♥♥* ✰ සැගවුණු අමුත්තෝ ✰ *♥♥

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♥♥* ✰ සැගවුණු අමුත්තෝ ✰ *♥♥

    සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.

    animals-1.jpg



    මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ


    animals-2.jpg



    මැඩගස්කර් දූපත්වල සිටින මේ උරගයන් විශේෂය මුහුදු වෙරළ ආසන්න ගල්පරමත ජීවත් වෙයි.
    ඔවුන්ගේ ශරීර වර්ණය එහි ගල්පරවල වර්ණයට බොහෝ සෙයින් සමානය




    0.jpg


    වනාන්තරයේ සැරිසරන විට හොඳින් පෙනෙන් ජිරාෆයන් අතරින් මේ ජිරාෆයා සැගැවී සිටින්නේ අපූරු ආකාරයකිනි


    animals-4.jpg



    බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ.


    animals-5.jpg


    මෙම අත්ත මත හූනකු සිටින බව හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ.

    animals-6.jpg


    මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය



    animals-7.jpg


    මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත.


    animals-8.jpg


    කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත.


    animals-9.jpg


    පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.


    animals-10.jpg



    කොළ රොඩු අතර සිටින සළඹයා හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ



    animals-11.jpg



    මේ දළඹු විශේෂය තමන්ට පෝෂණය සපයන ශාක පත‍්‍රයට ගැලපෙන ආකාරයටම අනුවර්ථනය වී තිබේ



    animals-12.jpg



    ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි




    animals-13.jpg



    තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි.




    animals-14.jpg



    දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි.




    animals-15.jpg


    මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය



    animals-16.jpg


    මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි.




    animals-17.jpg



    බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි




    animals-18.jpg



    සර්පයෙක් සැගවී සිටින අයුරු




    animals-19.jpg



    මේ බස්සන් දෙදෙනා තම ශරීරයට ගැලපෙන ගසක් තෝරාගෙන විවේකයෙන් සිටින ආකාරය



    animals-20.jpg


    කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය



    animals-21.jpg


    දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි



    animals-22.jpg


    මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ



    animals-23.jpg


    ගසේ කඳේ පැහැයටම සිටින සලබයා




    animals-24.jpg


    මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි.



    animals-25.jpg


    මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි



    animals-26.jpg


    දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.

    උපුටා ගැනීමකි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල බං.
    අඩෝ සමහර ඒව හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕන :shocked::baffled:
    සමහර ඒව හොයාගන්න බැරි න්සිඅ වැඩේ අතෑරලා දැම්ම. නිකන් MH370වගේ :baffled:
    උබෙයි මගෙයි වෙලාවට තාම උඹට රෙප් කියන රෙද්ද දීගන්න විදියක් නෑ :( මම වැඩිය කට්ටියට දෙන්නෙ නැති න්සිඅ වෙන්නැති :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16493233 said:
    එල බං.
    අඩෝ සමහර ඒව හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕන :shocked::baffled:
    සමහර ඒව හොයාගන්න බැරි න්සිඅ වැඩේ අතෑරලා දැම්ම. නිකන් MH370වගේ :baffled:
    උබෙයි මගෙයි වෙලාවට තාම උඹට රෙප් කියන රෙද්ද දීගන්න විදියක් නෑ :( මම වැඩිය කට්ටියට දෙන්නෙ නැති න්සිඅ වෙන්නැති :(
    :rofl::rofl::rofl::rofl:

    සිරා කතාව MH370
    වෙලාවට රේප් දෙන්න බැරි උනේ නැත්ටම් අයේ user cp ය බලලා ඉවරයි :rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16493282 said:
    රිදිච්ච මතකයි නෙහ්. මතක් වෙනකොටත් රිදෙනවා නෙහ් :rofl:

    ඔව් කාටද තවමත් user cpya බලන්න බැරි :P:P:P
    මේකට නම් හොදටම් සිදෙයි :rofl::rofl: