍යයක හෝ සංවිධානයක ප්‍රතිපත්තියකට අනුකූලව විය යුතුය.මේ ආකාරයට මෙවැනි වරදක් රජයේ නියෝජිතයන් විසින් හෝ ඔවුන්ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන තැනැත්තන් විසින් හෝ සිදුකරනු ලැබිය හැකි අතර,තවදුරටත් රෝම ව්‍යවස්ථාව මඟින් එවැනි වැරදි මොනවාද යන්න දක්වා ඇත.මිනීමැරීම,මූලෝත්පාඨනය,වහල්කමට ගැනීම,ජන සමූහයක් රටින් නෙරපීම හෝ බලහත්කාරයෙන් විතැන් කිරීම,සිරගත කිරීම,වධහිංසා කිරීම,ස්ත්‍රී දුෂණය,ලිංගික වහල් කමට ගැනීම,බලහත්කාර ගණිකා සේවනය,බලහත්කාර ගැබ් ගැන්වීම,වඳබවට පත් කිරීම ආදී බරපතල ලිංගික අපරාධ,වර්ග හිංසාව,වර්ණ භේද අපරාධ,අතුරුදහන් කිරීම,බරපතල කායික හෝ මානසික හානි කිරීම් ඇතුළු ජගත් ප්‍රජාව වේදනාවට පත් කරන වෙනත් අති අමානුෂික අපරාධ ඒ යටතට ඇතුළත් කර තිබේ. එසේම මෙවැනි ක්‍රියා යුධමය වාතාවරනයක් තුළ දීම සිදුවීම අවශ්‍ය නොවන අතර සාමකාමී කාලයක් තුළදී සිදු කළද වරදක් සේ සලකනු ලබයි.
රෝම ව්‍යවස්ථාවේ 8 වන ව්‍යවස්ථාව යටතේ දීර්ඝ වශයෙන් යුධ අපරාධ(War Crimes) යන්න විස්තර කර තිබේ. මෙම අපරාධ බොහොමයක්ජාත්‍යන්තර මානුෂවාදී නීතිය(International Humanitarian Law) මඟින් හඳුනාගන්නා ලද අපරාධයන්ය.1907 සිව්වන හේග් සම්මුතිය සහ එහි රෙගුලාසි,1949 ජීනීවා සම්මුතීන් හතර සහ 1977දී ඇතිකරගත් එහි අතිරේක සම්මුතීන් මඟින් මෙන්ම ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතිය මඟින්ද හඳුනාගනු ලැබූ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් තුළදී සිදුකරනු ලබන විවිධ ආකාරයේ වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලය මෙම 8 වන ව්‍යවස්ථාව යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලබා දී ඇත.එසේම සිවිල් යුද්ධ වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් වලදී සිදු වන යුධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලයද මෙම අධිකරණය වෙත ලබා දී තිබීම සුවිශේෂී වේ.
රෝම ව්‍යවස්ථාවලිය මඟින් ආක්‍රමණික අපරාධ (The Crime of aggression) සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාත්‍යන්තර අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත බලය ලබා දුන්නද ආක්‍රමණික අපරාධ යනු මොනවාද යන්න නිර්වචනය කර නැත.එබැවින් ඒ සම්බන්ධයෙන් රෝම ව්‍යවස්ථාවට අත්සන් කර ඇති පාර්ශවයන් විසින් තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත අධිකරණ බලය ලබා දී ඇත්තේ රෝම ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් පසුව සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් පමණි.එනම් අතීතයට බලපෑමක් නැත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නඩුගෙන එන ආකාරය සහ එහි අධිකරණ බලය පිළිගැනීම
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
තවදුරටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට නඩු ගෙන එන්නේ කෙසේද යන්න සලකා බලන කල,
මෙයට පාර්ශව වූ රාජ්‍යයන් විසින්[13/14ව්‍යවස්ථා]
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද[13(ආ) ව්‍යවස්ථාව]
නඩු මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරනු ලබන මෝසමක් මඟින්ද[15 ව්‍යවස්ථාව] නඩු කටයුතු පැවරිය හැකිය.
අදාළ අපරාධය පිළිබඳව දැනුම් දීම හෝ පැමිණිල්ල යොමු කිරීම සිදු කළේ රාජ්‍යයක් විසින් නම් හෝ අභිචෝදකවරයා විසින් නම් එහිදී මෙම අධිකරණයට අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට නම්, අදාළ අපරාධය සිදු වූ ස්ථානයට අයත් රාජ්‍යය හෝ චූදිත තැනැත්තාගේ ජාතිකත්වය හිමිවන රාජ්‍යය අතරින් එක් රාජ්‍යයක් හෝ වැඩි ගණනක් මෙම අධිකරණ බලය පිළිගෙන තිබීම අවශ්‍ය වේ.එසේ නැතිනම් ව්‍යවස්ථාවට අත්සන් කර තිබීම අවශ්‍ය වේ.
මෙම ව්‍යවස්ථාවට අත්සන් තබා නොමැති හෝ අපරානුමත කර නොමැති රාජ්‍යයන් මෙම අධිකරණයේ අධිකරණ බල සීමාවට අයත් නොවූවද මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවීමට සහාය දැක්විය හැකිය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් තත්ත්වයක් පිළිබඳව මෙම අධිකරණයේ අවධානය යොමු කරනු ලැබූ විට,මෙම අධිකරණයේ අධිකරණ බලය යටතට ගැනෙන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් ,ඕනෑම පුද්ගලයකුට එරෙහිව,කිසිදු රටක කැමැත්ත විමසීමකින් තොරව, නඩු කටයුතු ආරම්භ කිරීමට නඩු පවරන්නාට බලය ඇත.
එසේ වුවද රාජ්‍ය පාර්ශවයක් විසින් අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලැබූ විටක හෝ නඩු පවරන්නාට පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වූ විටක හෝ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා රාජ්‍යයන්ගේ පුරවැසියන් හෝ භූමිය සම්බන්ධව වන නඩු සඳහා පමණි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්මුතිය අනුමත කිරීමෙන් හෝ එම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා ප්‍රකාශයක් කිරීමෙන් හෝ රාජ්‍යයකට මෙම අධිකරණයේ අධිකරණ බලය නිල වශයෙන් පිළිගත හැකිය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩුවක් භාර ගැනීමට නම් එම නඩුව සම්බන්ධයෙන් දේශීය ප්‍රතිකර්ම භාවිතා කර තිබීම අවශ්‍ය නැත.මක්නිසාදයත් මෙම අධිකරණය අභියාචනා අධිකරණයක් නොවන හෙයිනි.එසේ වුවත් කිසියම් නඩුවක් දේශීය අධිකරණ මඟින් නිසි ලෙස විභාග කර තිබේ නම් හෝ එසේ කරමින් පවතින්නේ නම් එවැනි නඩුවක් විභාග කිරීම සඳහා භාර නොගන්නා බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ප්‍රකාශ කළ හැකිය.
මක්නිසාදයත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් ජාතික අධිකරණ බලය යටපත් කිරීමක් සිදු වන්නේ නැත.රෝම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාව මඟින්ම දක්වනුයේ මෙම අධිකරණය ජාතික අපරාධ අධිකරණ බලයට අනුපූරක වන බවයි.එනම් අදාල අපරාධ සම්බන්ධව වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳ වගකීම දරන රාජ්‍යය විසින්,එම චූදිත තැනැත්තා එම රාජ්‍යයේ පදිංචිකරුවෙකු හෝ රට වැසියෙකු වන විටක ,එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට නොහැකියාවක් තිබෙන විට හෝ එසේ නඩු පැවරීමට කැමැත්තක් නොමැතිව සිටින විටක පමණක් එකී අපරාධය සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හිමිවන බවයි.මේ අනුව දේශීය අධිකරණ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන විටක අපරාධ නඩු පැවරීමට හා විභාග පවත්වාගෙන යාමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියා කරනු ලබයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් රාජ්‍ය නායකයන්ට ලබා දෙන විනීර් මුක්තිය ඉන් බැහැර කර තිබීමයි.එනම් රාජ්‍ය හෝ ආණ්ඩුවක නායකයෙකු හෝ සාමාජිකයකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයකු හෝ යන කිසිම අයෙකු අපරාධ වගකීමෙන් බැහැර නොවන බව රෝම ව්‍යවස්ථාවලිය පැහැදිලිවම පිළිගනී
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
පාර්ශවයන්ගේ අයිතිවාසිකම්

