~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ බුකියේ ඉන්නවද ? මෝටර් කාර්මික දැනුම කියන ගෘප් එකේ ඉන්නවද?

    හිටිය වගේ අයින් වුනාද දන්නෑ

    ඩෝඩො මහත්තයනම් නිතරම දකින්න ඉන්නවා අර ගෘප් එකේනම්:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝකිලායි තියෙන්නේ වෙන කොහෙවත් නෙ. මම මේ මුලතිව් ත්‍රෙඩ් එකක් හොයනව.

    මුලතිව් ගැන මොනවද දැන ගන්න ඕනේ....
    මුලතිව් වල යන්න අදහසක් තියෙනවා නම් හොඳම දේ තමයි හමුදා නිලධාරියෙක් සම්බන්ධ කර ගන්න එක...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ පැතිවල විස්තර අපි දන්නෙම නෑ නෙ. දැන් නුවරඑලිය කිවම තේ වතු තියෙනවා, සීතලයි වගේ අදහසක් මැවෙනව. මුලතිව් කිව්වම කොහොම පලාතක්ද කියල අදහසක් නෑ වැඩිය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නිකන් පඳුරු සහිත කැලයක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටිය වගේ අයින් වුනාද දන්නෑ

    ඩෝඩො මහත්තයනම් නිතරම දකින්න ඉන්නවා අර ගෘප් එකේනම්:baffled:

    මූව අඳුනගත්තා ලේසියෙන්ම:lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ පැතිවල විස්තර අපි දන්නෙම නෑ නෙ. දැන් නුවරඑලිය කිවම තේ වතු තියෙනවා, සීතලයි වගේ අදහසක් මැවෙනව. මුලතිව් කිව්වම කොහොම පලාතක්ද කියල අදහසක් නෑ වැඩිය.

    ලංකාවේ ලොකුවටම රටකජු භෝගය වවන දිස්ත්‍රික්කය.
    හින්දු භක්තිකයන් වැඩියි. කතෝලික පිරිස 2 -3 % වගේ ඉතා සුළු ප්‍රමාණයකින් ඉන්නේ.
    මුලතිව් ටවුන් එකේ රජයේ හෝ පෞද්ගලික තැබෑරුම් නෑ( බාර් නෑ ) බාර් දාන්න අවසර දෙන්නෙත් නෑ. හමුදා කඳවුරු ඇතුලේ විතරයි තියෙන්නේ.
    ප්‍රධාන කලපු 03 යුක්තයි නන්දිකඩාල් / නයාරු / කෝකිලායි.
    මුලතිව් මහා කැලය තමා යුද්ධේ කාලේ වන්නි කැලේ කියල හැඳින්නුවේ.
    ප්‍රධාන ප්‍රවේශ මාර්ග 02 - A 09 හරහා මාන්කුලම් හන්දියෙන් සහ පරන්තන් හන්දියෙන් තියෙන ප්‍රවේශ මාර්ග. ඊට අමතරව පුලියන්කුලම් හන්දියෙන් සහ පදවිය බෝගස්වැව - කොහොඹගස් හන්දිය හරහා තියෙන මාර්ග.
    දකුණේ ඉඳල එන කෙනෙකුට තියෙන පහසුම මාර්ගය පදවිය හරහා.
    පොදුවේ මුලතිව් පස රතු දුඹුරු පසක් තියෙන්නේ. නමුත් ගල් පස නෙමේ.
    මුලතිව් මුල් පදිංචිකරුවෝ බහුතරයක් යුරෝපය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නේ. ඒ පිරිස් මුලතිව් වෙළඳ සංගමය සමග සෘජු සම්බන්ධකම් තියෙනවා. මුලතිව් නගරයේ යුද්ධයෙන් පසු බහුතරයක් කඩ සාප්පු, ව්‍යාපාර ගොඩනැගිලි ඉදිකළේ මේ විදේශ ගත පිරිස් වල මුදලින්.
    මුලතිව් නගරයේ අවට සීමාවේ මුහුද ඉතා ගැඹුරුයි.රැලි ගතිය අවමයි.
    ධීවර වෘත්තීය ඉතා පහත කොට සලකනවා. කුල බේදය ඉතා වැඩියි.
    යාපනයට සාපේක්ෂව අධ්‍යාපන මට්ටම ඉතාම දුර්වලයි.
    ඉංග්‍රීසි භාෂා හැසිරවීමත් අපි පොදුවේ දන්න දමිල ජනයාට සාපේක්ෂව ඉතා දුර්වලයි.
    යාපනයට සාපේක්ෂව සිංහල ජනතාව කෙරෙහි ඇති අප්‍රසාදය ඉතා ඉහලයි.
    මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩිපුරම හමුදා කඳවුරු භාරව ඉන්නේ විශේෂ බලකාය.( SF camps )
    දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සිංහල ජනාවාසයය - වැලිඔය . ඊට අමතරව කෝකිලායි, ජනකපුර,කල්‍යාණි පුර ( මේජර් ජනරාල් ජානක පෙරේරාගේ සංකල්පයන්ට අනුව නිර්මාණය කරන ලද ), ඩොලර් ෆාම්, කිරිඉබ්බන් වැව, හෙළඹවැව වගේ සිංහල ජනාවාස තියෙනවා.
    ( ඩොලර් ෆාම් සිද්ධිය ගැන හොයල බලන්න )
    වේගයෙන් ජනාවාස වෙමින් පවතින දිස්ත්ර්ක්කයක්.
    බිම්බෝම්බ නිෂ්ක්‍රිය නොකළ ප්‍රදේශ අතරින් වැඩිම ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය.( අඩුවෙන්ම බිම්බෝම්බ අයින් කරපු සහ තව කරන්න ඉතුරු වෙලා තියෙන )

    මගේ ඔලුවේ තිබ්බ කරුණු ටිකක්...උඹට දල අදහසක් ගන්න හැකි වෙයි කටුස්....
     
    හපොයි සෑහෙන මහන්සිවෙලා ලොකු විස්තරයක් දාල නෙ :love: තව පොටෝ දෙක තුනකුත් තිබුනා නං ත්‍රෙඩ් එකක්ම දාන්න තිබුන :P බොහොම ස්තුති යමක් දැනගත්තා :yes: