~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සතුට කිවිවෙ......හිනා වෙලා ඉන්න එකද...

    මදැයි ඉතින් මන් ප්‍රශ්නයක් ඇහුවම මගෙන් ප්‍රශ්න සියක් අහනවා :rolleyes:

    සිතේ සතුට. ඔව් හිනාවෙන්නත් පුළුවන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මදැයි ඉතින් මන් ප්‍රශ්නයක් ඇහුවම මගෙන් ප්‍රශ්න සියක් අහනවා :rolleyes:

    සිතේ සතුට. ඔව් හිනාවෙන්නත් පුළුවන්

    ඉතින් ඔයා අදහස් කරන දෙ හරියටම තෙරුම් ගන්න එපැයි උත්තරයක් දෙන්න........:eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජය සාර්ථකත්වය මනින මිම්ම මොකක්ද?

    සාපේක්ෂයි. මිමි එකක් කියල නෑ.

    සමහරු සාර්ථකත්වය අධ්‍යාපනයෙන්, ජනප්‍රියත්වයෙන්, දේපලින්, මුදලින් ආදීකොට ඇති නා නා විදියට මනිනව.

    සමහරු මනිනව හොඳ පවුල් ජීවිතයක් තියෙන, හිනාවෙලා ඉන්න, පිරිස්බලය තියෙන, අනිත් අය එක්ක සුහදව ඉන්න වගේ දේවලින්

    තව අය තව නොයෙක් විදියට මනිනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඔයා ආදරේ කරන මම ආදරේ නොකරන,එහෙම නැත්නම් අපි දෙන්නම ආදරේ නොකරන ගෞරව නොකරන සාර්තක මිනිස්සු මේ ලොකෙ නැද්ද.....

    අප ජිවත් වන අවට සමාජය ගැන කතාකලොත්,
    බහුතරයක ගෞරවය ආදරය ලැබෙන මිනිස්සු සාර්තක මිනිස්සු නේද?
    ඒ මිනිස්සු සතුටින්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඔයා අදහස් කරන දෙ හරියටම තෙරුම් ගන්න එපැයි උත්තරයක් දෙන්න........:eek:

    නැහැ.

    නැහැයි කිව්වේ :confused:
    ඒ මිනිස්සු සාර්ථක නැද්ද?
    නැත්තන් සාර්ථකයි ඒත් සතුටින් නෙමේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාපේක්ෂයි. මිමි එකක් කියල නෑ.

    සමහරු සාර්ථකත්වය අධ්‍යාපනයෙන්, ජනප්‍රියත්වයෙන්, දේපලින්, මුදලින් ආදීකොට ඇති නා නා විදියට මනිනව.
    සමහරු මනිනව හොඳ පවුල් ජීවිතයක් තියෙන, හිනාවෙලා ඉන්න, පිරිස්බලය තියෙන, අනිත් අය එක්ක සුහදව ඉන්න වගේ දේවලින්
    තව අය තව නොයෙක් විදියට මනිනව.

    බහුතරයක් මනින්නේ වත්කමින් නොවේද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැහැයි කිව්වේ :confused:
    ඒ මිනිස්සු සාර්ථක නැද්ද?
    නැත්තන් සාර්ථකයි ඒත් සතුටින් නෙමේද?

    පැය බාගයක් දෙන්න මල්ලියා..අම්මා වැඩකට කතා කරනවා..එක කරලා ඇවිත් උත්තරයක් දෙන්නම්:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලකය කියන්නේ සාර්ථක චරිතයක්ද?

    ඔයාට හිතෙන සාර්ථකත්වය, මට හිතෙන සාර්ථකත්වය, ඒ දේශපාලකයට හිතෙන සාර්ථකත්වය වෙනයි. එයාට ඒක සාර්ථකයි කියල හිතෙන නිසානෙ එයා ඒක කරන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට හිතෙන සාර්ථකත්වය, මට හිතෙන සාර්ථකත්වය, ඒ දේශපාලකයට හිතෙන සාර්ථකත්වය වෙනයි. එයාට ඒක සාර්ථකයි කියල හිතෙන නිසානෙ එයා ඒක කරන්නෙ.

    සමාජයේ බහුතරයකට දේශපාලකයා සාර්ථක චරිතයක්නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බහුතරයක් මනින්නේ වත්කමින් නොවේද?

    වානිජකරණය වූ සමාජ රටාවක වත්කම් කොහොමත් මනින ඒකකයක් වෙනවනෙ.

    වත්කම් කියන වචනය පැත්තකට දාල මං සල්ලි කියල ගන්නම්කො. සල්ලි තියෙන හැම මිනිහම එයාගෙ මනසට අනුව සිතුටින් ඉන්නෙ නෑ වගේ ම සල්ලි නැති හැම මිනිහමත් එයා‍ගෙ මනසට අනුව අසතුටින් ඉන්නෙ නෑ.

