⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
ක්‍රිකට් වලට ඕක අලුත් දෙයක් උනාට ෆුට්බෝල් වර්ල්ඩ් කප් සෙල්ලන් කරන රටවල් වලට ඕක නොර්මල් ඉස්සර ෆුට්බෝල් අංක එකේ හිටපු හන්ගේරියාව, නෙදර්ලන්ඩ් කියන රටවලුත් වර්ල්ඩ් කප් එකට සෙල්ලන් කරන්න බැරි උනා.

munta kiwwata terenne na ban..lol
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
u0gls6.jpg
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ශ්‍රී ලංකාව වර්ල්ඩ් කප් එනකල් මග බලාගෙන හිටපු කාලයක් තිබුණා ඔබටත් මතක ඇති. ඒ කාලේ හැමෝම කතා වුණේ මේ පාර කොහොමද කප් එක ගන්නේ කියලා. ශ්‍රී ලංකාව ඉස්සර තිබුණු සුපර් එයිට්, සුපර් සික්ස් වගේ කඩඉම් පහු කර කළේ ඇස් පියාගෙන වගේ. ඒත් ලෝකය පුරා නම රන්දපු ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් අපේ කණ්ඩායමෙන් සමු ගැනීමත් එක්ක එන්න එන්නම ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට වැටුණා. SLC එක ඇතුළේ තියෙන බල පෙරළි එහෙමත් මේකට සෑහෙන්න බල පාලා තියෙනවාලු.
Pic1-1-600x488.jpg


මේ වර්ල්ඩ් කප් එක බලලා වැඩක් වෙයිද? (Wikipedia.org)


කොහොම වුණත් ළඟදී අහන්න ලැබුණු කාරණාවක් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ කිසිම කෙනෙක් කවදාවත් බලාපොරොත්තු නොවුණු තත්වයක් උදා වෙලා තියෙනවා. මොකද මේ යන විදිහට ගියොත් 2019 ලෝක කුසලානයට යන්නවත් ලංකාවට බැරි වෙන්න පුළුවන් කියලා මතයක් කරලියට ඇවිත්. මේ ගැන ටිකක් හොයලා බැලුවාම ඇත්තටම ඒක ටිකක් බරපතලව හිතන්න ඕන දෙයක් වගේ. මොකද ශ්‍රී ලංකාවට කප් එක ගන්නවා තියා වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්නවත් චාන්ස් එකක් ගන්න බැරි තත්වයක් උදා වෙලයි තියෙන්නේ.
ඉස්සර ICC නිත්‍ය සාමාජිකයන්ට පිනට ලැබුණු චාන්ස් එක

කාලයක් නීතියක් තිබුණා ICC නිත්‍ය සාමාජික රටවල් හැම එකකටම කිසිම ප්‍රශ්නයක් නැතිව ලෝක කුසලානයට සහභාගී වෙන්න පුළුවන් කියලා. අනෙක් රටවල් අතර තියෙන සුදුසුකම් ලැබීමේ තරඟ අතරෙන් කිහිප දෙනෙක් තෝරා ගෙන ඔවුන් එක්ක නිත්‍ය සාමාජිකයන් ලෝක කුසලාන තරඟවලට සහභාගී වුණා. ඒත් දැන් තියෙන නීතිය අනුව ලෝක කුසලානයට ඉබේම සුදුසුකම් ලබන්නේ ශ්‍රේණිගත කිරීම් අතර මුලින්ම ඉන්න කණ්ඩායම් 7 විතරයි. ලෝක කුසලානයට සත්කාරකත්වය දරන රටට නම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් නැතත් ලෝක කුසලානයට සහභාගී වෙන්න ඉඩ ලැබෙනවා.
Pic2-1-600x507.jpg


වර්ල්ඩ් කප් යන්නේ මුල් ටීම් හත විතරයි. අපි ඉන්නේ 6 වැනි ස්ථානයේ. (bbc.com/sport)


කොහොම නමුත් 2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තේ නිසා ඒ වගේ වාසියක්වත් මේ පාර ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. දැනටමත් එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ ඉන්න ශ්‍රී ලංකාවට මුල් කණ්ඩායම් හතේ ඉන්න අමාරු තත්වයක් ඇති වෙලා තියෙන්නේ.
බංග්ලාදේශයට පැරදුණු එකේ විපාකය