එසේම තවදුරටත් රෝම ව්‍යවස්ථාවලිය යටතේ විත්තිකරුවන්ගේ,විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම උදෙසාද ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සහ විධිමත් ක්‍රියාදාමයන් සඳහා වූ සියළු ජාත්‍යන්තර සම්මතයන් අදාල කර ගැනීමට ක්‍රියා කර ඇති අතර නඩු විභාගයේ සෑම අදියරකදීම විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත.මෙහිදී නීතීඥ සහාය ලබා ගැනීමේ අයිතිය සැකකරුවන්ට මෙන්ම චූදිතයන්ටද ලබාදී ඇත.වරදකරුවකු කිරීමට පෙර සෑම චූදිතයකුම නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලබයි.එසේම විත්තිකරු නොමැතිව නඩු විභාග පැවැත්වීමට අවසරයක් නොමැති අතර කෙතරම් බරපතල වූ අපරාධයක් සිදු කළ පුද්ගලයකු වුවද මරණ දඬුවම පැනවීමේ බලයක් මෙම අධිකරණයට නැත.
විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව,ආත්ම ගරුත්වය,ශාරීරික මානසික සුවතාවය සහ පුද්ගලිකත්වය තහවුරු කිරීම සඳහාද අධිකරණය බැඳී ඇත.ලිංගික හෝ ලිංගිකත්වය මත පදනම් වූ අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියාද ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග වලදීද මේ තත්ත්වය සලකා බැලේ.එසේම විපතට පත්වූවන්ට සැලසිය යුතු සහන සම්බන්ධයෙන්ද ඒ පිළිබඳව වරදකරුවන්ට එරෙහි නියෝග පැනවීම සම්බන්ධයෙන්ද මූලික ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මෙම අධිකරණය සතු වේ.එහිදී සහන සැලසීම සඳහා භාර අරමුදලක් ඇති කරගැනීමටද අධිකරණයට හැකියාව පවතී.
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
නියෝග බලාත්මක කිරීම

