♥ සොදුරු නවෝදය ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-03.jpg




    03

    "මේ මොකාද බං පට්ට දවාලෙ හන්ඩ්‍රඩ් මීටර්ස් කරන්නේ..."


    ඉස්කෝලෙ ඇරිලා ඒ තරම් වෙලාවක් ගිහින් තිබුණෙ නෑ. පැතුමගෙයි මගෙයි පොත් මිටි දෙක මගේ අතේ. ඌ ගාව මගේ මවුන්ටන් බයිසිකලේ. පැතුම්ගෙ කතාව හින්දම මං හැරිලා බැලුවා. ඉස්කෝලෙ කොල්ලෙක් පණ එපා කියලා දුවගෙන එනවා..



    "අ.... අනේ... නවෝද් අයියේ... හ්.. ග්.. හ්ග්.."



    හොදට දැකලා පුරුදු මූණක් වගේ මතකයෙ තිබ්බ හින්දා, මං ඕනෑකමින් කොල්ලා දිහා බැලුවා. මේ අර දහය වසරෙ ප්‍රේමවන්තයානේ.



    "මොකද මල්ලි..?"



    "හ්ග්.. හ්ග්.. මට ගහන්න එනවා.."



    "ගහන්න එනවා.. කවුද මල්ලි තමුසෙ වගේ ඇටකිච්චෙකුට ගහන්න එන්නේ.. ඌට ලැජ්ජා නැද්ද..?"



    "කෑ නොගහා හිටපං පැතුම්, මං අර කලින් දවසක උඹලට කතන්දරයක් කිව්වා මතකද..? චතුරංගයා.. දහය වසරෙ නංගි බබෙකුට බැල්ම දාලා කියලා.. අන්න ඒ දානමය පුන්‍යකර්මයේ කොටසක් තමයි මේ.."



    "ඒකත් එහෙමද..? කලින් කියන්න එපෑය කොල්ලො.."



    පැතුම්, පොඩි එකාගෙ අතින් අල්ලා ගත්තා. ඒ එක්කම තමයි චතුරංගයි, තවත් දහතුනෙ අලි ඔලුවො දෙන්නෙකුයි කොලෙජ් එකේ කොනෙන් මතුවුණේ.



    "මං එෆයාර් එක නැවැත්තුවෙ නෑ කියලා, චතුරංග අයියා දැනගෙන..."



    "කොහොමද දැනගෙන තියෙන්නේ..?"



    "මං දන්නෑ නවෝද් අයියේ.."



    "කෙල්ල කිව්වද දන්නෙ නෑ.."



    "නිලංකා එහෙම කියන්නෑ අයියේ.."



    පිස්සු හැදෙනවා.. බලහල්ලකො මුගේ තියෙන විශ්වාසයෙ තරම.. මූ උත්තම පුරුෂයෙන් ප්‍රේම කලාට ඒකි ප්‍රේම කරන්නෙ වෙන මොකකින් හරිද දන්නෙ නෑ..



    "මිලාන්... මෙහෙ වරෙන්.."



    ගස් ගොනා වගේ දිගට දිගට අඩි තිය තියා ඇවිත්, චතුරංග අපිට ටිකක් එහායින් නතර වුණා. ඒ නතර වෙලයි ඔය ඇහුණු උදාන වාක්‍යය ප්‍රකාශ කලේ.



    "උඹ යන්නෑ කොල්ලා..."



    මං ලාවට කිව්වා. කොල්ලා ඒ ෆිට් එකට මට ඩිංගක් කවර් වුණා. පැතුම්, මවුන්ටන් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහලා මගේ ළගට ආවා..



    "උඹට මං කිව්ව දේ ඇහුණද..?"



    චතුරංගය අඩි හැප්පුවා. කොල්ලා බයෙන් වගේ මට තවත් කිට්ටු වුණා. මං ඒකව ගාඩ් කරන ගමන්ම ඉස්සරහට අඩියක් තිබ්බා. චතුරංගගෙ ඇස් දෙක කේන්තියෙන් විරූප වෙලා තිබ්බා. මස් පිරුණු කම්මුල් දෙක හෙමින් සීරුවෙ නටන හැටිත් මං යාංතමට දැක්කා.



    "ඕකව මං ළගට එවපං.."



    චතුරංග මගේ දිහාට ඇගිල්ල දික් කලා. ඔන්න.. ඔන්න ඉල්ලගෙන කන්නයි හදන්නෙ මේකා. හිත ඇතුලෙන් සන්සුන් වෙන්න උත්සාහ ගන්න ගමන් මං ඌ දිහා බැලුවා. උඹ හදන්නෙ මගේ කේන්තිය ඩිංගක් අවුස්සන්න නම් ඒ දේ උඹට කවදාවත් කරන්න බෑ.. මං මගේ හිතට කියාගත්තා..



    "උඹ කාටද කිව්වේ..?"



    සහෝදර ප්‍රේමයක් නෑනේ.. මං කෙලින්ම ඇහුවා.. චතුරංගගෙ ඇස් දෙක ජම්බෝල සයිස් උනා. ඌ මගෙන් ඒ වගේ ප්‍රකාශයක් බලාපොරොත්තු උනේ නෑ කියලා මට තේරුණා..



    "කිව්වෙ උඹට.."



    "එහෙනම් ඒක කෙරෙන්නෑ කියලා හිතාගනිං.."



    "ඇයි...?"



    "මාත් අහන්නෙ ඇයි කියලා තමා.."



    "මං ඇහුවෙ, ඔය කොල්ලව මං ළගට එවන්නැත්තෙ ඇයි කියලා..?"



    "ඌ මගේ ළග ඉන්න හින්දා.."



    "ඒකත් එහෙමද..? ඒයි.. අන්න අර ගස් ගෙම්බව ඇදලා ගනිල්ලා.."



    චතුරංග එක්ක ආපු කොල්ලො දෙන්නට ඌ කෑගැහුවා. එහෙනම් ඉතිං හැමදේම පැත්තකින් තියලා ගේමට බහින්න වෙනවා. තවදුරටත් සාමයක් නෑ. ඒත් මං ඉස්සර වෙන්න කලින් මේ කතාව මැද්දට පැතුම් පැන්නා.



    "අන්න.. අන්න.. තමුසෙලා කැත වැඩේකටයි අත දාන්න යන්නේ.. අපේ බෙකම් ළග තියෙන ඕනම දේක අයිතිය තියෙන්නෙ බෙකම්ට.. සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න කැමති නම් අපි හැප්පිලා බලමු.. ආයෙ මේ අවධාරණයෙන් කියන්නේ, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න දෙන එක දෙනවා.. තේරුණානේ..?"



    පැතුමා කතාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරා. කොටින්ම උගේ කතාවට අරුන් තුන්දෙනා බයවුණා..



    "හොදයි... අපි බලාගමු.. අඩෝ මිලාන්.. උඹ තනියෙම අහුවෙන්න එපා.. හරිද ඩෝ..?"



    "ඔය තරම් කියවන්න එපා බං.. අපිටත් ලැජ්ජයි ඔය කියවිල්ලෙ තරමට වැඩ නැති එක ගැන. උඹ දන්නවද චතුරංගගෙ අලුත්ම නිව්ස් එක.."



    පැතුම් චතුරංගයට තවත් ළංවුණා. වළිය පැත්තකට දාලා වගේ චතුරංගයත්, ඌට ළංවුණා. මුං දෙන්නා කිස් කරන්නද යන්නේ..?



    "මොකක්ද..?"



    "ස්කූල් එකේ අන්ඩර් නයින්ටීන් ෆුට්බෝල් ලීඩර් අපේ බෙකම්.. මොකද ඇග කිලිපොලා යනවද..? ඉරිසියාවෙ පැලෙන්න එනවා වගේ නේද..? උඹ බාස්කට් බෝල් ලීඩර්.. බෙකම් ෆුට්බෝල් ලීඩර්.."



    "ඒකත් එහෙමද..?"



    චතුරංගගෙ මූණ කළුවෙලා ගියා. මං හිතුවෙ මෙලහකටත් ඌට ආරංචි වෙලා ඇති කියලා. කොහෙද බලන් ගිහම උගේ මාධ්‍ය ඒකකය මෙලෝ වැඩකට ඇති එකෙක් නෙමෙයි වගේ. මුළු ඉස්කෝලෙන් තුන් කාලක් විතර දන්න දෙයක් මේ හැලපයා දන්නෙ නෑ කිව්වම..



    "මිලාන්... පරිස්සම් වෙයන්... උඹ අදට බේරුණා.."



    චතුරංග ආයෙත් ඇගිල්ල දික් කලා. ඒකට නම් මට මල පැන්නා. මොන බත්කූරෙක්ද මේ..?



    "චතුරංග.. ඔය ඇගිල්ල නමාගනින්.. උඹ දහතුනේ උනාට මේ ඉස්කෝලෙ රන් කරන්නෙ අපේ ඉයර් එකේ ඈයෝ.. උඹ ඔය දාන ෂෝ වලට මං කැමති නෑ.. උඹ කැමති නම් ඕවා ගිහින් කණිෂ්ඨෙ පැත්තෙ දාපං.. ඒ පුංචි එවුන් නම් ඕවට කැමති වෙයි.."



    "නවෝද්.. මේ..?"



    හුග කාලෙකට පස්සෙ චතුරංග මට නම කියලම කතා කරා. ඇති මූට ඒකටවත් ෆිට් එක තිබ්බා.



    "උඹට මගේ නම මතකයි.."



    "මොකෝ අමතක.. මෙතන මට උඹත්තෙක්ක ප්‍රශ්නයක් නෑ.. මං උඹත්තෙක්ක වලියක් දාගන්නවත් ආවෙ නෑ.. මං ආවෙ මිලාන්ව හම්බවෙන්න.. මට ඌව ඕන.. ඒකව මට දීපං.."



    "ඌ මගේ එකෙක්.. ඌට අත තියන්න උඹට බෑ.."



    "ඌ කොහොමද උඹේ එකෙක් වෙන්නේ..?"



    "නිලංකා මගේ නංගි කෙනෙක් වෙන හින්දා.."



    බලන් ඉද්දිම චතුරංගයගෙ කට ඇරුණා. ටිකක් වෙලා යනකන් ඌට කට වහගන්නත් අමතක උනා. ආයෙ ඌ ජීවිතේටවත් මං ඉස්සරහා මිලාන් ගැනවත්, නිලංකා ගැනවත් කතා කරන එකක් නෑ..



    ***********************************



    හවස් වරුවෙ මං කෑවයින් නොකෑවයින් ගෙදරින් පැන ගත්තා. සුපුරුදු පරිදි ට්‍රැවලින් බෑග් එක පිට මැදට අරගෙන ලොකු කුෂන් පටිය, පපුව හරහට දාගත්තා. ප්‍රැක්ටිස් කරා හෝ නැතුවා මේ යන ගමන නම් හිතට සනීපයි. කොහොමටත් ප්‍රැක්ටිස් නැතිවුණත් දවසකට එකපාරක් හරි ග්‍රවුන්ඩ් එක බලලා යන එක මට පුරුද්දක් වෙලා තිබ්බා..



    "බෙකම්.. මොකද අද කලින්ම..?"



    පැවිලියන් එකේ පඩිපෙල බහින්න හම්බ වුණේ නෑ.. බලයා මං ඉස්සරහට ආවා..



    "කලින්මත් නෙමේ චමිල්.. වෙලාව දෙකහාමාරයි.."



    "ඒක නෙමෙයි කතාව.."



    බලයා මට ඇහැක් වැහුවා. උගේ මූණෙ තිබ්බෙ පැණි පෙරෙන හිනාවක්. මේකා මොකාටද එන්න හදන්නේ..



    "එහෙනම්..?"



    "උඹ කලින් ආවෙ ඇයිද කියලා කියන්න මං දන්නවා.."



    "හා කියපං බලන්න.. හැබැයි අවමගුල එව්වා කියන්න ආවොත් දෙන එක දෙනවා කනේ බෝල කීං කීං ගාන්න.."



    "උඹ ආවෙ සමින්දි අක්කව බලන්න නේ.."



    කාට බොරු කරත් මූටයි ඇම්ඩටයි බොරු කරන්න බෑ.. මුංට ඔක්කොම මළදානවල් තේරෙනවා..



    "පිස්සු නැතුව ඉදපං චමිල්.."



    "අන්න.. අන්න.. බෙකම්.. එව්වා කැත වැඩ.. මං හරි නම් හරි කියලා මාව නිදහස් කරපං.."



    "නෑ චමිල්.. සමින්දි අක්කගෙ බෑග් එක එයාට දෙන්න ඕන.. නැත්තං හරි නෑ.. කෙල්ලගෙ ෆෝන් එකත් මේකේ.."



    "උඹට හරි දුකයි වගේ.."



    "නැත්නම්.. කාගෙ උනත් සීදේවි ගෑණු ළමයෙක් නේ"



    "ඔය බෑග් තඩිය දෙන එක ටිකක් පහු කලා නම් නරකද..?"



    "ඇයි චමිල්..?"



    "සමහර විට ඉල්ලන් කන්නත් පුළුවන්.. වැඩේ කරදරයි.."



    හවස් වෙනකල්ම ප්‍රැක්ටිස් කරත්, මගේ ඇස් දෙක තිබ්බෙ පිට්ටනියෙ ඈත කෙලවරේමයි. කීප සැරයක්ම මගේ අවධානෙ බිදලා සමින්දිලා වෙනදට ප්‍රැක්ටිස් කරන පැත්ත බැලුවා. ඒත්.. එයාගෙ හුළගක්වත් නෑ.. ඒ කියන්නෙ එයා අද එන්නෙ නැතුවද..? එතකොට මං කොහොමද මේ බෑග් එක සමින්දිට දෙන්නේ..?



    "බෙකම්.."



    "ම්.."



    "පෙත්තාවඩු අදත් නෑ.."



    "මට කරන්න දෙයක් නෑ චමිල්.. ඌ දිගටම ප්‍රැක්ටිස් නාවොත් සෝමතිලක සර්ට කියලා පොඩි කෙල්ලෙක්ව ටීම් එකට ගන්නවා.."



    "ඒවට තව කල් තියෙනවා.. අපි කලබල නොවී ඉමු.."



    හයයි කාල වෙද්දි පිට්ටනිය පුරා පැතිරිලා ගියේ මහා පාලුවක්. අද වැඩිදෙනෙක් ප්‍රැක්ටිස් කරන්නවත් ඇවිල්ලා නෑ. පිට්ටනිය පුරා වෙනද නැති පාලුවක් දැනෙන්නෙ, කොල්ලො කෙල්ලො නැති හින්ද වෙන්නැති කියලා මට හිතුනා.



    චමිල් ස්ටෑන්ඩ් එක පැත්තට යද්දි මං මවුන්ටන් එක තල්ලු කරගෙනම ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට හැරුණා. මගේ හිතට මහා මොකක්දෝ වෙලා. මෙහෙම හැගීමක් මට කවදාවත් දැනිලා තිබුණෙ නෑ. හිත කොයි තරම් නෑ නෑ කිව්වත් මගේ ඇස් අද හවස්වරුව පුරාම සමින්දි අක්කව හෙව්වා කියනෙක මං දැනන් හිටියා. එයාට අද මොකද වුණේ.. මට හිතාගන්නම අමාරු වුණේ ඒකයි. අනික එයාගෙ බෑග් එක මගේ ට්‍රැවලින් බෑග් එකට දාගෙන මේ මග බලන් ඉන්නෙකත් ඩේන්ජරස් වැඩක්..



    ************************************



    දවස් දෙකක් නිදහසේ ගෙවිලා ගියා. ඒත් මගේ හිත බලාපොරොත්තුවෙන් හිටපු සමින්දි අක්කගෙ රූපෙ මං දැක්කෙ නෑ. අඩුගානෙ, ඇම්ඩා කියපු ඉන්කිවත් මං දැක්කෙ නෑ. මෙයාලට මොනවා උනාද දෙයියනේ.. මං කෙරුවෙ ප්‍රැක්ටිස් කරන්න එනකොට බෑග් එක අරගෙන ඇවිත් හවස යනකොට අරන් යන එක..



    "බෙකම්..?"



    "ම්..."



    කල්පනා සාගරයෙ අතරමං වෙලා ඉදපු මාව හැබෑ ලෝකෙට අරගෙන ආවෙ නාලක. උගෙ ඇස් දෙක දිලිසෙනවා තවත් මොකක් හරි කුණුහරුප වැඩක් කරලද මංදා..



    "උඹේ බෑග් කතාවෙ වර්ථමාන තත්වය කොහොමද..?"



    "පිස්සු කියවන්නැතුව ඉදපං.. ඒකෙ කතා කරන්න දෙයක් නෑ.."



    "ඒ කියන්නෙ උඹ තාම බෑග් එක දුන්නෑ.."



    "ඔව්..."



    "ඕක මගේ ගාව තිබුනා නම් මෙලහකටත් මං දීලා. අපිට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියලා."



    "දෙන්න හම්බවෙන්න එපෑය.. එදයින් පස්සෙ එක දවසක්වත් ඒක් ග්‍රවුන්ඩ් ආවෙත් නෑ.."



    "එහෙනම් අපි කොන්වන්ට් එක පැත්තෙ යමුද..?"



    උගේ අදහසත් නරකම නෑ.. ඒත් ඒක කොහොමද කරන්නේ..? අපි මේ සද්භාවයෙන් කරන්න යන දේ, වටපිටේ බලන් ඉන්න ඈයො කොහොම පිළිගනියිද කියන ප්‍රශ්නෙ මගේ හිත උඩම තිබුණා. අනික ඇම්ඩා වගේ එකෙක් එක්ක ඔය වගේ තැනකට යනවා කියන්නෙ සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්..



    "දැන් කොන්වන්ට් ගිහිල්ලා වැඩක් නෑ බං.. බිල්ඩින් ටික බලලා එතැහැකි.."



    "හෙට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක.. උඹ එනවද..?"



    "ප්‍රැක්ටිසුත් තියෙනවා නාලක.."



    "ක්ලාස් ඇරිලා ඇවිත් ප්‍රැක්ටිස් කරපං බං.. අනික මට අර ගෑනිගෙ, අඩන මූණ තව පාරක් බලන්න ඕන.."



    "මොන ගෑණිගෙද..?"



    "දුෂ්මන්ත ගෑණිගෙ.."



    "ඌට වද දුන්නා ඇති නාලක.."



    "මොන ඇතියක්ද බෙකම්.. මං තාම මේ පටන් ගත්තා විතරයි.. බලන් ඉදපංකෝ ඉස්සරහට වෙන දේ.."



    නාලක කියන්නෙ අමුතුම චරිතයක්.. ඒ අමුතුකම හින්දා තමයි ඌ මුළු ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ධත්. අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයි ඌ වෙනින් ඉස්කෝල වලත් ජනප්‍රියයි.. ඒකට වැඩි හරියක්ම බලපෑවෙ තලපතාගෙ කැහිකූරු සිද්දීය.



    තවත් දවසක් ලාන්තරස් විදියට ගෙවුනා. මෙලෝ වගතුවක් නෑ. සමින්දි අක්කගෙ බෑග් එක දැන් තිබ්බටත් වැඩිය බරවෙලා මගේ හිතට. ඒත් ඒ බර වාෂ්ප වෙලා වගේ ගියේ අහම්බෙන් වෙච්ච සිද්ධියක් හින්දා.