    එක එක්කෙනා හැඩගැහිල තියෙන ජීවන රටාවක් තියෙනව. සමහරුන්ට වතුර බිඳක්, කුසගින්න නිවන අහරක් තමයි සතුට වෙන්නෙ හා එයාලගෙ වත්කම වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජයේ බහුතරයකට දේශපාලකයා සාර්ථක චරිතයක්නේද?

    ඔයාට හරියට ම තියෙන ගැටලුව වෙන්නෙ සමාජෙ බහුතරයකගෙ පිළිගැනීම කියන දේ ද?

    ඒ කියන්නෙ උදාහරණයකට මනමාලියො 100 බලන්න ගියොත් එයාලගෙ තාත්තල 80% වගේ පිළිගන්න තියෙන්න ඕන දේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වානිජකරණය වූ සමාජ රටාවක වත්කම් කොහොමත් මනින ඒකකයක් වෙනවනෙ.

    වත්කම් කියන වචනය පැත්තකට දාල මං සල්ලි කියල ගන්නම්කො. සල්ලි තියෙන හැම මිනිහම එයාගෙ මනසට අනුව සිතුටින් ඉන්නෙ නෑ වගේ ම සල්ලි නැති හැම මිනිහමත් එයා‍ගෙ මනසට අනුව අසතුටින් ඉන්නෙ නෑ.

    එක එක්කෙනා හැඩගැහිල තියෙන ජීවන රටාවක් තියෙනව. සමහරුන්ට වතුර බිඳක්, කුසගින්න නිවන අහරක් තමයි සතුට වෙන්නෙ හා එයාලගෙ වත්කම වෙන්නෙ.

    මෙහෙම කියමුකෝ
    සල්ලි වලින් සාර්ථක මිනිස්සුන්ට සතුටින් ඉන්න බැ කිව්වොත්?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයාට හරියට ම තියෙන ගැටලුව වෙන්නෙ සමාජෙ බහුතරයකගෙ පිළිගැනීම කියන දේ ද?

    ඒ කියන්නෙ උදාහරණයකට මනමාලියො 100 බලන්න ගියොත් එයාලගෙ තාත්තල 80% වගේ පිළිගන්න තියෙන්න ඕන දේ?

    සමාජෙ බහුතරයකගෙ පිළිගැනීම සමාජයේ මතය විදියට පිළිගන්න වෙනවනේ

    මනමාලියො 100න් 80% තාත්තලා කොල්ලට කැමති නම් ඒ කොල්ලා තමන්ගේ දුවව දෙන්න වටින එකෙක් නේද?
    ඒ කියන්නේ ඒ කොල්ලා සාර්ථකයි නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මදැයි ඉතින් මන් ප්‍රශ්නයක් ඇහුවම මගෙන් ප්‍රශ්න සියක් අහනවා :rolleyes:

    ඕක කියෙවුව ම මට බහුතර කාන්තාවන්ගෙ ලක්ෂණයක් මතක් වුණා. කවුරු හෝ කාන්තාවක් ප්‍රශ්නයක් අහල ඔයා උත්තර නොදී හිටියොත් හෝ වෙන ප්‍රශ්න අහ අහ හිටියොත් හෝ වෙන දේවල් කියෙවුවොත් ඔයාගෙ බෙල්ල ගහල යයි :rofl::rofl: හැබැයි ඒ කාන්තාවගෙන් වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි අර කියන සේරම එයා කරලත් උත්තරයක් නොදී හිටියත් කිසිදු දෙයක් වෙන්නෙ නෑ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම කියමුකෝ
    සල්ලි වලින් සාර්ථක මිනිස්සුන්ට සතුටින් ඉන්න බැ කිව්වොත්?

    එහෙම කියන්න බැහැනෙ. සමහරු සතුට ලෙස දකින එක ම දේ සල්ලි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජෙ බහුතරයකගෙ පිළිගැනීම සමාජයේ මතය විදියට පිළිගන්න වෙනවනේ

    මනමාලියො 100න් 80% තාත්තලා කොල්ලට කැමති නම් ඒ කොල්ලා තමන්ගේ දුවව දෙන්න වටින එකෙක් නේද?
    ඒ කියන්නේ ඒ කොල්ලා සාර්ථකයි නේද?

    තාත්තලගෙ පැත්තෙන් ඒ කොල්ල සාර්ථකයි. ඒත් ඔයා හිතන්නෙ අනිත් ප්‍රතික්ෂේප වෙන 20% අසාර්ථකයි කියල ද? එයාලට කැමති වෙන තාත්තලත් ඉන්නවනෙ :D