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ නියෝග බලාත්මක කිරීම සම්බන්ධව සලකා බැලීමේදී රෝම ව්‍යවස්ථාවලියට පාර්ශව වූ රාජ්‍යයන් මෙම අධිකරණය සමඟ සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් බැඳී සිටී.එහිදී තම දේශීය නීතියේ විධිවිධාන නිසි පරිදි පවතින බවට සහතික කිරීමේ වගකීම රාජ්‍යයන් සතු වනු ඇත.විශේෂයෙන්ම මෙම අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබුනු විට, එක්සත් ජාතීන්ගේ සියළුම සාමාජිකයන් ඒ සඳහා සහයෝගය දීමට බැඳී සිටී.එවිට රාජ්‍යයන් මෙම ව්‍යවස්ථාව අනුමත කර තිබේද නැද්ද යන්න අදාල නැත.
යම් හෙයකින් රාජ්‍ය පාර්ශවයන් එසේ සහයෝගය නොදී සිටී නම් එහි ප්‍රථිඵලද රෝම ව්‍යවස්ථාවේ දක්වා තිබේ.එහිදී අදාළ රාජ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පාර්ශව සම්මේලන වෙත යොමු කිරීමට මෙන්ම එසේ සහාය නොදී සිටිනුයේ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කරන ලැබූ කරුණක් සම්බන්ධයෙන් නම් එම සහාය නොදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීමටද හැකිය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝග යොමු කරනුයේ අදාල වැරදිකරුවන් භාර ගැනීමට කැමැත්ත දක්වා ඇති රාජ්‍යයන් වෙතය.එහිදී තීන්දු ක්‍රියාත්මක කිරීම මෙන්ම සිරගෙවල් පිළිබඳව අධීක්ෂණයද මෙම අධිකරණය මඟින් සිදු වේ.