    "නවෝද..?"



    ග්‍රඩුන්ඩ් එකේ කෙලවරේ තියෙන දාර සයිස් කොට්ටම්බා ගහ යටට වෙලා මං බිම දිගාවෙලයි හිටියෙ. සෝමතිලක සර්ගෙ කටහඩ ඇහුණ ගමන් මං දනිපනි ගාලා නැගිට්ටා..



    "සර්..."



    "හුග දවසකට පස්සෙ පෙත්තාවඩු ප්‍රැක්ටිස් ඇවිත් තියෙනවා. රංඩුවලට යන්නෙ නැතුව සාධාරණව සෙල්ලම් කරන්න බන්න. ඔයා මිනිහට කතා කරොත් හොදයි..."



    මං කොට්ටම්බා ගහ ගාවින් නැගිට්ටා. පිට්ටනියෙ ඈත මෑත බැලුවහම අලුත්ම ෆුට්බෝල් ෂුස් දෙකක් දාගෙන බෝලෙ පස්සෙ දුවන පෙත්තාවඩුවා මං දැක්කා. මීට් එකේ ලීඩර් විදියට මං මොන තරගකාරයා එක්ක උනත් කතා කරනවා. මොකද මොන දෙයින් හරි අන්තිමට දිනන් ඕන අපේ ඉස්කෝලෙ නිසා..



    "පෙත්තා.."



    සියලු වාද බේද අමතක කරලා වගේ මං කතා කරා. ඌ මං දිහා බැලුවෙ අදහන්නත් බැරිව වගේ.



    "බෙකම්.."



    "උඹ ආපු එක ගැන සංතෝසයි. පහුවුන දවස්වල ආවෙ නැත්තෙ ඇයි..?"



    "මං අසනීපෙන් හිටියේ.. හිතේ ආසාවට ආවා මිසක ඇගේ ෆිට් එකට ආපු ගමනක් නෙමෙයි අද වුණත්.."



    පෙත්තාවඩු කිව්වෙ ඇත්තක්ද, බොරුවක්ද කියනෙක මට වැදගත් වුණේ නෑ. ටීම් එකේ ලීඩර් විදියට හැම ක්‍රීඩකයෙක්ම එකට එක්කහු කරගෙන ඉස්සරහට යාමේ වගකීම මං ඉස්සරහ තිබ්බා. පෙත්තාවඩු ආවෙ නැති දවස්වල ඌව ටීම් එකෙන් අයින් කරනවා කිව්වත් ඌ ආවහම මගේ හිතට සහනයක් වගේ හැගීමක් ආවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "එහෙනම් ටිකක් රෙස්ට් එකේ සෙල්ලම් කරපං.. වැඩිය මහන්සි වෙන්න ඕන්නෑ.."

    මගේ කතාවට පෙත්තා මුකුත් කිව්වෙ නෑ. ඌ බිම බලාගෙන බෑකී විදයට ප්ලේ කරන්ගියා..



    "බෙකම්..."



    එතනින් එහාට මගේ අවදානය යොමුවෙලා තිබ්බෙ හොද ටීම් එක්ක් හදාගෙන අනිත් ඉස්කෝල වලට හොද තරගයක් දෙන එක ගැන. ඒ අතරෙ තමයි බලයා ඇවිත් දාඩියෙන් නෑවිලා තිබ්බ මගේ ටී ෂර්ට් එකෙන් ඇද්දේ.



    "යකෝ... උඹ බෑකී නේද ඉන්න ඕන.. මෙතන මොන බම්බුවක්ද කරන්නේ..?"



    "අරකි උඹට කතා කරනවා.."



    "මොකීද..?"



    "ඉන්කි.."



    "කවුද..?"



    "ඉන්කි බං.. අර කොන්වන්ට් එකේ හන්ඩ්‍රඩ්, ටූ හන්ඩ්‍රඩ් කරන කලු කෙල්ල.."



    "ඇයි...?"



    "දන්නෑ බෙකම්.. උඹට ඩිංගක් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා.."



    ඩිංගක් නෙමෙයි.. හොදටම කතා කරන්න පුළුවන්. මං ග්‍රවුන්ඩ් එකේ කෝනර් එකට ආවා. අපේ කොල්ලො අවුට් බෝල්වලට කෝනර් කික් කලේ එතන ඉදන්..



    දහඩියෙන් නෑවිලා ඉදපු ඉන්කිව මං ඈතටම දැක්කා. හරියට ජව සම්පන්න කලු වෙළඹක් වගේ. මුළු ඇගම ජවයෙන් පිරිලා ගිහින් තිබුනා. කෙල්ල කලු උනාට ඒකිට තිබ්බෙ කතා කරන ඇස් දෙකක්. මං ළංවෙද්දිම ඒකිගෙ තොල් උඩට ලස්සන හිනාවක් ආවා..



    "ඔයා නවෝද් නේද..?"



    "ඔව්.. ඔයා මට කතා කෙරුවා කියලා නවෝද් කිව්වා.."



    "මං ගැන වරදවා හිතන්න එපා.. මං ඔයාට කතා කෙරුවෙ, පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්.."



    කෙල්ල හෝ ගාලා කියවන් යනවා.. මොකක්ද දන්නෑ මේ පුංචි උදව්ව.. ඇගෙන් කෑල්ලක් යන එකක්ද දන්නෑ..



    "කියන්න.. පුළුවන් දෙයක් නම් කරන්නම්.."



    මං ඉන්කි දිහා බලන් කිව්වා. කවුරු කිව්වා උනත්, කලු උනාට දොදොල් රසයි කියන කතාවෙ ඇත්තක් තියෙනවා කියලා මට හිතුනෙ එයාගෙ එහෙට මෙහෙට නැලවෙන ඇස් දැක්කාම.



    "ඔයා අපේ සමින්දි අක්කිව දන්නවා නේද..?"



    කෙල්ල එන්න හදන්නෙ මොකටද කියලා මට ඉවෙන් වගේ තේරුනා. මේක බෑග් කතන්දරේම තමයි.. මගේ ගාව තියෙනවා කියලා මේකිට ඉව වැටිලවත්ද.? ඒත් ඉතිං මෙයා ඇවිත් ඉන්නෙ උදව්වක් බලාපොරොත්තුවෙන් නේ..



    "නෑ..."



    වහින්නෙවත්, හෙණගහන්නෙවත් නැති හින්දා මං අමූලික පචයක් කිව්වා.



    "අනේ.. අනේ... ඔයා අපේ සමින්දි අක්කව දන්නෑ..? එයා අපේ හෙඩ් ප්‍රිපෙට්.. හුගාක් වෙලාවට මේ ග්‍රවුන්ඩ් එකට එනවා.. අර කොන්ඩෙ දිග, සුදු, මහත ගර්ල්.."



    "මට එච්චර ගානක් නෑ.. සොරි.."



    "අයියෝ.. අපි හිතන් හිටියෙ එයා හරිම ෆේමස් කියලා. අපේ ඉස්කෝලෙ වගේම අනිත් ඒවයිත්.."



    "මෙයා අද නම් උදව් ගැන කියන පාටක් නෑ. කටත් කතුර වගේ. එහේටයි මෙහේටයි ලතාවකට පද්දනවා.."



    "දැන් ඉතිං මං දන්නවනේ.. මොනවද ඔයාට වෙන්න ඕනෙ කියලා කියන්නකෝ.."



    අර දිලිසෙන ඇස් කරකවලා ඉන්කි මං දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්නෙපා බං.. මාව හීතල වෙනවා.



    "අපේ සමින්දි අක්කිගෙ බෑග් එක නැතිවෙලා.."



    ඔය ආවෙ තැනට.. මෙච්චර වෙලා රෙදි අපුල්ල අපුල්ල ඉදලා.. දැන් වනන්න තමයි තියෙන්නෙ වැලක් හොයලා..



    "ඉතිං..?"



    "ඉතිං කියන්නෙ නවෝද්... ඔයාට පුළුවන්ද ඒක හොයන්න උදව් කරන්න.?"



    "උදව් කරන්න නම් පුළුවන්.. ඒත් මං කොහොමද කොන්වන්ට් එකට එන්නේ..?"



    "ඇයි ඔයා කොන්වන්ට් එකට එන්නේ..?"



    "බෑග් එක නැතිවුණේ කොන්වන්ට් එකේදි නේ.."



    "අයියෝ නෑ... මේ ග්‍රවුන්ඩ් එකේදියි නැතිවෙලා තියෙන්නේ.. සමහර විට කවුරු හරි වැරදීමකින් අරන් ගියාද දන්නෙ නෑ. සමින්ද් අක්කිගෙ වටිනා දේවලුත් එකේ තිබිලා තියෙනවා..."



    වටිනවා කියලා කිව්වෙ අර යට ඇදුම් දෙකද දන්නෙ නෑ.. පිස්සුනේ මේකිත් කියවන්නේ.. ඔය කියන තරම් වටින දෙයක් ඒකෙ තිබ්බෙ නෑ. පුංචි පුංචි දේවල් කිහිපයක් ඇරෙන්න.. හනේ ඉතිං, අපි නොදන්න මොණරතැන්න..



    "මොන වගේ වටින දේවල්ද..?"



    "මාත් දන්නෑ නවෝද්.. සමින්දි අක්කි තමයි කිව්වේ.. ඒකයි මං ඒවම ඔයත්තෙක්ක කිව්වේ.."



    මොනවා උනත් ඉන්කි අවංකයි කියලා මට හිතුණා. කෙල්ල ඇත්ත කතා කරනවා..



    "මං හොයලා බලන්නම්. ඒත් හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බෑ.."



    "අනේ.. එහෙම කියන්න එපා.. ඔයාට පුළුවන් වේවි.."



    "එයා සිහි කල්පනාව තියෙන කෙනෙක්ද..?"



    මං කට ඇද කරලා අහද්දි ඉන්කිට හිනාවක් ගියා. මොනව උනත් මේකිගෙ හිනාව නම් සිරියාවන්තයි.



    "ඔව් දෙයියනේ.. ඔව්.. නැත්නම් අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙක්ට් කම එයාට දෙයිද.."



    "මං එහෙම ඇහුවෙ සමහර විට ඔය කියන බෑග් එක ගෙදර තියාගෙන මෙහාට වෙලා පණ දාගෙන හොයනවද දන්නෙත් නෑනේ.."



    "නෑ... නෑ.. නවෝද්.. මේක ග්‍රවුන්ඩ් එකේදිමයි නැතිවෙලා තියෙන්නේ.. ඔයා තරහා නැතුව චුට්ටක් හොයලා බලනවද..? අපි මේක අමතක කරන්නෑ.."



    ඉනික් කිව්වෙ, මූණට ආයෙමත් අර අමුතු හිනාව අරගෙන.. මේකි මට මොනවා කරන්නද යන්නේ..



    "අපි කිව්වේ...?"



    "මමයි, සමින්දි අක්කයි.."



    "හරි.. මං එහෙනම් වැඩේ බාරගත්තා කියලා හිතන්නකෝ.. හොද පැත්තට බලාපොරොත්තුව තියාගන්න. මොකද මේ නවෝද් තාම කිසි දේකින් ෆේල් වෙලා නෑ.."



    මං ටිකක් පංඩිත කතන්දරයක් කිව්වා. නැතුව බෑ. මේ වගේ අවස්ථාවල තමයි මාර්කටින් පිළිබද පශ්චාත් උපාධිය ඕන වෙන්නේ..



    "තැන්ක්යූ නවෝද්... එහෙනම් මං යන්නද..?"



    "ගියාට කමක් නෑ.. නම කියලා යන්න.. නැත්නම් මට කියන්න වෙන්නෙ එයා මෙයා කියලා.."



    "හා..නේ.. සොරි මට අමතක වුනා.. ඔයා කියනෙක හරි නේන්නම්.. මං කාවඨා.. ඒත් හුගක් අය මට කතා කරන්නෙ ඉන්කි කියලා.."



    ජවාධික නාඹර වෙළඹක් වගේ ක්‍රීඩාශීලිකමින් උතුරලා ගියපු ඉන්කිගෙ රූපෙ ඈත්වෙලා යද්දි මං හැරුණා. මගේ ඇස් ඉස්සරහට මිහියෙ බලයා.



    "මොකෝ කියන්නේ..?"



    "සමින්දිගෙ බෑග් එක හොයලා දෙන්නලු.."



    "උඹ ඉතිං කියන්න එපැයි නැතිවූ අය සොයා දෙන දෙපාර්තමේන්තුවට යන්න කියලා. උඹ අස්සෙ ලබු බහින්නෙ නැතුව.."



    "මං දන්නෑ බං.. ඒකි ඇහුවා පුළුවන්ද කියලා.. මං කිව්වා හා කියලා.."



    "ඔව් ඉතිං.. උඹට තියෙන්නෙ ඇම්ඩාගෙන් බෑග් එක අරන් ඒකිට දෙන එකනේ.. ඇම්ඩන් උඹට එසේ මෙසේ උදව්වක් නෙමෙයි කරලා තියෙන්නේ... අර සුදු කෙල්ල ළගට ගිහින් මෙන්න වස්තුවෙ ඔයාගෙ දායාදෙ කියලා, දෙනකොට කොහොම ලස්සන හිනාවක් ඒ පිංවන්ත මූණෙ මැවෙයිද..?"



    "උඹ රෙද්දක් කියනවා.. ඇම්ඩා ඒ බෑග් එක ඔබලා තිබ්බෙ මගේ ට්‍රැවලින් බෑග් එකේ.."



    "ඈ... ඒ කොහොමද..?"



    බලයගෙ කලු ඉංගිරියො දෙන්නා එළියට පනින්න වගේ ආවා. වෙලා තියෙන දේ ඌඨ අදහාගන්නත් බෑ වගේ. මං එතන ඉදන් වඩා සාධාරණව කල්පනාකාරීව වෙච්ච සියලු දේ බලයත්තෙක්ක කිව්වා..



    "බෙකම්..."



    "ඒකිගෙ යට ඇදුම් ඇදපු ඒවද..?"



    ඒ පාර මේකා මොකාටද එන්න හදන්නේ..?



    "පිස්සුද බං... ඒවා අලුත් ඒවා වගයක්.."



    "කෝකටත් උඹ ඒවයෙ සයිස් එක බලාගනින්.."



    "අර මක්කටෙයි..?"



    "නෑ.. මට හිතෙනවා.. අනාගතේදි උඹට ඒවා ඕනවෙයි කියලා.. සයිස් එක දන්න හින්දා ගිෆ්ට් එකක් දෙන්නත් පුළුවන් නේ.."



    මූට නම් සහලෝලා පිස්සු තමා. තාම වචනයක්වත් කතා කරලා නෑ. මූ කියනවා ගිෆ්ට් එකක් විදියටම යට ඇදුම් දෙන්නලු. ඒකි අනිවාර්‍යයෙන්ම මගේ කනේ බෝල රත්වෙන්න ගහයි...



    "පිස්සු කියන්නැතුව ඉදපං.. ඒකිට යට ඇදුම් අරන් දෙන්න මට පිස්සුවක් නෑ.. අනික ඒකිගෙ ඒ ඇදුම් ඔක්කොම ඉම්පෝටඩ් ඒවද කොහෙද.. ලංකාවෙ නමකවත් නෑ.. බර ගානක් වෙන්න ඇති.."



    "දැන් උඹ මොකද කරන්න හදන්නේ..?"



    "මොනවා උනත් මගේ වෙලාව හොදයි.. බෑග් එක දෙන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට තමයි ඉන්කි ඇවිත් මේ කොන්තරාත් එක බාර දුන්නේ. දැන් ඉතිං ස්තුති ප්‍රසංසායි වීරයගෙ රෝල් එකයි දෙකම ලැබෙන්නෙ මට..."



    "මොනවා උනත් පරිස්සමින්..."



    "ඇයි....?"



    "උඹේ ඉස්සරහදි වගේම, උඹේ නම කියද්දිත් ඉන්කිගෙ ඇස් දෙක දිලිසෙනවා වැඩියි..."



    "ඒකි කලුයි චමිල්.."



    "කලු...? කලු මොනවද බං.. තලඑළලුයි කියපං.. ඕකි ඔය ග්‍රවුන්ඩ් එකේ අව්වට කරවෙන හින්දා කලු වෙලා තියෙන්නේ.. අනි බලපංකෝ ෆිගර් එක.. සුදු කෙල්ලො පරාදයිනේ බං.. මටනම් අම්මපා දැක්කම ලෝභ හිතෙනවා.."



    ඔන්න.. ඔන්න.. බලයත් යම්කිසි පොටකට ඇවිල්ලා වගෙයි.. ඌ ඉන්කි ගැන කියවනවත් වැඩියි..



    "නවෝද් පුතා..."



    "අන්න උඹේ ක්‍රීඩා භාර අප්පොච්චි කතා කරනවා දුවපං..."



    සෝමතිලක සර්ගෙ කටහඩ ඇහෙද්දිම බලයා හිනාවුණා. ඌ කියනදේත් ඇත්ත තමයි. සෝමතිලක සර් මගේ ෆුට්බෝල් පැත්තට දාලා තාත්තා කෙනෙක් වගේ උදව් කලා..



    "දැන් ඉවර කරමු නේද..? බෝල හතරයි, නෙට් දෙකයි.. ඉස්කෝලෙ සිකියුරිටිට බාර දෙන්න.. ස්පෝර්ට් රූම් එකෙන් තියන්න කියලා.."



    "හරි සර්... එහෙනම් මං යනවා.."



    "ආ.. නවෝද්.."



    "ඇයි සර්..?"



    "අන්න අර පිස්සා ඇවිත් බලන් ඉදලා ගියා.."



    "කවුද සර්..?"



    "අර මෙලෝ දෙයක් කරන්නැති හාදයා.. අර දොළහා ඒ එකේ ඉන්නේ.."



    "නාලක..."



    "අන්න හරි... මිනිහා හිටියෙ ලොකු හදිස්සියකින්.. ඒක පිටින්ම මිනිහා ගියා.. මාත් එහෙනම් යනවා පුතා.. හෙට ඉස්කෝලෙදි හම්බවෙමු.."



    සෝමතිලක සර් යද්දි, මං ෂුස් දෙක ලේස් වලින් දිගට ගැටගහලා බෙල්ල වටේ දාගත්තා. ඇම්ඩා මේ හදිස්සියෙ ආවෙ ඇයි..? මගේ හිතේ තිබ්බ පලවෙනි ප්‍රශ්නෙ ඒකයි. ඒ ඇවිල්ලත් ඌ මාව හම්බනොවී ගියේ ඇයි..? මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා.. පීෂා කුළුන ඇද කරලා, ටජ්මහලෙ වහලෙන් බැහැපු මේකා ග්‍රවුන්ඩ් ආවෙ නම් හොදකට නෙමෙයි. මං දිගට හරහට හිතන්න ග්තතා. මූ නිකං හරි ගෑවුණොත් එතන කහට පැල්ලමක්.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. කෙහොම උනත් ටිකක් අවධානෙන් ඉන්න මං හිතාගත්තා..



