කටක රාශිය
දිගු අවයව, පියකරු මුහුණ සහිත සෞම්‍ය පෙනුම ඇති සාමාන්‍ය සිහින් ශරීරය වේ. රළු දේට ඔරොත්තු නොදෙන සියුමැලි සියුම් සමක් තිබේ.
නිතර බඩ පිපුම, අර්ශස් රෝග, ගලනාලයේ හා ආමාශයේ අසනීප, පිත්තාධික රෝග සහ ග්‍රහණිය ඇතිවිය හැකිය.
යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් කටක රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය කටක ය යැයි කියනුලැබේ. කටක රාශිය කකුළුවකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ සිවුවැන්න වේ. හතරේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු විසි හයක් ගතවේ. ගං ඉවුරු අද්දර තෙත්බිම්, බිම් ගුහා වලට ද දකුණු දිශාවට ද බලපවත්වයි. කටකයේ අධිපති ග්‍රහයා චන්ද්‍රයා ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, චර, ද්වාර, සරස්, ධාතු, මධ්‍යම, ආපෝ, දුඹුරු, රෑ බල, පිටින් උදාවන ජල රාශියකි.
කටකයේ ගුරු උච්ච වේ, කුජ නීච වේ, රවි ට මිත්‍ර වේ. බුධ, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු ට සතුරුයි.
පුනාවස -1, පුස, අස්ලිස අඩංගුය. මුල් නවාංශකය කටක වේ.
කුජ සහ ගුරු ශුභයි. බුධ හා ශුක්‍ර පාපීහු වෙති.
පච්ච, දිය පච්ච පැළඳීම යහපති.