ශ්‍රී ලංකාව බංග්ලාදේශයත් එක්ක පවත්වන එක්දින තරඟ තුනම ජය අරගෙන 3-0ක් විදිහට තරඟාවලිය ජයග්‍රහණය කළා නම් දැනට තියෙන ප්‍රසාද ලකුණු 98 ලකුණු 100ක් බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. නමුත් දැන් ඒක වෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් නිකමට හිතමු ඉතුරු තරඟ දෙකම ලංකාව ජය ගත්තා කියලා. එතකොට අපිට ලැබෙන්නේ ලකුණු 99යි.
දැන් මේ කියන්න යන දේ මීට මාසෙකට වගේ කලින් කිව්වත් රටේ හැමෝම උඩ පැන හිනා වෙන්න ඉඩ තිබුණා, හැබැයි දැන් එහෙම හිනා යන පිරිස ටිකක් අඩුයි. බංග්ලාදේශය අපිට එරෙහිව 3-0 විදිහට ජය ගත්තොත් (ඔවුන් දැනටමත් 1-0ක් විදිහට ඉදිරියෙන් ඉන්නේ) ශ්‍රී ලංකාව ලකුණු 96ක් දක්වා පහළට වැටෙනවා. එතකොට අපේ ශ්‍රේණිගත කිරීම තියෙන්නේ බංග්ලාදේශයටත් පහළින් හත් වැනි ස්ථානයේ
එකම ඉරණම හිමි අනෙක් සුපිරි කණ්ඩායම්

Pic31-600x338.jpg


බටහිර ඉන්දීය කොදෙව් මේ පාර දකින්න බැරි වේවි. (skysports.com)


හා පුරා කියලා පවත්වාපු ලෝක කුසලාන දෙකම දිනපු බටහිර ඉන්දීය කොදෙව් වගේම 1992 ලෝකයම පුදුමයට පත් කරමින් ලෝක කුසලානය දිනපු පාකිස්ථානයත් වැටිලා ඉන්නේ අපි වැටුණු වලේම තමයි. හොඳ ක්‍රීඩකයෝ විශ්‍රාම ගනිද්දී එයාලගේ තැන ගන්න ආපු නවකයන් හරි හැටි සූදානමක් නැති නිසා එක දිගට තරඟ පැරදිලා මේ කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු වල බොහොම පහළින් ඉන්නේ.
ලකුණු 89ක් තියෙන පාකිස්ථානය කෙසේ වෙතත් ලකුණු 84ක් විතරක් තියෙන බටහිර ඉන්දීය කොදෙව්වලට නම් මේ සැරේ ලෝක කුසලානයට යන එක හරිම අමාරු වැඩක්.
මේ අළුත් ක්‍රමය සාධාරණද?

ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට කියන්න පුළුවන් මේක අසාධාරණයි කියලා, මොකද නිත්‍ය සාමාජිකයන් විදිහට අපිට විශේෂ සැළකිල්ලක් හිමි වෙන්න ඕනේ නිසා. කොහොම වුණත් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුව ගැන හිතුවොත් නම් ඇත්තටම මේක බොහොම සාධාරණ දෙයක් කියලා හිතන්න පුළුවන්.
Pic41-600x400.jpg


දක්ෂතාව ඇති පිරිසට ඉඩක් දෙන එක අසාධාරණද? (abc.net.eau)


නිකමට හිතන්න පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව (දුකෙන් වුණත් ලංකාව ඒ ගොඩට දාන්නයි වෙන්නේ) කියන දැනට නිතරම තරඟ පරදින රටවල් තුන ලෝක කුසලානයට යවලා නිත්‍ය සාමාජික නොවන රටවල් ඔක්කොම අතර පවත්වන තරඟවලින් තෝරා ගන්නේ රටවල් එකක් හෝ දෙකක් කියලා. ඔවුන් දක්ෂතා අතර ඉන්න පිරිස් නම් උඩට එන්න නොදෙන එක අසාධාරණයි නේද? ලෝක මට්ටමේ ක්‍රීඩාවක කාටත් සම අවස්ථා තියෙන එක තමයි වඩාත් සාධාරණ වෙන්නේ. හොඳට සෙල්ලම් කරලා උඩට එන්න පුළුවන් කැමති නම්, ඒත් මුකුත් නොකර ඉන්න කණ්ඩායම්වලට හැමදාම “පිනා චාන්ස්” ලැබෙන්නේ නැහැ.
ඒ ක්‍රමය තමයි ඇත්තටම තරඟකාරීත්වය සහ උවමනාව දියුණු කරන්න තියෙන හොඳම විදිහ.
2019 තියෙන ලෝක කුසලානයට දැන්ම කලබල ඇයි?