    **********************************



    ට්‍රැවලින් බෑග් එක ඇද උඩට විසිකරලා දාලා මං වොෂ් එකක් දාගත්තා. ගිනියම් වෙච්චි ඇගට සීතල වතුර බිංදු වැක්කෙරෙනකොට දැනෙන සනීපෙ කියලා නිම කරන්න බෑ.. ඒ සනීපෙ අතරින් මට මැවුනෙ ඉන්කෙගෙ ඇස් දෙක.. ආයෙ කතා දෙකක් නෑ. ඒ ඇස් නම් කතන්දරයක්ම තමයි. මෙනවා උනත්, අපේ ඉස්කෝලෙ කෙල්ලන්ට වැඩිය, කොන්වන්ට් එකේ කෙල්ලන්ගෙ මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා. ඒ ගතිය මොකකද් කියලයි මං කල්පනා කලේ..?



    හෙට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක.. දුන්නු හෝම් වර්ක් වගයක් ඇති. යන නොඑන එක ගැන හෙටම හිතනවා. කෝකටත් තලපතාගෙ හෝම්වර්ක් කරලා හිටය නම් අවුලක් නෑ. මං සැදැහැ සිතින් ෆිසික්ස් පොත අතට ගනිද්දි, මගේ ට්‍රැවලින් බෑග් එකේ ෂිපර් එකට මොකක්දෝ ලේස් එකක් අහුවෙලා තියෙනවා අහම්බෙන් දැක්කා. මේ මොකක්ද බොල මේ..? මං ෆුට්බෝල් ෂු දෙකත් බෙල්ලෙ එල්ලගෙන නේ ආවේ..



    හිතපු නැති විදියට පපුව ඩක ඩක ගාද්දි මං බෑග් එකේ ෂිපර් එක ඇද්දා. දෙයි හාමුදුරුවන්ට කියන්න.. මගේ ට්‍රැවලින් බෑග් එක ඇතුලෙ තියෙන දේ දැක්කහම මාව ගල් ගැහුණා. ඒ ලේඩීස් බෑග් එකක්. යකෝ මේ බෑග් එක මේ තරම්ම ගැබ්බර වෙලාද..? කලින් දවසෙ එකෙක් ප්‍රසූත කලා.. දැන් අද තවත් එකෙක්. කෝකටත් කියලා මං ඒ ලේඩීස් බෑග් එක හෙමින් සීරුවෙ අතට ගත්තා. කොහොමද අප්පා මේක මගේ බෑග් එක ඇතුළට ආවේ..? ලේඩීස් බෑග් එක ඇතුලෙ නම් ඒ තරම් දෙයක් තිබුණෙ නෑ. කොටින්ම සමින්දි අක්කගෙ වගේ බරපතල දේවල් කොහෙත්ම තිබුණෙ නෑ. ටවල් එකක්, ෆවුන්ඩේෂන් ඔෆ් ඉංග්ලිෂ් කියලා පොතක්, බ්‍රෂ් එකක්, හෙයාර් ජෙල් එකක්, රුපියල් හාරසීයයක විතර මාරු ස්ලලි. ඔය වගේ අනං මනං ටිකක් තිබුණා. මගේ හිතේ ප්‍රශ්න කෝටියයි. කගෙද අප්පා මේක.. කවුරු හරි වැරදීමකින් මගේ ට්‍රැවලින් බෑග් එකට දැම්මද දන්නෙ නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන පැත්තට හිතුවත් මගේ හිතට උත්තරයක් නම් ආවෙ නෑ. මේ වෙච්ච හත්තිල්වව් ගැන කියන්න එකෙකුත් මට හිටියෙ නෑ. කිව්වා උනත් කවුරු විශ්වාස කරයිද අප්පා. අදුනන්නෙ නැති එවුන්ගෙ බෑග්වල, තමන්ගෙ බෑග් එක ඔබලා යන්නෙ කවුද දෙයියනේ.. කවුරු හරි මොලේ හොද නැති එකෙක් වෙන්න ඕන.. මේ වගේ වැඩක් කරන්නෙ... අන්තිමට එහෙම හිතලා මං හිත හදාගත්තා..

    **********************************



    "අපේ ඉස්කෝලෙ කෙල්ලො කලුද නවෝද්..?"



    බාස්කට් බෝල් කෝඩ් එකෙන් පැනලා පංතියට ගොඩ වෙන්න හම්බවුනේ නෑ.. නෙලුනි මගේ ඉස්සරහට ආවා. එයත් එක්කම හිටියෙ නිරෝමි. මොකක්ද බං ඒ කඩප්පුලි කතාව.. මං මගෙන්ම අහගත්තා..



    "නෑ... සුදු අයත් ඉන්නවා ඔයා වගේ.."



    ඒ එක්කම තමයි නෙහාරාත් තාලෙට පැද්දි පැද්දි මගේ ඉස්සරහට ආවෙ. මුං තුන්දෙනා තෙපර බාන්නෙ නම්හොදකට නෙමෙයි. ඝන වනන්තරේ තියෙන අවමගුලක සිරි මගේ හිතේ මැවෙන්න ගත්තා..



    "ඇයි නෙලුනි විතරද සුදු..? මායි, නිරෝමියි සුදු නැද්ද නවෝද්..?"



    මේ බලපල්ලකෝ.. මේක බියුටි කන්ටෙස්ට් එකක් උනානේ.. මටද මුන් තුන්දෙනා ජජ් කරන්න තියෙන්නේ..? ඔව්.. ඔව්.. ඒකත් නරක නෑ.. එකෙකුට එකෙක් පරදා වෙන්නැති සුන්දරියො තුන්දෙනෙක්නේ අප්පා.. දැක්කත් බඩයි හිතයි දෙකම පිරෙනවා..



    "ඔයාලා තුන්දෙනාම සුදුයි.. දැන් ප්‍රශ්නෙ මොකක්ද කියන්නකෝ.. අරෙහෙන් මෙහෙන් වාත ප්‍රශ්න අහන්නෙ නැතුව.."



    "අපිට ඔයා ගැන ආරංචියක් ආවා.."



    ඉස්සෙල්ලම කට ඇරියෙ නෙලුණි, ඒකිට කට පියන්න ඉන්න බෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා..



    "මොකක්ද..?"



    "ඔයා කොන්වන්ට් එකේ කෙල්ලෙක් එක්ක යාලුයි කියලා..?"



    හපොයි.. ඔය ඇනිල තියෙන්නෙ පිදුරුතලාගල කන්දෙ එහාපැත්තෙන් මතුවෙන්න.. මුංට කොහොමද අප්පා මේ තරම් ඉක්මනට වැඩේ ලීක් උනේ.. මොකාද මේක මෙහේ විකාශනේ කරපු අපතයා.. කවුරු හරි හොද ගින්නක් දීලා තියෙනවා.. නැත්නම් මෙහෙම සහලෝලා දුම් දාන්නෙ නෑ..



    "මම....?"



    "නැතුව අපිද..?"



    "බොරුවක්නේ නෙහාරා...."



    මගේ කතාවට කෙල්ලො තුන්දෙනා මූණින් මූණ බලාගත්තා. ලැබිච්ච ආරංචිය විශ්වාස කරනවද එහෙම නැත්නම් මගේ වචනෙ විශ්වාස කරනවද කියලා හිතාගන්න බැරි දෙගිඩියාවක උං උන්නේ..



    "ඔ.. ඔය ඇත්තමද නවෝද්..?"



    මෙච්චර වෙලා විහිලුවෙන් ඇදිලා ගියපු කතන්දරේ නිරෝමිගෙ ඒ ප්‍රශ්නෙ අහපු ගමන් සීරියස් වුණා. අනික ඒක ඒකි ඇහුවෙත් මහා ඕනෑකමකින්.. ඒක අපි හැමෝටම තේරුණා..



    "බොරු කියලා තෑගි ගන්නද නිරෝමි..?"



    "උඹලා ඔය කරන්නෙ සහගහන අපරාධයක්.."



    අපි හතර දෙනා පැත්තට විසිවෙලා ගියේ පැතුම්ගෙ අමුනුස්ස කටහඩින්. මූට ඇත්තටම ඩිංගක් හෙමීට කතා කරන්න බැරිද දෙයියනේ..? හරියට අතේ දුරින් ඉදපු අලියෙක් කුංචනාද කරා වගේ..



    "මොකක්ද..?"



    "ඔයාලා එකතුවෙලා මගේ පිත්තාශය කාලා වතුර බිව්වා නෙලුණි.. බලන්න දැන් මං ප්‍රේම කරන්නෙ කොහෙන්ද කියලා.. කරුණාකරලා මගේ අවමගුල ලෑස්ති කරන්න.. මට මේ ජීළුිතේ එපා.. ඔයාලා තුන්දෙනාම එකතුවෙලා නවෝද්ට ලංවෙලා.. මාව විනාශ කලා.. අයියෝ............"



    "බොරුවට කෑනොගහා ඉන්න පැතුම්.."



    "කෑගහන්නෙ නැතුව ඉන්නෙ කොහොමද නෙලුනි සත්තලං.. ඔයා ඇයි මට පිටුපෑවේ.. ඇත්තමයි මං මැරෙනවා.. ඔව්.. ඒ සෝක ජනක සිද්ධියේ කමින් කෑලි මට මැවෙනවා.. ඔයාල අහන් ඉන්න කැමති නම් මං කියන්නම්.. ඉහ්.. ඉහ්.."



    පැතුමා හොටු හූරගන්න ගත්තා.. ඇම්ඩව හම්බවෙන්න ඒ පංතියට යන්න ඕනෙකම තිබ්බත්, මට මෙතනින් ගැලවීමක් තිබ්බෙ නෑ. පැතුමා මොන විදියෙ අංචිය අදීද කියලා කවුද දන්නේ..?



    "හ්ග්... ඉබ්.. තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ.. එහෙම දැනගෙනත් මං.. උඹට පෙම් කලානේ... හයියෝ... බුහ්... බූ..."



    පැතුමට අද මොන යකෙක් වැහිලද මංදා.. මගේ හොද වෙලාවටද කොහෙද මහේලයි, කල්හාරයි අපි ළගට ආවා..



    "මොකක්ද බං.. මූ මරණයක් ගැන කියන්නේ..? කවුද මැරුණේ..?"



    "හ්හ... කවුද මැරුණෙ කියලා අහන්න එපා.. මැරෙන්නෙ මම.. අඩෝ කල්හාරයා.. උඹ හාෆ්ෂිට් බන්ඩලයක් අරගෙන මගේ මරණ දැන්වීම ලියාගනින්.. පස්සෙ ඒක යවපං ලංකාදීප පත්තරේට.."



    "පැතුමා.. උඹ තාම මලේ නෑනේ බං.."



    "ඒකට කමක් නෑ.. මං ජීවත් උනත් මැරුණා වගේ තමයි.. මගේ මරණින් මේ කෙල්ලො තුන්දෙනාට සෙතක් වෙනවා නම් ඒකයි මගෙත් සතුට.. ඒ නිසා.. කොහොමටත් මගෙ මරණෙ ලෑස්ති කරලම මං මැරෙන්නම්කෝ.. එතකොට තොපි සැනසියව්.."



    "හාෆ්ෂ්ට් නම් නෑ.. එක්සයිස් පොතක් නම් තියෙනවා.."



    කල්හාර වැඩේ ගානට නග්ගලා ගන්නවා. නදිනියි, නෙලුනියි, පැතුමා දිහා බලන් හිටියේ ඌ ඊගාවට මොනාවා කියයිද කියලා බලන්න වගේ...



    "යකෝ මරණ දැන්වීම ලියන්නෙ එක්සයිස් පොතේද..? හා.. කමක් නෑ.. එහෙනම් ලියාගනින්.. ඔන්න මුලින්ම.. එංගලන්තයේ පදිංචිව සිටි, අතිශය කඩවසම්, බොලිවුඩ් සුපිරි නලුවෙකුට සමාන රූපයක් හිමිව තිබූ අතිශය සත් ගුනවත්, පැතුම් මහතා කලුරිය කළේය.. දහ අට වැනි වියේ පසුවූ ඒ දගකාර මහතා ඉතා බුද්ධිමතෙකි.. අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේදි සිදුකෙරේ.."



    "උඹ බැදලා නෑනේ පැතුමා.."



    "ඉතිං...?"



    "ඉතිං කොහෙන්ද පවුලේ සුසාන භුමි..?"



    "අඩෝ මාධවයා.. මරණ මංචකයෙ ඉන්න මාව අලුගෝසුවෙක් කරන්නෙපා.. කියන දේ ලියාගනින්.."



    "හා කියපං.."



    "සුසාන භුමියේදි සිදු කෙරේ ලිව්වනේ.. හා.. ඉතිං ආයෙ ලියපං.. මෙයට ශෝකයට පත් ඉතාලියෙ පොඩි අයියා, ඕස්ට්‍රේලියාවේ දෙවනි අයියා, ප්‍රංශයේ පොඩි අක්කා කියලා.."



    පැතුමට නම් අද පිස්සුව තද වෙලා.. මොනව උනත් වැඩේ නම් නැගලම යනවා. මෙච්චර වෙලා අවුල් වෙලා තිබ්බ කෙල්ලන්ගෙ මූණු ටික නම් ඔන්න ටිකක් එළිය වෙලා.. මේකා කියන ඒවට හිනායන්නැත්තෙ කාටද අප්පා..?



    "හා.. පැතුම්.. වෙන මොනවද වෙන්න ඕනා..? දැන් වැඩේ ඉවරද..?"



    "ඉවර කොහේද..? තෝව ඉවරයක් කරන්න කලින් ලියාපිය අවමංගල සභාවෙ කතාව.."



    "ඒක කාටද පැතුමා දෙන්නේ..?"



    "අපි ඒක බෙකම්ට දෙමු.. පිළිවෙලකට, කලාවකට කතාවක්වත් කරන්න වෙන එකෙක් නෑ නේ බං.."



    "කියපං.."



    "කනගාටුදායක අවමංගල සභාවෙන් අවසරයි.. වරහන් ඇතුලෙ ලියපිය බෙකම්ගෙ ඇස්වල කදුළු, නහයෙ හොටු බ්රූස් ගාලා උඩට අදින සද්දෙ දාලා. අහෝ දෙවියනි.. මේ අවාසනාවන්ත රණයට හේතු කාරණාව මා යැයි කෙසේ නම් මේ ශොකාකූල සභාවට පවසා සිටින්නද..? ලියපං.. සභාවෙ ඈයෝ හෝ ගාලා අඩනවා.. ලේන්සුවලින් කදුළු පිහිදානවා.. නදිනියි, නිරෝමියි මගේ මිනිය බදාගෙන අඩනවා.. මේ වැදගත් මහත්තයා මැරිලත් එම්බාම් කරනවට කැමති වුණේ නෑ. ඒ ඇයිද කියල කාටවත් කියන්න බෑ.. ඒත් මේ ශොකාකූල කතාව කියන මම දන්නවා ඒකට හේතුව. පැතුම් මහත්තයා කැමති වුණේ නෑ මැරිලා වුණත් කවුරු හරි ඔහුව අතපත ගානවට.. ඔහු එහෙමයි ඔහුගේ පතිවෘර්තාවෙ රැකගත්තේ.. දැන් ලියපං.. බෙකම් මහ හඩින් වැළපේ.. කල වැරදිවලට වරහන් ඇතුළේ, සමාජයෙන් සමාව ඉල්ලයි.. හා ලියපන්.."



    පැතුම් තවත් කියවනවා.. ඒකා අද ඔය මරණ දැන්වීම් ඉවර කරන පාටක් නෑ.. මං හෙමින් සීරුවෙ පංතියෙ දොරකඩින් පිටවුණා. පැතුමට ඒත් ගානක් නෑ. ඌ සහලෝලා කියවනවා.. මං කෙලින්ම ආවෙ දොළහා ඒ පංතියට..



    "නාලක කෝ බං..?"



    ඇම්ඩන් පේන්න හිටපු නැති හින්දා දොලහා ඒ මොනිටර් කාරයගෙන් මං ඇහුවා.. ඌ වැඩිය හිනාවක් එහෙම විහිලුවකටවත් එළියට දාන එකෙක් නෙමෙයි..



    "අද ආවෙ නෑ..."



    උගේ උත්තරෙත් එක්ක මං ආපහු හැරුණා. තවත් ටිකක් මෙතන හිටියොත් අපේ පංතියෙත් මට තවත් කාඩ් එකක් ෂුවර් තමයි. මොනවා උණත් නාලකයා අද ආපු නැති එක නම් ප්‍රශ්නයක් තමයි. සමහර විට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකට ඔය මනුස්සයා එන්න පුළුවන්. එතකොටවත් හිතේ තියෙන ප්‍රශ්න කන්දරාවම ගොඩ දාගන්න පුළුවන් වේවිනේ.. මං අන්තිමට හිතාගත්තා..



    ***********************************



    අන්තිම පීරියඩ් දෙකට මට පංතියෙ ඉන්න ලැබුණෙ නෑ. මොකද කියලා කියනවා නම් හදිසි මීට්න් එකකට සෝමතිලක සර් සියලු පාපන්දු ක්‍රීඩකයින්ව කැදවලා තිබුණා. ඒ මීට්න් එක ඉවර වුණේ ඉස්කෝලෙ අන්තිම බෙල් එක ගහද්දිම වගේ. ලබන මාසෙ තියෙන මැචස් තුන හතර ගගැනයි සෝමතිලක සර් වැඩියක්ම කතා කලේ.. විනයා හරි, පිනා හරි ඒවි කියලා හිතුවත් සෝමතිලක සර්ගෙ කතාවෙන්ම මීට්න් එක ඉවර උනා..



    "හේමන්ත සර්ගෙ පීරියඩ් එකේ උඹ කොහෙද ගියේ..?"



    තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම මහේල ඇහුවා. අඩුගානෙ මට මූටවත් කියලා යන්න බැරිවුණා.



    "මීට්න් එකක් තිබුණා මහේල.."



    "හරි බං.. මොක තිබුනත් අපි පොඩ්ඩක් දැනුවත් කරලා පලයං... නැත්නම් එක එකී අහන ඒවට දෙන්න තරම් හොද උත්තර අපි ගාව නෑ.."



    "දැන් මොන එකීද මං ගැන උඹෙන් ඇහුවේ..?"



    "නෙලුනියි, නිරෝමියි.."



    මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා මට හිතුනා. ඇයි යකෝ.. අම්මා තාත්තවත් මං ගැන ඔයතරම් හොයන්නෙ නෑනේ..



    "උංට මක්කටෙයි බං.. මං යන එන තැන්..?"



    "මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. ළගකදි ඉදලා අපේ පංතියෙ කෙල්ලො කීප දෙනෙක් වෙනස්.."



    "වෙනස් කිව්වේ..?"



    "වෙනස් කියන්නෙ වෙනස් හින්දා බං.. මට හිතෙන විදියට නම් මොකාක් හරි අවමගුලක් අග ළග.."



    මහේල කියපු දේට මං මුකුත් කිව්වෙ නෑ. මං බලන් හිටියෙ තලපතාගෙ අලුත් ටික්කා දිහා..



    "දුෂ්මන්තයා අදත් නෑ නේද..?"



    "හ්ම්.. තාම ඌ පත්තු බදිනවා ඇති.."



    "මොනවා උනත් ඇම්ඩා දෙන එක නම් දීළා තියෙනවා.. ආයෙ කේලම් කියන්නෙ නැති වෙන්න.."



