⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    bye bye bye man cricket balanne na aai. na na yako man dekatama nathi awajathakayek man kiuwa wachanae thibbe kawadda. an cricket balanawa - Mayan

    :lol::lol::lol:

    herny L dumb founded, hide behind copy paste hahah uba wage anatayai adenawa yako :lol:

    pole.jpg


    iju iju henry i cant see u :lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් captaincy කරනකන් ලංකාව් ටීම් එකට නිත්‍ය ගොඩ ඒමක් නැහැ. මැතිව්ස් උන්නම වෙන්නේ ඌගේ අදුනන උන් ටිකයි කතෝලික සෙට් එකයි ටීම් එකේ පුරවන එක. අනික රජෙක් උනත් ලෙඩෙක් නම් වැඩක් නැහැනේ. ඕන වෙලාවට දුවන්න බැරි. බෝල් කරන්න බැරි නායකයෙක් වැඩක් තියෙනවද. නායකයෙක් උනාම strong පොරක් වන්න ඕන. එදා මැච් එකේ නම් මැතිව්ස් කෙරුවේ එකම රගපෑමක්. දුවන්න බැරි නම් එන්න ඕනේ අන්තිමට මිසක් විකට් තියෙද්දී නෙමෙයිනේ. එක දෙක ගහන්න තිබ්බ චාන්ස් එකත් නැති උනා එකෙන් .
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    චන්දිමාල් captaincy කරනකන් ලංකාව් ටීම් එකට නිත්‍ය ගොඩ ඒමක් නැහැ. මැතිව්ස් උන්නම වෙන්නේ ඌගේ අදුනන උන් ටිකයි කතෝලික සෙට් එකයි ටීම් එකේ පුරවන එක. අනික රජෙක් උනත් ලෙඩෙක් නම් වැඩක් නැහැනේ. ඕන වෙලාවට දුවන්න බැරි. බෝල් කරන්න බැරි නායකයෙක් වැඩක් තියෙනවද. නායකයෙක් උනාම strong පොරක් වන්න ඕන. එදා මැච් එකේ නම් මැතිව්ස් කෙරුවේ එකම රගපෑමක්. දුවන්න බැරි නම් එන්න ඕනේ අන්තිමට මිසක් විකට් තියෙද්දී නෙමෙයිනේ. එක දෙක ගහන්න තිබ්බ චාන්ස් එකත් නැති උනා එකෙන් .

    :dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mathews has not undergone a CT scan for the injury he sustained during the fourth ODI, but the team management has already confirmed he will be unavailable for the remaining ODI and two T20Is. Mathews had hobbled off the field during his innings on Wednesday and, though he returned to bat towards the end of the innings, had been substantially hampered by the injury.
    :oo::oo::oo::frown::frown::frown:

    :baffled::baffled::baffled::baffled:

    චන්දිමාල්, උපුල් තරංග වෙනුවෙන් හඩ නඟයි

    upul.jpg

    දිගින් දිගටම තේරීම් කමිටුවේ කතුරට හසුවී සිටින උපුල් තරංග වෙනුවෙන් අවසන් මොහොතේ හඩ නගන්නට දිනේෂ් චන්දිමාල් පියවරගෙන තිබෙනවා.

    ඒ ක්‍රිකට් තේරීම් කමිටුව සමග ඊයේ පැවති රැස්වීමකදී.

    ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා ඔස්ට්‍රේලියාව සමග ඉතිරි තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි.

    ඒ අනුව චන්දිමාල් සහ තේරීම් කමිටු සාමාජිකයින් ඊයේ මුණ ගැසී ඇත්තේ අවසන් එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහායි.

    එහිදී දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් තේරීම් කමිටුවට පවසා ඇත්තේ දිගින් දිගටම අසාර්ථක වන ධනුෂ්ක ගුණතිලක වෙනුවට උපුල් තරංග කණ්ඩායමට කැදවන ලෙසයි.