:D:D:D
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    403180617thirumawalawan.jpg

    එක්සත් ජාතීන් එපා නම් ශ්‍රී ලංකාවත් එපා

    July 10, 2010 11:07 am

    ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉවත්කරන්නේනම් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද ඉවත් කළයුතු බව"විඩුදලෙයි සිරුත්තෛයිකල්"සභාපති තොල් තිරුමාවලවන් මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කාර්යාලයක් වසා දමන්නට ක්‍රියා කිරීමත් එක්සත් ජාතීන්ට එරෙහි ශ්‍රී ලංකාවේ විරෝධයන් දැක්වීමත් පිළිබඳ හෙතෙම මේ බව කියා සිටියි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ චෝදනා පිළිබඳ තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හෝ අවසර ලබානොදීම පිළිබඳ සිය බලවත් විරෝධය පළ කරන බව "විඩුදලෙයි සිරුත්තෛයිකල්"වෙනුවෙන් තිරුමාවලවන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල කමිටුව කියන්නේ මොනවැදැයි යන්න දැනගැනීමේ වුවමනාවක්වත් නැතිවීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ බෙලහීනත්වය ප්‍රකාශ කරන්නක් බවට හෙතෙම චෝදනා කරයි.

    යුදමය වාතාවරණය පැවති සමයේ ද්‍රවිඩ ජනයාට එරෙහිව ශ්‍රී ලංකාවේ සිදුව ඇති මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමට හා එක්සත් ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ පවත්වන ලබන වි‍රෝධතා ව්‍යාපාරයන්ට එරෙහිව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය විසින් ලබන 12 වන දින ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට දැවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ඉන්දීය මාධ්‍යය උපුටා දක්වයි.

    තම සංවිධානයද මෙම දැවැන්ත උද්ඝෝෂණය ට සහය දක්වන්නට තීරණය කළ බව "විඩුදලෙයි සිරුත්තෛයිකල්"සභාපති තොල් තිරුමාවලවන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Source:ADADERANA.LK

    කොටියෙක් ගේම ඉල්ලලා
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මගේ නම් එස් මල්දෙනිය ඒක උඹට කියවන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ මොකද උඹව හරි හමන් අධ්‍යයාපනයක් දීපු නැති එක උඹෙ වැඩිහිටියන්ගෙ වැරැද්ද මම කිවුවෙ මගේ මතේ
    මේක පබ්ලික් ෆෝරම් එකක් ඒකියන්නෙ අපි ඕනෙ එකෙක්ට අපේ මතය කියන්න පුලුවන් තව කාට හරි මෙම්බර් කෙනෙක්ට අපහාස නොකරන තාක් කල්

    ඒක උඹට ඉවසන්න අමාරු නම් උඹ ‍ප්‍රයිවට් ෆෝරම් එකකට ගිහින් උඹෙ අදහස් දාපන් මොකද උඹට මේකෙ තියෙන අයිතියම මටත් තියෙනවා මගේ රිප්ලයි නවත්තන්න කියල මට තර්ජනය කරන්න උඹට බෑ
    :angry::angry::angry:

    තව ටික දවසකින් බලා ගන්න පුලුවන් සුද්දන්ට ඇත්තටම කඩේ ගියේ කවුද කියල එතකන් පොඩ්ඩක් ඉවසපන් කිසිම ඵලක් නැති වැඩක් කරල ලෝකෙ ට ලංකාවම නෝන්ඩි කරවපු වාම උඹල වගේ අඩු මානසිකත්වයෙන් ඉපදිලා පහත් තෘප්තියක් ලබන උන් හිතන්නෙ ඒක වීර ක්‍රියාවක් කියල

    මචන් උබට හරකෙක්ට වගේ මොළේ තියෙනවා....
    මේ රට පාවලා දුන්නේ කවුද කියලා උබට අබ ඇටේක මොළයක් තියනවනම් තේරුම් ගන්න පුළුවන්.....
    රට ගිනි තියලා දැන් නිකම් බබා පාට් දාන එවුන්ට තමයි කෙලවන්නේ කවදා හරි....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    403180617thirumawalawan.jpg