    ඒක නම් ඇත්ත කියලා මට හිතුණා. ඒත් ඉතිං කොයි තරම් ගුටි කෑවත් දුෂ්මන්තයා කට වහන් ඉදීවි කියලා හිතන්න අමාරුයි..



    ඇම්ඩා ගැන කතාබහ ඇදිලා ආපු නිසාම ඌ කොහේද කියලා බලන්න මං වටපිට බැලුවා. ඒත් ඌ පේනන් හිටියෙ නෑ.. සමහරවිට කොහේ හරි මුල්ලකට වෙලා කැහිකූරු අදිනවද දන්නෙත් නෑ..



    "න... වෝ... ද්.."



    පුරුදු කටහඩක් ඇහෙද්දි මං හැරිලා බැලුවා.. මෙන්න ඉන්කියි, තවත් කෙල්ලෙකුයි මං ගාව..



    "චුට්ටක් මෙහෙට එනවද..?"



    ඉන්කි මට ඔලුවෙන් කතා කලා. ඒකි තාමත් ස්කූල් යුනිෆෝම් පිටින් ඉන්නේ. ගෙදර යන්න වෙලාවක්තියෙන්න නැතුව ඇති. මං මහේල දිහා බැලුවා. ඌ කට කොනට හිනාවක මතු කරන් අනිත් පැත්ත බලාගත්තා.. ඉන්කිත් මේ ක්ලාස් එකට එනවා කියලා මට හරියටම නෝට් උනේ අදයි..



    "හරි වැඩේනේ නවෝද්.."



    ඉන්කි මගේ ළගට ලං වෙලා රහසින් වගේ කිව්වා. මේ වගේ ජනාකීර්ණ තැනක කොන්වන්ට් එකේ, කෙල්ලෙක් එක්ක ලංවෙලා හිටියා කියන එක ආයෙ ඉතිං හොදන්න දෙයක් නෑ. පත්තරේ දැම්මා වගේ තමයි.. යන එන හැම එකාම අමුතු සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ අපි දෙන්නා දිහා බලන්නේ..



    "ඇයි...?"



    "මගේ බෑග් එකත් නැතිවෙලානේ නවෝද්.."



    ඉන්කිගෙ කටින් ඒක පිටවුණා විතරයි මාව සීතල වෙලා ගියා. පපුව හැගෙන සද්දෙ එළියට ඇහෙන තරමට වැඩිවුණා. මොන මගුලක්ද මේ..?



    "ඔ... ඔයාගෙ බෑග් එකත් නැතිවෙලා..?"



    මට මතක් වුණේ ඊයේ මගේ බෑග් එකේ තිබිච්ච ලේඩීස් ට්‍රැවලින් බෑග් එක. හත්තිලව්වේ ඒක එහෙනම් ඉන්කිගෙ වෙන්න ඕනේ.. ඒත් ඉතිං ඒ මල ඉලව්ව කොහොමද මගේ එක ඇතුළට ආවේ.. මොකෝ ඇවිදගෙන ආවෙ කියලා කියන්නද..?



    "ඔව්නේ නවෝද්.. මට නම් හිතාගන්නවත් බෑ.. මොකද වුණේ කියලා.. මං ඔයත්තෙක්ක කතා කරලා ආපහු යනකොට බෑග් එක නෑ.."



    "මේක මාර විහිලුවක්නේ.. ෂහ්.. වටින දේවල් මොනවා හරි තිබුණද..?"



    "එහෙමටම නෑ නවෝද්.. ඒත් මං ඒ බෑග් එකට කැමතියි.."



    "දැන් මට ඒ බෑග් එකත් හොයන්න වෙනවද..?"



    ඉන්කිගෙ මූණෙ හිනාවක් මතුවෙලා ආවා. හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් වල සොදුරු කෝමල රේකා දෙක තුනක් මං දැක්කා..



    "එහෙම පුළුවන් නම් ලොකු දෙයක්.."



    "ඔහොම ගිහින් කොන්වන්ට් එකේ හැමෝගෙම බෑග් හොයලා දෙන්න වේවිද දන්නෙ නෑ.."



    අර මුලින් තිබ්බ හිනාව, තව ඩිංගක් වැඩිවෙලා කම්මුල් වල මැවුන තවත් ටිකක් ලොකු වුණා..



    "හැමෝගෙම ඕන්නෑ නවෝද්.. මගෙයි, සමින්දි අක්කගෙයි විතරයි.."



    ඉන්කි ඒ ටික රහසින් වගෙයි කිව්වේ.. අඩු ගානේ එයා ළග හිටපු ගර්ල්ටවත් ඒ වචන ටික ඇහුණද කියලා මට සැකයි..



    "බැග් එක හොයන්න තියා ඔයාලගෙ සමින්දි අක්කව ඇහැටවත් දැක්කෙ නෑ නේ.."



    හිතේ කොනක තිබ්බ දෙයක් මං අමාරුවෙන් පිටකරගත්තා. ඉන්කි මං දිහා අමුතු විදියට බැලුවා. ඒ නටන ඇස් දෙක, මගේ මූණෙ හැම ඉරියව්වක්ම පරික්ෂා කරනවා කියලා මට තේරුණා.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "සමින්දි අක්කට මේ දවස්වල ඩිබෙට් ටීම් එකේ තරග තියෙනවා.. එයානේ කැප්ටන් ඉන්නේ.. ඊයෙ තිබ්බ ඩිබෙට් එකකින් එයා විසාකා එකේ ගර්ල්ස්ලව පරද්දලා තිබුණා."


    "එතකොට එයා ආයෙ ග්‍රවුන්ඩ් එන්නැද්ද..?"



    "මැච්ර්ස් ටික ඉවර උනාම එයි.. එහෙනම් මගේ වැඩේ කරනවා නේද..?"



    "මොකක්ද..?"



    "ඔය ඩිංගට අමතකද..? බෑග් එක හොයන එක.."



    "හරි හරි මතකයි... දැන් ඉතින් එකට දෙකක් හොයන්න එපායෑ.."



    "දෙකම හොයලා දෙන්න.. හොදට සලකන්නම්.."



    ඉන්කි එහෙම කියනකොට, එයාගෙ මූණෙ හැම ඉරියව්වක්ම අමුතු උනා. කෙල්ල මොනවා හිතේ තියාගෙන කියනවද මංදා.. මගේ හිතටත් මහා මොකක්දෝ උණා. හොදට සලකන්නම් කියලා ඒ කටින් පිට උනාම.. කොහොම සලකන්න හිතන් ඉන්නවද දන්නෑ..



    "බෙකම්...?"



    ඉන්කියි අනිත් කෙල්ලයි ක්ලාස් එකට යද්දි මහේල මගේ ළගට ආවා..



    "මොකක්ද බං ඒ ඇවටියෙල් එක..? ඒකි කොන්වන්ට් එකේ හන්ඩ්‍රඩ් මීටර්ස් කරන කෙල්ල නේද..?"


    "ඔව්.."



    "උඹට මොකක්ද ඒකිත් එක්ක තියෙන සම්බන්ධෙ..?"



    "මගේ ඇති සම්බන්ධයක් නෑ බං.."



    "ආ... හරි... හරි.."



    "මොකක්ද හරිය..?"



    "උඹ මට කොලේ වහන්නයි හදන්නේ.. නිරෝමිල උඹට වදේ ගැහුවෙ එහෙනම් මේ කතනදරේ හින්දා. දැන්නේ මට තේරෙන්නේ.."



    "උඹලා හිතන විදියෙ දෙයක් එතන නෑ.."



    "බෙකම් මේ..? අපිට නිකන් මොත්තෙ දාන්න එපා බං.. ඒකි එහෙනම් මට ආදරේටත උඹත් එක්ක කතා කලේ..?"



    මූට නම් දෙයක් දැහැමින්, සෙමින් කියලා වැඩක් නෑ.. කණ පුරෝලා දෙපැත්තට දෙක්ක ලීතා තමයි කියන්න ඕන.. ඒත් මූට පැහැදිලි මදි වෙයි..



    "අන්න තලපතා එනවා.. යමං..."



    "තලපතා ආවට කමක් නෑ.. ඔය දුවන කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද..?"



    මහේල අහන ඒවට උත්තර නොදීම මං ක්ලාස් එකට ආවා. මං ඈතදිම දැක්කා තලපතාගෙ මූණෙ අවමගුල් පෙරහරක් තියෙන විත්තිය. කොටින්ම ලෙඩා මලත් බඩ සුද්දයි වගේ ළමයි වාඩිවෙන්නත් කලින්ම තලපතා මයික් එක අතට ගත්තා.

    "හැමෝටම සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රර්ථනා කරන්න මට විදියක් නෑ. නමුත් කියන්න තියෙන දේ ඉස්සෙල්ලම කියන එක කොහොමත් හොදයි. මං මේ බොහෝම වේදනාවෙන් කතා කරන්නේ.. මම ඔබ ළමයිව යහමගට ගන්න හුගාක් වෑයම් කලා.. ඒත් වෙන අවුරුදුවල වගේම මේ පංතියෙත් නොසන්ඩාලයො කීප දෙනෙක් ඉන්නවා.. අන්න උංටයි මං මේ අමතන්නේ.."


    තලපතාගෙ කටහඩ මුලින් වේදනාවෙන් පිරිලා තිබුණත් ටිකක් වෙලා යද්දි ඒක සුපුරුදු විදියට කර්කශ වෙලා ආවා. මිනිහට හරියන්නෙත් එහෙම තමයි..



    "පහුගිය දවසක මේ පංතියෙ අප්‍රසන්න සිද්ධියක් වුණා. ඒ ගැන කතා කරන්න මං කැමති නෑ. වමනෙ ගිහින් වැඩිවෙලා මට වෛද්‍ය ප්‍රතිකාරත් ගන්න උනා.."



    තලපතාගෙ කතාවට පංතියෙ ඇතුලෙන්ම ළමයින්ගෙ ලාවට ස්හූ.. කියලා සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්ක තලපතාගෙ කටහඩ තවත් උත්තේජනය උණා. මේ මනුස්සයා දැක්කම අපිටයි වමනෙ යන්නේ..



    "ඒ සිද්ධිය හින්දම, මං එහෙම තමයි සැක කරන්නේ.. මගේ කාඩ් මා ක් කරන අහිංසක දුෂ්මන්තට පාතාලෙ මැරයො දාලා ගස්සවලා තිබ්බා. පහුවෙච්ච දවසක.. ඒ අසරණයා තාමත් ලෙඩ ඇදේ.."



    හප්පොච්චියේ මේක නිකං මහා ටෙලිනාට්ටියක් වගේනේ.. ජපන් නින්ජලා කට්ටියක් දැන් ශ්‍රී ලංකාවේ මැරයො වෙලා. මං බලන් හිටියෙ කතාවෙ කොයි කොනකට මාවත් පූට්ටු වෙයිද කියලා. කියන්න බෑනේ. කරුමෙ ආවහම කන බත් ඇටෙත් ගල් වෙනවනේ. තාමත් ලෙඩ ඇදේ කියලා තලපතා කියද්දි පංතියෙ කොල්ලන්ගෙ අත් එක සැරේට කම්මුලේ ලියාපදිංචි වෙලා. මට නැගිටලා කියන්නත් හිතුණා. ඌ ආතල් එකේ කොර ගගහා ටිකට් කපන් ගියා කියලත්..



    "මට හිතෙන විදියට මේ සම්පූර්ණ සිද්ධියට වගකියන්න ඕන එක පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් හයක් හතරක් නොතේරෙන මේ දුවා දරුවො අතරෙ ඉන්නවා. මං බොහොම වගකීමෙන් ඉල්ලා සිටිනවා ඒ එක පුද්ගලයාට හරි කණ්ඩායමට හරි මගේ ක්ලාස් එකෙන් ඉවන්වෙන්න කියලා.."



    තලපතාගෙ කටහඩ ශාලාව පුරා දෝංකාර දෙද්දි, ඒක ඇතුලෙ හිටපු හාරසීයක් විතර හුදී ජනතාව එක එකාගෙ මූණු දිහා බලන්න ගත්තා. වැඩේ එහෙනම් නැගලම යනවා වගේ. තලපතා හදන්නෙ පාතාලෙ මැරයො ටික පංතියෙන් එළියට දාන්න. මට නම් ඉර හදටත් වැඩිය ෂුවර්. මේකෙ කොනකට ඇම්ඩා කොහෙන් හරි ගෑවිලා ඇති කියලා..



    "කෝ... මං මේ කතා කරන්නෙ මගේ අහිංසක දුෂ්මන්තට ගහපු නරුමයින්ට.. උංට තව එක මොහොතක්වත් මගේ පංතිය ඇතුළෙ ඉඩක් නෑ.."



    කිසිම හා හෝවක් නෑ.. ළමයි හාරසිය ගාන මික් නෑ.. තලපතා දැන් වේදිකාව උඩ ඉදගෙන කුංචනාද දෙනවා..



    "මං කිව්ව දේ සිද්ද වුණේ නැත්නම්, අද දවසෙ ක්ලාස් එකත් මං මෙතනින් ඉවර කරනවා. තේරුණාද..? හැමෝටම වෙන කොහේ හරි ෆිසික්ස් ක්ලාස් එකක් හොයන්න වේවි.."



    ඔන්න ඒ පාර නම් පංතිය ඇතුලෙ කසු කුසු සද්දෙ ඩිංගෙන් ඩිංග වැඩිවෙලා උපරිම තලේට නැග්ගා. මේ යන විදියට නම් මොකකින් මොකක් වෙලා නතරවෙයිද මංදා. ඇම්ඩා අද ක්ලාස් ආවෙ නැත්තෙ මේ සහගහන අපරාදෙ නැග හැදිනගෙනද කොහෙද..? බලන් ගියාම ඌට පරචිත්ත ව්ඥ්නානෙ හොදටම තියෙනවනේ..



    "කෝ.. කෝ.. මං මේ අන්තිම හොදින් කියන්නේ...? මොකද අහිංසකයෙකුට තඩිබාපු මැරයො ටික මෙතන නැද්ද..? ආ.. හොදයි.. මං මේ කණ්ඩායමේ නායකයගෙ නම කියන්නම්කෝ.. එතකොටවත් ඔය හැංගිලා ඉන්න මී ගුලෙන් එළියට එන්න වෙනවනේ.. හ්ම්.. මාව යකා කරන්නෙ නැතුව නැගිටිනවා.. නාලක විජේකෝන්.."



    ඔය පත්තුවුණේ හතර වරිගයම.. තලපතා මොනවා නැතත් හරියටම ගෙස් කරලා තියෙනව. ඒත් ඉතිං.. නාලකයගෙ හුළගක් වත් මෙතන නෑ... හදවතට දැනෙන දුක ඒකයි..



    "කෝ... කෝ.... කෝ....."



    කොල්ලො කෙල්ලො මෙලෝ සිහියක් පතක් නැතුව එක එකාගෙ එක එකීගෙ මූණු දිහා බලනවා. තවත් බලන් ඉදලා බෑ.. මං තීරණයක් අරගෙන හෙමින් සීරුවෙ නැගිට්ටා. මුළු පංතියම මීයට පිම්බා වගේ එත තත්පරේට නිශ්ශබ්ද වුණා. හැමෝටම හිතාගන්න බැරි වෙන්නැති බෙකම් මොකටද නැගිට්ටෙ කියලා.. සමහර කෙල්ලොන්ගෙ ඇස්වල කලු ඉංගිරියාව එළියට පනින්න ඔන්න මෙන්න අවදානම් අවස්ථාවෙ තිබුණේ.



    "ඇයි ඔයා නැගිට්ටේ..? මං නම් කියෙව්වෙ ඔයාගෙ නෙමෙයිනේ.."



    තලපතා ආයෙත් කුංචනාද කලා.. මේකා මේ කෑගහන තාලෙට මේකගෙ ගලනාලෙ කොයි මොහොතක හරි පුපුරනවා. මට තමයි අහුලගෙන බැදලා කන්න වෙන්නේ.. ගම්මිරිස් ටිකක් ඉහගෙන.. නැත්නම් කුණු රහයි..



    "මං දන්නවා සර්.. ඒත්.. මට කියන්න දෙයක් තියෙනවා.."



    "උ.. උඹට පිස්සුද බෙකම්.. තලපතා උඹව කාවි.."



    මහේල හීනෙන් වගේ මුමුණනවා. කොටින්ම මුලු පංතියම තුෂ්නිම්බූත වෙලා.. ඇත්තම කියනවා නම් තලපතාට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවට හොදට සිහිකල්පනාව තියෙන එකෙක්, ඒ මූණ ඉස්සරහට ඇවිත් ෆේස්ටු ෆේස් කතා කරන්නෙ නෑ..



    "හා.. තමුන්ට මොනවද බලමු කියන්න තියෙන්නේ.."



    තලපතා
    ස්ටේජ් එකේ ඉදලා බිමට ආවා. මට දැන් පේනවා එක පිළිවෙලකට කලාවකට තියෙන බංකු පේලි දිගේ තලපතා පියඹන හැටි..


    "මොකක්ද යකෝ මේ කරේ..? මීට වැඩිය හොද නැද්ද අර දුවන කෝච්චියකට ඉස්සරහින් ඇවිත් කිස් එකක් දුන්නා නම්.. හයියෝ...."



    මහේලගෙ මුණු මුණුව තාම අඩුවක් නෑ..



    "හ්ම්.. මොනවද කියන්නේ..?"



    තලපතා මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා. ඔන්න දැන් තමයි උඵන්දා සිට එකතු කරපු පුරුෂ ධෛර්යයේ පවර් එක පෙන්නන්න තියෙන්නේ..



    "සර්ට දුෂ්මන්තටත් මොක් හරි සිත් රිදීමක් සිද්ධ වුණා නම්, මේ පංතියෙ හැමෝම වෙනුවෙන් මං ගණගාටුව ප්‍රකාශ කරනවා. දුෂ්මන්තටත් ඉතිමනින් නිරෝගී සුවය ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා.."



    තලපතාගෙ මූණෙ රතු පාට හෙවනැලි එකින් එක දියවෙන්න ග්තතා. පංතියෙ හැමෝම වගේ මං දිහා බලන් හිටියෙ මුලු ඉන්දියාවම එක් සේසත් කරපු අශෝක අදිරාජයා දිහා බලන් ඉන්නවා වගේ. මොකද කියනවා නම් ඊලග තත්පරයේ මොකකින් මොකක් වේවිද කියලා කාටවත් හිතාගන්න බැරුවයි තිබුණේ. තලපතා උණත් මගෙන් ඔය වගේ සර්ව සාධාරණ උත්තරයක් බලාපොරොත්තු නොවෙන්න ඇති..



    "ඒත්.. ප්‍රනාන්දු සර් හිතන විදියෙ දෙයක් මෙතන සිද්ධවෙලා නෑ. මොකද කියනවා නම් කාලක විජේකෝන් කියන අපිත් එක්ක එකට ඉගෙන ගන්න ශිෂ්‍යායාත් මේ වෙලාවෙ ඉන්නෙ රෝහලක ඇදක් උඩ.."