වැඩේ කියන්නේ ලෝක කුසලානය 2019 තිබුණාට ඒකට තෝරා ගන්න දවස තියෙන්නේ 2017 සැප්තැම්බර් 30 වැනිදා. ඒ කියන්නේ තවත් මාස 6 ක වගේ කාලයක්. මේ ටිකේදී අපිට තියෙන එක්දින තරඟ මොනවාද කියලා දැන් බලමු.
බංග්ලාදේශය එක්ක තියෙන ඉතිරි තරඟ දෙකට අමතරව එංගලන්තයේ සහ වේල්ස්හි පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය, සිම්බාබ්වේ එක්ක තරඟ 5ක් සහ ඉන්දියාව එක්ක තරඟ 5ක් අපිට තියෙනවා.
මේ තරඟවලින් අපිට සැළකිය යුතු තරමේ ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න බැරි වුණොත් ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට වැටෙන එක නවත්වා ගන්න අමාරුයි. බංග්ලාදේශයටත් පරදින මට්ටමක ඉන්නවා නම් ඉන්දියාව එක්ක තියෙන තරඟ පහ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැහැනේ. අනිත් දේ තමයි අප්‍රේල් මාසයේ පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරඟ තුන. මේ තුනම පාකිස්ථානය දිනුවොත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ලබා ගන්න ඕන ප්‍රසාද ලකුණු ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ලෝක කුසලානයට තරඟ කරන්න තියෙන අවස්ථාව තවත් බොඳ වෙලා යනවා කියන එකයි.
Pic5-600x400.jpg


මේ දෙන්නාම කණ්ඩායමේ හිටියා නම්.. (hirunews.lk)


ලසිත් මාලිංග තවමත් ඕවර 50 තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ. මැතිව්ස්ගේ ආබාධය ඉක්මණින් සුව නොවෙන්නත් ඉඩක් තියෙනවා. කුසල් පෙරේරාත් ආබාධයට ලක් වෙලා ඉන්නේ. ඇත්තටම බැලුවාම ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ බොහොම අපහසු අඩියක.
මේ සේරම නිසා ලෝක කුසලානයට තවත් අවුරුදු දෙකකටත් වඩා තිබුණත් මේ මාස හයේදී නොකෙරෙන දේවල්වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ.
බෝට්ටුවෙන් යන්න පුළුවන්, ඒත්…

නමුත් මේ විදිහට සැප්තැම්බර් 30 වෙනිදා තේරීමෙන් කැපිලා යන කණ්ඩායම් වෙනුවෙන් 2018 අවුරුද්දේ තරඟ වට කිහිපයක් පැවැත්වෙනවා. සමහර විට මේ තරඟවලින් ජයග්‍රහණ ලබාගෙන හරි ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සහභාගී වෙන්න පුළුවන් වේවි. හැබැයි ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුදුසුකම් ලැබීමේ තරඟාවලියක්. අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය, අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල් එක්ක තරඟ කරලා දිනන්න වෙනවා.
ඒ ක්‍රමයට ලෝක කුසලානයට යන්න පුළුවන් වුණත් ඇත්තටම ඒක මොන තරම් විලි ලැජ්ජාවක්ද කියලා හිතන්න. ලෝක කුසලානය දිනාගෙන ඉතාම මෑතකදී දෙතුන් සැරයක්ම අවසාන තරඟයට පවා ක්‍රීඩා කරපු ශ්‍රී ලංකාව සුදුසුකම් ලබන්න ක්‍රීඩා කරනවා. කවදාවත් මෙහෙම වේවි කියලා හිතුවද? ඉස්සර අපිට වර්ල්ඩ් කප් කිව්වාම “සෙමි” යන එක ෂුවර්, ඊට ටික කාලෙකට පස්සේ ෆයිනල් යන එකත් ෂුවර්. දැන් ලෝක කුසලානෙට සෙල්ලම් කරන එකත් අන්ෂුවර්.
වැහි වළාකුලේ රිදී ඉරක්

Pic6-600x337.jpg


කාලයක් ඔස්ට්‍රේලියාවත් හැමෝටම පැරදුණා, ඒත් ඒ ටික කාලයකට විතරයි. (espncricinfo.com)