    නමුත් තේරීම් කමිටු සභාපතිවරයා චන්දිමාල්ගේ මෙම ඉල්ලීමට එකගවී නැහැ.

    පසුගිය කාලය පුරාවටම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම පසුපස සිටියේ සනත් ජයසුරිය සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස් බව ප්‍රසිද්ධ රහසක්.

    පිතිකරුවෙකු ලකුණු අතර සිටියත් තරංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවුණේ නැහැ.

    පසුගිය එංගලන්ත තරගාවලියේදී ඔහුව කණ්ඩායමට කැදවුවත් ආරම්භක පිතිකරු ස්ථානය වෙනුවට තරංගට ලබා දී තිබුනේ අංක 7 ස්ථානයයි.

    නමුත් ඔහු එම ඉනිම දෙකේදීම නොදැවී ලකුණු 53ක් සහ ලකුණු 40ක් ලබා ගත්තේ තමන්ට සිදුකරන අසාධාරණයන්ට නිහඩ පිළිතුරක් ලබා දෙමින්.

    මැතිව්ස්ගේ ප්‍රබල හිතවතෙක් වන ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ රදවා ගැනීමේ අරමුණ ඇතිව දිගින් දිගටම උපුල් තරංගගේ ස්ථානය අහිමි කරන්නට ඔහු පියවර ගත්තා.

    එමෙන්ම ජෙෂ්ටත්වය අතින් ගත්තද උපුල් තරංග මැතිව්ස්ට වඩා ඉදිරියෙන් සිටිනවා.

    එයද තරංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට බලපා තිබෙන කරුණක්.

    වත්මන් ක්‍රිකට් නායකයාට අවශ්‍යව තිබෙන්නේ තමාට වඩා කනිෂ්ට ක්‍රීඩකයින් පිරිසක් සෑම විටම සිය නායකත්වය යටතේ තබා ගැනීමටයි.

    පසුගිය කාලය පුරාවට තේරීම් කමිටුවේ දඩු අඩුවට හසුවුණු උපුල් තරංග වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් බවයි විචාරක මතය.

    මේ වනවිට එක්දින තරග 187කට ක්‍රීඩාකර ඇති තරංග එහිදී ලකුණු 5511ක් රැස් කරගෙන ඇත්තේ ලකුණු 33ක සාමාන්‍යයක්ද රදවා ගනිමින්.

    ඊට ශතක 13ක් සහ අර්ධ ශතක 29ක් ද ඇතුලත්.

    කෙසේ නමුත් දිනේෂ් චන්දිමාල් ,දිගින් දිගටම පවසා ඇත්තේ අවසන් තරගයේදී ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවෙකු ලෙස යෙදවීම හරහා තවදුරත් උපුල් තරංගට අසාධාරණයක් සිදුවන බවයි.

    අවසානයේදී තරංග කණ්ඩායමට එක් කිරීමට සනත් ජයසුරිය කැමැත්ත පළකරත් ඔහු ආරම්භක පිතිකරුවා ලෙස යොදවනවාද යන්න පවසා නැහැ.

    chandi ela kolla..

    Indian Champions League ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ක්‍රීඩකයින් රැසක් මෙන්ම තවමත් ක්‍රිකට් පිටියේ රැඳී සිටින ක්‍රීඩකයින් රැසක් තරඟාවලියට එක්වන බව තහවුරු කර තිබේ. සනත් ජයසූරිය, චමින්ද වාස්, දිල්හාර ප්‍රනාන්දු, ෂිවනරීන් චන්ද්‍රපෝල්, සල්මන් බට්, ජස්ටින් කෙම්ප්, හර්ෂල් ගිබ්ස්, සිකන්දර් රාසා, හැමිල්ටන් මසකඩ්සා, ඩැරල් ටෆී, කම්රාන් අක්මාල්, ඉම්රාන් ෆර්හාට්, රවී බොපාරා, රයන් ටෙන් ඩොස්කේට්, ෂෝන් විලියම්ස්, වේන් පාර්නෙල් ඒ අතුරින් කිහිප දෙනෙකි. කෙසේ වෙතත් නම් දැරූ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවකුත් මීට එක්වන බවක් මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

    මෙම ක්‍රීඩකයින් සමඟ තරඟාවලිය සඳහා එළෙඹි කොන්ත්‍රාත් වටිනාකම් ද Indian Champions League ෆේස්බුක් පිටුව විසින් අනාවරණය කර තිබේ. පහත දැක්වෙන්නේ සනත් ජයසූරිය වෙනුවෙන් එලෙස ගිවිසුම්ගත කොන්ත්‍රාත්තුවේ සටහනකි.