    හප්පොච්චියේ ඒ ටික මගේ කටට කොහෙන් ආවද මංදා.. තලපතාගෙ කලු ඉංගිරියො දෙන්නා බලන් ඉද්දිම එළියට පනින්න ලෑස්ති වුණා. පංතිය ඇතුළෙ මුණු මුණු සද්දෙත් ටිනේ ටික වැඩිවෙන්න ගත්තා..



    "මොකක්ද නාලකට වෙලා තියෙන්නේ..?"



    තලපතා ඩිංගක් කූල් එකේ ඇහුවා..



    "නාලකට ඩෙංගු හැදිලා දැන් දවස් ගානක් වෙනවා. ඔය වගේ වැඩක් කරන්න තියා, එයාට නැගිට ගන්නවත් පණක් නෑ. අනික එයා, අපේ මේ කාඩ් මාක් කරන අහිංසක දුෂ්මන්තට ගහනව වගේ නින්දා සහගත වැඩ කරන්නෙ නෑ කියලා මං හිතනවා. දුෂ්මන්තට පහර දෙන්න ඇත්තේ, වෙනින් කවුරුහරි වෙන්න ඇති සර්.. මේ දේට මේ පංතියෙ ඉන්න කවුරුවත් සම්බන්ධ නෑ කියලා මට ලොකු විෂ්වාසයක් තියෙනවා.. අපි කවුරුත් ඒ වගේ පහත් වැඩ කරන්නෙ නෑ.."



    මගේ කතාව ඉවරවෙලා තත්පරයක් දෙකක් ගෙවුණා. ඒ එක්කම තමයි පංතියෙ මැද හරියෙන් වගේ අත්පුඩි සද්දයක හඩක් ඇහුණෙ. ඒ සද්දෙත් එක්කම ඒ ගහපු කෙනා නැගිට්ටා. හත්වලාමෙ මේ ඉන්කි නේද.? මෙයා මොකක්ද මේ කරන්න හදන්නේ..? ඒ දේට එච්චර වෙලා බලන් ඉන්න ඕන උනේ නෑ. ඉන්කිගෙ අත්පුඩි පාර, ටිකෙන් ටික මුළු පංතියටම බෝ වුණා. හැමෝම නැගිටලා මං වෙනුවෙන් ක්ලැප් කරන්න ගත්තා. ඒක විනාඩි ගානක් යනකන් එක දිගටම තිබුණා. ටිකකින් තලපතාගෙ මූණෙ කර්කශ පාට නැතිවෙලා ගිහින් සුපුරුදු මුඩු තත්වයට ආවා..



    "හොදයි මම මේ ළමයගෙ කතාව විශ්වාස කරන්නම්. ඒ වගේම.. ඒ වගේම මේ පංතියෙ සමගිය ගැනත් මට හොද හැගීමක් තියෙනවා.. හ්ම්.. හැමදේම ඉවරයි.. අපි පාඩම පටන්ගමු.. ගිය සතියෙ නැවැත්තුවෙ කොතනින්ද ළමයා..?"



    හප්පේ.. අතක් පයක් නොකැඩි ඔයින් ගියා මැදැයි. මෙලෝ සංසාර දෙයක් උනේ නෑ වගේ තලපතා පාඩම කරන්න පටන්ගත්තා. ඒ මගේ පපුව ගැහෙන වේගේ දෙගුණ තෙගුණ වෙලා තිබුණා. ඉන්කි ඒ වගේ දෙයක් කෙරුවෙ ඇයි..? මට ඒ ගැන කොහෙත්ම හිතාගන්න බැරිවෙලයි තිබුණේ.



    ෴මතුසම්බන්ධයි෴

    | PDF ආකාරයට ලබාගන්න |

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-04.jpg



    04

    තලපතා ක්ලාස් නැවැත්තුවයින් පස්සෙ මගේ ඇස් හෙව්වෙ ඉන්කිව.. ඒත් එයා පේන මානෙකවත් හිටියෙ නෑ. මොනවා නැතත් ක්ලාස් එකේ අදුනන වගේම, අදුනන්නෙත් නැති කෙල්ලො කොල්ලො හුග දෙනෙක් මගේ ළගට ඇවිත් මට ස්තුති කරා. ඒ කිසිම බියක් සැකක් නැතුව තලපතාට ෆේස් කරලා පංතිය බේරගත්තට..



    මගේ හිතත් නිංක අමුතු ගැම්මකින් පිරිලා තිබුණෙ. ඒ වෙලාවෙ ආපු ශක්තිය නම් කොහෙන් ආවද මන්දා..



    "බෙකම්.."



    "ම්..."



    "පිස්සු හැදෙනවා බං.."



    "ඇයි..?"



    "ජීවිතේට කෙල්ලෙක් කරන වැඩක්ද බං අරකි කලේ.. මගේ නම් මුළු ඇගම පණ නැතිවෙලයි තිබුණෙ. උඹ මෙහේ නැගිටගෙන කතාව.. ඒ අස්සෙ අරකි නැගිටලා ක්ලැප් කරනවා. මං හිතන්නෙ තලපතාට පිස්සු හැදෙන්න ඇති.."



    "මොනවා උනත් ඒකි කරේ අදහන්න වටින දෙයක් මහේල.. නිකං කෙල්ලෙක් නම් කීයටවත් ඔය වගේ දෙයක් කරන්නෑ.."



    "ඒකනේ බං.. ළමයි හාරසීයක් විතර මැද්දෙයි, තලපතා කන්න වගේ බලන් ඉද්දියි මේකි නැගිට්ට එකම මැදැයි.. මට නම් හිතාගන්නවත් අමාරුයි.."



    බස් ස්ටෑන්ඩ් එකට එනකල්ම මහේලයි මායි කතා වෙවී ආවෙ ඒ ගැන.. බලන් ගියාම ඉන්කිගෙ කට වගේම තමයි වැඩත්..



    "අර බලපං.."



    "හැයි ගාන්නෙ නැතුව වම් පැත්ත බලපං.."



    "නෙහාරා නේද..?"



    "හ්ම්..."



    බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තෙ තියෙන අතුරු පාරේ නෙහොරා තවත් කවුදෝ කොල්ලෙක් එක්ක බර කතාවක්.. අතපය විසි කර කර. උං දෙන්නා මොනවා හරි බෙදා ගන්න බැරිව වගේ රණ්ඩු කරනවා වගේ..



    "අපි එතෙන්ට යමුද බෙකම්.."



    "මොකටද..?"



    "මොකටද අහන්නෙ..? ඕකි පංතියෙ ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ.. කොයි වෙලාවෙත් උඹ දිහා බලාගත්තු ගමන්.. දැන් බලපංකෝ වර්ණ විපර්යාසෙ. ඇදන් ඉන්නෙත්, ඩිංගක් නැමුණොත් මුළු ප්‍රෙද්ශයම පේන සාය කොටයක්.."



    මහේල කිව්වෙ සහතික ඇත්ත.. නෙහාරා ඇදන් හිටියෙ හුගාක් කොට සායක්.. මගේ හිතටත් නිකං කහටක් වගේ හැගීමක් ආවා. මොනව උණත් අපේ පංතියෙ, අපේ ඉස්කෝලෙ හිත හොද කෙල්ලෙක් නේ..



    "මහේලයා.. උංගෙ ප්‍රේමකතා උං විකුණගත්තාවෙ.. අපිට ඒවා වැඩක් නෑ.. අපි යං.."



    "යන්න විදයක් නෑ බෙකම්.. එතක අවමගුලක් වෙන්න යන පාටයි.."



    "වරෙන්.."



    තලපතාගෙ ක්ලාස් එකේ පොත් දෙක රෝල් කරලා ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවට ඔබා ගන්න ගමන් මං, නෙහාරයි, අර කොල්ලයි ඉන්න පැත්තට ආවා. මහේල කිව්ව දේ හරි.. නෙහාරයි, අර කොල්ලයි අතරෙ හෙණ කතන්දරයක්. උං දෙන්නටම වටපිටාව ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නෑ වගේ.. එකසිය ගානට කියව ගන්නවා..



    "ඒ කියන්නෙ තමුසෙට එන්න බෑ..?"



    නෙහාරා ගාව හිටපු කොල්ලා, ඇගිල්ලයි, පපුවයි, මූණයි ඔක්කොම නෙහාරා දිහාට උරුක් කරලා ඇහුවා. කෙල්ලගෙ තොල්පෙත් තද වෙනවා මං දැක්කා. ඒ තදවෙනවා කියන්නෙ, කෙල්ලට මළපැනලා කියන එක නේද..? මේ බූරු වහන්සේට ඒ ධර්මතාවෙ නොතේරෙන්නෙ ඇයි..?



    "මං බෑ කියලා කිව්වනේ.."



    "ඔව්.. උඹට වෙන එවුන් එක්ක නම් රවුම් ගහතැහැකි.."



    "හ්ග්.. දෙයියනේ.. සහාගහන කතා කියන්න එපා. මං කාත් එක්කද රවුම් ගැහුවේ..?"



    "ඒවා ඉතිං තමන් දන්නවා ඇතිනේ.."



    "කට තිබ්බට කැත කතා කියන්න එපා.. මොකක්ද කමල් මේකේ තේරුම..?"



    "තේරුම මොකක්ද කියලා තමයි මාත් අහන්නේ.."



    වැඩේ නැගලා යනවා. උං දෙන්නා මේ ලෝකෙ සිහියක් නෑ වගේ එකට එක කියාගන්නවා. අඩු ගානේ මේ පිංකැටේ වගේ ඉන්න බෙකම්වත් පේනනෙ නෑ. මකර තොරණ වගේ ඉන්න මහේලයවත් පේන්නෙ නෑ.



    "ඔයා කියන්නෙ, ඔයා කතා තරන තැන් තැන් වලට මං එන්න ඕන කියලද..?"



    "ඔව්... ආදරේ කියන්නෙ ඒක තමයි.."



    "මගේ අකමැත්තෙන් යන ගමනක තියෙන්නෙ මොන ආදරයක්ද දෙයියනේ.. ඇත්තමයි.. මං කැමති නෑ.. ගෙදරින් දැනගත්තොත් මාව මරයි.."



    "ඔව්.. ඉතිං.. උඹට කොහොමත් මට වැඩිය ගෙදර ඈයො ලොකුයිනේ.."



    මේ නරකාදි පණුවා නම්, නෙහාරාට කීයටවත් ගැළපෙන්නෙ නෑ කියලා මං ඒකමතිකව තීරණේ කලා. මෙහෙම ආදරේ කරනවට වැඩිය හොදයි, බෙල්ලෙ ගලක් බැදගෙන වස කුප්පියක් අතේ තියාගෙන බත් පිගානක් ගිලලා දාන එක..



    "ඔව්.. මට ලොකුයි තමයි.."



    "නෙහාරා මේ..? උඹ වැඩිය නටන්න ආවොත් මං උඹට යහතින් ඉන්න දෙන්නෑ.. තේරුණාද..?"



    "දෙයියනේ... අමල්... මේකද ඔයාගෙ ආදරේ... මොනම දෙයක්වත් කතා කරලා බේරගන්න බැරි ඔයා වගේ කෙනෙකුට ආදරේ කරන එකත් පවක්.."



    "මොනවද බැල්ලියෙ උඹ කිව්වේ..?"



    තව තත්පර ගානකින් කොල්ලා නෙහාරට අත උස්සනවා කියලා මට තේරුණා. මේක මැද්දට පනිනවද නැද්ද කියලා මං තත්පර ගානක් කල්පනා කලා..



    "ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙනගන්න අමල්.. මේක මහපාර.."



    "මට කොතන උනත් කමක් නෑ.. උඹ මාව පිස්සෙක් කරලා ඉවරයි... මෙහෙ වරෙං.."



    කොල්ලා, නෙහාරාගෙ අතින් අදිනකොටම මං උං දෙන්නා ගාවට ගියා. මාව දැක්කා විතරයි නෙහාරා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ගියා. කොල්ලා මං දිහා බැලුවෙ පූර්ණ කාලීන වෛරක්කාරයෙක් දිහා බලනවා වගේ..



    "නෙහාරා.. ඔයාට ප්‍රශ්නයක්ද..?"



    මං නෙහාරාගෙන් ඇහුවත්.. මගේ ඇස් තිබ්බෙ කොල්ලගෙ මූණෙ.. මහේලත් මාගෙත් එක්කම වගේ ඇවිත් කොල්ලා ගාවින් හිට ගත්තා. ඔන්න එතකොට තමයි ඌ පියවි සිහියට ආවෙ..



    "නෙහාරගෙ ප්‍රශ්න ගැන අහන්න... තමුසෙ කවුද..?"



    කොල්ලා ඒක මගෙන් ඇහුවෙ සෑහෙන්න හිතට අරගෙන.. මට හිතුණෙම උගේ මූණ මැදටම දෙකක් අනින්න.. ඒත් නෙහාරා හින්දා ඉවසන්න වෙනවා..



    "මං නෙහාරගෙ යාළුවෙක්. මෙතන අවුලක් වගේ හින්දයි ආවෙ. මිනිස්සු සෑහෙන්න බල බලා යනවා.. ප්‍රශ්නයක්නම් පැත්තකට ගිහිල්ලා කතාකරගත්තා නම් හොදයි.. මොකද මේ කෙල්ල හෙටත් පාරෙ බැහැලා යන්න ඕන.."



    "ඒක මං බලාගන්නම්.. උඹ අනුන්ගෙ ටිංකිරි ගාගන්නෙ නැතුව මෙතනින් මාරු වෙයන්.."



    මූ කතා කරන්න දන්නෙම නෑ.. හිතේ කේන්තිය ඩිංගෙන් ඩිංග වැඩිවෙද්දි මං නෙහාරා දිහා බැලුවා. ඒ ලස්සන මූණ මහා වේදනාවකින් වැහිලා ගිහිල්ලා.. එයාට මෙතන කරන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා. තවත් ටිකක් ඉවසලා බලන්න මං හිතාගත්තා..



    "ඊට වැඩිය හොද නැද්ද, ශරීර සෞඛ්‍යයත් හොද අතට තියාගෙන උඹ මෙතනින් මාරු උනොත්..?"



    වැඩේ අල වෙනවා කියලා මට තේරුණේ මහේල කතාවට බහිද්දි. තව තත්පර ගානකින් කොල්ලා ගුටි කනවා කියලා මට තේරුණා.



    "උඹ කවුද ඩෝ එහෙම කියන්න..?"



    එතනින් එහාට ඌට වචනයක්වත් කියන්න හම්බවුණේ නෑ.. මහේල පැනපු ගමන් කම්මුල් පාරක් ඌට කණ පුරෝලම දුන්නා. ආයෙ දෙකක් නෑ. කොල්ලගෙ සායම ගියා ආත්මෙත් සුද්ධ කරගෙන. ඌ ඒ වගේ ප්‍රතිචාරයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ කියලා, එළියට පනින් වගේ ලොකු වෙලා තියෙන උගේ ඇස් බෝල දෙකෙන් මට නිට්ටාවටම කියන්න පුළුවන්. කම්මුල අල්ලගෙන ඌ දත්මිටි කද්දි මං ඉස්සරහට පැනලා උගේ ෂර්ට් එකේ, කොලර් කෙන් ඇදලා ගත්තා.



    "ලව් කරාට කමක් නෑ.. ඒත් තමන්ගෙ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බේරගෙන.. තේරුණාද..? කෝකටත් උඹ ආයෙ බහ තෝරන කාලෙට පලයං. හරියට කතාබහ කරන හැටි ඉගෙන ගන්න.. කැත සතා.."



    පාරක් අනින්න, මගේ වම් අත ඉස්සෙද්දි, නෙහාරා මගේ අතේ එල්ලුණා. ඒ ඇස්වල කදුළු පුරෝලා එකයි.



    "අ... අනේ නවෝද්.. ඔයාලා යන්න.. ඔයාලා යන්න.. මං.. මං මේක බේරගන්නම්.."



    කොල්ලට ගහන්න ගියපු අත පහලට වැටෙද්දි මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. ඒ වේගෙට ඌ වැටෙන්න ගියත්, ඇග අමාරුවෙන් බැලන්ස් කරගෙන ඒකා කෙලින් හිටගත්තා.



    "මගෙත් එක්ක උඹ මොනවා බේරගන්නද බැල්ලි..? උඹ මුං එක්කම නිදි වැදපං.."



    ආයෙ කතාවක් නෑ.. ඌ නියම සංස්කෘත ටිකක් ඇදලා ඇරියා.. බලන් ගයහම මේකා සතෙකුටත් අන්තයිනේ.. ජීවිතේට අහපු නැති ඒවා ඌ කියන්නේ.. නෙහාරා අත් දෙකෙන්ම මූණ වහගෙන අඩද්දි, කොල්ලා වීරයා වගේ බස්ටෑන්ඩ් එක පැත්තට ගියා.. ඌ නම් ආයෙ මේ සම්ම කපේ එන පාටක් නෑ.. ඌ ලව් එකත් මෙතනම භූමදානය කරා වගේ.. මටයි මහේලටයි තමයි හත් දවසෙ දානෙ දෙන්න වෙන්නේ..



    "නෙහාරා...."



    "අනේ... නවෝද්..."



    කෙල්ල මගේ අතේ එල්ලිලා අඩනවා, මහේල මට ඩිංගක් එහායින් හිටගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්ත බලන් ඉන්නවා. සමහර විට නෙහාරාගෙ අසහාය ප්‍රේමවන්තයා, මටයි, මහේලටයි නෙලන්න කොල්ලො එකතු කරන්න ගියා වෙන්නත් පුළුවන්..



    "අඩන්නැතුව ඉන්න නෙහාරා.. මේක ටවුන් එක.. මිනිස්සුත් බලනවා.."



    "අ... අනේ.. මං මොනවද කරන්නෙ නවෝද්..? අනේ.. හ්ග්.. මං මොනවද කරන්නේ..?"



    වෙනදට පංතියෙ ඉදන් මං දිහා හොරෙන් බලලා හීනි හිනාවක් තොල් අතරෙ තියාගෙන බිම බලාගත්තු නෙහාරා මගෙන් අහනවා, මොනවද කරන්නෙ කියලා.. මගේ දිහා ඒ විදියට බැලුවෙ මේ අපතයා එක්ක, ආදරේ කරන ගමන්මනේ ඉතිං.. අනේ මංදා මේ කෙල්ලො කියන ජාතිය නම්, ආත්ම ගානක් ඉපදි ඉපදි මැරුණත් තේරුම් ගන්න බෑ..



    "මට තේරෙන විදියට මේ ආදරේ නම් ඔයාට හරි යන්නෙ නෑ.. දැක්කනේ ඔයාට කතා කරපු විදිය.."



    "අ.. නේ.. එහෙම කියන්න එපා නවෝද්... ම..මං කොහොමද අමල්ව අමතක කරන්නේ..?"



    "අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. දැන් ඔයා ගෙදර යන්න.. රෑ වෙන්නත් එනවනේ...."



    "අ... අනේ නවෝද්.. අමල් ආයෙ එන එකක් නෑ.. හ්ග්... හ්ග්..."



    නෙහාරා ඒ පාර මගේ අත් දෙකෙන්ම අල්ලගෙන අඩන්න ගත්තා.. දැන් මොකද කරන්නේ.. මේ අඩන බබා එක්ක හිටියොත් මටත් අඩන්න වෙනවා..