    එක්සත් ජාතීන් එපා නම් ශ්‍රී ලංකාවත් එපා

    July 10, 2010 11:07 am

    ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉවත්කරන්නේනම් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද ඉවත් කළයුතු බව"විඩුදලෙයි සිරුත්තෛයිකල්"සභාපති තොල් තිරුමාවලවන් මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කාර්යාලයක් වසා දමන්නට ක්‍රියා කිරීමත් එක්සත් ජාතීන්ට එරෙහි ශ්‍රී ලංකාවේ විරෝධයන් දැක්වීමත් පිළිබඳ හෙතෙම මේ බව කියා සිටියි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ චෝදනා පිළිබඳ තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හෝ අවසර ලබානොදීම පිළිබඳ සිය බලවත් විරෝධය පළ කරන බව "විඩුදලෙයි සිරුත්තෛයිකල්"වෙනුවෙන් තිරුමාවලවන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල කමිටුව කියන්නේ මොනවැදැයි යන්න දැනගැනීමේ වුවමනාවක්වත් නැතිවීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ බෙලහීනත්වය ප්‍රකාශ කරන්නක් බවට හෙතෙම චෝදනා කරයි.

    යුදමය වාතාවරණය පැවති සමයේ ද්‍රවිඩ ජනයාට එරෙහිව ශ්‍රී ලංකාවේ සිදුව ඇති මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමට හා එක්සත් ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ පවත්වන ලබන වි‍රෝධතා ව්‍යාපාරයන්ට එරෙහිව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය විසින් ලබන 12 වන දින ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට දැවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ඉන්දීය මාධ්‍යය උපුටා දක්වයි.

    තම සංවිධානයද මෙම දැවැන්ත උද්ඝෝෂණය ට සහය දක්වන්නට තීරණය කළ බව "විඩුදලෙයි සිරුත්තෛයිකල්"සභාපති තොල් තිරුමාවලවන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Source:ADADERANA.LK

    කොටියෙක් ගේම ඉල්ලලා

    කොටි නම් හිත හදා ගන්න පුලුවන්.... කොහෙද මේ සිංහල කොටි දඟලන හැටි බලා පල්ලකෝ....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොටි නම් හිත හදා ගන්න පුලුවන්.... කොහෙද මේ සිංහල කොටි දඟලන හැටි බලා පල්ලකෝ....

    ඒක ඇත්ත මචන්.. මේකෙ ඉන්න ගොඩක් එවුන්ට අපේ එකාව තමයි පෙන්නන්න බැරි.. උන්ට බන්කියා හොඳයි..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hari den oka thiyana dewal mehe une nettam ai api okata baya... very clear !

    උඹ කොහොමද දන්නේ අපි ඒව කලේ නෑ කියලා? යුද්දෙයක් කරද්දි සාමාන්‍ය මිනිස්සු කොහොමත් මැරෙනව.. (korean war එකේදි American forces වලින් සාමාන්‍ය මිනිස්සු ල්ක්ශ 35ක් මැරුන.. vietnam වල තවත් ලක්ශ ගානක්.. Angola, somaliya, Egypt, Iraq, Afganistan.. මේ තැන් වල american කාර්යො මරපු සාමාන්‍ය මිනිස්සු ගාන කොච්චරද?)
    මුන් හදන්නෙ ලංකාවෙ වෙච්ච ඒව අල්ලගෙන ලංකාවට කෙලවන්න..

    අපි මෙතනදි විමල්ට උදවු කලයුතුයි.. පක්ශ භේදයෙන් තොරව.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    hari den oka thiyana dewal mehe une nettam ai api okata baya... very clear !

