අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද....
මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට් එක.එක එක ඒවා එක එක විදිය...මමනම් ඒ කාලේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන හෙනම කට්ටක් කාලා ගත්ත කොහොමහරි nokia 6600 එකක්...35000යි...2003/2004 අවුරුද්දේ වගේ මතක..ඒකාලේ ඉතින් 35000ක් හොයනවා කියන්නේ හෙනම ගේමක්...


මම ආසම ෆෝන් එක තමයි නොකියා 6600එක..ඒක කාලයක් පාවිච්චි කරා..පස්සේ මතකද සෝනි එරික්සන් ෆෝන් සෙට් එකක් ආවා
Sony ericsson xperia arc..xperia ray...වගේ..ලස්සන themes වගයක් තිබ්බ..ඒකක් ගන්න පට්ට ආසාවක් තිබ්බා..නමුත් ඒ කාලේ සල්ලි හොයාගන්න බැරිවුනා
...ඊට පස්සේ ආසා හිතුනේ lg g flex එකට..අර curved ෆෝන් එක...ඊටත් පස්සේ ආසා උනේ blackberry passport කියන phone එකට..දැන් පාවිච්චි කරන්නේ සැම්සුන් ස්මාර්ට් ෆෝන් එකක්..මේවා දැන් අප්පිරියයි මටනම්..දැන් දැන් ටිකක් මිනිස්සු වෙනසක් හොයනවා..කී පෑඩ් තියන ෆෝන් එහෙම එනවා දැන් ..මේ ඊයේ පෙරේදා එහෙම එකක් ආවා blackberry ලගේ...නමුත් ලන්කාවට නම් ගේන්නේ නැ වෙන්න ඇති..ටිකක් වෙනසක් තියන phone ආවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද...