    "හෙට ඉස්කෝලෙදි අපි ඔය ගැන කතා කරමු.. හොද ළමයා ඔයා දැන් ගෙදර යන්න.."



    "ඔව් නෙහාරා.. අමල් ආයෙත් ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.. තරහා වැඩිකමට මගෙත් අත ඉස්සුනා.. ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඔයා ඉස්සරහදිම ගහන්න උණාට ඔයා මට සමාව දෙනවා නේද..? ඒ වෙලාව මට ඒක නොකර ඉන්න බැරි වුණා.."



    හප්පට සිරි.. මෙන්න පැත්තක ඉදපු මහේලයා තනිකරම ආරාධිත රංගනයකට දායක උනා.. උගේ ඇස් දෙක දිලිසෙනවා.. නෙහාරාගෙ කදුළු පිරිලා හින්දා දිලිසෙනවා.. දිලිසෙන සියල්ල රත්තරං නොවේ කියලා මං හිතාගත්තා..



    "අ... අමල්ට ඒ දේ උනේ.. එයා හරියකට කතා කරන්න දන්නැති හින්දා.. එතන ඔයාගෙ වැරැද්දක් නෑ මහේල.. හිතපු නැති වෙලාවක, උදව් ඕන වෙලාවක දෙවියෙක් වගේ ආපු ඔයාට පින් නවෝද්.. මේක මට උරුම දේ.. මට මේකෙන් ගැලවීමක් නෑ.."



    නෙහාරාගෙ ඇස්වලට ආයෙත් කදුළු පිරුණා. එයා කියපු කතාවෙ හුගක් තේරුම් හිතේ මැවෙද්දි නෙහාරා අපි ගාවින් ඈත්වෙලා ගියා..



    "පව් නේද බෙකම්..?"



    "පව් නම් තමා.. ඒත් උඹ මොකද සීරියස් වෙලා..? මොකද නෙහාරා පිළිබදව සිතක් පහළ වුණාද..?"



    "අනේ මංදා බං.. මං කීයටවත් හිතුවෙ නෑ ඒකිට කොල්ලෙක් ඇති කියලා.. ඒකි හෙණ සැහැල්ලුවෙන් නේ බං අපිත් එක්ක හිටියේ."



    "ඕවා ඔහොම තමයි මහේල.. උඹලා අහලා නැද්ද ආදරය ගෑවුණාද.. එතන කදුළු ගංගාවකි කියලා.."



    පංඩිත කතාවකුත් කියාගෙන මං මහේලත් එක්ක ආපිට හැරුණා. මෙච්චර වෙලා අපි බලන් හිටියෙ නෙහාරා යන දිහානේ..



    "හත්තිලව්වයි.."



    ඒ හැරෙද්දි ඇස් ඉස්සරහා තිබ්බ දර්ශනේ දැකලා මට කියවුණා. ඉන්කියි.. එයාගෙ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙට් වෙච්චි සමින්දි අක්කයි, මගෙයි මහේලගෙයි අතේ දුරින්ම හිටගෙන හිටියා..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දුකයි නේද...?"


    කට කොනකට සිරියාවන්ත හිනාවෙන් ඩිංගක් අමුණගෙන ඉන්කි මගේ ළගට ආවා. එයත්තෙක්ක සමින්දි අක්කත් මට ලංවෙද්දි මහේල ඩිංගක් ඈත් වුණා. උගේ මූණෙ තිබ්බෙ තේරුම් ගන්න බැරි හිනාවක්...



    "මොනාටද ඉන්කි..?"



    "ගෑනු ළමයා අඩ අඩ යනකොට..?"



    සමින්දි අක්කා, ඒ වෙනකොටත් හිටියෙ බස් ස්ටෑන්ඩ් එක පැත්ත බලාගෙන. ඉන්කිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි. වෙනදා වගේම ඒ ඇස් දිලිසුනා..



    "මගේ ගෑනු ළමයා උනොත් තමා මට දුක.."



    "ආ... ඒකත් එහෙමද..?"



    "නැත්තං..."



    "තමන්ගෙම උනොත් විතරද දුක නවෝද්..?"



    මේක නම් කටක් නෙමේ.. ලව්ඩ්ස්පීකරයක්.. ඇයි හත්තිලව්වේ.. කියන කියන එකට මොනවා හරි කියනවා. ඒත් මුකුත්ම කියන්න කලින් සමින්දි අක්කගෙ කටහඩ ඇහුණා..



    "ඉන්කි..."


    "ඇයි අක්කේ..?"



    "අපි යන්නැද්ද..?"



    මගේ දිහා ඩිංගක්වත් බලන්නෙ නැතුව සමින්දි අක්කා ඉන්කිගෙන් ඇහුවා. එයා මාර ගණන් පිට තමයි ඉන්න හදන්නේ.. අඩු ගානේ එක බිංදුවක්වත් හිනා වුණේ නෑ. ඉදපංකෝ.... මට කලර්ස් පෙන්නන්නයි ඔය හදන්නේ..



    "ක්ලාස් එකේදි මට දීපු හෙල්ප් එකට තෑන්ක්ස්.."



    තලපතා ඉස්සරහදි ඉන්කි ක්ලැප් එක පටන් ගත්තු එක හිතේ තියාගෙන මම කිව්වා



    "ඒවා එහෙම තමයි.. මම කිව්වනේ ඉස්සරහට තව තව ඒවා තියෙයි.."



    කෙල්ලගෙ ඇස් දෙක නටන්න ගත්තා. මේකි මොනවා හිතේ තියාගෙන කියනවද මංදා. ඒත් සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ නම් මහාම මහ නොපහන් ගතියක්.. එයා මෙතන රැදිලා හිටියෙත් අකමැත්තෙන් කියලා මට තේරුණා..



    "ඔයාට තෑන්ක්ස් කරන්න.. මම ක්ලාස් එකෙන් පස්සෙත් ඔයාව හෙව්වා.."



    "ආ.. මං සමින්දි අක්කගෙ වැඩකට ටවුන් එකට දුවගෙන ආවා.. එයාට ඕන වෙලා.............."



    "ඔයාට පිස්සුද ඉන්කි...? මොනවද ඔය කියවන්නේ..?"



    මෙච්චර වෙලා එහෙන් මෙහෙන් තිබ්බ නොරිස්සුම සමින්දි අක්කා ළගින් පුපුරලා ගියා. ඉන්කිත් ගැස්සුණා. මම උනත් ඩිංගක් විතර අවුල් වුණා. මෙයාට මොක්කද අප්පේ මේ හැදිලා තියෙන වලිප්පුව. මේ කෙල්ල වගේ ඕපන් හාට් එකක් සමින්දිට නෑ වගේ..



    "සොරි අක්කි..."



    ඉන්කිගෙ කතාව බාල උනා.. ඇස් නැටවෙන එකත් නැවතුනා. එයා ඔලුව උස්සලා මං දිහා බැලුවෙ හරිම අමුතු විදියට. සමින්දි අක්කා හින්දා එයත් අවුල් වෙලා..



    "කවුද ඉන්කි මේ..? ඔයාගෙ යාලුවෙක්ද..?"



    තවත් බතල හිටවලා වැඩක් නෑ.. තැම්බෙනකන් කොහොමටවත් ඉන්න බෑනේ.. සමින්දි අක්කගෙ පුස්පාට්වලට දෙන්න ඕන පරිප්පුව මං හිතාගත්තා. මං අහපු දේට ඉන්කි කලබල වුණා. ඒ හා සමානව ප්‍රතිචාරයක් සමින්දි අක්කගෙනුත් ලැබුණා. ඒ දිග ඇස් දෙක බලන් ඉද්දිම ලොකු උනා..



    "ස්..... හූ..... නවෝද්.. මේ අපේ සමින්දි අක්කනේ... අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙට්.."



    "ආ... ඇත්තද..? ඒ මෙයාද..? ඇත්තමයි ඉන්කි මං හිතුවෙ ඔයාලගෙ හෙඩ් ප්‍රිෆෙට් වෙන කෙනෙක් කියලා.."



    සමින්දිගෙ මූණ තත්පරෙන් තතපරේ වෙනස් වෙද්දි මං කතාව ඇදගෙන ගියා.. ඔහොම යංකෝ.. ඔයා ගනන් නං මමත් උපරිමේටම ගණන්, සමින්දි අක්කේ.... මේ බෙකම්ගෙ හැටි ඔයා දන්නෑ. ග්‍රවුන්ඩ් එකේ සෙන්ටර් එකේ තියලා, මං ඔයාට කික් එකක් දෙනවා එහා පැත්තෙ ගෝල් එක ඇතුලට යන්න..

    "වෙන කෙනෙක්..?"


    "ඔව්.. අර සුදු ලස්සන ගර්ල්.. ගිය පාර අන්ඩර් නයින්ටීන්, චෑම්ප් වුණේ බැඩ්මින්ටන් වලින්.. මේ පාර ජාතික සංචිතේටත් තේරිලා තියෙන්නේ.."



    "ආනේ... නවෝද්.. ඔයා ඔය කියන්නෙ අපේ චතුපමා අක්කි ගැන.. එයත් අපේ සමින්දි අක්කා වගේ තමයි.. හැබැයි ඊට වඩා, සමින්දි අක්කට ටැලන්ට්ස් තියෙනවා.."



    මගේ කතාවෙන් රිදෙන්නෙ කාටද කියලා දැනීමක් නැති අහිංසකී, ඔහේ කියවනවා.. සමින්දි අක්කගෙ මූණ දැන් නම් තියෙන්නෙ, හොදටම නරක් වෙච්ච ඇපල් ගෙඩියක ගති ලක්ෂන, මොනා කරන්නද බබා.. ඔයානේ මේ හැන්දෙන් බෙදා ගත්තෙ, කලර්ස් දාන්න ගිහින්. මාත් ඉතිං නහුතෙට බෙදනවා..



    "මම නම් දැකපු ටැලන්ට්ස් එකක් නැහැ.. ඒත් චතුපමාගෙ ටැලන්ට්ස් නම් මුළු දිස්ත්‍රික්කෙම දැක්කා.. අන්න එහෙමයි ගර්ස්ලා ඉන්න ඕන.."



    මගේ කතාවෙ එන්නේ, අඩංගු වෙන්නෙ මොන කෘමි නාශකේද කියලා, ඔන්න දැන් ඩිංගක් ඉන්කිටත් තේරුණා. එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ ඒකයි..



    "ඉන්කි... ඔයා යන්නැද්ද.. මං යනවා.."



    එකපාරටම ගස්සලා, පද්දලා දාලා සමින්දි අක්කි හැරුනා. ඔය තියෙන්නේ. ඉවසනවා කියලා තවත් කොහොම ඉවසන්නද නේද සුදූ.. ඔයාට රිදුනා කියලා හිතෙනකොටත් මාර ගතියක් හිතට එනවා..



    "අනේ සමින්දි අක්කි.. චුට්ටක් ඉන්න.. ඔයා දන්නෑනේ මේ කවුද කියලා.."


    ඉන්කි දුවගෙන ගිහින්, සමින්දි අක්කගෙ අතේ එල්ලුණා. ඒ එල්ලෙම සමින්දි ආපහු හැරිලා මං දිහා ඇස් දෙක පුංචි කරලා බැලුවා.



    "කවුරු උනත් මට වැඩක් නෑ ඉන්කි.."



    "එහෙම කියන්න එපා අක්කි.. එයාට තමයි මං ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න කියලා කිව්වේ..."



    "එයා..? එයා කොහොමද මගේ බෑග් එක හොයාලා දෙන්නේ..? ඒක මෙලහකට බෑග් හදපු රටටම ගිහිල්ලා ඇති.."



    සමින්දි අක්කා ඒ කතාවෙන් කිව්ව දේ අතරෙ කාරනා දෙකක් මට දැණුනා. එකක්, මට ඒ වැඩේ කරන්න බෑ කියනෙක.. අනික බෑග් එක ඉම්පෝටඩ් කියන එක.. මේ බෙකම්ට ඕවා හොදට තේරෙනවා..



    "නෑ අක්කි... නවෝද් හරිම හොදයි.. එයා කොහොම හරි ඒක හොයලා දෙයි.."



    "දවසක් දෙකක් කතා බහ කරාට මිනිස්සු විශ්වාස කරන්නෙපා කියලා මං ඔයාට නිතරම කියනවා ඉන්කි.. ඔයා නම් කවදාවත් හැදෙන ළමයෙක් නම් නෙමෙයි.."



    සමින්දිගෙ වචන ඊතල පාරවල් වගේ මගේ පපුව ඇතුළටම රිංග ගත්තා. මං කියපුවට රිටර්න් එක තමයි, මේ එයා ගෙන් හම්බවෙන්නේ. බලමු සමින්දි අක්කේ.. රිටර්න් එකක් හම්බවුණොත් මේ බෙකම් ඒක බාරගෙන කවදාවත් ඉන්නෙ නෑ.. ඒකට ඩබල් රිටන් එකක් නොදී..



    "මොනවද ඉන්කි.. එයා කියන්නේ..?"



    මං සමින්දියි, ඉන්කියි දිහාට අඩි දෙක තුනක් තියලා ඇහුවා. මෙච්චර වෙලා මෙලෝ හැගීමක් දැනීමක් නැතුව, පිදුරුතලාගල කන්ද වගේ හිටෝපු තැනම තාමත් ඉන්න මහේල දිහා මං බැලුවා. ඒ මගේ කටහඩේ තිබ්බ ගේම ඉල්ලීමේ ගති ලක්ෂනේ හින්දා වෙන්න ඇති. උගේ ඇස් මට කිව්වේ, ඉවසපං කියලා ඒත් මේ බෙකම්ට ඉවසනවා කියන්නේ මොන තරම් අවමංගල කතාවක්ද කියලා නොදන්න එකෙක් නෑ..



    "මු.... මුකුත් නෑ නවෝද්... මු... මුකුත් නෑ.. අපි යන්නම්.."



    ඉන්කිට තේරුනා වැඩේ අල වෙන්න යන විත්තිය. ඒකයි එයා කතන්දරේට ෆුල්ස්ටොප් එක තියන්න හැදුවේ.. ඒත් සමින්දි නම් ෆුල්ස්ටොප් එක තියන්න ලෑස්ති වුණේ නෑ.. ගේම නම් ගේම වගේ එයා මං දිහා බැලුවා..



    "මුකුත් නැත්තෙ නෑනේ ඉන්කි.. මෙයාට පුලුවන්ද මගේ බෑග් එක හොයන්න.. අනික ඒක නැතිවෙලත් කොච්චර දවසක් වෙනවද..? ඔයා අනවශ්‍ය දෙයක්නේ කරලා තියෙන්නේ.."



    තවත් නම් කට පියන් ඉන්න බෑ.. මට එහෙම හිතුණෙ ඉන්කි අසරණ වෙලා වගේ, මං දිහායි, සමින්දි අක්කි දිහායි මාරුවෙන් මාරුවට බලනකොට.



    "ඔයා කියන්නෙ, මට ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න බෑ කියලද..?"



    මං කෙලින්ම සමින්දිගෙන් ඇහුවා. සුදුපාට රවුම් මූණ, දිග ඇස් දෙකත් එක්ක මගේ දිහාට හැරුණා. ඒ තමයි කෙලින්ම මං දිහා, හොදට බලපු පළවෙනි වතාව. මහ පුදුම තරම් ආඩම්බරකමක් මං ඒ මූණෙ දැක්කා. ඒ ආඩම්බරකම මගේ හිතට සෑහෙන තරම් ලොකුවට වැදුනා. හරියට මගේ අභිමානයට පහරක් එල්ල වුණා වගේ..



    "ඔව් ඔයාට ඒ දේ කරන්න බෑ. ඒ වගේම.. ඒ වගේම මං ඒ බෑග් එක ගැන ආසාව අත් ඇරලයි තියෙන්නේ.. ඒක මට ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ. ඒක ට හොදටම සුවර්.."



    කිසිම හැගීමක් නැතුව වගේ සමින්දි කියවගෙන ගියා. මගේ හිතට ආපු නොරිස්සුම පිටට එන්න නොදී මං හුගාක් අමාරුවෙන් තද කරන් හිටියේ..



    "මං ඒ දේ කරොත්..?"



    "ඒ දේ කිව්වේ..?"



    "අපි මෙතන ආංඩු පෙරළන්න කතා කරේ නෑනේ.. අපි කතා කරේ ඔයාගෙ බෑග් එක ගැන.."



    සමින්දි අක්කා, කොන්වන්ට් එකේ, ඩිබෙට් ටීම් එකේ කැප්ටන් උනා කියලා මං සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑනේ. ඩිබෙට් ටීම් එකේ නැතිවුණාට මේ බෙකම්ට ඕන ස්ටේජ් එකක කතා කරන්න පුළුවන්.



    "ඔව් ඉතිං..?"



    "මං කිව්වේ, ඔයාගෙ බෑග් එක මං හොයලා දුන්නොත් මොකද වෙන්නේ කියලා.."



    "මුකුත් වෙන්නෑ.."



    "ඇයි...?"



    "ඔයාට ඒක හොයන්න බෑනේ.. ඉතිං එතනින් එහාට කතාවක් නෑ.."



    "මොනවද ඔට්ටු..?"



    "ඔට්ටු කිව්වේ..?"



    "ඔට්ටු කියන්නෙ නම් බෙට් වලට. ඔයා කියනවා මට ඒක හොයලා දෙන්න බෑ කියලා. මං කියනවා හොයන්න පුළුවන් කියලා. ඉතිං එතකොට එතන නිකම්ම බෙට් එකක් උපදිනවනේ. මං බෑග් එක හොයලා ගෙනත් දුන්නොත් ඔයා පරාදයි. මට බෑග් එක හොයන්න බැරි උනොත් ඔයා දිනුම්. මොකද කියන්නේ..?"



    දිග ඇස් දෙකට එබීගෙනම මං ඇහුවා. සමින්දි අක්කත් පරාජබ බාරගන්න, අකමැත්තෙන් වගේ මං දිහාම බලන් හිටියා. ළගින් හිටපු ඉන්කියි, මහේලයි නිකම්ම ප්‍රේක්ෂකයෝ වෙලා. ඇත්තටම ඉතිං උං දෙන්නට කරන්න දෙයක් නෑ. ඔහේ බලන් ඉන්නයි තියෙන්නේ..



    "මං දිනුම්...."



    අර ආඩම්බරකාර කමින් සමින්දි උත්තර දුන්නා.



    "ඒ කොහොමද..?"



    "ඔයාට ඒ දේ කරන්න බැරි හන්දා.."



    මට නම් දැන් මේකිගෙ කට කන්න හිතයි. මේ තරම් වීරයා වගේ පුළුවන් කියලා කියද්දිත්, මේකිගෙ කටේ තියෙන්නෙම බැරි බැරියාවනේ. ඉදපංකෝ..... ඕකට හරියන නියම ටොනික් බෝතලයක් දෙන්න..



    "වැඩි කතා ඕන්නෑ.. ඉන්කි.. මහේල.. ඔයාලා දෙන්නත් ඉන්නවනේ.. මං දිනුවොත් මෙයාලගෙ ගානෙ මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි ඉන්කිටයි ලන්ච් එකක් ඕනේ.."



    "ලන්ච් එකක්...?"