    Sanath-ICL.png

    :P:P:rofl::rofl:

    jayssuriyata dan gahanna ba wage.
    touch eka adui wage..
    Samahara wita kaalayak practice kalama hari yai.
    mey lagadi tibba 96 world cup celebration match eketh bola miss una sehenna.
    a athin kaluwitharana ada eye retire una wage gahuwe..

    :):):):):)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    හෙට ස්ටාර්ක් ගහන් නෑලු නේද සිංහලු...:D හෙටවත් දිනයිද...:(:rolleyes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පස්වැනි එක්දින තරගයට වෙනස්කම් තුනක්

    ශ්‍රී ලංක කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට (04දා) පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සඳහා නිරෝෂාන් දික්වැල්ල, උපුල් තරංග හා දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබේ.

    ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පවරා ඇත. හෙට තරගයේදී උපුල් තරංගට ක්‍රීඩා කිරීමට වැඩි අවසථාවක් ඇතැයි වාර්තා වෙයි. තිසර පෙරේරාට හා ලක්ෂාන් සඳකැන්ට සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.

    එක්දින තරගාවලිය මේ වන විට 3-1ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කර අවසන්ය.

    ශ්‍රී ලංකා සංචිතය - කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, අමිල අපෝන්සු, ළහිරු කුමාර, සචිත් පතිරණ, උපුල් තරංග, නිරෝෂාන් දික්වැල්ල, දසුන් ශානක


    - See more at: ada.lk
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිවුවැනි එක්දින තරගයේදී නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ සේවයත් ශ්‍රී ලංකා පිලට අහිමිව ගොස් ඇති බැවින් නායක දිනේෂ් චන්දිමාල්ගේ උරමත ඇත්තේ මහ බරකි. කණ්ඩායමට අත්දැකීම් අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවකදීය.

    ශතක 13 ක් ද සහිතව එක්දින තරග 187 කදී ලකුණු 5511 ක් ලබා ඇති උපුල් තරංග ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ එබැවිනි. “අපට ආරම්භක පිතිකරුවන් ලයිස්තුවක්ම ඉන්නවා...මා හිතන්නේ 4 ක් 5 ක් විතර..”

    “ඒත් මේ අවස්ථාවේදී අපේ මැද පෙළට අත්දැකීම් ඇති ක්‍රීඩකයකු ඕනෑ. ඇන්ජලෝ මැතිව්ස් මේ තරගයට ක්‍රීඩා කරන්නේ නැති නිසා අංක 5 හෝ 6 ස්ථාන වලට අත්දැකීම් ඇති ක්‍රීඩකයකු ඕනෑ” යයි දිනේෂ් චන්දිමාල් අද සවස පල්ලෙකැලේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

    “හෙට තරගය ගැන ගොඩාක් අදහස් තියෙනවා. අපි මේ තරගාවලිය හොඳින් අවසන් කරන්න නම් හෙට තරගය දිනන්න ඕනෑ.”

    “විශේෂයෙන්ම විස්සයි:20 තරගාවලියට ඉස්සරවෙලා ඒක ගොඩක් වැදගත් වෙනවා” යයිද චන්දිමාල් පැවසීය. එක්දින තරගාවලියේ පරාජයත් සමගින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඩුපාඩු පෙනෙන්නට පටන් ගෙන ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව දිගින් දිගටම හිසරදයක් වෙමින් තිබේ. සිය මංගල එක්දින තරගයේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරගයේදීත් අවස්ථාවක් දෙනවාද යන්න කළ විමසීමේදී චන්දිමාල් කියා සිටියේ ඔහු දක්‍ෂ පිතිකරුවකු බවත් වයස 19 න් පහළ ඉතාමත් හොඳ දස්කම් දක්වා ඇති බවත්ය.