    යකෝ උඹ ඇස් කන් පියාගෙනද හිටියේ මෙච්චර කල් උන දේ එව අයෙත් ඔනෙ නෑ .කිරි සප්පය පවා දන්නවා.දන්න්නෙම නෑ උඹ බබානේ එක්ක්කෝ උඹට මච්චර කියද්දිත් තෙරුම් නොගන්න මන්ද බුද්දිකයෙක් වෙන්න ඇති නැත්නම් කෑ ගහල බලපන් උම්බෑ කියවෙනවද කියලා එහෙමනම් අවුලක් නෑ කෑ ගහ ගහ ඉඳපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ කොහොමද දන්නේ අපි ඒව කලේ නෑ කියලා? යුද්දෙයක් කරද්දි සාමාන්‍ය මිනිස්සු කොහොමත් මැරෙනව.. (korean war එකේදි American forces වලින් සාමාන්‍ය මිනිස්සු ල්ක්ශ 35ක් මැරුන.. vietnam වල තවත් ලක්ශ ගානක්.. Angola, somaliya, Egypt, Iraq, Afganistan.. මේ තැන් වල american කාර්යො මරපු සාමාන්‍ය මිනිස්සු ගාන කොච්චරද?)
    මුන් හදන්නෙ ලංකාවෙ වෙච්ච ඒව අල්ලගෙන ලංකාවට කෙලවන්න..

    අපි මෙතනදි විමල්ට උදවු කලයුතුයි.. පක්ශ භේදයෙන් තොරව.
    :rolleyes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    hari den oka thiyana dewal mehe une nettam ai api okata baya... very clear !

    මචන් අපි ඔක්කොම දන්නවා එහෙම දෙයක් උනා කියලා... නැත්නම් මෙච්චර දඟලන්න ඕනේ නෑ.........
    එහෙම යුධ අපරාධ උනත් අපේ රණවිරුවෝ ඒවා කළේ කා වෙනුවෙන්ද???
    රට වෙනුවෙන් නේද???
    දැන් අපි මොකද කරන්නේ පාට කණ්නාඩි දාගෙන රණවිරුවන් වයි රටයි දෙකම පාවලා දෙනවා.....
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ane man da.. me deshapremiyo rela war crimes una kiyala thopimaneda rata pawala denne......

    yako api kiyanne war crimes une ne kiyala... kawda kiyanne una kiyala ?? deshapremi kiyana thopi neda...

    war ekata involve wela inna un meruwata war crimes kiyanne ne...
    casualties walata war crimes kiyanne ne....

    itin ai baya... yako lankawe ehema war crimes une ne... genocide une ne.... thopi thama anduwata fun ekak ganna war crimes una mehe ewa check karanna be kiyala ke gahanne.....

    harak kawda kiyala thopima therum ganin
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    great post machan.vimal mona wasiyak gaththath aulak na ne ban aken ape ratata hodak wenawa nam/ape kalakanni hathtata owa therenne na.....
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    උඹ කොහොමද දන්නේ අපි ඒව කලේ නෑ කියලා? යුද්දෙයක් කරද්දි සාමාන්‍ය මිනිස්සු කොහොමත් මැරෙනව.. (korean war එකේදි American forces වලින් සාමාන්‍ය මිනිස්සු ල්ක්ශ 35ක් මැරුන.. vietnam වල තවත් ලක්ශ ගානක්.. Angola, somaliya, Egypt, Iraq, Afganistan.. මේ තැන් වල american කාර්යො මරපු සාමාන්‍ය මිනිස්සු ගාන කොච්චරද?)
    මුන් හදන්නෙ ලංකාවෙ වෙච්ච ඒව අල්ලගෙන ලංකාවට කෙලවන්න..

    අපි මෙතනදි විමල්ට උදවු කලයුතුයි.. පක්ශ භේදයෙන් තොරව.

    100% agreed macho....:yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ane man da.. me deshapremiyo rela war crimes una kiyala thopimaneda rata pawala denne......

    yako api kiyanne war crimes une ne kiyala... kawda kiyanne una kiyala ?? deshapremi kiyana thopi neda...

    war ekata involve wela inna un meruwata war crimes kiyanne ne...
    casualties walata war crimes kiyanne ne....

    itin ai baya... yako lankawe ehema war crimes une ne... genocide une ne.... thopi thama anduwata fun ekak ganna war crimes una mehe ewa check karanna be kiyala ke gahanne.....

    harak kawda kiyala thopima therum ganin

    අනේ යකෝ අපි කියන්නේ රට ඇතුලේ....
    උබලගේ මහ එවුන් ඔවා කියන්නේ ජාත්‍යන්තරයට..... අන්න ඒකයි වෙනස...