    සමින්දිගෙ මූණෙ තිබ්බ රස්නෙ යාන්තම් නිවුනා වගේ මට තේරුණා. මං මේ තරම් ෆිට් එකේ චැලේන්ජ් කරන හන්ද, කෙල්ල ඉන්නෙ ටිකක් අවුල් වෙලා කියලා මගේ ඔලුවට වැටුනා..



    "ඔව්... ලොකු චිකන් කෑලිත් එක්ක, ප්‍රයිඩ් රයිස් ලන්ච් එකක්.. මං පරාද උනොත්.. ඔයාටයි ඔයාගෙ යාලුවො තුන්දෙනාටයි ඉන්කිටයි, මං ඒ දේ අරන් දෙනවා. මොකද කියන්නේ..?"



    මං ගානට තැනට වැඩේ ඇදගෙන ආවා.. දැන් බලමුකෝ මෙයාගෙ තොරණෙ විස්තරේ කොහොමද කියලා.



    "කියන්න දෙයක් නෑ.. මං ලෑස්තියි.. ආ.. තව දෙයක් තියෙනවා..."



    සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි.. ඒවා කොයි වෙලාවෙවත් එහෙට මෙහෙට ගියේ නෑ. ඒත් ඒ බැල්මෙ කිසිම තෙතමනයක්, ආරාධනාවක් එහෙමත් නැත්නම් පුංචි ලෙන්ගතුකමක් ඒ මුකුත්ම තිබ්බෙ නෑ. නිකම්ම නිකං අර්ථ ශූන්‍ය වෙච්ච බැල්මක්..



    "මේ.. ඔට්ටුවෙ වලංගු කාලය කොහොමද..?"



    හප්පට සිරි... මේක නිකං රාජකීය තත්වයටම යන්න හදනව වගේ.. ඒ තරම් ඇඩ්වාන්ස්..



    "ආ.. ඒ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නෑ.. අපි දවස් තුනක් දාගමු.. ඒ හොදටම ඇති.."



    සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ ඒ තරම් සිරියාවන්ත පෙනුමක් නෙමෙයි. එයා ඉන්කිගෙ අතිනුත් ඇදගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. සමින්දි අක්කට හොරෙන්, ඉන්කි ආපස්සට හැරිලා, ඔලුව විතරක් හොල්ලලා යනවා කියන සංඥාව දුන්නා. ටිකක් ඈතට ගිහිල්ලත් ඉන්කි පස්ස හැරි හැරී බලන හැටි මං දැක්කා.



    "ඒකිගෙ මහ පට්ට ගනන්නෙ තියෙන්නේ..?"



    සමින්දිලා ටිකක් ඈතට යනකන් බලන් ඉදපු මහේල කිව්වා. ඌට විතරක් නෙමේ.. සමින්දි ආපු කලර්ස් මටත් දිරෙව්වෙ නෑ..



    "ඔය ග්‍රවුන්ඩ් එකේදි මාව අනන්තවත් දැකලා ඇති. ඒත් බලපං මහේලයා. ඒකි හැසිරුණේ මාව අද දැකපු තාලෙට නේ.."



    "ගණන් ගන්න එපා බෙකම්.. මට පේන විදියට නම් ඒකි උඹට කැමතියි.."



    "ම... මට..? නිකං පිස්සු නොකිය හිටු.. උඹ දැක්කනේ ඒකි මෙතන රගපාපු හැටි.."



    "එහෙම තමයි බං කෙල්ලො.. තමන්ට ගණන් පෙන්නන්න ඕන එකාට, නියම තැනදි ඒ ගාන දාගන්නවා. ලොවෙත් නෑ මචං.. ඔහොම දේවල්.."



    ලොවේ නැත්නම් හදේද බං තියෙන්නෙ කියලා අහන්න හදලත් නිකං හිටියා.. දැන් කොල්ලන්ගෙ කටේ තියෙන්නෙ ඕන කෙහෙල් ගෙඩියකට ලොවෙත් නෑ කියන වචන දෙක..



    "මොනවා උනත් මහේලයා.. මම නම් සමින්දි ගැන හිතන් හිටියේ, මූණ කට සීදේවි වගේම ඒකිගෙ හිතත් සීදේවි ඇති කියලා.."



    "කෙල්ලො තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක් බෙකම්.. ඉතිං උඹ දැන් උන්ට ලන්ච් එකක් අරං දෙනවද..?"



    "පිස්සුද බං.."



    "උඹ එහෙනම් බෙට් කරේ..?"



    "මං බෙට් එක දිනන හන්දනේ.."



    "ඈ... ඒ කොහොමද..?"



    මට එතකොටයි මතක් උනේ, මහේල මේ මහා බෑග් නිදාන කතාවට ආධුනිකයි කියලා.. ඇත්තටම ඌ ඒ ගැන වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. ඒකත් හොදයි.. මට එතකොට ඌ ඉස්සරහත් වීරයා වෙන්න පුළුවන්.



    "මං කොහොම හරි සමින්දිගෙ බෑග් එක හොයලා දෙනවා.. කතාව එච්චරයි.."



    "ඔව් ඉතිං.. උඹට හොයාගන්න පුළුවන් උනොත් හොදයි.. නැත්නම් ඉතිං දාහකට දෙදාහකට කෙල වෙන එක අහන්න දෙයක් නෑ.."


    "ඇයි...?"


    "හැයි කියලා අහන්නේ..? මූණ සුදු පාටට රූප සුන්දරියො වගේ හිටියට, ඕකුන් සාගතකාරයෝ, අපි කනවා වගේ දෙගුණයක් කනවා. අනික ඕකුන් ස්පෝර්ට් කරන හද්නා කකුල් වලත් බඩවැල් තියෙනවා.."


    මහේල අමුතු කතාවක් කිව්වා. මං ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ. මොකද කියනව නම්, සමින්දි අක්කා ප්‍රයිඩ් රයිස් අරන් දෙන්නෙ මටනේ. මේකා සමින්දි අක්කට ඔහොම කිව්වට අපේ ඈයොන්ගෙත් නියපොත්තෙ ඉදලම බඩවැල් තමා. වේල් දෙකක් විතර නොකාපු දවසක දානපතියෙක්ව හම්බ වුණොත් ඉතිං සොරිම තමා..



    *************************************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පහුවෙනිදා උදේ පාන්දරම මෙන්න ඇම්ඩා අපේ ගේ ඉස්සරහා. උගේ මූණෙ හිනාව පුරෝල එකයි..


    "මොකක්ද යකෝ.. අර කරපු කුණුහරුප වැඩේ...?"



    ඌව දැකපු ගමන්ම මං ඇහුවා. නැත්නම් බෑ.. මූට කතා කරන්න දුන්නොත් මූ මුදුනා වෙනවා. මට කතා කරන්න වෙන්නෙම නෑ..



    "මොන වැඩේද බෙකම්..?"



    මේ තුන් ලෝකෙ ඉන්න අහිංසකම, පිරිසිදුම සත්වයා වගේ ඌ මගෙන් අහනවා. අම්මපා මට මුගේ කෑල්ලක් කතෑහැකි ඉතිං..



    "ඉන්කිගෙ බෑග් එක උස්සලා මගේ ට්‍රැවලින් බෑග් එකේ එබුවේ..?"


    "මං උඹට එදා කිව්වනේ... ඒකිගෙ බෑග් එක උස්සනවා කියලා.."


    "කිව්වා තමයි.. ඒත් උඹ මගේ ඇගේ ඒක ගැහුවෙ ඇයි කියලයි මං ඇහුවේ. අර එකක් ඔබලා තාම ඒක ඇදේ දිග ඇරගන්න බැරුව ඉන්නවා.. උඹ මේ තවත් එකක් කරලා.."


    "ප්‍රශ්නයක් නෑ බෙකම්.. අපිට වගේ නෙමේනේ.. උඹට දෙකක් නෙමේ හතරක් තිබ්බත් වැඩියක් නෑ.. අනික ඉතින් උස්සපු බෑග් දෙකෙත් ඇති වැරැද්දකුත් නෑ නේ බං.."


    බලන්න අප්පා මුගේ කඩප්පුලි කතාව.. තවත් ඉතිං ඔය ගැන කතා කරලා වැඩක් නෑ.. මූ නම් කිසිම දාක හැදෙන එකෙක් නම් නෙමෙයි. ඌ එක්ක ඉන්න ඉදිල්ලෙන් අපි හැදෙන්නෙත් නෑ..


    "උඹ මේ කෙහෙල්මලක් කියනවා.. උඹ දන්නවද ඊයෙ තලපතාගෙ ක්ලාස් එකේ වෙච්ච දේ..?"


    කොලේජ් ලේන් එකට ළංවෙද්දිම මං මවුන්ටන් බයිසිකලේ ඇම්ඩට දුන්නා. ඌ බයිසිකලේ එතන තිබ්බ තාප්පෙට හේත්තු කරලා මගේ අතකින් අල්ල ගත්තා. ඌ මූලික ලක්ෂන දාලා මේ හැසිරෙන විදියෙන් මේකා මේ කරන්න යන්නෙ හැගීම්බර කතාවක් කියලා මට බය නැතුව කියතැහැකි.


    "හැමදේම මට ආරන්චියි බෙකම්.. දුෂ්මන්තයා මාව පාවලා දුන්නා කියලා මං දැනන් හිටියා. ඒකයි මං ක්ලාස් ආවෙ නැත්තේ.. ඒත්.. ඒත්.."


    ඇම්ඩා මගේ ළගටම ඇවිත් අනිත් අතිනුත් අල්ල ගත්තා. උගේ ඇස් දිලිසෙනවා වගේ. ලාවට වගේ කදුළු බිංදුවක් දෙකක් ඒ ඇස් අතරෙ හැංගිලා තියෙනවා මං දැක්කා. මේක නම් අම්මපල්ලා අදහාගන්න පුළුවන් තත්වයක් නෙමෙයි..


    "කිසිම පණ ඇති සත්වයෙක් මං වෙනුවෙන් කතා කරන්න තියා, ඒ ගැන හිතන්නවත් බයවෙච්චි වෙලාවක උඹ සද්දන්තයා වගේ නැගිටලා කියපු දේවල් හුගාක් වටිනවා බෙකම්.. මං උඹව අදහන්නෙත් ඒකමයි.."


    "අතෑරලා දාපං බං.... රෙද්ද.."


    "ඒවා එහෙම ලේසියෙන් අතාරින්න බෑ බං.. මං මොන කුණුහරුප වැඩේ කරත්, ඒ වගේ කැරට් විසි හතරෙ වැඩ, මගේ පපුව ඇතුලෙ කෙටුවා වගේ තියෙනවා.."


    "ඔක්කොමත් හරි.. ඔය බෑග් ඉස්සිල්ල දැන්වත් නවත්තපං.. වැරදිලාවත් කවුරු හරි දැකලා තිබුණ නම් පටි හතම රෝල් නෙ බං.."


    "අරකිගෙ නම් වැරදිලා හරි ඉස්සුව එක ගැන මං සන්තෝස වෙනවා.. ඒකිගෙ උණ වැඩියි.."


    "කාගෙද..?"


    "සමින්දිගෙ බං.. ඒකිගෙ මහ පුස්පාට් තියෙන්නේ.. ඒ අතින් බලපුවාම ඉන්කිගෙ ඒ තරම් අවුලක් නෑ.."


    මෙන්න එපාර මූ සාමයේ දූතයා වෙලා, මොකක්ද දන්නෑ හිටපු ගමන් හැදිච්ච වෙස් පෙරළිය.. මට නම් දිරෙව්වෙම නෑ. මූ සන්සුන් වෙනවා කියන්නෙ එතන අවමගුලක් තමයි. එහෙම නැත්නම් කාගෙ හරි දානයක් තමයි..


    "පහුගිය දවස්වල උඹ ඉන්කිට වැලේ වැල් නැතිවෙන්න බැණ බැණ නේද හිටියේ..?"


    "ඒක නම් ඇත්ත බෙකම්. අපේ ගෙදරට අර කැහි කූරු කතාව කිව්වා උනත්, ඊයෙ තලපතාගෙ ක්ලාස් එකේදි උඹේ පැත්තට කතා කෙරුවෙ ඒකි විතරයි.. පිරිමි හාල් පාරුවො දෙසීයක් විතර ඉන්න තැනක, මුලින්ම ක්ලැප් එක පටන් ගත්තෙ ඒකි විතරයි... මං ඒක පාර්ශ්විකව ඒකිත් එක්ක තිබ්බ වලියෙන් ඉවත් වෙනවා බෙකම්.. ඒකිට මොන වගේ ගඩග් තියෙන්න ඕනද..? හැමෝම ඉස්සරහා උඹට ක්ලැප් කරන්න.. අනික.. මහසෝනා පාට් එක ඇට් කරන්න ඔන්න මෙන්න කියලා හිටපු තලපතා ඉස්සරහා.."


    මොනවා නැතත් ඇම්ඩගෙ තියෙන හොද දේ තමයි කියන කෙහෙල් ගෙඩියක් කෙලින්ම කියලා දාන එක.. උගේ කතාවෙන්ම මං දැනගත්තා ඉන්කි එක්ක පටන් ගන්න ගියපු වලිය ඌම නවත්තලා දැම්මා කියලා.


    "උඹට කියන්න තවත් දෙයක් තියෙනවා නාලක.."


    "ඒ මොකක්ද..?"


    ඉස්කෝලෙට ඔන්න මෙන්න තියලා තියෙද්දි මං නාලකගෙ මූණට එබුනා. උගේ මූණෙ සුපුරුදු පරිදිම අර කුණු හිනාව හතර අතටම විහිදිලා තිබුණා.


    "ඊයේ බස් ස්ටෑන් එක ළගදි මායි සමින්දියි බෙට් එකක් දැම්මා.."


    "බෙට් එකක්..? අර අහංකාර ස්ත්‍රී රත්නෙත් එක්ක.. කමක් නෑ ඕකිගෙ පැත්තක්ම පතුරු ගහමු.."


    "ඉස්සෙල්ලා අහගනිංකො කතන්දරේ.."


    එතන ඉදලා මං බොහොම ඉක්මනට, ඉතා කෙටියෙන් බෙට් එකේ විස්තරේ කිව්වා ඇම්ඩා එක්ක..


    "නියමයි බෙකම්... නියමයි.. මේ අවස්ථාවේ මට දැනෙන ප්‍රීතිය කියලා නිම කරන්න බෑ.. ඉතිං.. ඉතිං.. ඒ ප්‍රීතිය වැඩි වෙන්න මට කියපං.. කවුද දැන් ඔය සමින්දි දෙන ප්‍රයිඩ් රයිස් දන්සැලට උඹ එක්කන් යන්නේ..?"


    ඇම්ඩගෙ ඇස් දෙක දිලිසුනා. ඒ කියන්නෙ මුගෙත් යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා, මගෙත් එක්ක ප්‍රයිඩ් රයිස් කන්න..


    "ඉස්සෙල්ලම යන්නෙ, මායි ඉන්කියි. ඊගාවට පැතුමයි, මහේලයයි, බලයයි, උඹයි.. තේරුණාද..?"


    "ම්... මාව..? තෑන්ක්ස් බෙකම්.. රොම්බ තෑන්ක්ස්.. පිස්සු හැදෙනවා.. මං අද ඉදලා වේල් දෙකයි කන්නෙ.. බලපං.. ඔය කොන්වන්ට් එකේ අහංකාරිට වෙන දේ.. ලොවෙත් නෑ.. ඒත් ඉතිං මට තියෙන දුක තව දවස් දෙකක් බලන් ඉන්න වෙන එකයි.."


    ඇම්ඩා දැන් ඉදන් කෑමට රෙඩි වෙලා. ඒකත් හොදයි.. මේකා එක්ක ගියොත් මං සහසුද්දෙන්ම දන්නවා, සමින්දිගෙ පර්ස් එක සුනාමියට අහුවුණා වගේ වෙනවා.. ඔව්.. ඔව්.. එයාට රිද්දන්න පුළුවන් හොදම වැඩේ එහෙම තමයි. තව ඉතිං මහේලයා කෙසේ වෙතත් බලයයි, පැතුමයිත් ඉන්නවනේ.. උං දෙන්නත් ඇම්ඩගෙ අග සව් වගේනේ.. සමින්දි අක්කේ.... ඔයාට සොරිම තමා.. මුං ටික ඔයාගෙ ඇගෙනුත් කෑල්ලක් කපලා දායි..


    ඇම්ඩා පංතිය දිහාට යද්දි මං අපේ පංතියට ආවා. පැතුමා සුපුරුදු පරිදි කෙල්ලො ටික වට කරගෙන බර කතාවක්. මං වටපිට බැලුවත් නෙහාරා පේන්න හිටියෙ නෑ. ඊයෙ කතන්දරෙන් පස්සෙ කෙල්ල ඉස්කෝලෙ නෑවිත් ඉන්නද දන්නෑ හදන්නේ..


    "ඔයාට කියන්න නෙලුනි.. ඌත් එක්ක මං මාර කේන්තියෙන් ඉන්නේ.. ඇත්ත වශයෙන්ම මට ඌව පේන්න බෑ.. ඕකා කතා කරන් මට තරහා එනවා.."


    පැතුම් මේ කවුරු ගැනද කියන්නේ..? මං ටිකක් ඕනෑකමින් ඇහුම්කන් දුන්නා.. නිරෝම් තොල් වලින් විතරක් මට ගුඩ් මෝනිං කියද්දි, මං ටිකක් හයියෙන් කිව්වා. ඔන්න එතකොටයි පැතුම් මාව දැක්කේ..


    "ආ... බෙකම්... උඹ ආවද..? මං මේ අපේ ගෑනු සංහතියට කිය කිය හිටියේ, මායි, දොළහ ඒ එකේ ඇම්ඩයි අතරෙ තියෙන තරහා ගැන.."


    "එහෙම එකක් තියෙනවද..?"


    "ඔව් හත්තිලව්වේ.. ඔව්.. උඹ දන්නෑ කිව්වහමත් පුදුමයි.. ඔයාට කියන්න නිරෝමි.. ඉස්සර මායි ඇම්ඩයි, එක හොස්ටල් එකේ හිටියේ. අපි නෑවෙ, කෑවේ, බිව්වෙ, ඉස්කෝලෙ ඇවෙ එකට.."


    "ඉතිං..?"


    "ඉතිං හුචිං ගාන්නෙපා නෙලුනි.. සාවධානව මේ අමරණිය පෙම් කතාව අහගෙන ඉන්න.."


    "හරි... හරි... ඉක්මනට කියන්න පැතුම් අපිට වැඩ තියෙනවා.."


    "ඉතිං.. මොන වැඩේ එකට කරත් මායි, ඇම්ඩයි තරහයි.. මට ඌව පේන්න බෑ.. ඌට මාව පේන්න බෑ. ඉතිං ඇම්ඩා එක්ක ලොකු කේන්තියක් මට ආපුමෙන් මං කරන්නේ, හොස්ටල් එකේ තියෙන ටොයිලට් දෙක සුද්ධ කරන එක.."


    "ඈ...?"


    "ඔයාට පිස්සුද පැතුම්.. එයත් එක්ක තරහා උනා කියලා ටොයිලට් සුද්ධ කරලා හරියනවද..?"


    "නැත්තං ආයෙ දෙකක් නෑ.. මං පැය බාගෙකට වැඩිය ටොයිලට් සුද්ධ කරනවා.."


