~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදර සහෝදරියො නැති අය නෑ එක කුස උපන්නෙ නැතත් සහෝදරයො සහෝදරියො ඉන්නව

    එහෙම නෑදෑ සහෝදර ‍සහෝදරියො, යාලු සහෝදර සහෝදරියො ඉන්නව තමයි. එහෙම කියල ඒ අය හැමදේ ම දැනගන්නෙ නැහැනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes: එතකොට සහෝදර සහෝදරියො නැති අයට?
    රහස් රහස් විදියට ම තියෙන එකයි හොඳ :rofl:

    සහෝදරයා එකම පවුලේ වෙන්න ඕනි නැ :D
    තමන්ව හොදින්ම තේරුම් ගත ඔනෑම පුද්ගලයෙක්ට සහෝදරයෙක් වෙන්න පුළුවන්
    ගැහැණු පිරිමි, වයස් භේදයක නැත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම නෑදෑ සහෝදර ‍සහෝදරියො, යාලු සහෝදර සහෝදරියො ඉන්නව තමයි. එහෙම කියල ඒ අය හැමදේ ම දැනගන්නෙ නැහැනෙ.

    හ්ම්... කියන දේවල් විතරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕක ඉතින් හොඳ වෙන්න පුළුවන් තමන්ගෙ ජීවිතය ගැන තමන්ට හරි අදහසක් නැති, තීරණයක් ගන්න බැරි කෙනෙකුට වගේ උදවුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාගෙ බලපෑම නිසා ම තමන්ගෙ ජීවිතේ නොසිතන විදියට අගාධයට යන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් මානසිකව යහපත් මට්ටමක නැති කෙනෙකුට (මානසිකව වැටෙන කෙනෙකුට) තව අය එයා ගැන දැනගෙන ඉන්න එක හොඳ වෙන්න පුළුවන් මොක ද එතකොට එයාට ඒව ගැන කියන්න කෙනෙක් ඉන්න නිසා. එහෙම නැති කෙනෙකුටනම් ඔහොම කිසි කෙනෙක් උවමනා වෙන්නෙ නෑ.

    එකග නැත.
    මානසිකව කුමන මට්ටමේ හිටියත් සෑම පුද්ගලයෙකුටම හොද සහෝදරයෙක් අවශ්‍යයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරයා එකම පවුලේ වෙන්න ඕනි නැ :D
    තමන්ව හොදින්ම තේරුම් ගත ඔනෑම පුද්ගලයෙක්ට සහෝදරයෙක් වෙන්න පුළුවන්
    ගැහැණු පිරිමි, වයස් භේදයක නැත.

    :no::no: කාටවත් කාවවත් හොඳින් ම තේරුම් ගන්න බෑ. තමන්ගෙ අදහස්වලට බහුතර ‍එකඟතාවය තියෙන එක තමයි තේරුම්ගැනීම කියල හිතන්නෙ එතනදි. හරි තේරුම් ගත්ත කියමුකො. ඒත් දැන් ඔයා කියන විදියට එයාට හැම රහස ම කියනවනම් ඒක සෑහෙන දරුණු වැඩක්. රහසක් හැමවිට ම ඒකපාර්ශවික වෙන්නෙ නැහැනෙ. ඒක තව කෙනෙකුට සම්බන්ධයි. එතකොට ඒ කෙනාට හැමදේ ම කියනකොට අර තමන්ව විශ්වාස කළ කෙනාට තමන්‍ ද්‍රෝහිවීමක් වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එකග නැත.
    මානසිකව කුමන මට්ටමේ හිටියත් සෑම පුද්ගලයෙකුටම හොද සහෝදරයෙක් අවශ්‍යයි.

    කොහෙත් ම නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Lejayange-fd01.png
    Lejayange-fd02.png
    Lejayange-fd02.png
    Lejayange-fd02.png
    Lejayange-fd02.png

    මම යනව වැඩ වගයක් තියනව... පස්සෙ එන්න බලන්නම්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... කියන දේවල් විතරයි.

    කියන දේවල්, කියන පැත්තෙන් තමයි එයා දැනගන්නෙ. ඒ අනුව තමයි එයා උපදෙසක් දෙනවනම් හෝ හූමිටි තබනවනම් හෝ කරන්නෙ. ඒත් ඇත්ත ප්‍රශ්නය ඊට වඩා සෑහෙන වෙනස් වෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එකග නැත.
    මානසිකව කුමන මට්ටමේ හිටියත් සෑම පුද්ගලයෙකුටම හොද සහෝදරයෙක් අවශ්‍යයි.

    ඔයාට ඕන ඇති. ඒත් හැමෝට ම ඕන වෙන්නෙ නෑ :D ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා මානසික මට්ටම.

    හරි මල්ලි හිතන්න සිදුහත් කුමරාට එහෙම සහෝදරයෙක් හිටියනම් එයා බුදුවෙයි ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no::no: කාටවත් කාවවත් හොඳින් ම තේරුම් ගන්න බෑ. තමන්ගෙ අදහස්වලට බහුතර ‍එකඟතාවය තියෙන එක තමයි තේරුම්ගැනීම කියල හිතන්නෙ එතනදි. හරි තේරුම් ගත්ත කියමුකො. ඒත් දැන් ඔයා කියන විදියට එයාට හැම රහස ම කියනවනම් ඒක සෑහෙන දරුණු වැඩක්. රහසක් හැමවිට ම ඒකපාර්ශවික වෙන්නෙ නැහැනෙ. ඒක තව කෙනෙකුට සම්බන්ධයි. එතකොට ඒ කෙනාට හැමදේ ම කියනකොට අර තමන්ව විශ්වාස කළ කෙනාට තමන්‍ ද්‍රෝහිවීමක් වෙන්නෙ.

    ගැටළුවක් ඇතිවන්නේ වැරදි පුද්ගලයෙක් සහෝදරයෙක් කරගත්තොත් විතරයි

    ඔයාට ඕන ඇති. ඒත් හැමෝට ම ඕන වෙන්නෙ නෑ :D ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා මානසික මට්ටම.
    හරි මල්ලි හිතන්න සිදුහත් කුමරාට එහෙම සහෝදරයෙක් හිටියනම් එයා බුදුවෙයි ද?
    හොදට හිතලා බලන්න අයියා ගැන හොදටම දන්න පුද්ගලයෙක් (සියලුම රහස් නැතත් ගොඩක් හරි) ඇත්තෙම නැද්ද කියලා
    සිදුහත් කුමරාවයි සාමාන්‍ය මිනිස්සුන්වයි සංසන්දනය කරන්න අමාරුයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැටළුවක් ඇතිවන්නේ වැරදි පුද්ගලයෙක් සහෝදරයෙක් කරගත්තොත් විතරයි

    හොදට හිතලා බලන්න අයියා ගැන හොදටම දන්න පුද්ගලයෙක් (සියලුම රහස් නැතත් ගොඩක් හරි) ඇත්තෙම නැද්ද කියලා
    සිදුහත් කුමරාවයි සාමාන්‍ය මිනිස්සුන්වයි සංසන්දනය කරන්න අමාරුයි.

    :no::no: මගේ අම්ම දන්න තරම්, තාත්ත දැනන් උන්න තරම් කිසි කෙනෙක් මං ගැන දන්නෙ නෑ.

    මං ගැන මං තරම් වෙන මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නෑ.

    වැරදි පුද්ගලය වුණත් හරි පුද්ගලය වුණත් තමන්ගෙ හැම රහසක් ම කියනවනම් එතන ලොකු ගැටලුවක් තියෙනව.