    එහෙත් අවිශ්කට හෙට තරගයේදී අවස්ථාව ලැබෙන බවක් චන්දිමාල්ගේ ප්‍රකාශයෙන් ගම්‍ය නොවේ. තේරීම් කමිටු නිතර කියන කතාවක්ද සිහිපත් කළ යුතුව තිබේ.

    “එක තරගයකදී අසාර්ථක වුණා කියලා එක පාරටම කණ්ඩායමෙන් ඉවත් කරන්න බෑ” යයි තේරීම් කමිටු නිලධාරීහු නිතරම කියති. එලෙසම අහසින් පාත්වන ක්‍රීඩකයකු එක තරගයකින්ම සාර්ථක වූ විට ඔහු කණ්ඩායමේ රඳවාගන්නා අවස්ථාද බොහෝ තිබේ.

    “අපට හොඳ පන්දු යවන්නන් හතර දෙනෙක් ඕනෑ. අපේ පැත්තෙන් පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් අපි දැක්කා. ඒ නිසා විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනෙක් යොදාගන්න ඕනෑ” යයිද චන්දිමාල් කීවේ ඔවුන් හතර දෙනාගෙන් දෙදෙනකු වේග පන්දු යවන්නන් කළ හැකි බැවිනි. දසුන් ශානක කණ්ඩායමට එක්ව සිටින බැවින් එම වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් අයකුගෙන්ද සාධාරණ ලකුණු සංඛ්‍යාවක් බලාපොරොත්තු විය හැකිය.

    “අපේ තණතීරු කොහොමටත් වියළියි. ඒ වාසිය අපි අරගෙන තරගය දිනන්නයි ඕනෑ” යයිද චන්දිමාල් අද සවස පැවසූ නමුත් අද පස්වරුවේදී පල්ලෙකැලේ තණතීරුවට වතුර දමා එය හොඳින් තලා දමා තිබේ.

    දඟ පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවා දැමීමේ තවත් අවදානමක්ද තිබේ. එනම් ඕස්ටේ්‍රලියානු එක්දින සංචිතයේ සිටින ජෝර්ජ් බේලි, ට්‍රැවිස් හෙඞ් සහ මැතිව් වේඞ් වැනි පිතිකරුවන් දිගින් දිගටම ස්වීප් පහර යොදා ගැනීමයි. ස්වීප් පහර පමණක් නොව රිවර්ස් ස්වීප් පහරක් ඔව්හු යොදා ගනිති. එහෙත් වේග පන්දු යවන්නකු හමුවේ එය කළ නොහැකිය.


    මෙම කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ කල්හි කණ්ඩායම තෝරා ගැනීම පහසු අභියෝගයක් නොවේ.


    :sorry::sorry::sorry:
    Wisden Sri Lanka
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Angelo Mathews' calf tear has ruled him out of the remainder of Australia's tour, while allrounder Thisara Perera and left-arm wrist spinner Lakshan Sandakan have been released from the Sri Lanka squad for the fifth ODI. In place of these three players, Sri Lanka have drafted in batsmen Upul Tharanga and Niroshan Dickwella, as well as seam-bowling allrounder Dasun Shanaka.
    Mathews has not undergone a CT scan for the injury he sustained during the fourth ODI, but the team management has already confirmed he will be unavailable for the remaining ODI and two T20Is. Mathews had hobbled off the field during his innings on Wednesday and, though he returned to bat towards the end of the innings, had been substantially hampered by the injury.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න සේක්කුවා අදත් ඉන්නවලු :P

    උට වඩා හොදට කල සචින්ත පතිරණ කපලා :P