    "මට නම් තේරෙන්නෑ.. ඔයාගෙ තරහයි, ටොයිලට් සුද්ධ කරන එකයි අතර තියෙන සම්බන්ධෙ.."


    අන්තිමට නිරෝමි පැතුම්ගෙන් ඇහුවා. මටත් උගේ කතාවෙ අගක් මුලක් හොයාගන්න බැරුවයි හිටියේ.. නිරෝමි අහපු ප්‍රශ්නෙම මගේ හිතෙත් තිබුණා.


    "ලොකු සම්බන්ධයක් නෑ නිරෝමි.. මං ටොයිලට් එක සුද්ධ කරන්නෙ ඇම්ඩා දත් මදින බ්‍රශ් එකෙන්නේ.."


    "ඊය්යා...."


    "ෂිහ්... විතරක්..."


    "හරිම කැත ළමයෙක් පැතුම් ඔයා.."


    "ඔව්.. ඇම්ඩා ඒ බ්‍රෂ් එකෙන්ම උදේට දත් මදිනකොට මගේ කේන්තිය නිමිලා ගිහින් මාර සාමකාමී බවක් දැනෙනවා. මං ඉතිං ඌත් එක්ක තියෙන කේන්තිය පාලනය කරන්නෙ ඔහොමයි. ඔයාලා උනත් අන්න ඒ වගේ කෘෂි කර්මික ජීවන රටාවකට පුරුදු වෙන්න.. මොකද ඇම්ඩා වගේ අහිතකර බැක්ටිරියා වර්ගයක් එක්ක ජීවත්වෙන්න හුගක් අමාරු හින්දා.."


    "බොරු කියන්න එපා පැතුම්.. ඔය කියන තරම් නාලක නරක නෑ.."


    හප්පට සිරි... මෙන්න ඒ පාර නෙලුනි, පැතුම්ගෙන් ගේම ඉල්ලනවා.. මේකිටත් කට පියන් ඉන්න බෑනේ.. පැතුම්ගෙ ඇස් දෙක රුපියල් අටේ මැලේසියන් රඹුටන් මද දෙක්ක වගේ ලොකු උනා..


    "නෙලුනි... මේ.. ඔයා එක පාරක් මගේ හදවත කෑවා..තව පාරක් කිසිම කමකට නැතුව පිත්තාශය කාලා වතුර බිව්වා. දැන් මේ ඇම්ඩව හොදයි කියන්නෙ කොහොමද..? ඕවා ඇහෙනකොට අපෙත් මළ බද්ධය වැඩි වෙනවා.."


    "අනේ නිකං ඉන්න පැතුම්.. නාලකත් එක්ක ඔහොම කේන්ති එනවා නම්, අපේ නවෝද් කොහොමද එයාව ආශ්‍රය කරන්නමෙං දැක්කා අද උදෙත් නවෝද් ආවේ, නාලකත් එක්ක.."


    පැතුම්ට කට උත්තර නැතිවුණා. ඌ කටත් උල්කරන් මං දිහාට හැරුණා..


    "බෙකම්ද..? මේකා අපේ මුළු ඉස්කෝලෙම එවුන් එක්ක යාලුයිනේ.. මූට ඉතිං ප්‍රශ්නයක් නෑ.. අනිත්තෙක මේ ඉස්කෝලෙ තියෙන යාලුකම් වැඩිවෙලානේ, බෙකම් කොන්වන්ට් එකත් එක්කත් මිත්‍රශීලී ගණුදෙනුවලට යන්නේ..?"


    "පැතුමා.. මෙතන පච හැලුවොත්, මං උඹේ කන හලනවා දැනගනිං...."


    "ඔන්න බලන්න නිරෝමි.. මාධ්‍ය සදාචාරයක හැටි.. ඔව්වට තමයි මිනිස්සු කියන්නෙ පුවත්වාරණය කියලා.."


    පැතුම් තවත් මොනවදෝ පිස්සු කියවද්දි තමයි ආට් ක්ලාස් එකේ ඉමාන් අපේ පංතියට ආවේ. ඌව දැකපු ගමන් කල්හාර කෑගහන්න ගත්තා..


    "ආ... සංගීතේ.. උඹ මොකද මේ පැත්තේ.. අපේ සියුමැලි කුල කාන්තාවක් වත් බලල යන්න ආවද..?"


    පංතියෙ කෙල්ලො, කොල්ලො හැමෝම ඉමාන් දිහාට හැරුණු හන්දා හිටියෙ ටිකක් අවුල්වෙලා.. ඒත් උගේ ඇස් බෝල දෙක අපේ පංතිය පුරාම එහෙට මෙහෙට දිව්වා..


    "බෙකම්..."


    අන්තිමට උගේ ඇස් නතර උනේ මං ගාව.. ඒ හතරැස් මූණෙ ලාවට හිනාවක් මතු වුණා..


    "උඹ මාවද හොයන්නේ...?"


    මං පුටුවෙන් නැගිටලා ඉමාන් ගාවට ගියා..


    "ඔව්... ගුණසිංහ සර් උඹට එන්න කිව්වා.."


    "ගුණසිංහ සර්..."


    මට එකපාරටම එහෙම කියැවුණා. ඒකටත් හේතු නොසෑහෙන්න තිබ්බා. මේ ඉස්කෝලෙන්ම මං වැඩියක්ම ආදරේ කරපු ගුරුවරයා උනේ ගුණසිංහ සර්.. එයා තමයි හය වසරෙ ඉදලම මාව, ක්‍රීඩා තරග වලටයි, සාහිත්‍යටයි, රංග කලාවටයි, හැම ලට්ට ලොට්ටෙටම තල්ලු කෙරුවෙ.. සෝමතිලක සර් මට හම්බවුණේ පස්සෙ කාලකෙ. ඒත් මගේ ජීවිතයෙ අක්මුල් විහිදලා තිබ්බෙ ගුණසිංහ සර් එක්ක. කොටින්ම මාව පංතියෙ තියාගන්නැතුව, බාහිර ක්‍රියාකාරකම් හුගකට මාව යොමු කෙරෙව්වෙ ගුණසිංහ සර්. ඒ දවස් වල හයේ හතේ අටේ පන්තිවලින් මොකාක් හරි දායකත්වයක් ඕන උනා නම් ගුණසිංහ සර්ට ඉස්සෙල්ලම මතකෙට එන්නෙ මගේ නම. අදට උනත් ඒකෙ වෙනසක් නෑ කියලා ඉමාන් ආවහම මට තේරුණා.


    "ඇයිද දන්නෑ නේද බං..?"


    "මං හිතන්නෙ නාට්ටියක කතන්දරේකට.."


    "නාට්ටියක්..?"


    මං උඩගිහින් බිම වැටුනා.. ඒ පාර ගුණසිංහ සර් මොනවද කරන්න හදන්නේ..?


    "ඔව්..! බෙකම්ට රගපාන්න කැරැක්ටර් එකක් දෙන්න වගේ හදන්නේ.."


    "ම... මට..?"


    "ඔව්.. මංනේ ඒකෙ මියුසික්, සවුන්ඩ්ස් ඔක්කොම කරන්නේ.."


    "ඉතිං උඹ උපන්දා ඉදලා ඒවනේ කරන්නේ.. යකෝ මට රගපාන්න තේරෙන්නෙ නෑ.."


    "බොරු නොකියා ඉදපං.. පල්ලෙහා පංතිවලදි උඹ යස අපූරුවට රගපෑවේ.. මොකෝ අපි මැරිලා ඉපදුණාද..?"


    "ඒ.. ඒ දවස්වල ඉමාන්.. දැන් නම් කීයටවත් බෑ.. කොල්ලො කෙල්ලො හූ කියයි.."


    "මං දන්නෑ.. උඹ ඒක ගුණසිංහ සර්ට කියපං.."


    "ඇයි හත්තිලව්වෙ.. උඹලගෙ ආර්ට් ක්ලාස් වල රගපාන්න උන් නැද්ද..? මාවම කන්න හදන්නේ..?"


    "මංදා බං.. සර්ට ඉතිං උඹව, කොයි කොනකට හරි ගාව ගන්න ඕනෙනේ.. ඉස්කෝලෙ ඇතුළෙදි උඹඨ තියෙන ජනප්‍රියකම හින්දම නාට්ටියටත් උඹව පුංචි කෑල්ලකට හරි දාන්න ඕන කියලා, අපේ ආට් ක්ලාස් එකේ කොල්ලො සෙට් එක තමයි ගුණසිංහ සර්ට මතක් කරෙත්.."


    හයියෝ.. මේ අසරණ බෙකම් දැන් මොනවයින් මොනවා කරන්නද..? ඉමාන් ගියා විතරයි, පැතුමයි මහේලයි, කල්හාරයි කඩේ විවෘත කරා..


    "එහෙනම් ඒකත් හරි.."


    "මොකක්ද පැතුමා..?"


    "අපේ බෙකම්ට ආර්ට් ක්ලාස් එකේ දිල්රංගිත් එක්ක ප්‍රේම ජවනිකා වේදිකාව මත රගදක්වතැහැකි.."


    දිල්රංගි කියලා කිව්වෙ, අපේ ඉස්කෝලෙ ටිකක් ජනප්‍රිය චරිතයක්. සාහිත්‍යයයි, නාට්‍ය කලාවයි, සංගීතයයි ඔය තුනෙන් මොකාක් හරි දෙයක් තිබ්බොත් එනත දිල්රංගිගෙ රෝල් එක වරදින්නෑ. එයා ඒ හැමදේටම අති දක්ෂ කෙල්ලෙක්.. ඒ වගේමයි හැඩත්..


    "කතා හදන්නැතුව ඉදපං පැතුම්.. මම තාම ගියෙත් නෑ.."


    "උඹ නොගියට හිත ගිහින්නේ තියෙන්නේ.. කොහොමද බෙකම්, දිල්රංගිගෙ ඇගපත.. ඕන අතකට නමන්න පුළුවන් හත්තිලව්වේ.. සුදු මූණ සිය පාරක් විතර හොදලා වතුර බොතෑකි.. හයියෝ.. ඇයි අප්පා ගුණසිංහ සර්ට මාව අමතක වුණේ.."


    පැතුමා විලාප තියද්දි මං වටපිට බැලුවා. නිරෝමිගෙ මූණෙ වැහි වලාකුළු දෙක තුනක්ම පාවුණා. මේ ගෑනු දරුවා මොනවට මූණ එල්ලගෙන ඉන්නවද මංදා.. අනික ඉතිං පැතුම්ගෙ වාචාලකම මට වහන්න පුළුවන්කමක් නෑ..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිසිස් ඇක්චුවලි මෙලෝ සංසාර දෙයක් නොතේරෙන ඉංශ්‍රීසි පාඩම කරලා ගියාට පස්සෙ නිරෝමි මගේ ළගට ආවා. ඇයි කියලා අහන්න වගේ මං ඔලුව උස්සා එයා දිහා බැලුවා..

    "ඔය අනං මනං නවත්තලා පාඩම් වැඩ වලට උනන්දු වෙන්න නවෝද්.. ඔහොම ගියොත් ඔයා එග්සෑම්වත් හරියට කරනෙකක් නෑ.."


    නිරෝමි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.


    "අනං මනං කිව්වේ..?"


    "ඔය බාහිරව කරනවැඩ.. බලන්න පීරියඩ් අටෙන් ඔයා පංතියෙ ඉන්නෙ පීරියඩ් කීයද.? සමහර වෙලාවට ඒවට හිටියත් බාගයයි ඉන්නේ.. මොකක් හරි වැඩකට එළියට දුවනවා.."


    "ඉතිං...?"


    මගේ හිතට පුංචි නොරිස්සුමක් වගේ හැගීමක් ආවා. මොන මල ඉලව්වක්ද මේ..? මෙයා කියන්න හදන්නේ..?


    "අධ්‍යාපනේ ගැන උනන්දු වෙන්න නවෝද්.. අපිට කවදා හරි ඉතුරු වෙන්නෙ එච්චරයි.. නට නට හිටියට ලැබෙන දෙයක් නෑ.."


    "නිරෝමි මේ.. මං කැමති නෑ කිසිම කෙනෙක් මගේ ජීවිතේට ඇගිලි ගහනවට.. මං වැරදියට දෙයක් කරන්නෑ කියලා මගේ හිත දන්නවා.. බාහිර දේවල් නවත්තන්න කියලා ඔයා මට කියන්නෙ ෆුට්බෝල් නවත්තන්න කියලද..? ආ.. එහෙනම් ඔයා මට එදා විශ් කරේ.. හිත ඇතුලෙ මේ කැතකම තියාගෙනද..?"


    නිරෝමිගෙ ඇස්වලට කදුළු උනාගෙන ආවා. මගේ කතාව ටිකක් සැර වැඩි උනා කියලත් මට තේරුණා. ඒත් දැන් කරන්න දෙයක් නෑ.. කියවෙන්න ඒන හරි නැති ඒවා දැන් පිටවෙලා ඉවරයි..


    "මං.. මං එහෙම නෙමෙයි කිව්වෙ නවෝද්.."


    "අන්ඩර් නයින්ටීන් කම අපේ පංතියට හම්බවුණාම, මං හිතුවෙ ඉස්කෝලෙ හැමෝටම වැඩිය අපේ පංතියෙ කෙල්ලො කොල්ලො ටික සන්තෝස වෙයි කියලා.. මං දැන් දන්නවා මං ෆුට්බෝල් ගහනවට අකමැති අයත් ඉන්නවා කියලා.."


    "මොකද බං මේ..?"


    මහේල ඇවිත් මගේ අතින් ඇද්දා..


    "අන්න අරකි හෝ ගාලා අඩනවා.."


    "මංඩලේ කචල් එකක් බං.. ඕවට අත දාන්න එපා.."


    "බත් හැලිය, කැද හැලිය වෙනකන් විතරයි ඔව්වා. මෙන්න මෙහේ අපේ වැඩක් බලාගමු.."


    අන්තිමට පැතුම් අප්‍රබංශ කතාවක් කිව්වා. ඒ එක්කම හේමන්ත සර් පංතියට ආපු හින්දා දිගින් දිගටම ඇදිලා ගියපු කතාව සම්පූර්ණයෙන්ම නතර වුණා..


    ********************************


    ගුණසිංහ සර් මං හම්බවෙන්න ගියේ, ඉස්කෝලෙ අරින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි.. තඩි යකට බටෙත් අරගෙන අද දවසෙ අවසාන පහරදීම කරන්න දැල්ලා ලක ලෑස්ති වෙනවා මං දැක්කා..


    "නවෝද්..."


    මාව දැකපු ගමන් ගුණසිංහ සර්ගෙ මූණෙ ලොකු හිනාවක් පිපුණා. දවසම උගන්නලා උගන්නලා වෙහෙස මහන්සිවෙලා හිටියත් ඒ හිනාවෙ තිබ්බ සරල සුන්දර අව්‍යාජකමක්..


    "සර්.. මොකක්ද මේ පාර මට කරන්න යන්නේ.?"


    අර තිබ්බ හිනාව තවත් ඩිංගක් වැඩිවුණා.. අත් දෙක එකට අතුල්ලලා, දකුණූ අතින් මගේ පිටට පාරක් ගහලා ගුණසිංහ සර් උගුර පෑදුවා..


    "ඉමාන් විස්තරේ කිව්වෙ නැද්ද..?"


    "එහෙන් මෙහෙන් කිව්වා සර්.."


    "හා.. කොහොම හරි කිව්වනේ.. මේකයි නවෝද්.. වැඩ සටහන.. අපේ ඉස්කෝලෙ ඇතුලෙන් නාට්‍යක් කරන්න මගේ ලොකු අදහසක් තියෙනවා.. මේ තාම මූලික අවස්ථාව විතරයි.. පස්සෙ මේක වැඩි දියුණ කරගෙන මං ඉස්කෝලෙන් එළියට ගෙනියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.. "


    "වැඩේ පටන්ගන්නකොටම බෑහ් ගන්න එපා නවෝද්.. මේකෙ ඔයාට ලොකු රෝල් එකක් නෑ.. බොහොම සීමිත වචන ප්‍රමාණයක් විතරයි ප්‍රකාශ කරන්න තියෙන්නේ.. ඇත්තටම කියනවා නම්, ඉස්කෝලෙ ඇතුලෙ ඔයාට තියෙන ආකර්ෂනෙත් එක්ක තමයි මං මේ පුංචි ට්‍රික් එක දාන්නේ.. මොකද ඔයාගෙ දක්ෂාතාවය තියෙන්නෙ මොනවටද, නැත්තෙ මොනවටද කියලා මං තරම් දන්න කෙනෙක් මේ ඉස්කෝලෙ හත්පත්තුවක නැතුව ඇති.. එහෙම නේද.?"


    "ඔව් සර්..."


    "ඒක හින්දා ඔයාට දෙන්න ඕන මොන වගේ කැරැක්ටර් එකක් ද කියලා මං දන්නවා. නිකං ලොකුරෝල් එකක් දුන්නොත් ඔයා හරියට කරන්නෑ.. නමුත් ඔයා මගේ නාට්ටියෙ නිකං හරි හිටගෙන ඉන්න ඕන.. චරිතයක් නැත්නම්.. ඒක මගේ හිතට ලොකු හයියක්.."


    හුටා.. ඒ පාර බෙකම්ට ගුණසිංහ සර්ගෙ නාට්ටියෙ නිකං හිටගෙන ද ඉන්න වෙන්නේ.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. පංතියෙ කොල්ලො කෙල්ලො හිතන්නෙ මං දිල්රංගිත් එක්ක මේන් රෝල් එක ඇට් කරන්න යනවා කියලා..


    "දැන් මම මොකක්ද කරන්න ඕනෙ සර්..?"


    "අපි හෙට ඉදලා වැඩේ පටන් ගන්නවා.. හවස් වරුවෙ.. ඔයා ෆූට්බෝල් ප්‍රැක්ටිස් මග ඇරගන්නැතුව එන්න ඕන.. වැඩි දවසක් අපි රිහසල් කරන්නෙත් නෑ.. මේක හදිසි වැඩක්.."


    "හරි සර්.. ඔය ඔක්කොම හරි.. මං මේ නාට්ටියෙ මොකාද..?"


    "ඔයාට තියෙන්නෙ නවෝද් සිංහල හෙළ විරුවෙක්ගෙ චරිතයක්.. මේක මේ එක්දාස් අටසිය පහලවේ කැරැල්ලත් එක්ක ලියැවෙච්ච නාට්ටියක්.. හැමදේම හොද සූදානමට තියෙනවා.. නලු නිලියොත් තෝරන් ඉවරයි.. නවෝද්ගෙ පැමිණිම අනිවාර්යයයි.. ඔයා රගපානවා නම් ඉස්කෝලෙ ගෑණු ළමයි ටික හරි නාට්ටිය බලන්න ඒවිනේ..."


    ගුණසිංහ සර් හිනාවෙවී අමතු කතාවක් කිව්වා.. ඒකෙ නම් තේරුම් ගොඩයි.. ඒත් ඒ කිසි දයෙක් නොතේරිච්ච ගානට මං ස්ටාෆ් රූම් එකෙන් එළියට ආවා..


    ෴මතුසම්බන්ධයි෴

    | PDF ආකාරයට ලබාගන්න |