කතාවක් තියෙනවා වැඩිපුරම ලැජ්ජා වුණු මිනිස්සු තමයි ඒ පන්නරය අරගෙන කවදා හරි ඉදිරියටම යන්නේ කියලා. කාලයක් ඕස්ට්‍රේලියාවටත් අපිට වුණ දේම වෙලා හැම රටකටම පැරදෙන තත්වයක් ඇති වුණා. එක දිගට ලෝක කුසලාන තුනක් දිනා ගත්තු ඔස්ට්‍රේලියාවට ඒ වැටුණු වැටීම ලොකු පාඩමක්. අද ඔවුන් එයින් පන්නරය ලබාගෙන ඉදිරියට ඇදෙනවා. සමහර විට අපිට මේ දේ පාඩමකට අරගෙන තව කල් යනකොට හොඳ තත්වයකට එන්න පුළුවන් වේවි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විදිහට අපිට තියෙන එකම බලාපොරොත්තුව එයයි.
මූලාශ්‍ර: Icc-cricket.com, espncricinfo.com, sportskeeda.com, bbc.com/sport, srilankacricket.lk, wikipedia.org.
කවරයේ පින්තුරය: srilankacricket.lk
roarsinhala

:( BuMp
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Gahanna tibba match eka:yes:

    ඔව් බන් උන්නම් සතුටු වෙන්න ඇති සිරාවට වැස්ස එක ගැන...:yes:

    දැන් උන්ට කොහොමත් බයක් නැහැනේ...:yes: සීරිස් එක උන් පරදින්නේ නැහැ කොහොමත්...එක්කෝ දිනුම්, එක්කෝ සමයි :yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕස්ට්‍රේලියාව හා පැවති සිව්වන ටෙස්ට් තරඟය ජය ගැනීමත් සමග ඉන්දියාව ටෙස්ට් ශ්‍රේනි ගත කිරීම්හි අංක 1 ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් විය.
    ඒ සමගින් ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වශයෙන් ඉන්දීය කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හිමි වීමට නියමිතය.
    අප්‍රේල් 1 වැනිදාට ලෝකයේ අංක එක හිමිවන ටෙස්ට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියනක ත්‍යාග මුදලක් ලබාදෙයි.
    දෙවන ස්ථානය දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය මත තීරණය වෙයි.
    අප්‍රේල් 01 දාට ලෝකයේ අංක දෙක හිමිවන ටෙස්ට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් හිමිවෙයි.


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕස්ට්‍රේලියාව හා පැවති සිව්වන ටෙස්ට් තරඟය ජය ගැනීමත් සමග ඉන්දියාව ටෙස්ට් ශ්‍රේනි ගත කිරීම්හි අංක 1 ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් විය.
    ඒ සමගින් ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වශයෙන් ඉන්දීය කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හිමි වීමට නියමිතය.
    අප්‍රේල් 1 වැනිදාට ලෝකයේ අංක එක හිමිවන ටෙස්ට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියනක ත්‍යාග මුදලක් ලබාදෙයි.
    දෙවන ස්ථානය දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය මත තීරණය වෙයි.
    අප්‍රේල් 01 දාට ලෝකයේ අංක දෙක හිමිවන ටෙස්ට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් හිමිවෙයි.




    කල්ල මරේ නෙහ් :D

    අපේ ටෙස්ට් ටීම් එක කවද ඔය prize එක ගන්නද :sorry::sorry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    කල්ල මරේ නෙහ් :D

    අපේ ටෙස්ට් ටීම් එක කවද ඔය prize එක ගන්නද :sorry::sorry:

    ඒ වුනාට ඉන්දියාව උන්ගේ රටේම ගහලනේ ඔය උඩින් ඉන්නේ. අපිත් ඔස්ට්‍රේලියාව 3-0 පැරද්දුවා :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඒ වුනාට ඉන්දියාව උන්ගේ රටේම ගහලනේ ඔය උඩින් ඉන්නේ. අපිත් ඔස්ට්‍රේලියාව 3-0 පැරද්දුවා :cool:

    ඔව් හැබැයි ඕකුන් 2014 ඉදන් ගහපු ඔක්කොම ටෙස්ට් ඉන්දියාවේද කොහෙද ගැහුවේ :rolleyes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඔව් හැබැයි ඕකුන් 2014 ඉදන් ගහපු ඔක්කොම ටෙස්ට් ඉන්දියාවේද කොහෙද ගැහුවේ :rolleyes:

    මම නම් කියන්නේ SA එන්න ඕනේ test වලින් 1st එකට, උන් overseas ගිහින් AUS ,NZ , ENG තුනටම ගැහුවා :cool:.